Divaina - මතට තිත කුමකට ද ?

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sara1 1සමස්ත ගෝලීය සමාජයම මුහුණ දෙන, වයස් සීමාවන් නොතකා බොහෝ අය සෑම තත්ත්පරයක් තුළදීම ගොදුරු වන ප‍්‍රධානතම උවදුරු අතරින් මත් රකුසා ප‍්‍රමුඛතම තැනක් ගෙන ඇත. කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා මත්ද්‍රව්‍යය සඳහා බොහොමයක් ලොල්ව ඇත්තේ සීනි බෝතලයක් දෙසට ඇඹලයකු සමීප වන විලාසයෙනි. ඒ තරමටම නූතන මානව කොට්ඨාසයකට නැතිවම බැරි තරමේ උත්තේජකයක් බවට පත්ව ඇත. අද ලෝකයේ සංසරණය වන මුදල්වලින් වැඩිම ප‍්‍රමාණයක් සංසරණය වන්නේ මත්ද්‍රව්‍යය වෙළඳාම හා සම්බන්ධ කළු සල්ලි බව කවුරුත් දනී. මෙයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ බොහොමයක් දෙනා ගොදුරු වී ඇති මෙම උවදුර අද වන විට සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත්ව තිබීමයි. එය ගෝලීය වශයෙන් ගත් කළ පාපතරයන් කොට්ඨාශයකගේ ජීවන උපාය ලෙස ද කි‍්‍රයාත්මක වනු අසන්නට ලැබීමම යුගයේ
 
 අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මෙහි සෘණාත්මක වූ බලපෑම ප‍්‍රධාන වශයෙන් සමස්ත ගෝලීය සමාජය තුළම ”පවුල’’ නම් ඒකකය කඩා බිඳ දමන්නට ද ‘‘අධ්‍යාපනය’’ නම් ලොව වටිනාම ආයෝජනය මුළුමුනින්ම සුණු විසුණු කර දැමීමට ද සමත් වී ඇත. කෙසේ වෙතත් මෙය නවත්වාලිය යුතු ඉසව්වකට පැමිණ ඇති බව නම් නිසැක ය. ඔබට එය නතර කළ හැකි මොහොතේ එය නතර කළහොත් ඔබ ජය ගනු ඇත. නමුත් ඔබ එය නතර කළ යුතු යැයි සිතන මොහොතේ ඔබට එය කළ නොහැකි වනු ඇත. මත්ද්‍රව්‍යවල ඇති ආදීනව ඇබ්බැහිය මෙයයි. මෙය පැහැදිලිවම මනස හා බැඳුණු ¥ෂිත කි‍්‍රයාවලියකි. මනස සහ ශරීරය යන ද්විත්වයම විකෘති කරන රසායනික ක‍්‍රියාවලියකට තුඩු දෙන ද්‍රව්‍යයක් ලෙස මත්ද්‍රව්‍ය හඳුන්වා දිය හැකි ය. සැබෑ වශයෙන්ම ගත් කළ නීති විරෝධී මත්ද්‍රව්‍යය යනු යම් රටක ව්‍යවස්ථාදායකය හරහා නීතියෙන් තහනම් කර ඇති මත්ද්‍රව්‍ය වේ. මෙම හානිකර මතට යොමු කරවන කෘත්‍යයන් වන මෙම හානිකර ද්‍රව්‍ය තරුණ, බාල, මහලූ, පිරිමි, කාන්තා ලෙසට ඉතා අවාසනාවන්ත ලෙස නූපන් දරුවා ද ඇතුළුව සියල්ලන්ටම විපරිත ජීවිතයක් උරුම කර දී ඇත. මේවා වහාම ලෝකයෙන් ඉවත් කිරීමට අප වග බලා ගත යුතු අතර ඒ සඳහා දැනටමත් ප‍්‍රමාද බව දත යුතු ප‍්‍රබල සත්‍යයකි.
 
 මත්ද්‍රව්‍යය ධූරාවලිය පිළිබඳව සලකා බැලීමේ දී ඇල්කොහොල් වර්ග ලෝකයේ බොහෝ රටවල නීත්‍යානුකූලව අලෙවි වීම මෙහි දී ප‍්‍රබලතම බාධකයක් බවට පත් වී ඇත. නමුත් මැදපෙරදිග අරාබි දේශයන්හි මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස් වන්නේ ඒවායෙහි මේවා තහනම් වීම හේතුවෙනි. එහෙත් කොකේන්, ගංජා (මර්ජුවානා*, හෙරොයින්, අයිස් වැනි භයානක මත් රකුසන් ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල භාවිතය තහනම් කරමින් දැඩි ද`ඩුවම් ලබා දේ. එහි සුබවාදීම ලකුණු කි‍්‍රයාත්මක වන චීනය වැනි රටවල හෙරොයින් 1 කට එරෙහිව උපරිම ද`ඩුවම ලෙස මරණ ද`ඩුවම ලබා දේ. මෙවැනි මත්ද්‍රව්‍යවලට අමතරව ටැමඩෝල්, ඩයිසිපෑම්, කොරෙක්ස් ඞී වැනි බටහිර ඖෂධ ද අධි මාත‍්‍රාවෙන් ලබා ගනිමින් තරුණ පරපුර සිය මනස විකෘති කර ගනිමින් සිටිනා බව පෙනේ. මෙවැනි ද්‍රව්‍ය දියරමය ලෙස, කුඩු ලෙස, පෙති ලෙස කවර මුහුණුවරකින් පැවතුණත් මත්ද්‍රව්‍ය යනු මාරයෙක් බව පැහැදිලි ය. මෙය තහනම් කර මුලිනුපුටා දැමීම උදෙසා පෙළගැසිය යුතුව ඇත.
 
 මත්ද්‍රව්‍යයන්හි අහිතකර වූ ව්‍යාධි බලපෑම ප‍්‍රධාන වශයෙන්ම පැතිකඩයන් දෙකක් ඔස්සේ හඳුනාගත හැකිය. පළමුව ඒ හරහා මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයාට ඉතා සුවිශාල ලෙස ශාරීරික මෙන්ම මානසිකව ද හානියක් වේ. දෙවනු ව ඒ හරහා මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයාගෙන් සමාජයට ද ප‍්‍රබල විපාක විඳවන්නට සිදුවේ. මත්ද්‍රව්‍යය තුළ මුහුවන පුද්ගලයාට මානසික විකෘතිය, ශ්වසන ආබාධ, ස්නායු ආබාධ, වකුගඩු දියවීම මෙන්ම අක්මාව ඉදිමීම ආදිය ද ඇති වේ. මත් රකුසාගෙන් අඩපණ වූ ජීවිතයක් ඇවිදින මළමිනියක් වැනි ය. තව ද සමාජයට මොවුන්ගෙන් බලපෑම සිදුවන තවත් පැතිකඩක් ලෙස මොවුන් මත්ද්‍රව්‍යවලට මුදල් සෙවීම සඳහා විශාල වශයෙන් සොරකම්, කොල්ලකෑම්වලට යොමුවීම ද අධ්‍යතන ප‍්‍රවණතාවකි. එලෙසම මේවා පරිභෝජනයන් සමග ස්තී‍්‍ර ¥ෂණ වැනි විකෘති කාම අපරාධ, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, පවුල් ඒකක බිඳවැටීම් ද දැකිය හැකි වේ. පවුල් දරුවන්, තම දෙමාපියන් හෝ විකුණා ඔහුට අවශ්‍ය වන්නේ මත්ද්‍රව්‍ය පමණකි. මෙය මහා තරුණ සංහාරයක් බඳු සමාජ ගැටලූවක් බවට පත් වී ඇත.
 
 මෙම අධ්‍යතනයේ හිසරදයක්ව පවතින මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම ”දුක්ගන්නාරාළ’’ ලෙස විරුදාවලිය ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද පියවර නොගත්තාම නොවේ. එනම් මෙය දුරලීමට ඉතා සවිබල උපකාරයක් වන ලෙස 1961 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී ගිවිසුමක් සකස් කර ඇත. ඒ තුළට දැනට ගෙන ආ සංශෝධන වන මත්ද්‍රව්‍ය, වෙළ`දාම, ප‍්‍රවාහනය මෙන්ම භාවිතය ද තහනම් කර ඇත. ශී‍්‍ර ලංකාවේ දී නම් මත්ද්‍රව්‍යවලට අදාළ ප‍්‍රධාන නීතිය 1984 අංක 13 දරන විෂ ද්‍රව්‍ය, අබිං සහ අන්තරාදායක ඖෂධ සම්බන්ධ පනතයි. මේ තුළ 1000 කට අඩුනම් මහෙස්ත‍්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමේ හැකියාව ඇත. එම ප‍්‍රමාණයට වැඩි ශුද්ධ හෙරොයින් ප‍්‍රමාණයක් නම් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි. ඊට අමතරව ගත් කළ 2 කට වැඩි නම් එවැනි තත්ත්වයක දී මහාධිකරණයෙන් මරණ ද`ඩුවම ලබා දේ. මෙම පනතේ 54 වන වගන්තියට ප‍්‍රකාරව වර්තමානයේ බොහෝ වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක‍්‍රියාත්මක වනු සුලබව දැකිය හැකි වේ. එලෙසම මත්ද්‍රව්‍යය වැටලීමට ජාත්‍යන්තර පොලිසියේ සහය ද අදාළ රටවල පොලිසිවල සහය ද ලබා දීමට ඉහත ගිවිසුම කටයුතු කරයි. තව ද ලංකාවේ පොලිසිය සතු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජාතික සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වැටලීම්වලට බොහෝ සහයක් ලබා දේ. සුරාබදු දෙපාර්තමේන්තුව ද, දැනට ජනාධිපතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද, ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ද කටයුුතු කරයි. වර්තමානයේ එම කාර්ය මත්ද්‍රව්‍ය නිවාරණ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ පූර්ණ සහභාගිත්වයෙන් ඉතා ක‍්‍රමානුකූලව සිදුවන අයුරු දිනපතා මාධ්‍යයෙන් පවා දැකගත හැකි වේ. මත්ද්‍රව්‍ය තිබෙන තැන් දැනුම් දීමට 1984 ක්ෂණික දුරකථන අංකයක් ද ලබා දී ඇති අතර මෑතක දී දකුණු ආසියාවේ ප‍්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ මාකඳුරේ මධුෂ් වැනි පුද්ගලයන් වෙනත් රටවල ද පවා අත්අඩංගුවට ගත හැකි බව රටක් ලෙස සැබවින්ම සතුටු විය හැකි කාරණයකි.
 
 ඒ අනුව මේ සියලූ කරුණු කාරණා ඔස්සේ ඉතා විමර්ශනාත්මක ලෙස බලන කළ මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියෙන් මැ`ඩලීම, සමහර මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයන් සිරගත කිරීම වැනි දේ තුළින් පමණක් මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැක. මේ සඳහා සරිලන විධිමත් වූ මානසික උපදේශනයක්, මත්ද්‍රව්‍ය සඳහා ලොල්වූවන්ට පුනුරුත්ථාපනය වැනි ක‍්‍රියාවලියක් සඳහා වෙනම අධිකාරියක් අවශ්‍ය වේ. කෙසේ කුමන ක‍්‍රමවේදයන්් හරහා හෝ අධ්‍යතන ගෝලීය සමාජ දේශපාලන ආර්ථික ඇතුළු සෑම ක්ෂේත‍්‍රයක්ම පරිහානියට තල්ලූ කර ඇති මෙම හිසරදය මුලිනුපුටා දැමිය යුතුවම ඇත. නමුත් අදටත් එතනෝල් ආයතනයට දායක වන, මුළු ගණනින් අඩකටත් වඩා සංඛ්‍යාවකට තැබෑරුම් අවසරපත‍්‍ර  (bar permits) ඇති උදවියගෙන් සමන්විත ව්‍යවස්ථාදායකයක් (Legislature) හෙවත් පාර්ලිමේන්තුවක් අප දේශය සතු වීම සම්බන්ධයෙන් පැහැදිලිවම රටක් ලෙස කනගාටු විය යුතුවම ඇත. මෙම ¥ෂිත රෙජීමයෙන් සමන්විත පද්ධතිය වෙනස් වන තුරු මතට තිත තැබිය නොහැකි බව පැහැදිලි වේ. දේශයේ සමහර හිටපු විධායක ජනාධිපතිවරුන්ට පවා ව්‍යාපාර ලෙස තැබෑරුම් පොදි තිබිය දී රටේ අනාගතය ගැන සිතනා විට හෘද සාක්ෂිය තුළ දී ඔවුනොවුන් ලැජ්ජා විය යුතු වේ. මෙවැනි අසීරු තත්ත්වයක් යටතේ සැබවින්ම මතට තිත තැබිය හැකිද? කිසි ලෙසකින්්වත් නොහැකි වන අතර මේ හරහා ප‍්‍රධාන වශයෙන්ම බිල්ල බවට පත් වී ඇත්තේ රටෙහි සුපුෂ්පිතම බලවේගය වන ළමා පරපුරය.
 
 දිනපතා අසන්නට ලැබෙන බොහෝ සිද්ධි හරහා ඒවා මොනවට පසක් වේ. මේ සඳහා ඉතා සාධනීය විසඳුමක් ලෙස මරණ ද`ඩුවම (Death panealy) ”හොඳම විසඳුම’’ යනුවෙන් සංවාදයක් පසුගිය කාලයේ දී පැතිරී ගිය ද ඒ සඳහා අවශ්‍ය බහුතරය නොමැති වීමෙන් සම්මත කරගත නොහැකි විය. මෙම කර්තව්‍යයට බොහෝ අය සිතා මතා වැළැක් වූ බව පෙනෙන්නට තිබූ අතර රට හදන තැනෙහි සිටි සමහරුන් ද මත් සිද්ධීන් හා සම්බන්ධව පෝරකයට යෑමට සුදුසුකම් ලබා තිබීම නිසා එම කර්තව්‍යය එවැනි ඉසව්වකට පත් වූවා ද යන සැකය බොහෝ අය අතර සංවාදයකට ලක්විණි. කෙසේ වුවත් තමාට ඇබ්බැහියෙන් මිදීමට අවශ්‍ය වූ අයකුට අප හැකි වෙර දමා උදව් කළ යුතු ය. එනම් මෙම දීර්ඝකාලීන වැඩපිළිවෙළ නීතිමය යන මානසික යන දෙවදෑරුම් ක‍්‍රියාදාමයකි. කිසිවකු උපතින් මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නේ නැත. යම් කෙනකු එම විනාශයට යන්නේ නම් සමාජයේ සාමාජිකයන් ලෙස අප සියල්ලෝම එම වරදෙහි චූදිතයන් වන බව නිසැක ය. එනම් මේ සඳහා අප ද වගකිව යුතු ය. තම දරුවා මත්කුඩු නොමැතිකමින් බෝතල් කටුවක් ගෙන අත කපා ගැනීම බලා සිටිය නොහැකි මවක් හෙරොයින් තම පුතාට ගෙන දීමට පෙළඹීම තරමටම අධ්‍යතන සමාජය විකෘතිකරණය වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිරගෙයි සිටම මේවා පිළිබඳ නිරන්තර අවධානයෙන් වැටලීම් කළ ඔවුන්ට හිසරදයක් වූ උසස් පොලිස් නිලධාරීන්ට මාරුවීම් දුන් ¥ෂිත යුගයක් ද අප රට හා සබැ`දිව තිබූ බව අමතක නොකළ යුතු අතර එය වහා අවසන් කළ බව බලයේ සිටින රාජ්‍ය නායකයා නිර්භයව ප‍්‍රකාශ කරන්නට වූයේ ඉතාමත් මෑතක දී ය. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඔවුන්ට උදව් දෙන දේශපාලූවන්ට අනිවාර්ය ලෙසම මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතු අතරම අසරණ තරුණ ප‍්‍රජාව මෙයින් මුදා ගැනීමට පුළුල් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව පැහැදිලි ය. එලෙස එම කටයුත්ත ප‍්‍රබල රාජ්‍ය මැදිහත්වීමකින් යුක්තව නුදුරේ දී ම කි‍්‍රයාවට නැංවුවහොත් පමණක් මත් උවදුර අප දේශයෙන් මුලිනුපුටා දමා සියල්ලන්ටම සුවබර හෙටක් උදාවනු ඇත.
 
 සහන් ඇලෙක්සැන්ඩර්
 ජනමාධ්‍ය අධ්‍යනාංශය,
 කොළඔ විශ්වවිද්‍යාලය,
 ශ‍්‍රීපාලි මණ්ඩපය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles