Divaina - ප්ලේටෝගේ සෞන්දර්ය සංකල්පයේ දුර්වලතා

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sara2 ප්ලේටෝගේ සෞන්දර්ය පිළිබ`ද මූලික සංකල්පයේ දුර්වලතා පිළිබද විවරණය කිරීමේ දී ප්ලේටෝගේ සංකල්පය තුළ වූ සෞන්දර්ය ප‍්‍රධාන මුඛ්‍ය සාධක දෙකක සිට එම දුර්වලතා විවරණය කළ හැකිය.
 
 1) සෞන්දර්ය යනු කුමක් ද
 
 What the fine
 
 2) සත්‍ය වූ නිවැරදි වූ සෞන්දර්ය කුමක් ද
 
 What is really fine
 
 ප්ලේටෝ ප‍්‍රකාශ කරනුයේ කලාව සෞන්දර්ය තුළ සදාචාරාත්මක බව අත්‍යවශ්‍ය වූ දෙයක් බවයි. මෙහිදී යම් කලා කෘතියක් තුළින් අභව්‍ය සත්‍ය වසා සෞන්දර්යක කලාවක් ඉදිරිපත් කිරීමේදී එය සත්‍ය වූ නිවැරදි සදාචාරාත්මක වූ සෞන්දර්ය වේ යැයි ප්ලේටෝගේ සංකල්පය අනුව ප‍්‍රකාශ කළ හැකි වුවත් අසභ්‍ය අසත්‍ය හා නොගැළපෙන කොටසක් සදාචාරාත්මක බව නිසා ඉවත් කරන්නේ නම් හෝ එකතු කරන්නේ නම් එහිදී කලා කෘතිය විනාශයට හෝ පේ‍්‍රක්ෂකයාගේ ආකර්ෂණයෙන් ගිලිහී යනු ඇත. එහෙයින් ප්ලේටෝගේ සෞන්දර්ය සංකල්පයේ දුර්වලතාවයක් දැකිය හැක.
 
 ප්ලේටොගේ සෞන්දර්ය සංකල්පයේදී ඔහු ප‍්‍රකාශ කරනුයේ සතුට ප‍්‍රීතිය කලාවේ මූලික විය යුතු බවයි. (Hippias Major) බවයි. ඒ අනුව ප්ලේටෝ මේ ස`දහා ‘තරුණ සුන්දර කාන්තාවකගේ සුන්දරත්වය’ මතින් ගොඩනැෙ`ගන සතුට හා ප‍්‍රීතිය මේ සඳහා උදාහරණයක් ලෙස ප්ලේටෝ ප‍්‍රකාශ කරයි. මෙහි දී මුහුණ හා ශරීරයේ ලාලිත්‍ය තුළින් ගොඩනැෙ`ග් යැයි ඒ හා සමානවේ යැයි දක්වාලයි. එහෙත් කන්ට් ප‍්‍රකාශ කරන පරිදි ඔහුගේ (Critique of judgment section 16 හි) ලස්සන අලංකාරය එකිනෙකට හා පුද්ගල බද්ධව වෙනස් වන බවයි. එසේම යුගර් (Guyer1993) ප‍්‍රකාශ කරන්නේ අලංකාරය හා සුන්දරත්වය දෙනෙතට අවශ්‍ය විකමින් ගොඩනැගෙන අතර යම් අරමුණක් මත හා ස්වයං පුද්ගල බද්ධවී තෘප්තිමත් වීමක් සිදුවන බවයි.
 
 Beautiful by virtue of satisfying the definition of the object or independently of its definition
 
 කලාව සුවිශේෂ මානුෂික ක‍්‍රියාවලියක් වීමට ප‍්‍රධාන වශයෙන් කරුණු හතරක් අවශ්‍ය බව ප්ලේටෝ ප‍්‍රකාශ කරයි. ඒ අනුව ඥාන ක‍්‍රියාවලියකි. අගය කළ හැකි දෙයකි. සන්නිවේදනය කළ හැකි දෙයකි. පරිවර්තනයන් සිදුවන කලා නිර්මාණයන්ගෙන් මානුෂික ක‍්‍රියාවලියක් සිදුවන බවයි. මේ ස`දහා ප්ලේටෝ ලලිත කලාව ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකින් හ`දුන්වා දෙයි.
 
 දෘෂ්‍යමය කලා
 
 සාහිත්‍ය කලා
 
 මිශ‍්‍ර කලා
 
 දෘශ්‍ය කලා ලෙස ප්ලේටෝ හ`දුන්වා දෙන්නේ චිත‍්‍ර මූර්ති හා ගෘහ නිර්මාණ ශිල්ප කලාවන්ය. සාහිත්‍යය කලාවන් ලෙස හෝමෝ ඔඩිසි නමැති මහා කාව්‍යයන් පද්‍ය නාට්‍ය ද මිශ‍්‍ර කලා ලෙස ද නර්තනය හා ගීත ගායනය ප්ලේටෝගේ සංකල්පය තුළ දක්නට ලැබේ. එමන්ම මෙහිදී කලාව ශිල්පීය ලෙස ප්ලේටෝ වර්ගීකරණය කරයි. ශුද්ධ කලාවක් ලෙස ප්ලේටෝ මෙම ශිල්පය අනුව වෛද්‍ය විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය හ`දුන්වයි.
 
 එහිදී ප්ලේටෝ ප‍්‍රකාශ කරන්නේ තනිවූත් ස්වාධීන වූත් කලාවන් ශුද්ධ කලාවන් ලෙසය.  (AESTHETIC SCIENCE) මෙම කලාවන්ගෙන් රසවි`දින පේ‍්‍රක්ෂකයා නොමග නොයන බව පවසයි. එමෙන්ම පුද්ගලයා ආත්ම පාරිශුද්ධියට හානියක් නොවන බවයි. එමෙන්ම ප්ලේටෝගේ සංකල්පය අනුව මෙම කලාවන්ගෙන් මිනිසුන් හා සමජය වෙනස් කළ නොහැකි බවයි.
 
 නමුත් මෙය ප්ලේටෝගේ සෞන්දර්යයේ පවතින තවත් දුර්වලතාවයකි. උදහරණයක් වශයෙන් සමාධි ප‍්‍රතිමාව ගත් කළ නිසල් ගල්කුලකින් ගොඩනැෙ`ගන වින්දනාත්මක සමාධි ගත සෞන්දර්ය නොඒසේ නම් පැති තුනකින් සමාධි ප‍්‍රතිමාව නරඹන සැදැහැවතා දකිනුයේ සිතනුයේ සීල, සමාධි, ප‍්‍රඥා ගුණයන්ය. නමුත් ප්ලේටෝ ප‍්‍රකාශ කරනු ලබන ශුද්ධ කලාව නැතිනම් ගෘහ නිර්මාණයන්ගෙන් සමාජය, පුද්ගලයා වෙනස් කළ නොහැකි බවයි. ලාංකීය උදාහරණයන් මෙන්ම ලෝකයේ අනෙකුත් ගෘහ නිර්මාණයන්ගේ නිර්මිත භාව ප‍්‍රකාශනය අධ්‍යයනය කිරීමේ දී මෙය සත්‍ය වේ. ජෙරුසෙලම, වතිකානුව, මක්කම බුද්ධගයා වැනි නගරයන්ගේ ගෘහ නිර්මාණ ස්වයං චරිතාභ්‍යන්තරය මෙන්ම පුළුල් සාමාජීය චින්තනය වෙනස් කිරීමට බලපෑමක් කළ හැකි බවයි.
 
 මෙම ප්ලේටෝගේ ශුද්ධ කලාව පිළිබඳ සංකල්පයේ දුර්වලතාවයන් ඇතිවන්නේ බුද්ධ වර්ෂ 04 වැනි ශතවර්ෂයේ ප්ලේටෝගේ කාලසීමාවේ දී දාර්ශනික පදනමක් මත ගොඩනැ`ගුණු කලාවක් පමණක් පැවති යුගයක් වීමයි. පුද්ගලයාගේ අධ්‍යාත්මික දියුණුව ළ`ගාවීමට ආගම මුල් පිටුව කොටගත් ගෘහ නිර්මාණ නොපැවති යුගයක ප්ලේටෝගේ මනෝමූලික දර්ශනවාදය මත කලාව විග‍්‍රහ කළ නිසා යුගයන් අතර අධ්‍යනයේදී ප්ලේටෝගේ දර්ශනය දුර්වල ලෙස පෙනෙයි.
 
 එසේම වෛද්‍ය විද්‍යාව පුද්ගලයාගේ ජීවය පැවත්මට පමණක් හා නිත්‍ය කරුණු වූ ශිල්ප තාක්ෂණ ක‍්‍රමයක් ලෙස ප්ලේටෝ ප‍්‍රකාශ කරයි. නමුත් 18,19,20 වැනි සියවස්වල වෛද්‍ය විද්‍යාව අධ්‍යයනය කිරීමේ දී එය කලාවක් ලෙස අධ්‍යයනය කළ ද ශිල්පීය කලාවක් ලෙස අධ්‍යයනය කළ ද පූර්ණ වශයෙන් සමාජය පුද්ගලයා වෙනස් කළ හැකි බව පිළිගෙන ඇත.
 
 මේ අනුව ප්ලේටෝගේ සංකල්පය විග‍්‍රහ කිරීමේ දී සෞන්දර්ය කුමක් ද ? නිවැරදිව සෞන්දර්ය කුමක්ද යන්න සංකල්පීය ලෙස ගැලපීමේ දී ප්ලේටෝ ප‍්‍රකාශ කරනු ලබන නිවැරදි වූ ශුද්ධ සෞන්දර්ය නොවන බව ප‍්‍රකාශ කළ හැකිය.
 
 ප්ලේටෝගේ සංකල්පය අනුව මිනිසුන් වෙනස් කළ හැක්කේ සාහිත්‍ය කලා හා මිශ‍්‍ර කලාවන්ට පමණක් බව ප‍්‍රකාශ කරයි. එමන්ම මෙම කලා අශුද්ධ කලා ලෙස ප්ලේටෝ ප‍්‍රකාශ කරයි. මෙහිදී ප්ලේටෝ කලාව වර්ගීකරණයේදී කෘත්‍යවාදී දෘෂ්ටි කෝණයෙන් විවරණය කරයි. එයින් ඔහු ප‍්‍රකාශ කරනුයේ කලා කෘතියේ අවසන් ඵලය මත එම කෘතිය හො`ද සාර්ථක කෘතියක් වන බවයි.
 
 යම් හෙයකින් මිනිසාගේ මනස හා සමාජය වෙනස් කළ හැකි ආත්ම පාරිශුද්ධියකට හානියක් කළ හැකි මෙම කලා අශුද්ධ කලා ලෙස ප්ලේටෝ තම සෞන්දර්ය සංකල්පය විග‍්‍රහ කිරීමේ දී ගෙන හැර දක්වයි.
 
 නමුත් පුද්ගලයෙක් රසය, නැතිනම්, ලස්සන, ප‍්‍රීතිය සෞන්දර්යාත්මක රසය උද්දීපනය වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. යම් කලා කෘතියක අවසානයේ ලිංගිකත්වය, කෲර බව රෞද්‍රබව සමාජය දෙන පණිවිඩය විය හැකිය. මෙය රුචිකත්වයක් දක්වන්නේ යම් කෙනෙක් ද ඒය ඔහුගේ රසය වේ. නමුත් මේ හේතුවෙන් මෙවන් කලා කෘති නරක, අයෝග්‍ය හෝ අශුද්ධ යැයි ප‍්‍රකාශ කිරීම කළ නොහැකිය. සමස්ත සමාජයට හානියක් වන්නේ කලා කෘතියේ ඵලය මත මෙන්ම එහි ක‍්‍රියාවට සමාජය තුළ සිදුවන මෙහෙයවීම මතය.
 
 ප්ලේටොගේ මෙම සංකල්පය ගී‍්‍රසියේ පෞර රාජ්‍ය පැවති සමයක ඉදිරිපත් කරන ලද දාර්ශනික සංකල්පයකි. එහෙයින් සීමිත පිරිසක් සිටීමත් කලා කෘතියක් හෝ නිර්මාණය සෘජුව සමාජගත වීම මෙම යුගයේ දී සිදුවිය. එහෙයින් කලා කෘතියක් හෝ මිශ‍්‍ර කලාවක් නිසා මිනිසාගේ මනස සමාජය සෘජුව වෙනස් කළ හැකිය යන්න ප්ලේටෝ දක්වා ඇත්තේ මේ නිසාය.
 
 ප්ලේටෝගේ කාලසීමා අනුව 18 හා 19 වන ශතවර්ෂයන්ගේ දාර්ශනිකයන්ගේ ප‍්‍රකාශ අනුව, ප්ලේටෝ ප‍්‍රකාශ කරන්නේ කලාවකින් දාර්ශනික ප‍්‍රභාශ්වරයක් නිර්මාණයවීම අපේක්ෂා කළ ද කලාවෙන් අපේක්ෂා කරනුයේ එවන් වූ ක‍්‍රියාවක ඵලයක් ද යන්නයි.
 
 (Plato’s Aesthetics -Encyclopedia of philosophy)
 
 The corrupting effect weeds to be spelled out what prevents poems form behaving as beautiful object do@ The answer will have to address the orienting question in Plato’s aesthetics namely. What fosters philosophical enlightenment, and what obstructs it@
 
 කලාව සත්‍ය වශයෙන් සුන්දර පුර්ණ වූවකි. නමුත් කාව්‍යයක් ගත් කල බෝහෝ විට එසේ නොවේ. කවියක හෝ චිත‍්‍රයක දක්නට ඇත්තේ මනෝමූලික වූ ස්වයං දාර්ශනිකත්වයෙන් තොර ප‍්‍රඥා මූලික භාව ප‍්‍රකාශනයකි. එයට ආකර්ෂණය වූ ක‍්‍රියා පිළිවෙතක් තුළින් රසයක් සෞන්දර්යක්
 
 ගොඩනැගෙන්නේ එහි යොදා ගන්න්නා ද්‍රව්‍ය (කාව්‍ය රසෝද්පාදනය /ශිල්පීය හැකියා ක‍්‍රමය) යන දෑ මතය.
 
 (Plato’s Aesthetics -Encyclopedia of philosophy)
 
 Thing of beauty do so excellently well. Poems mostly don’t when poems (or paintings) set the mind running along unphilosophical tracks way form what is abstract and intelligible, the attractions they process will be seen as meretricious
 
 මහේන්ද්‍ර බෝධිගුප්ත විජේකෝන්
 සහකාර කථිකාචාර්ය
 ජාතික අධ්‍යාපන ආයතනය
 ලබන සතියට
 
 ඔබේ නිර්මාණ මෙසේ එවන්න
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles