Divaina - රටේ පොල් අස්වැන්න අපනයනය කර පාම් තෙල් කන රටක්...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

soba1 3දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා ආදී රෝග රැුසකට මුලපුරන ෆාම් ඔයිල් අඩංගු තෙල් කන්නට මිනිසුන් හුරු කරන රටකට අනාගතයේදී අත්විය හැකි විනාශය ඉමහත්ය. පාලකයන් එය තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවකි. මේ රෝගාබාධ වලින් ඉස්පිරිතාල වල ඇඳන් පිරී යද්දී කුණු කොල්ලයට ෆාම් තෙල් ගෙන්වන බහුජාතික සමාගම් අපට දත නියවමින් සිනාසෙනු ඇත. බෝවන කොරෝනාවෙන් මතු නොව බෝනොවන මේ රෝගවලින්ද රටත්, ජනතාවත් බේරා ගත යුතු අවධියක පාලකයන් නිහඬව සිටීම පිළිබඳ ඇත්තේ සැඟවුණු කතාවක්ද? නොඑසේ නම් මේ මහා විනාශය නතර කිරීමට නොහැකි මන්ද?
 
 කවරදාටවත් වඩා මේ රටේ පොල් මිල මෑත භාගයේදී ඉහළ යෑමට හේතුව පොල් අපනයනය බව වාර්තා වේ. එසේ අපනයනය කළ පොල් ගෙඩි මිලියන 11 ක් බවද කියවේ. ඒ කියන්නේ පොල් ගෙඩි ලක්‍ෂ 110 ක් පිටරට යැවූ කල නිතැනින්ම රටේ පොල් හිඟයක් නිර්මාණය වේ. එයද අප පෙර කිවූ බහුජාතික සමාගම් විසින් ඇති කරන ලද කෘතිම පොල් හිඟයකි. ඒ කෘතිම පොල් හිඟයෙන් රටත්, ජනතාවත් කී ආකාරයකින් බැට කනවා දැයි පාලකයන් නොසිතන්නේ මන්ද?
 
 පොල් මිල ඉහළ ගිය විට පාරිභෝගිකයා සෘජුව අපහසුතාවයට පත්වේ. එවිට රජය කළේ පාලන මිලක් දමා ටේප් පටියක්ද රැුගෙන කඬේට ගොස් අඟලට හෝ සෙන්ටිමීටරයට මැන පොල් මිලට ගත හැකි විහිළු පාඩමක් රටට ඉගැන්වීමය. ඇත්තටම මේ විහිළු වලින් ඇස් රතු වන දිනය නුදුරේදීම උදාවනු ඇත. මේ පොල් හිඟය නිසා පොල්තෙල් නිපදවන කර්මාන්තකරුවෝද පීඩාවට පත්වූහ. ඔවුන්ට අවැසි අමුද්‍රව්‍ය රට තුළ නොමැති වී ගියේය. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත වල නියැළෙන 350-400 කට ආසන්න කර්මාන්තකරුවෝ යන එන මං නැතිව අතරමං වූහ. ඒ ආශ‍්‍රිතව සේවය කළ පිරිසට රැුකියා නැති වූහ. ඔවුන්ගෙන් යැපෙන්නන්ට බත්පත අහිමි වන තත්ත්වයක් උදාවිය.
 
 කර්මාන්තකරුවන් මේ මුහුණදුන් හානිය ඔවුන්ට තවත් පැත්තකින් උදාකරදීමට පෙර කී බහුජාතික සමාගම් හතර පහක් කි‍්‍රයාත්මක වී ඇති සැටි අපූරුය. ඒ ඇති වෙන්න පොල් තිබුණද පිරටින් ගෙන්වන ආදේශක තෙල් වර්ග සමඟ සටන් කිරීමට තරම් හැකි මිලට පිරිසිදු දේශීය පොල් තෙල් පාරිභෝගිකයාට ලබාදීමට තිබෙන අවකාශය නැති කර දැමීමය. එයට බලපා තිබෙන්නේ මිල සාධකයයි. ආදේශක තෙල් පිටරටින් ගෙන්වා ඒවා අඩු මිලට පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය පරිදි රටේ නීති සහ ගැසට් නිර්මාණය කර ඇත. හොඳ පිරිසිදු දේශීය තෙල් නමින් ඒ ආනයනික ආදේශක තෙල් පාරිභෝගිකයාට ලැබෙන්නට සලස්වද්දී ඊට අදාළ රජයේ ආයතන දක්වන ප‍්‍රතිචාර කුමක්ද? මෙය සම්පූර්ණයෙන් වැරදි බව ඕනෑම අයෙකුට හැෙඟන දෙය අදාළ බලධාරීන්ට නොවැටහීම හෝ ඔවුන් ඒ වෙනුවෙන් පියවර නොගැනීම පිටුපස ඇති කතාව කුමක්ද? බල්ලෙකු පූසෙකු පිටරටින් ගෙනා වත් ඒ සතා ගැන සියලූ දත්ත අඩංගු විස්තර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට නීති තිබියදී කෑමට ගන්නා දෙයකට ව්‍යාජ ලේබල අලවා පාරිභෝගිකයන්ට ලබාදීම කෙතරම් නීති විරෝධීද? සදාචාර විරෝධීද?
 
 මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු තැනි ආකාරයට නිපදවා ඒවාට ෆාම් තෙල් අඩංගු කර පිරිසිදු දේශීය පොල්තෙල් නමින් විකිණීම රටේ වෙළෙඳුන්ගේ ලාභය වැඩිවන ව්‍යාපාරයකි. ඒ නිසා ඔවුන්ද මේ වැඬේට කැමැතියි. පිටරටින් අඩුම මිලට එන ඒ ආදේශක තෙල් රටේ පිරිසිදු පොල් තෙල් වලට මිල අඩු බැවින් උණු කැවුම් වගේ වැඩි වැඩියෙන් විකිණේ. එමෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ තෙල් මෙන් නොව පිටරට ආදේශක තෙල් විකිණූ විට ඔවුන්ට ලැබෙන කොමිස් මුදලද වැඩිය. ඉතින් මේ ලාභදායී ව්‍යාපාරය එපා කියන්නේ මොන මුදලාලිද? ඔවුහු තලූමරමින් ගජරාමෙට මේ රසවත් ව්‍යාපාරයේ නිරත වෙති.
 
 සැබවින්ම පාලකයන්ටද වඩා බලධාරීන් සහ නිලධාරීන් මේ පිළිබඳව සොයා බැලිය යුතුය. වරද තිබෙන්නේ ඔවුන් අතද පාලකයන් අතද දැයි තක්කෙට කිව නොහැකි වුවත් මේ ඇස් පනාපිට රට තුළ සිදුවන මතු දිනෙක විපාක විඳීමට සිදුවන ව්‍යාපාරයකි. 1980 වසරේ සිටම හොර රහසේ හෙමින් හෙමින් රට තුළට රිංගූ මේ ආදේශක තෙල් වර්ගවල කතාව නීත්‍යානුකූල කරවන්නට ගැසට් හදා හැටි අයුරුද අපූරුය. 1987/51 නමින් 2016.10.07 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් දැක්වෙන්නේ තෙල් ආනයනය කිරීමේදී එය මිශ‍්‍රිත තෙල් වර්ගයක් නම් මිශ‍්‍රණයේ අඩංගු තෙල් වර්ගවල සංයුතිය දක්වන ලෙසය. පනින රිළවුන්ට ඉණිමං බැදුණේ එලෙසය. ඇති පදමට ආදේශක තෙල් ගෙන්වා ඒවා දේශීය පොල්තෙල් වලට වඩා අඩු මිලට වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹුණේය. පොල්තෙල් යට ගොස් ආදේශක තෙල් උඩ ආවේය. සංයුතිය සඳහන් කරන්න යැයි කීවද එය කෙරුණේද නැත. අර ආදේශක තෙල්ද පිරිසිදු පොල්තෙල් නමින් පාරිභෝගිකයාගේ කුස තුළට ගියේය.
 
soba1 2 අනෙක් කතාව රටේ පොල් ටිකද අපනයනය කිරීමට ඉඩ සැලැස්වීමය. අමුද්‍රව්‍යයක් ලෙස ඒවා අපනයනය කිරීම රටට තවත් පාඩුවකි.තේ හෝ රබර් හෝ පිටරටට යන්නේද නිමි භාණ්ඩ ලෙසය. එසේම රටෙන් අමුද්‍රව්‍ය ලබාගන්නවා නම් අදාළ සමාගම් රට තුළ පොල් වගා කළ යුතුව ඇත. එසේ වගාවක් සිදුවුණේද නැත. මේ පොල් අමුද්‍රව්‍ය ලෙස පිටරටට යන්නේ රටේ තෙල් කර්මාන්තයට සහ පාරිභෝගිකයාට රුපියල් සියයටවත් අවශ්‍ය තරම් පොල් නැති යුගයකය. අවාසනාව එයයි.
 
 එහෙත් ජාතියේ වාසනාවට වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා මේ අකටයුත්ත වටහා ගෙන ඇත. සෞඛ්‍යයට අහිතකර ආනයනික තෙල් වර්ග තහනම් කරන බවට ඔහු පසුගියදා වෙන්නප්පුව බණ්ඩිරිප්පුව ථූපාරාම විහාරස්ථානයේදී ප‍්‍රකාශ කර ඇත. ඇමැතිවරයා එහිදී කළ ප‍්‍රකාශය පසුගිය 06 වැනිදා ‘දිවයින’ පුවත්පතේ 9 වැනි පිටුවේ පළවිය. එහි දැක්වෙන පරිදි ඇමැතිවරයා පළ කළ අදහස් කිහිපයක් මෙසේය.
 
 සෞඛ්‍යයට බලපෑම් එල්ලවිය හැකි ප‍්‍රමිතියෙන් තොර ආනයනික තෙල් වර්ග තහනම් කරනවා. පිටරටින් එන විවිධ ආදේශකයන් අපි වැළඳ ගත්තා. පොල්තෙල්වල වටිනාකම අපි හඳුනාගත්තේ නෑ. අද ඒකෙ භයානක ප‍්‍රතිඵල අපට ලැබිල තියෙනවා.
 
 අද ලෝකේ ඉතාම පෝෂ්‍යදායී ගුණදායී දෙයක් ලෙස පොල්තෙල් හඳුනාගෙන තිබෙනවා. අපි එම කර්මාන්තය දිරිමත් කළ යුතුයි.
 
 එසේම ආදේශක තෙල් වර්ග ආනයනය සඳහා සූක්‍ෂම ලෙස සකස් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ අවධානය යොමු වී ඇත. ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියටද වීරවංශ ඇමැතිවරයා දැනුම් දී තිබේ. එහෙත් මෙතෙක් එය පමා වී ඇත. එය ඉක්මනින් සිදුවිය යුතු කාරණයක් බව නොකිවමනාය.
 
 සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතාගෙන් අපි මේ තත්ත්වය පිළිබඳව විමසා සිටියෙමු.
 
 අපි වසර ගණනාවක් සිට මේ ව්‍යාපාරයේ නියැළෙන්නේ ආදේශක තෙල් ගෙන්වීම සහ අමුද්‍රව්‍ය ලෙස පොල් අපනයනය නිසා අසරණ වෙලා සිටිනවා. අමුද්‍රව්‍ය ලෙස පොල් අපනයනය නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තෙල් ආනයනය කරනවා නම් එය කොප්පරා හෝ වේලූණු පොල් ලෙස ආනයනය කරන්න. පොල් සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය සහ තත්ත්ව සහතිකය යටතේ ඒ කටයුතු කරන්න. ඒ වගේම එය කිසිම විටෙක පෞද්ගලික අංශයට පවරන්න එපා. බීසීසී ආයතනය හරහා එය සිදුකරන්න. එවිට එහි වාසිය අපිට පාරිභෝගිකයාට දෙන්න පුළුවන්. සතොස හෝ රජයට අදාළ ආයතන හරහා පාරිභෝගිකයාට ඒවා ලබාදිය හැකියි. කූඨ මිනිසුන්ට රටේ වෙළෙඳපොළ තත්ත්වය වෙනස් කරන්න දෙන්න එපා. රජය සතු පොල් ඉඩම් වගාව සඳහා මේ කර්මාන්තකරුවන්ට ලබා දෙන්න. අපි වසර අටකින් ලංකාවේ ඉල්ලූමට සැපයුම අරන් පෙන්වන්නම්. ඒ වගේම හැම කර්මාන්තයකටම මේ දිනවල රජය යටතේ ණය ලබා දෙනවා. අපේ කර්මාන්තයටත් සහන ණය ලබාදීමට කටයුතු කරන්න. මිනිසුන්ට වස කන්න දෙන එක නතර කරන්න.
 
 එම සංගමයේ කැඳවුම්කාරණී පි‍්‍රයන්ති දිසානායක මහත්මිය
 
soba1 1 අද රටේ සියයට 50 ක් පමණ පොල්තෙල් කර්මාන්ත වැහිල. කිසිම ආණ්ඩුවක් යටතේ අපේ කර්මාන්තය මෙතරම් පහළට වැටිලා නැහැ. දේශීය කර්මාන්ත නංවනවා යැයි පැමිණි ආණ්ඩුවක් යටතේ අපට සිදුවුණ මේ වින්නැහිය හිතා ගන්නත් බැහැ. අපේ කර්මාන්තවල වැඩකරපු මිනිස්සු දැන් වතු සුද්ද කරනවා. ඔවුන්ගේ ජීවනෝපායට පහර වැදිලා.
 
 පිටරටින් තෙල් නැව් ගෙන්වනවා. මුදලාලිලා ලාභෙට ලැබෙන හින්දා ඒ තෙල් ගන්නවා. අපේ තෙල් ගන්නේ නැහැ. අපේ තෙල් කොලිටියි. ඒ බව මුදලාලිට කිව්වම කියනවා ‘‘සේල් වෙනවා නම් නෝනා කොලිටියේ ඇති වැඬේ මොකක්ද කියලා. අපිට ජනාධිපතිතුමාව හමුවෙලා මේ බව කියන්න අවස්ථාවක් ලබාදෙන්න. ඒකයි අපේ ඉල්ලීම.
 
 කුරුණෑගල පොල්තෙල් කර්මාන්තයේ නියැළෙන තුෂාර විජේසිංහ මහතා
 
 තෙල්වල අදාළ බදු සංශෝධන වරින් වර වෙනස් කරනවා. ජාතික ප‍්‍රතිපත්තියක් නැහැ. කර්මාන්තකරුවා මේ ප‍්‍රශ්න වලින් පීඩා විඳිනවා. ආණ්ඩුවට මෙය තේරෙන්නෙ නැහැ. මිනිස්සු අඩු මිලට තිබෙන තෙල් තෙල් කඩෙන් ගන්නවා. හොඳ දෙය පිටරට යවලා ජරාව කවන්න රට පුරුදු කරලා තිබෙනවා. තෙල් වෙනුවට කොප්පරා ගෙන්වන්න. රටත්, පාරිභෝගිකයාත් එවිට ආරක්‍ෂා වෙනවා. විදේශ විනිමය ඉතිරි වෙනවා. රැකියා සුරක්‍ෂිත වෙනවා.
 
 කුෂාන් සුබසිංහ
 
 සංස්කරණය - ජගත් කණහැරආරච්චි

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles