Divaina - වම් ඉවුර” - අලි ඔලූව හන්දිය සහ යැංකි විසංස්කෘතිය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sara2ප‍්‍රංශ සිනමා නව රැල්ල පූර්වාදර්ශ කරගත් දේශීය සිනමාවේ ‘වම් ඉවුර’ ආරම්භ වූයේ 70 දශකයේ සිනමාවට සමගාමී ව ය’ සුගතපාල ද සෙනරත් යාපා ගේ ’හන්තානේ කතාව‘ (1969)” රංජිත් ලාල් ගේ ‘නිම්වළල්ල’ (1970) වැනි නව සිනමා ප‍්‍රවේශයන් විසින් ඇති කරන ලද පසුබිමෙහි ලා ස්ථානගත වූ ධර්මසේන පතිරාජ ‘අහස් ගව්ව’ (1974) නිර්මාණය කරමින් ස්වකීය සිනමාත්මක අනන්‍යතාව සනිටුහන් කළේ ය’ එය දේශීය සිනමාවේ ‘වම් ඉවුර’ නම් වූ ප‍්‍රවණතාත්මක ධාරාව සංකේතවත් කළ පුරෝගාමී සිනමා කෘතිය බවට පත්විණි‘ අර්බුදකාරී දේශපාලනික පරිසරයක පරාරෝපිත තරුණයා පිළිබ`ද දැක්ම ‘අහස් ගව්ව’ සිනමා කෘතියේ තේමාව ය’ තත්කාලීන සමාජ සංස්කෘතිය ප‍්‍රශ්න කළ මේසා නිර්මාණශීලී රැුඩිකල් පන්නයේ සිනමා කෘතියක්” එතෙක් සිංහල සිනමාවට උරුම වී තිබුණේ ද නැත’
 
 මෙරට සිනමා කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයේ පාරිභාෂික වාග් මාලාවට ‘වම් ඉවුර’ යනුවෙන් අලූත් වාග් ව්‍යවහාරයක්් එක් වූයේ 70 දශකයේ සිනමා ධාරාවේ එක් ප‍්‍රවණතාවක් ලෙසිනි’ එයට අඩුවැඩි වශයෙන් බලපෑවේ වාමවාදී උන්නතිකාමයක් ලෙස ප‍්‍රකට වූ ‘ප‍්‍රංශ සිනමා නව රැුල්ල’ ය’ අර්ධ ධනවාදී රාජ්‍යයක් ලෙස පැවතුණු මෙරට ජනරජ ව්‍යවස්ථාව (1972) පවා” ‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය’ යනුවෙන් හ`දුන්වා දීමෙන්” එවක ජාතික දේශපාලනයේ අධිපති මතවාදවලට පවා බලපෑම් කරන ලද මෙරට වාමාංශික චින්තනය සමස්ත කලා සාහිත්‍ය කලාප දක්වා ව්‍යාප්ත වුණු ආකාරය දක්නා ලැබේ’ සැබැවින් ම වාමාංශික ප‍්‍රවණතාවක් ලෙස මේ දේශපාලනික විපරිවර්තනය අර්ථගැන්වීමට උත්සාහ ගත්ත ද” 70 සිනමා කලාවේ සිදු වූ සමාජ ප‍්‍රගතිකාරක මුහුණුවරින් යුක්ත ධාරාව” ‘මොන්ඞ්වාදී’ කාර්මික සාමයක ගති ලක්ෂණ පමණක් පිළිබිඹු කරන බව” අද වන විට ප‍්‍රකාශමාන වී තිබේ’
 
 * ප‍්‍රංශ සිනමාවේ ‘වම් ඉවුර’
 
 අලෙක්සොන්ද්‍රෙ අස්තෘ (Alexander Astrue) විසින් 1948 වර්ෂයේදී ප‍්‍රකාශිත ‘කැමරා පෑන’ (Camera Stylo - Camera Pen) සිනමා ව්‍යාකරණයෙන් කියැවුණේ ‘සිනමාකරුවා යනු ආලෝකයෙන් ලියන්නකු’ බව ය’ එයින් පසු”1951 වර්ෂයේදි ආරම්භ කරන ලද 'Cahiers Du' සිනමා ස`ගරාව ඔස්සේ ජනප‍්‍රිය වූ තරුණ සිනමා පරපුර” ‘වම් ඉවුරේ සිනමාකරුවෝ’ (Left Bank Film Makers)  යනුවෙන් ලෝකය පුරා ප‍්‍රචලිත වූ හ’මෙකී ‘ප‍්‍රංශ නව රැුල්ල’ 
(New Wave) වූ කලි” අඩු වියදම් සහිත” වෘත්තීය නො වන න`ඵ නිළියන් යොදා ගැනෙන” තේමාත්මක වශයෙන් නව වස්තු බීජ පාදක කර ගන්නා ලද” නව සිනමා රීතියකින් සමන්විත වූ සමාජ දේශපාලනික ව්‍යාපාරයකි’ ඔවුන් ගේ සිනමා ආඛ්‍යානයට මුල” මැද” අග ආදි වශයෙන් වූ රේඛිය කතා ශරීරයක්  නො තිබිණි‘ ලිංගික තේමා” ගැහැනිය සහ පිරිමියා පිළිබ`ද නව අදහස්”  විරැකියාව පිළිබද ගැටලූ” තරුණ දේශපාලනය වැනි නන්විධ වස්තු විෂයන් ‘ප‍්‍රංශ නව රැුල්ල’ විසින් ස්වකීය කේන්ද්‍රීය අවධානයට ලක් කරන ලදි’
 
 1957-59 කාලාවකාශයට අයත් මි’මී’ 16 චිත‍්‍රපටි ලෙස ප‍්‍රකාශනයට පත් කෙරුණු 'The 400 Blows’ (1959), ‘Hiroshima Mon Amour’ (1959), ‘Breathless’ (1960) නමැති සිනමා කෘති ත‍්‍රිත්වය ‘ප‍්‍රංශ සිනමාවේ වම් ඉවුර’ සංකේතවත් කළ පුරෝගාමී නිර්මාණයෝ වෙති’ මාක්ස්වාදී දේශපාලනික ආස්ථානයකින් පෝෂණය වූ මේ සිනමා රැුල්ලේ ප‍්‍රමුඛයා වන්නේ ජින් ලූක් ගොදා (Jean-Luc Godard) ය’ ඔහු විසින් නිර්මාණය කරන ලද My Life to Live (1962), The Little Soldier (1963),
 A Married Woman (1964)  වැනි සිනමා කෘති” මෙහිලා වඩාලාත් අන්තර්ජාතික වශයෙන් අවධානයට පාත‍්‍ර වී තිබේ’ සැබැවින් ම ප‍්‍රංශ සිනමා නව රැල්ල විසින් සාකච්ඡුාවට භාජනය කරන ලද්දේ ප‍්‍රංශයේ සාම්ප‍්‍රදායික ජීවන අන්දරය” අමෙරිකානු නව දේශපාලනික මතවාදවලින් ආලෝලනයට ලක් කෙරෙන ආකාරය ය’ සාමාජයීය වශයෙන් පිටස්තර (Outsider) චරිත ලෙස ප‍්‍රතිනිර්මාණය කරන ලද මේ සිනමාරූපී තරුණ ජන ජීවිත” වඩාලාත් අමෙරිකානු පන්නයට හැඩ ගැසෙන්්නේ රොජේ වදිම් (Roger Vadim) විසින් අධ්‍යක්ෂණය කරන ලද An God Created Woman (1956), Barbarella (1968) වැනි කෘතිවලිනි’ එ්වා ලිංගික ජීවිතය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක් වූ සිනමා නිර්මාණ වේ’ මෙලෙස ප‍්‍රංශ සිනමාවෙන් නිරූපිත ‘නව රැුල්ල’ 60 දශකය වන විට වියැකී යමින් තිබිණි‘ ඉන්පසු එහි ප‍්‍රවණතාත්මක ලක්ෂණ ජර්මනිය” බි‍්‍රතාන්‍ය” පෝලන්තය” ජපානය” චෙකොස්ලෝවැකියාව වැනි රටවල් ඔස්සේ දකුණු ආසියානු කලාපයේ ශ‍්‍රී ලංකාව වැනි රටවල් දක්වා ව්‍යාප්ත වී ගියේ ය’
 
 * දේශීය සිනමාවේ ‘වම් ඉවුර’
 
 ප‍්‍රංශ සිනමා නව රැුල්ල පූර්වාදර්ශ කරගත් දේශීය සිනමාවේ ‘වම් ඉවුර’ ආරම්භ වූයේ 70 දශකයේ සිනමාවට සමගාමී ව ය’ සුගතපාල ද සෙනරත් යාපා ගේ ’හන්තානේ කතාව‘ (1969)” රංජිත් ලාල් ගේ ‘නිම්වළල්ල’ (1970) වැනි නව සිනමා ප‍්‍රවේශයන් විසින් ඇති කරන ලද පසුබිමෙහි ලා ස්ථානගත වූ ධර්මසේන පතිරාජ ‘අහස් ගව්ව’ (1974) නිර්මාණය කරමින් ස්වකීය සිනමාත්මක අනන්‍යතාව සනිටුහන් කළේ ය’ එය දේශීය සිනමාවේ ‘වම් ඉවුර’ නම් වූ ප‍්‍රවණතාත්මක ධාරාව සංකේතවත් කළ පුරෝගාමී සිනමා කෘතිය බවට පත්විණි‘ අර්බුදකාරී දේශපාලනික පරිසරයක පරාරෝපිත තරුණයා පිළිබ`ද දැක්ම ‘අහස් ගව්ව’ සිනමා කෘතියේ තේමාව ය’ තත්කාලීන සමාජ සංස්කෘතිය ප‍්‍රශ්න කළ මේසා නිර්මාණශීලී රැුඩිකල් පන්නයේ සිනමා කෘතියක්” එතෙක් සිංහල සිනමාවට උරුම වී තිබුණේ ද නැත’
 
sara1 එතැන් සිට ‘පොන්මනී’ (1977) ‘බමරු ඇවිත්’ (1978)” ‘පාරදිගේ’ (1980) ‘සොල්දාදු උන්නැහේ’ (1981) වැනි නූතනවාදී තේමා පාදක කරගන්නා ලද කෘති නිර්මාණ කරමින්” විචාරකයන් විසින් උත්කර්ෂණයට ලක් කෙරුණු ශ‍්‍රී ලාංකික ‘වම් ඉවුරේ’ සිනමාව” ධර්මසේන පතිරාජ විසින් තවදුරටත් පෝෂණය කරන ලදි’ ‘පොන්මනී’ දෙමළ භාෂීය සිනමා කෘතිය ඔහු නිර්මාණය කළේ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටින අතරේ ය’
 
 දේශීය ‘වම් ඉවුර’ සිනමාවේ පුරෝගාමින් ලෙස සැලකෙන්නේ ධර්මසේන පතිරාජ” වසන්ත ඔබේසේකර සහ ධර්මසිරි බණ්ඩාරනායක නම් වූ පුද්ගල ත‍්‍රිත්වය ය’ ‘වෙස්ගත්තෝ’ (1970) ‘වල්මත්වූවෝ’ (1976) ’දියමන්ති’ (1977) ‘පළගැටියෝ’ (1979 ) ‘දඩයම’ (1983) ආදි වශයෙන් වසන්ත ඔබේසේකර ද” ‘හංසවිලක්’ (1980) ‘තුන්වැනියාමය’ (1983) ‘සුද්දිලා ගේ කතාව’ (1984) ආදි වශයෙන් ධර්මසිරි බණ්ඩාරනායක ද” පූර්වෝක්ත වම් ඉවුරේ සිනමාවට දායක වෙමින් ස්වකීය අනන්‍යතා සටහන් කළ හ’ වස්තු විෂය විසින් විවිධාංගිකරණයට ලක් කෙරුණ ද තේමාත්මක වශයෙන් මූලික රීතියට අනුගත ව මේ සිනමා ධාරාව දශක දෙකක් පමණ තිස්සේ වර්ධනය වී තිබෙන බව පෙනී යයි’
 
 අනෙක් අතට” ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්” සුමිත‍්‍රා පීරිස්” ගාමිණී ෆොන්සේකා” මහාචාර්ය සිරි ගුණසිංහ” මහාචාර්ය සුනිල් ආරියරත්න” එච්’ඞී’ පේ‍්‍රමරත්න” වයි’ එන් හේවාවසම්” පරාක‍්‍රම නිිරිඇල්ල වැන්නන් ද” වම් ඉවුරේ සිනමාවට අනන්‍ය ව අඩුවැඩි වශයෙන් සිනමා කෘති නිර්මාණය කර ඇතත්” කිසිවිටකත් ඔවුන් වම් ඉවුරේ සිනමාකරුවන් ලෙස සැලකෙන විචාරවේදයක් අප රටේ තිබී නොමැත’ එය සුවිශේෂ ය’
 
 එසේ ද වුවත්” සිංහල සිනමාවේ ‘නව රැුල්ල’ නමින් නව ප‍්‍රවණතාවක් අශෝක හ`දගම” ප‍්‍රසන්න විතානගේ” විමුක්ති ජයසුන්දර ආදින් ගේ සිනමාගමනයත් සම`ග හ`දුනා ගැනෙන අතර” එය ඇතැමුන් විසින් හැ`දින්වෙන්නේ ‘දෙවැනි කැරැුල්ල’ වශයෙනි’ එ් අනුව ‘ප‍්‍රථම කැරැල්ල’ වන්නේ ධර්මසේන පතිරාජ විසින් ආරම්භ කරන ලද ‘වම් ඉවුරේ’  පුරෝගාමි ප‍්‍රවේශය ය’
 
 අශෝක හ`දගම විසින් ආරම්භ කරන ලද දෙවැනි පරපුරේ සිනමා නිර්මාණාවලියට” සෘජු ව අන්තර්ගත වූයේ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර තේමා ලෙසින් ප‍්‍රකට කාන්තා විමුක්තිය” පුරුෂෝත්තමවාදය” සමලිංගිකත්වය” යුද ප‍්‍රචණ්ඩත්වය” ගබ්සාව වැනි සමාජ ප‍්‍රවණතාත්මක වස්තු විෂයන් ඔස්සේ නිරූපිත” ‘කැමරා පෑනෙන් ලියන ලද’ බහුවිධ නව ලිබරල්වාදී සිනමා සාහිත්යික ප‍්‍රති රචනා ය’ එසේ ම එ්වා විදේශීය විශේෂ සිනමා උළෙල ස`දහා ම නිෂ්පාදිත වට්ටෝරුගත නිර්මාණයෝ වෙති’ වර්තමානය වන විට එය” විසාකේස චන්ද්‍රසේකරම් වැන්නන් ගේ සංක‍්‍රාන්තික ලිංගික්තවය (transgender) වැනි තේමා දක්වා මේ වම් ඉවුරේ සිනමාව” විස්තීර්ණ වශයෙන් ව්‍යාප්ත වී තිබේ’ මේ අනුව දේශීය සිනමාවේ වම් ඉවුර සංකේතවත් කළ” ධර්මසේන පතිරාජ විසින් දියත් කරන ලද ‘ප‍්‍රථම සිනමා කැරැුල්ල’ වාමාංශික සමාජ පසුබිමකින් ද” අශෝක හ`දගම විසින් දියත් කරන ලද ‘දෙවැනි සිනමා කැරැුල්ල’ නව ලිබරල්වාදී සමාජ පසුබිමකින් ද” උත්පාද වී ඇති බව පෙනේ’ කලින් කලට ඇති වන කලාත්මක ප‍්‍රවණතාවලට සමාජ උපරි ව්‍යුහයේ බලපෑම්” එක්තරා ආකාරයක කාලීන යථාර්ථයකි’ මෙලෙස 70 දශකයෙන් ආරම්භ වන ලාංකික සිනමාවේ ‘වම් ඉවුර’” දෙදහසින් පසු යැංකි පන්නයේ අමෙරිකානු නව ලිබරල්වාදී මුහුණුවරකට විපරිණාමය වී තිබෙන්නේ ඇයි?
 
 x අලි ඔලූව හන්දිය
 
 නව සහස‍්‍රකයේ එළැඹීමත් සම`ග මෙරට සිදුවෙමින් තිබෙන ඇතැම් සමාජ අවගමනයන් පිටුපස” වම් ඉවුරේ ඊනියා සිනමාකරුවෝ ද සිටිති’ නිදර්ශනයක් වශයෙන් වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැතිරී ගිය” කොටි සංවිධානයේ ම්ලේච්ඡුත්වයට උඩගෙඩි දුන් සිංහල බෙදුම්වාදී දේශපාලනය” න්‍යායාත්මක ව වර්ධනය කිරීමට” ඔවුහු අප‍්‍රමාණ වෙහෙසක් ගත් හ’ කියවන්න: ‘යුද්ධය දිනීමෙන් මෙපිට කිසිදු මානුෂික සාධකයක් ඔහු ගේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් නෑ’ ප‍්‍රභාකරන් කියන සාධකය මු`ඵ ලෝකයේ ම සුවිශේෂී දේශපාලන චරිතයක් වන්නේ එහෙමයි’ මේ අරගලය තුළ මේ රටේ සමස්ත දෙමළ ජනයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙන්න පටන් ගන්නවා’ මේ සියලූ දේට ඔහු සදාචාර සීමාවල්” මානුෂික සීමාවල් පදනම් කරගත්තේ නෑ’ මේ සියලූ සාධකවලට අනුව ප‍්‍රභාකරන් කියන්නේ ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ චරිතයක්’’
 
 - අශෝක හ`දගම / බලය - 2005 මාර්තු/අපේ‍්‍රල්
 
 අශෝක හ`දගම විසින් දක්වනු ලැබ තිබෙන ඉහත ස`දහන් අදහස් කිසිවිටක” ‘වම් ඉවුරේ’ යයි සම්මත සිනමාකරුවෙකු ගෙන් කිසි දා අපේක්ෂා කළ හැකි නො වේ’ අශෝක හ`දගම විසින් ප‍්‍රකාශිත මේ දුෂ්ඨ අදහස” අඩුවැඩි වශයෙන් ධර්මසේන පතිරාජ” වසන්ත ඔබේසේකර” ධර්මසිරි බණ්ඩාරනායක වැනි දේශීය ‘වම් ඉවුර’ සිනමාවේ පුරෝගාමියෝ ද” ඊනියා දෙවැනි කැරැුල්ලේ තරුණ සිනමාකරුවෝ ද” විවිධාකාරයෙන් අනුමත කළ හ’ එ් අනුව පැහැදිලි වන්නේ” US Aid, බටහිර රාජ්‍ය නොවන සංවිධාන” බටහිර තානාපති කාර්යාලවල අගුපිල් අස්සේ ලගිමින්” මිනිස් ඝාතන සහිත ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් සිටි මෙරට ඊනියා ‘වම් ඉවුරේ සිනමාකරුවන්ට’ බලපා තිබෙන්නේ ප‍්‍රංශ සිනමාවේ නව රැුල්ලේ ‘වම් ඉවුර’ නො ව” ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ” අලි ඔලූව හන්දියේ ‘වම් ඉවුර’ බව ය’
 
 * ගල්ඔය වම් ඉවුර
 
 1949 වර්ෂයේදී ඞී’එස්’ සේනානායක ගේ අනුශාසකත්වයෙන්” බි‍්‍රතාන්‍ය - අමෙරිකානු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ” යෝජිත සේනානායක සමුද්‍රයෙන්” අලූතින් ඇති කරන ලද ගම් එ්කක 43කට අයත් අක්කර 120”000ක් වගා කිරීම ස`දහා ජලය නිකුත් කිරීම” ප‍්‍රමුඛ අරමුණ සේ ප‍්‍රචාරය කර තිබිණි‘ එ් ස`දහා මිශ‍්‍ර ජන පදනමක් ලෙස උඩරටින් සිංහල ජනතාව ද” නැගෙනහිරින් දෙමළ සහ මුස්ලිම් ජනතාව ද” වෙනත් ප‍්‍රදේශවලින් සෙසු ජනතාව ද” ආදි වශයෙන් ගල්ඔය ප‍්‍රදේශයේ 5000කට අධික ජනතාවක් පදිංචි කරනු ලැබිණි’
 
 1848 වෙල්ලස්සේ කැරැුල්ලෙන් පසු ඉතුරු වුණු ජන කොටස් පදිංචි ජනාවාස සහිත ප‍්‍රදේශය නවීකරණයෙන්” සාම්ප‍්‍රදායික සිංහල ගම් වැනසීමත්” ජාතිවාදය වැපිරීමත්” ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයේ යටි අරමුණ ය’ අලි ඔලූව හන්දියෙන් ඇරඹෙන ගල්ඔය යෝජනා ක‍්‍රමයේ වම් ඉවුරේ ඉහළ කොටස” සිංහල ජනතාව ස`දහා ද” පහළ කොටස දෙමළ සහ මුස්ලිම් ජනතාව ස`දහා ද” වෙන් කරන ලද්දේ” පහසුකම් අඩුවැඩි වන පදනම සැලකිල්ලට ගනිමිනි’ එ් අනුව වැඩි පහසුකම් සහිත ඉවුරු ප‍්‍රදේශය සිංහලයන් ස`දහා වෙන් කරන ලදි’
 
 ‘අලි ඔලූව හන්දිය’ යනු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය සංකේතවත් කෙරෙන කදිම රූපකයකි’ වර්තමානය දක්වා ව්‍යාප්ත වී තිබෙන උතුරේ අර්බුදය සහ කොටි ත‍්‍රස්තවාදය නිර්මාණය කිරීමේ මහමොළකරුවන් අයත් වන්නේ ද එක්සත් ජාතික පක්ෂයට ය’ අමෙරිකාවේ Tennessee Valley Project ව්‍යාපෘතියට අනුව” අමෙරිකානු ආධාර සහිත ව ආරම්භ කර” අමෙරිකානු සමාගම් විසින් ම බ`දින ලද වේල්ල සහිත ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය” පසුව උතුරේ ත‍්‍රස්තවාදය ඇති කිරීම සදහා සෘජුව දායකත්වය සපයා තිබෙන බව පෙනී යයි’
 
 * සිනමාවේ දෙවැනි කැරැුල්ල
 
 අශෝක හ`දගම ගේ මූලිකත්වයෙන් නිර්මාණය කෙරුණු නව ශ‍්‍රී ලාංකික තරුණ සිනමාව” 70 දශකයෙන් ආරම්භ කරන ලද ‘වම් ඉවුර’ අමෙරිකානු යැංකි දේශපාලනය හා සම්බන්ධ කළ ව්‍යාපෘතියක්් බව පෙනී යයි’ ප‍්‍රංශ ‘වම් ඉවුර’ සිනමාව අමෙරිකානකරණයට ලක් කරන ලද ආකාරයත්” ගල්ඔය ‘වම් ඉවුර’ US Aid ආධාර ක‍්‍රමය යටතේ අමෙරිකානුකරණයට ලක් කරන ලද ආකාරයත්” සලකා බලන කල්හි” දේශීය ‘වම් ඉවුර’ සිනමාව” අමෙරිකානුකරණයට ලක් කිරීම තාර්කික ය’ මේ මගේ ස`දයි (2000) තනි තටුවෙන් පියාඹන්න (2002) අක්ෂරය (2005) ඔබ නැතුව ඔබ එක්ක (2012) ඇගේ ඇස
 
 අග (2015) මූලික වශයෙන් ද” ඉනි අවන් (2012) නම් වූ ‘පොන්මනී’ වර්ගයේ දෙමළ භාෂීය සිනමා නිර්මාණය ද්විතියික වශයෙන් ද” අධ්‍යක්ෂණ කළ අශෝක හ`දගම” US Aid ආධාර ක‍්‍රමය යටතේ වාර්ගිය ගැටුම් ස`දහා වීඩියෝ නිෂ්පාදන සිදු කර තිබේ’ මෙලෙස අව වර්ධනයට ලක් වී තිබෙන දේශීය ‘වම් ඉවුර’ අද වන විට විසාකේස
 
 චන්ද්‍රසේකරම් ගේ ‘සයපෙති කුසුම‘ (Frangipani - 2014) ” මාලක දේවප‍්‍රිය ගේ ‘බහුචිතවාදියා’ (2018) ආදි වශයෙන් යැංකි විසංස්කෘතිකකරණයට ලක් වෙමින් තිබෙනු දක්නා ලැබේ’ මෙකී අව වර්ධනයෙහි අතුරු නිෂ්පාදනයක් ලෙස” දේශීය ‘වම් ඉවුර’ සුනිල් ටී’ ප‍්‍රනාන්දු වැනි වාණිජ ගෝත‍්‍රවාදි නිෂ්පාදකයන් සම`ග ද සම්බන්ධතා පවත්වන තරමට” ගරා වැටී තිබේ’ අවසාන වශයෙන් කිව හැකි වන්නේ” දේශීය ‘වම් ඉවුර’ නමින් සිනමා කෘති කිහිපයක් පවතිනු විනා” ‘වම් ඉවුර‘ නමින් සිනමාකරුවන් පිරිසක් නො සිටින බව ය’
 
 කුමාර ලියනගේ
 
 සංස්කරණය - රුවන් ජයවර්ධන

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles