Divaina - විෂබීජ නසන කහ කොරෝනා පතුරවයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Thal1කොරෝනා යළිත් උත්සන්න වී තිබේ. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාම කොරෝනා රෝගීන් හමුවී ඇත. යාපනයේ පුංගුඩුතීව් ප‍්‍රදේශයේ වැසියෝ පිරිසක් දැඩි නිරෝධායන තත්ත්වයකට පත්කොට සිටිති. කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරෙන්ද කොරෝනා රෝගය වැළදුණු සෙබළකු හා සෙබළියක හමුවීමෙන් පසුව යාපනය දිසාපතිවරයා හදිසි ඉල්ලීමක් ප‍්‍රකාශයට පත් කොට තිබේ.
 
 කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටින කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ දෙදෙනා යාපනයේ සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන් කොට ඇති නිසා එම දිනයේදී දුම්රියෙන් ගමන් කළ මගීන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කොට තිබේ.
 
 කන්කසන්තුරේ නාවික හමුදා ක`දවුරේ සෙබළෙකුට හා සෙබළියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු තහවුරු වීමෙන් පසුව නිවේදනයක් නිකුත් කොට ඇති දිසාපතිවරයා ඔක්තෝබර් මස 4 වැනිදා සවස 3.45 ට කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ මේ අය ගමන් කොට ඇති බව සඳහන් කොට තිබේ.
 
 නාවික හමුදා සෙබළා බදුල්ල හා වැලිමඩ පළාත්වල සංචාරය කොට ඇති බව ස`දහන් කරන යාපනය දිසාපතිවරයා මේ පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් 021-2226666 යෙන් දුරකථන අංකය අමතා දැනගන්නා ලෙසත් දැනුම් දී තිබේ.
 
 වවුනියාවෙන්  තුන් දෙනයි
 
 වවුනියාව මහ රෝහලේදී කොරෝනා රෝගීන් තුන්දෙනකු හමු වී තිබේ. ගම්පහ සහ මිනුවන්ගොඩ පළාත්වල සිට නිරෝධායනය පිණිස වවුනියාවට රැුගෙන එන ලද පිරිසෙන් මෙම කොරෝනා රෝගීන් තුන්දෙනා හමු වී තිබේ.
 
 මේ වන විට එම පළාත්වලින් පුද්ගලයන් 328 දෙනකු රැුගෙන විත් වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් පස් දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
 
 මේ පස් දෙනාගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට වාර්තා වූ අතර, දෙවන පරීක්ෂණයේදී එම සැකසහිත පුද්ගලයන්ගෙන් තුන්දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. එම කොරෝනා රෝගීන් තුන්දෙනා කොළඹ අයි.ඞී.එච්. රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබේ. සෙසු පිරිස දැඩි ආරක්ෂාව මැද වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ රඳවා සිටිති.
 
 මුහුදෙන් එන කොරෝනා අඩුවෙයි
 
 නාවික හමුදාව උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමත් සමගම ඉන්දියාවේ සිට උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණෙන ට්‍රෝලර් යාත‍්‍රා සංඛ්‍යාව මේ සතියේදී ඉතා සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත වැටී ඇති බව නාවික හමුදාව පවසයි.
 
 ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයන් සමග කොරෝනා රෝගීන් පැමිණිය හැකි නිසා එම තත්ත්වය වළක්වා ගැනීම ස`දහා ගත හැකි ක‍්‍රියා මාර්ගවලදී නාවික හමුදාවට ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා පැමිණීම අවම කිරීමේ වගකීම පැවරුණි.
 
 නාවික හමුදාව පෙරට වඩා උතුරු මුහුදේ ආරක්ෂාව දැඩි කොට ඉන්දියාවේ රාමේස්වරන් හරහා උතුරු පළාතට පැමිණෙන ඉන්දීය යාත‍්‍රා ප‍්‍රමාණය සීමා කොට ඇති අතර විශේෂයෙන්ම රාත‍්‍රි කාලයේ සිදුකෙරෙන මුර සංචාර වැඩි කොට තිබේ.
 
 ඒ අනුව ඉන්දියාවේ රාමේස්වරන් ධනුස්කොඩි වහකෝට්ටේ, තූත්තුකුඩිය යන මුහුදු ප‍්‍රදේශවලින් මේ සතියේදී උතුරු මුහුදු සීමාවට පැමිණ ඇත්තේ ඉතාම අඩු යාත‍්‍රා සංඛ්‍යාවකි.
 
 විෂබීජ නසන කහ කොරෝනා පතුරවයි
 
 නාවික හමුදාව ඇතුළු උතුරේ ආරක්ෂක අංශ විසින් මේ වන විට ඉන්දියාවේ සිට රැුගෙන එන ලද වියළි කහ කිලෝ ග‍්‍රෑම් 12,000 කට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මේ සම්බන්ධයෙන් සැකකරුවන් 27 දෙනකු ආරක්ෂක අංශවලට කොටු වී ඇති අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත් පිරිස හා කහ කුඩු ප‍්‍රමාණයන් මෙම සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
 
 ඉන්දියාවේ සිට උතුරු මුහුද හරහා වියළි කහ ශ‍්‍රී ලංකාවට රැුගෙන විත් දකුණේ සෙසු පළාත්වලට යවන ජාවාරම පිටුපස ඉන්දීය ධීවරයන් හා මන්නාරම් මුහුදු කලාපයේ ධීවරයන් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
 
 මේ ජාවාරම නිසා ඉන්දීය ධීවරයන් හා උතුරු පළාතේ මන්නාරමේ ධීවරයන් අතර මීට පෙර ධීවර කටයුතු නිසා හටගෙන තිබූ විරසකභාවය ඉතා කුලූපග මිත‍්‍රත්වයක් බවට පත්ව ඇතැයි උතුරේ ධීවර සමිති නායකයෝ ප‍්‍රකාශ කරති.
 
 වියළි කහ ජාවාරමේ නිරත ඉන්දීය හා මන්නාරම කලාපයේ ධීවරයන් එකට එක්ව කටයුතු කරන අතර ඔවුන් මුහුද මැදදී වියළි කහ තොග හුවමාරු කරගෙන ජාවාරමක් වශයෙන් වියළි කහ මිලට ගැනීම හා විකිණීම සිදු කරගෙන යන බවද ධීවර සමිති නායකයෝ පැවසූහ.
 
 මෙම වියළි කහ ජාවාරම සමග ඉන්දියාවේ සිට කොරෝනා ආසාදිතයන් හා එම වෛරසය පැමිණිය හැකි නිසා මේ ජාවාරම නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාතේ දේශපාලනඥයන් බලධාරීන්ගෙන් මේ වන විට ඉල්ලා තිබේ.
 
 බොරදියේ මාළු බෑම
 
 කොරෝනා වසංගතය උතුරු පළාත පුරා පැතිර ගියත් දෙමළ දේශපාලනඥයන් මේ දිනවල බොරදියේ මාළු බාන්නට පටන් ගෙන තිබේ.
 
 රජයට විරෝධය පළකිරීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ විසින් පිහිටුවා ගෙන තිබෙන ඒකාබද්ධ දෙමළ සන්ධානය යළිත් වරක් රැුස්වී යාපනය තරුණ සංගම් ශාලාවේදී සාකච්ඡුාවක් පැවැත්වූහ.
 
 විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයා වෙනුවෙන් මෙවර එම සාකච්ඡුාව කැඳවා තිබුණේ උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනි ආනන්දි සෂිතරන් මහත්මිය විසිනි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙවර සාකච්ඡුාවට පැමිණ සිටීම විශේෂ සිද්ධියක් වූ අතර ඔහු මෙතෙක් ඒකාබද්ධ දෙමළ සන්ධානයේ සාකච්ඡුාවලට සහභාගි නොවීය.
 
 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතා කළ ආනන්දි සෂිතරන් කියා සිටියේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මේ සාකච්ඡුාවට සහභාගි නොවීම නිසා ඔහු දෙමළ ද්‍රෝහියකු වශයෙන් පසුගිය කාලයේදී ජනතාව අතර හංවඩු ගැසුණු බවයි.
 
 ඇත්ත වශයෙන්ම දෙමළ ප‍්‍රශ්න පිළිබඳව පෙනී නොසිටින දෙමළ දේශපාලනඥයන් තමන්ද හඳුන්වන්නේ දෙමළ ද්‍රෝහීන් වශයෙන් බව ආනන්දි සෂිතරන් හිටපු අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
 
 යුද්ධයෙන් පසුව දෙමළ ජනතාවට කිසිදු පාලකයකුගෙන් කිසිදු සහනයක් උදානොවුණු බව කී ආනන්දි සෂිතරන්, ජනාධිපතිවරුන් තුන්දෙනකු මේ කාලය තුළ දෙමළ ජනතාවට හමුවූවත් ඔවුන්ගෙන් කිසිවකුත් දෙමළ ජනතාවට ඇති ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු නොකළ බවටද චෝදනා කළාය.
 
 වත්මන් රජය තුළින්ද දෙමළ ජනතාවට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති නිසා රජයට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ආනන්දි සෂිතරන් මෙහිදී කියා සිටියාය. මෙම සාකච්ඡුාව සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක නියෝජිතයෝ සහභාගි වූහ.
 
 මාවෙයිගෙන් උඩගෙඩි
 
 මේ රටේ දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම යළි එකතු කොට ප‍්‍රබල දෙමළ සන්ධානයක් ගොඩනැ`ගීමේ සටනට සියලූම දෙනාගේ සහාය හිමි වියයුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේදී පැවසීය. මේ වන විට දෙමළ දේශපාලන පක්ෂ හතරක් ඒකාබද්ධ වී දෙමළ සංධානයක් ගොඩන`ගාගෙන ඇති නමුත් වර්තමානයේදී දෙමළ ජනතාවට ඇති ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා එම සන්ධානයේ ප‍්‍රබලත්වය ප‍්‍රමාණවත් නොවන බවද ඔහු පවසා තිබේ. මේ නිසා දැනට උතුරු හා නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ පමණක් නොව රට තුළ ක‍්‍රියාත්මක වන සියලූම දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවීමේ කාලය එළඹ ඇතැයිද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත‍්‍රීවරයා පවසා ඇත.
 
 යාපනයේ පදිංචිය හොයන  විග්නේෂ්වරන්
 
 තමිල් මක්කල් තේසීය කූට්ටනි ((TPNA) පක්ෂයේ ප‍්‍රධාන දේශපාලන කාර්යාලය එම පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයා විසින් යාපනය තිරුනවේලි ප‍්‍රදේශයේදී විවෘත කරණු ලැබීය.
 
 මේ අවස්ථාවට එම පක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වූ අතර විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයා එහිදී පවසා ඇත්තේ තමන් වෙනත් දෙමළ දේශපාලනඥයන් මෙන් කොළඹ සිට උතුරේ දේශපාලනය නොකරන බවයි.
 
 උතුරේ දෙමළ ජනතාවට සේවය කරන තමන් යාපනයේම පදිංචිකරුවකු බවට පත්ව ඇති බවද හෙතෙම මෙහිදී ප‍්‍රකාශ කොට තිබේ.
 
 නමුත් පසුගිය සතියේ සිට විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයාට විශාල ඇබැද්දියකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ ඔහුට කට පරෙස්සම් කර ගන්නට නොහැකි වීම නිසාය.

Thal

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles