Divaina - රියාජ් බදුර්දින් සහ රහස් පොලිසියේ අබිරහස් කි‍්‍රයාදාමයන්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

raiyaඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසියේ කටයුතු ජනතාවගේ දැඩි අප‍්‍රසාදයට ලක්වී ඇත. මෙයට වසර   ගණනකට පෙර රහස් පොලිසියට බරපතල චෝදනාවක් එල්ල වූයේ කුමන්ත‍්‍රණ සිද්ධියක් ගැන අත්අඩංගුවට ගෙන එවකට 4 වැනි තට්ටුවට යැයි ප‍්‍රසිද්ධ රහස් පොලිසියට ගෙන ගිය දොඩම්පේ මුදලාලි සහ කෝප‍්‍රල් තිලකවර්ධන හතරවැනි තට්ටුුවේ සිට බිමට පැන දිවිනසාගත් බව කියන සිද්ධියකි. එහෙත් පසුව කළ පරීක්‍ෂණවලදී ඔවුන් දෙදෙනාම හතරවැනි තට්ටුවේ සිට බිමට දමා ඇතැයි හෙළි විය.
 
 ඉන්පසු විජය කුමාරතුංග ඝාතනයේ සැකකරු ටාසන් වීරසිංහ රහස් පොලිසියේ රඳවා සිටියදී මැදියම් රැුයේ අතු-රුදන් විය. මේ ගැන රහස් පොලිසියේම නිලධාරියකු විමර්ශනවලදී පැවසුවේ ටාසන් වීරසිංහ මහ ? ගෙන යන අයුරු තමා දුටු බවයි. මේ සිද්ධිය දුටු පොලිස් නිලධාරියාගේ නිවසට පාර්සලයක් එවා තිබූ අතර ඔහුගේ බිරිය එය භාරගත්තේ නැත. මේ පාර්සලයේ බෝම්බයක් ඇති බවට පසුව වාර්තා විය.
 
 විජය ඝාතනය ගැන පරීක්‍ෂණ කළ ජනාධිපති කොමිසම එවකට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ටාසන් වීරසිංහ අතුරුදන් වීම ගැන වගකිවයුතු යැයි තීන්දු කරනු ලැබීය.
 
 එහෙත් මේ වරදකරුවෝ ආණ්ඩුව මාරුවෙත්ම නීතියෙන් දඬුවම් නොලබා ගැලවුණි. ඉන් එක් නිලධාරියෙක් නියෝජ්‍ය පොලිස්පති තෙක් උසස්වීම් ලැබීය.
 
 මෙවන් පසුබිමක් මැද යහපාලන රජය යටතේ රහස් පොලිසිය ජරාජීර්ණ තත්ත්වයකට පත්වූ බව දැන් සනාථ වී ඇත. වනාතවිල්ලූවේ ගොවිපළේ සිට අත්අඩංගුවට ගනු ලැබූ ඉස්ලාමීය අන්තවාදීහු දෙදෙනා අධිකරණ නියෝගයකින් තොරව මුදාහැරුණි. ඊට සමානව රිෂාද් බදුර්දීන්ගේ සොහොයුරා ද නිදහස් කිරීමට රහස් පොලිසිය කි‍්‍රයා කළේය. රහස් පොලිසියේ තත්ත්වය කෙසේ දැයි නිරීක්‍ෂණය කරන විට බොරු සාක්‍ෂි දුන්නොත් මුදල් ලබාදී සහ කැනඩාවට යවන බවටත් රහස් පොලිස් නිලධාරීන් පවසා තිබිණි. එසේම රහස් පොලිසියේ රහස් වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ලැබිණි. මෙය රාජද්‍රෝහීි කි‍්‍රයාවකි. මේ ගැන වත්මන් රජයද මෙතෙක් පරීක්‍ෂා කර නැත.
 
 මේ අතර වත්මන් රජය යටතේද රහස් පොලිසියට ප‍්‍රධානියකු- පත් විය. අලූතින් පත් කළ නිලධාරියාට හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා වධහිංසා චෝදනා ඉදිරිපත් කරනු ලැබීය. ඔහුට සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසද ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියාය.
 
 වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රහස් පොලිසියට පත් වූයේ අවංක සහ අපක්‍ෂපාතී මෙන්ම දේශපාලකයන්ට හිස නොනමන නිලධාරීන් දැයි නිරීක්‍ෂණයක් සිදුවූයේ නැත.
 
 එසේම යහපාලන රජයේ පොලිස් කොමිසම යටතේ නිලධාරීන් පත්වුවත් ඔවුන් එදා සිටි පිරිසම විය.
 
 මේ අතර හිටපු ජනපති ප‍්‍රකාශයක් කරමින් රහස් පොලිසිය එන්. ජී. ඕ. සහ දේශපාලකයන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කළ බව අනාවරණය කළේය. ඒ වනවිට බුද්ධි අංශ නිලධාරීහු 41 ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 එදා සිටි රහස් පොලිස් නිලධාරීහු එන්ජී ඕ සංවිධාන සමග සබඳකම් පැවැත්වූ බවට තහවුරු වූයේ අපරාධ පරීක්‍ෂණ වාර්තා මෙන්ම ඒ වාර්තා ද ජර්මනියේ ජේඞීඑස් නමැති සංවිධානය වෙත ලැබීමෙනි.
 
 මෙයට අමතරව යහපාලන රහස් පොලිස් නිලධාරීහු ස්විස්, කැනඩා සහ ඔස්ටේ‍්‍රලියානු තානාපති නිලධාරීන් සමග ද සබඳතා පවත්වා ඇත.
 
 එසේම ප‍්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසියට ගෙන ආ හමුදා බුද්ධි නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම ද සිදුවූ බව වාර්තා වේ.
 
 මේ වාතාවරණය මැද බදුර්දීන් සොහොයුරා නිදහස් විය. ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ජනපති පොලිස්පති සහ නීතිපති පවා ඔහු නිදහස් වන බව නොදැන සිටි බවයි.
 
 එසේ නම් ජනපතිට හා පොලිස්පතිට ඉහළිින් සිටි බලවතා කවුද?
 
 රියාජ් බදුර්දීන් නිදහස් කරන අවස්ථාව වන විට ඔහු සතු ජංගම දුරකථන 12 ක් සොයාගෙන තිබුණේ නැත. එසේම මුදල් විශුද්ධිකරණ කි‍්‍රයා ගැන ද චෝදනා එල්ලවී තිබිණි. ඒ සඳහා රහස් පොලිසිය පත් කර තිබුණේ එම විමර්ශන ගැන නොදන්නා නිලධාරියෙක් බව හෙළි විය. මෙලෙස විමර්ශන ගැන නොදන්නා නිලධාරීන් පත්කිරීමේ අරමුණ පරීක්‍ෂණ වසා දැමීමේ උපක‍්‍රමයක්ද? මේ ගැන මවිතයට පත් විය යුතු නැත. රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි බෙනට් පෙරේරා ඝාතකයන් කවුදැයි සොයාගැනීමට අද වනතුරු රහස් පොලිසියට නොහැකි විය. මෙවන් පසුබිමක් මැද නීතිපතිගේ උපදෙස් රහිතව රියාජ් බදුර්දීන් මුදාහැරීම බරපතළ කි‍්‍රයාවක් නොවන්නේද?
 
 නීතිපතිවරයා මේ ගැන කරුණු විමසීම සඳහා රහස් පොලිසියේ බලධාරීන් කැඳවන අවස්ථාවේ ජනමාධ්‍ය රියාජ් බදුර්දීන්ව රාක්‍ෂයකු කිරීමට උත්සාහ කරන බවට මුස්ලිම් මාධ්‍ය පාර්ශ්වයක් විසින් දක්වා තිබිණි.
 
 එහෙත් නීතිපතිගේ හෙළිදරව්වෙන් පසු රියාජ් බදුර්දීන් ගැන පරීක්‍ෂණ පවත්වා ඇති ආකාරය හෙළි වී තිබේ.
 
 මෙවන් තත්ත්වයක් මැද යහපාලන රජය සමයේ කි‍්‍රයාත්මක වූ රහස් පොලිසියේ සියලූම නිලධාරීන්ගේ සහ පවුල්වල වත්කම් ගැන විමර්ශනය කිරීමට රජය නොපමාව කි‍්‍රයා කළ යුතු වේ.
 
 රහස් පොලිසියේම හිටපු නිලධාරියකු අප වෙත පැවසුවේ රහස් පොලිසිය ශුද්ධ කළ යුතු අවස්ථාව පැමිණ ඇති බවයි.
 
 එසේම රහස් පොලිසිය ගැන ලැජ්ජාවට පත්විය යුතු- සිද්ධියක් නම් අමතන පුද්ගලයාගේ කතාබහ පටිගත කරනු වෙනුවට එම තැනැත්තා රහස් පොලිස් ප‍්‍රධානියාගේ කතාබහ පටිගත කිරීමයි. ඊට හොඳම නිදසුන රන්ජන් රාමනායක සහ හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර අතර වූ කතාබහයි.
 
 එසේම පාස්කු ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු හිටපු රහස් පොලිස් ප‍්‍රධානියා කටයුතු කර ඇත්තේ එකම බලධාරියා ලෙසයි. මේ හැර ජනතාවට මතුවී ඇති බරපතළ ප‍්‍රශ්නය නම් තවමත් කි‍්‍රයාත්මක වන්නේ යහපාලන රහස් පොලිසියද යන්නයි.
 
 රියාජ් බදුර්දීන් නමැත්තා නිදහස් වීමට පෙර ඔහු සතුව තිබූ දුරකථන 16 න් 12 ක් සොයාගැනීමට රහස් පොලිසියට නොහැකි වීම තවත් බරපතළ ප‍්‍රශ්නයකි. පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා රියාජ් බදුර්දීන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරු ඉන්සාද් අහ්මද් ඇමතූ දුරකථන පණිවිඩ රියාජ්ගේ දුරකථනයේ සටහන් වීමයි.
 
 මේ බෝම්බකරු රියාජ් බදුර්දීන්ව ඇමතුවේ ඒ හෝටලයේ කෑම වට්ටෝරු ගැන පැවසීමටද? මෙම තත්ත්වය මත අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති චමල් රාජපක්‍ෂ ද පාර්ලිමේන්තුව අමතමින් ත‍්‍රස්තවාදීන් සමග සෘජු සබඳකම් පැවැත්වීමට රියාජ් බදුර්දීන් කි‍්‍රයාකර නැතැයි රහස් පොලිසිය කියා සිටි බවයි. එහෙත් රහස් පොලිසිය කෙරේ විශ්වාසය තැබිය හැකිද? වත්මන් රජය බලයට පත් වූවත් පරීක්‍ෂණ පැවැත්වීම ගැන භාර වී ඇත්තේ පැරණි රහස් පොලිසියට බව රජයට අමතක වී ඇත. රජය බලයට පත්වීමෙන් පසු රහස් පොලිසියේ නිලධාරීන් 700 කගේ විදෙස් ගමන් තහනම් කර තිබිණි. මේ නිසා ඔවුන් රජයට සහාය වනු ඇතැයි කිව හැකිද? එසේම රහස් පොලිස් නිලධාරීන්ගේ දුරකථනවලට සවන්දීමක් හෝ ඔවුන්ගේ පවුල්වල අයගේ ආදායම කොතෙක්දැයි සෙවීමට මෙතෙක් රජය කි‍්‍රයා කර නැත. හිටපු හමුදාපති මහේෂ් සේනානායක පවා මෑතකදී පැවසුවේ රහස් පොලිසිය කි‍්‍රයා කළ හැටි ගැන සෙවිය යුතු බවයි. තවද, ජනපතිට හෝ අගමැතිට නොදන්වා කටයුතු කිරීම රහස් පොලිසියට හැකිද? මේ සඳහා පොලිස් කොමිසම කි‍්‍රයා කළ යුතු- වුවත් එම කොමිසමෙන් නිසි රාජකාරියක් ඉටු නොවේ.
 
 මේ පොලිස් කොමිසම විසුරුවා හැරීමට පවා නොහැකි තත්ත්වයකට රජය පත්වී ඇත. මේ අතර රහස් පොලිසිය රියාජ් බදුර්දීන් මුදා හැරීමට තීරණය කර ඇති බවට රජයේ බලධාරීන්ට ද කිසිදු තොරතුරත් ලැබී නැත. රියාජ් මුදාහැරීමෙන් පසු රජයේ මන්තී‍්‍රවරු 100 ක් ඔහුව මුදාහැරීමට එරෙහිව ජනපති වෙත ලිපියක් භාරදී තිබේ.
 
 එය අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමට සමානය. රියාජ් මුදාහැරීමෙන් සිදුවූයේ රහස් පොලිසිය කෙරේ ජනතාව තු-ළ පැවැති විශ්වාසය බිඳ වැටීමයි. ඊට හේතුව වූයේ රියාජ් විසින් කල්තියා අධිකරණය හමුවේ රජයට එරෙහිව පවරා තිබුණ නඩු ඉල්ලා අස් කර ගැනීමයි. මේ නිසා රහස් පොලිසිය හා රියාජ් සමඟ සබඳකම් තිබූ බවට සැකයක් ද විය.
 
 එසේම පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් මුස්ලිම් දේශපාලකයන්ගේ බලසම්පන්න බව තහවුරු විය. රටේ බහුතරය සිංහල ජනතාව වුවත් මුස්ලිම් දේශපාලකයන් ජාතික ආරක්‍ෂාවට ද මැදිහත් වී ඇත.
 
 මේ අතර හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඩුබායි සිට කළ ප‍්‍රකාශය ගැන රහස් පොලිසිය අවධානය යොමු කරගෙන නැත. හිටපු හමුදාපතිවරයා පැවසුවේ 2018 දී සහරාන්ට ඉන්දියාවට පලා යෑමට රියාජ් බදුර්දින් සහාය වූ බවට හමුදා බුද්ධි අංශය සොයාගත් බවයි. එසේ නම් ත‍්‍රස්තවාදී සහරාන්ට උදව් කිරීම අපරාධිකාරී කි‍්‍රයාවක් නොවේද? රියාජ් බදුර්දීන්ව අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුට චෝදනා තිබේද යන්න ගැන රහස් පොලිසිය හමුදා බුද්ධි සේවාවෙන් ද විමසා නැත. මෙයට පෙර රහස් පොලිසිය තෝරාගත් මාධ්‍ය පාර්ශ්ව කැඳවා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා තිබේ. ඊට හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර සම්බන්ධ විය. මේ අතර වත්මන් රජය රහස් පොලිසිය තුළ සිදුවන අභිරහස් කි‍්‍රයා ගැන නිසි අවධානය යොමු කළ යුතු-ව ඇත. පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැන යනතුරු උසස් නිලධාරීහු බලා සිටියහ. ඔහු තම පිස්තෝලය සහ යතුරුපැදිය අදාළ නිලධාරීන්ට භාරදීමේ සිද්ධිය ද රජයට හා ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන්ට වසන් විය. එහෙත් රජය ඒ ගැන වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගත්තේ නැත. එසේම සහකාර පොලිස් අධිකාරිවරයෙක් වැඩ තහනමට ලක්ව හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර සිය නිල වාහනයේ නංවා ගෙන ගිය බවට ද වාර්තා විය.
 
 මේ සෑම සිද්ධියකටම මුල් වූයේ නව රජය රහස් පොලිසියේ සේවය කරන නිලධාරීන් කවුද, ඔවුන්ගේ අතීත දේශපාලන සබඳතා මෙන්ම පසුගිය සමයේ ඔවුන් සබඳතා පැවැත්වූ දේශපාලකයන් හා එම දේශපාලකයන්ට සම්බන්ධ ව්‍යාපාරිකයන් ගැන නිරීක්‍ෂණ නොකිරීමයි.
 
 මේ අතර හිටපු ජනපතිගේ අත්සන් ගැන ද දැන් බර පතළ සැකයක් මතු-ව ඇත. මෙයට පෙර මෙවැනි සිදුවීම් ගැන හෙළිවී නැත. හමුදා නිලධාරියකු- සිරගත කිරීම සඳහා යොමු කළ ලිපියේ තිබූ අත්සන් නිසා යහපාලන රහස් පොලිසිය කෙරේ ජනතාවගේ සැකය උග‍්‍ර වී ඇත. එහෙත් රහස් පොලිසිය තුළ බරපතළ විෂමාචාර කි‍්‍රයා සිදු කළ පිරිසට නව රජය සමයේ දඬුවම් ලැබේද යන්න ප‍්‍රශ්නයකි.
 
 කීර්ති වර්ණකුලසූරිය

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles