Divaina - කොරෝනා සමාජය පුරා පැතිරිලාද?

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fea8 1අපේ රටේ බොහෝ දෙනාද හැසිරීම අතින් බටහිර රටවල ජනතාවට දෙවැනි නොවේ. අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ පසු මේ වන විට මෙරට සැම අයකුම පාහේ පොදු ස්ථානවල ගැවසීමේදී/පොදු ප‍්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳියද එය නිසි පරිදි නාසය හා මුඛය ආවරණය වන ලෙස පළඳිනුයේ කියෙන් කීදෙනකුද? බොහෝ අයගේ මාස්ක් එක පවතිනුයේ නාසයෙන් පහළ මුඛය පමණක් ආවරණය වන ලෙසය, ඇතැමුන් මාස්ක් එක පැළඳ සිටියද එය බෙල්ලෙහි එල්ලාගෙන නිදැල්ලේ සැරිසරනුයේ කොරෝනා වෛරසය ශරීරගත වනුයේ නාසය හා මුඛය තුළින් බව දැන දැනමය.

මෙම දිනවල දිනපතා මෙරට තැනින් තැන කොරෝනා ආසාදිතයන් සොයා ගැනුණද වසංගත විද්‍යාත්මකව කොරෝනා වෛරසය තවමත් සමාජය තුළ යෑමක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය. එහෙත් බොරැුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් මාධ්‍ය ප‍්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනුයේ කොරෝනා වෛරසය මේ වන විට සුළු වශයෙන් සමාජය තුළ පැතිර ගියද එය සමාජගත වී නොමැති බවයි, එම මත දෙකටම වෙනස් මතයක් ප‍්‍රකාශ කරන රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කරනුයේ සමාජය තුළ වෛරසයේ යම් පැතිරීමක් දක්නට ඇති බවයි. මෙසේ කොරෝනා වෛරසයේ පැතිරීම පිළිබඳව විවිධ මත සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළින්ම මතුව තිබියදී දැනට මෙරට බිහිව තිබෙන දැවැන්තම කොරෝනා ආසාදිත පොකුර වන මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධ බවට තහවුරු වී නොමැති වෙනස් කොරෝනා ආසාදිත පොකුරුද වෙනත් ප‍්‍රදේශවලින් මතුවනු දක්නට ලැබේ. කළුතර, මතුගම ප‍්‍රදේශයේ මතුව ඇති කොරෝනා ආසාදිත පොකුර මින් එකක් වන අතර එහි මුලාශ‍්‍රය තවමත් හඳුනාගෙන නොමැත. කුලියාපිටිය ප‍්‍රදේශයේ විවාහ උත්සවයක් ආශ‍්‍රිතව හා මොරටුමුල්ල ප‍්‍රදේශයේ මෙසේ කුඩා කොරෝනා ආසාදිත පොකුරු මතු වී ඇති අතර ඒවායේ මූලශ‍්‍රයන්ද මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙවැනි වාතාවරණයක් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා (15 දා) මෙතෙක් කල් දමමින් තිබූ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අඩංගු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නීතිගත කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. මෙම ගැසට් නිවේදනය යටතේ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන ඕනෑම අයකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත පැමිණවීමෙන් පසු රුපියල් 10,000 ක දඩ මුදලකට හෝ මාස 06ක සිර දඬුවමකට යටත් කිරීමට හෝ නැතිනම් එම දඬුවම් දෙකටම යටත් කළ හැකි වේ. එමෙන්ම, මහජන ඒකරාශීවීම් වැළක්වීමට පුද්ගලික හා රාජ්‍ය අංශයේ එකවර සේවයේ යෙදෙන සංඛ්‍යාව සීමා කිරීම ඇතුළු කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමට උපකාරී වන නීති රෙගුලාසි මෙම ගැසට් පත‍්‍රයට ඇතුළත්ව තිබේ.

එහෙත් මේ වන විට පැනනැ`ගී ඇති ගැටලූව වනුයේ එම නීති රෙගුලාසි සියයට සියයක් ක‍්‍රියාත්මක වන්නේද යන්නයි. අපේ රටේ බොහෝ දෙනාද හැසිරීම අතින් බටහිර රටවල ජනතාවට දෙවැනි නොවේ. අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ පසු මේ වන විට මෙරට සැම අයකුම පාහේ පොදු ස්ථානවල ගැවසීමේදී/පොදු ප‍්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳියද එය නිසි පරිදි නාසය හා මුඛය ආවරණය වන ලෙස පළඳිනුයේ කියෙන් කීදෙනකුද? බොහෝ අයගේ මාස්ක් එක පවතිනුයේ නාසයෙන් පහළ මුඛය පමණක් ආවරණය වන ලෙසය, ඇතැමුන් මාස්ක් එක පැළඳ සිටියද එය බෙල්ලෙහි එල්ලාගෙන නිදැල්ලේ සැරිසරනුයේ කොරෝනා වෛරසය ශරීරගත වනුයේ නාසය හා මුඛය තුළින් බව දැන දැනමය. මෙය ඉහළ නිලධාරීන්ගේ සිට පහළ සේවකයා දක්වාම දක්නට ලැබෙන තත්ත්වයකි. කොරෝනා වෛරසයෙන් ආරකෂා වීම සඳහා මහජනතාවට උපදෙස් ලබා දෙන වෛද්‍ය නිලධාරීන් පවා පසුගිය දිනවල මාස්ක් එකක් පළඳිනු දක්නට නොලැබිණි. මේ පිළිබඳව විමසූ විට බොහෝ දෙනා පවසනුයේ මාස්ක් එක දිගටම පැළඳ සිටීම මගින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගන්නා බවයි. එහෙත් එසේ මාස්ක් එකක් නිවැරදිව නොපෑළඳීමෙන් කොරෝනා වෛරසය ශරීරගත වීමක් සිදු වුවහොත් එයින් තමා මෙන්ම තම පවුලේ සාමාජිකයන්ද තම ප‍්‍රදේශයේ ජනතාවද අසීරු තත්ත්වයකට පත්කරන බවක් මොහොතකට හෝ මොවුන් නොසිතීම කනගාටුවට කරුණකි.

අනෙක් අතට මාස්ක් එකක් පැළඳීමේදී එය වෙළෙඳපොළෙන් මිලදී ගත් එකක් වීම අවශ්‍ය නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිවසේදීම තමන්ට පහසු රෙදි විශේෂයකින් නාසයට හා මුඛයට අපහසුතාවක් නොදැනෙන ලෙස මාස්ක් එකක් මසාගෙන පැළඳිය හැකිය. එය තට්ටු කිහිපයකින් යුතු වීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබුණද කිසි විටෙකත් එය හුස්ම ගැනීම අපහසු වන අයුරින් තට්ටු හතරක් හෝ පහකින් යුතු විය යුතු බවක් සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කර නොමැත. එහෙත් අවාසනාවකට මෙන් මෙරට බොහෝ දෙනා මාස්ක් එකක් පළඳින ලෙසට මහජනතාවට උපදෙස් දුන්නද එය නිවැරදිව පළඳින ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමක් සිදුනොවේ, අනෙක් අතට මාස්ක් එකක් පළඳිනුයේ වර්තමානයේ පවතින කොරෝනා වසංගත අවදානම නිසා බව ජනතාවද අවබෝධ කරගත යුතුය. පැය ගණනාවක ශල්‍යකර්මයක් කරනු ලබන ශල්‍ය වෛද්‍යවරයකුට හා ඔහුගේ කාර්ය මණ්ඩලයට මාස්ක් පැළඳ දිගු වේලාවක් සිටිය හැකි නම් කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා මහජනතාවට එවැනි සුළු කැපවීමක් කළ නොහැක්කේ ඇයි ? මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශද මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කළ යුතුව ඇත.

ජනතාවට කොරෝනා වසංගත සමයේ තම දෛනික කාර්යයන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය නම් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිවැරදිව අනුගමනය කරමින් එය සිදු කිරීමට සිදු වේ. මේ නිසාම කල් නොදැමිය හැකි උත්සවයක් හෝ පවත්වන්නේ නම් එයට සහභාගි වන පිරිස සීමාකර කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය  කරමින් එය සිදුකිරීමට පියවරගත යුතුව ඇත. එහෙත් අවාසනාවකට තවමත් මෙරට ඇතැමෙකු එවැනි උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමයට පටහැනිව යමින් සහභාගි වන පිරිස වැඩි කිරීමට උත්සාහ දරණු පසුගිය දිනවල දක්නට ලැබිණි.

එහි අනිටු ප‍්‍රතිවිපාක මේ වන විට අප සමාජය විසින් අත්විඳිමින් සිටී. නීරෝධායන නීතියට පටහැනි ලෙස උත්සව, ප‍්‍රිය සම්භාෂණ ඇතුළු මහජන ඒකරාශී වීම් සංවිධානය කිරීම කොරෝනා වෛරසය සමාජය තුළ සීග‍්‍රයෙන් පැතිර යෑමට හේතුවක් වන බවට උදාහරණ ලොව සෙසු රටවලින් ඕනෑ තරම් සපයා ගත හැකිය. ජර්මනියේ බර්ලින් නගරයේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මාස්ක් පැළඳීම අනිවාර්ය කිරීමට එරෙහිව එක්තරා කණ්ඩායමක් විසින් පසුගියදා බලධාරීන්ගේ විරෝධය නොතකා පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයන් හේතුවෙන් බර්ලින් නගරයේ කොරෝනා වෛරසය පැතිරීම ඉහළ ගිය අතර ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය ආශ‍්‍රිතව එරට ප‍්‍රධාන වසංගත විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුකි ගේ උපදෙස්වලට පටහැනිව යමින් පැවැත්වූ උත්සවයක් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ඔහුගේ බිරිය වන මෙලනියා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් රැුසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි. ඉන්දියාවේ මෙන්ම බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකම විවාහ උත්සව ආශ‍්‍රිතව කොරෝනා ආසාදිත පොකුරු පසුගිය කාලයේ බිහිවී තිබිණි.

කොරෝනා වසංගත සමයේ ශ‍්‍රී ලංකාවේ විවාහ උත්සවයක් සඳහා සහභාගි විය යුතු වූ සංඛ්‍යාව පැවතියේ 100ක් වුවද විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම හේතුවෙන් එය පසුගිය කාලයේ 300ක් දක්වා ඉහළ දැමීමට පියවර ගැනිණි. එහෙත් එසේ සහභාගි වන අයගේ සංඛ්‍යාව වැඩි වුවද කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් හෝ අනුගමනය නොකරමින් ඒවා පැවැත්වීම නිසා සමාජයේ කොරෝනා වෛරසය පැතිරීමට එයද හේතු වන්නට ඇත. කොරෝනා වසංගත සමයේ එංගලන්තයේ විවාහ උත්සවයක් සඳහා සහභාගි කර ගත් අමුත්තන් සංඛ්‍යාව වූයේ 30 ක් වන අතර එය පසුගියදා 17ක් දක්වා කපා හැරීමෙන් එම රටවල් උත්සව/ප‍්‍රියසම්භාෂණ කොරෝනා වෛරසය පැතිරීමේ ප‍්‍රධාන මාර්ගයක් ලෙස සළකා කටයුතු කරන ආකාරය පෙනේ.

මෙරට කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට නම් සුළු අතපසුවීමක් හෝ සිදුනොකර කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව කටයුතු කළ යුතු බව මෙරට විශේෂඥ වෛද්‍යවරු මුල සිටම කියා සිටියහ. අනෙක් අතට සමාජයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇත්දැයි විමසා බැලීම සඳහා දිනකට සිදු කෙරෙන ‘පී.සී.ආර්.’’ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙස විවිධ වෛද්‍ය වෘත්තිකයන් විසින් පසුගිය කාලයේ නොයෙක් වර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඉන්දියාවේ මෙන් මෙරට කොරෝනා වෛරසයේ විශාල පැතිරීමක් දක්නට නොලැබෙන බව පවසමින් බලධාරීන් විසින් දිනකට සිදු කරන ලද්දේ ‘‘පී.සී.ආර්.” පරීක්ෂණ 1500-2500 අතර සංඛ්‍යාවකි. එයින්ද කොටසක් විධිමත් ලෙස එම පරීක්ෂණ සිදුනොකරන පුද්ගලික රසායනාගාර වෙත සිදු කිරීමට ලබාදීම හේතුවෙන් එම රසායනාගාර විසින් වැරදි ‘‘පී.සී.ආර්.” පරීක්ෂණ වාර්තා නිකුත් කර ඇති බවට රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් චෝදනා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම ‘‘පී.සී.ආර්.” පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව පුද්ගලික වෛද්‍ය රසායනාගාර වෙත පවරා දී ඇති බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපතිවරයා කෙසේ වුවද ඔවුන් නිසි පරිදි එම පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් බ‍්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් සිදුකළ එම පරීක්ෂණවල වාර්තාද වැරදි සහගත බව චෝදනා කර තිබේ. මෙය සෞඛ්‍ය බලධාරීන් විසින් වහා සොයා බලා නිවැරදි කළ යුතු අතර එසේ නොවුණහොත් එය මෙරට සමස්ත කොරෝනා මර්දන වැඩපිළිවෙළම අර්බුදයකට පත් කිරීමට හේතු වීමට ඉඩ තිබේ. රජයේ හෝ පුද්ගලික රසායනාගාර සේවාවේ කිසිවකුට කොරෝනා පරීක්ෂණ සිය මඩි තර කර ගැනීමේ වැඩපිළිවෙළක් කර ගැනීමට ඉඩ නොදීම මෙම අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම හා වගකීම විය යුතුය.

අනෙක් අතට මෙරට වසංගත විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලූම විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජය වෙත ඉදිරිපත් කරනු ලබන කොරෝනා මර්දන යෝජනා නොපමාව ක‍්‍රියාවට නැ`ගීම සිදුකළ යුතු අතර කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් මාර්ගෝපදේශනමාලාව රටේ සෑම අංශයක් විසින්ම නිසි පරිදි ක‍්‍රියාවට න`ගන්නේද යන්න පිළිබඳව නිරතුරුව විමර්ශනය කිරීමත් එසේ නොකරන අයට එරෙහිව නීතිමය පියවර ගෙන එවැනි වැරදි නැවත සිදු නොවීමට වගබලා ගැනීමත් මේ මොහොතේ ක‍්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය ක‍්‍රියාමාර්ග වේ. කොරෝනා වෛරස් ආසාදනය සඳහා තවමත් එන්නතක් සොයාගෙන නොමැති නිසා සුළු අතපසුවීමකින් වුව දිගුකාලීනව අප සමාජයට බලපෑමක් ඇති කිරීමට කොරෝනා වෛරසයට හැකි බව අප විසින් අමතක කළ යුතු නැත.

ඒමන්ති මාරඹේ

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles