Divaina - රූකඩ පැංචි කරද්දි දෙබස් පාඩම් කරේ නෑ... නර්තනයෙන් ඉදිරියට යන්නයි මම ආස... මාලනී ෆොන්සේකා පරපුරෙන් රංගනයට පිවිසි අලූත්ම තාරකාවිය...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

girl555
                                                                                                                                                        - කුශෙන්යා ෆොන්සේකා

කුශෙන්යා ෆොන්සේකා. ඇය ලාංකීය සිංහල සිනමාවේ නිළි රැජන ලෙස විරුදාවලි ලත් මාලනී ෆොන්සේකා පරපුරෙන් රංගනයට පිවිසි අලූත්ම තාරකාවිය. මේ දිනවල තිරගතවන රූකඩ පැංචි සිනමා පටයේ රූකඩ පැංචිගේ භූමිකාව නිරූපණය කරන්නේ ඇය. ඇගේ රුව ගුණ ගැන ඔබට කියන්න අපි මේ ළාබාල රංගන ශිල්පිනිය සමග කතා කළා.. ඇය රූකඩ පැංචි වූයේ කොහොමද. අපි ඇගෙන් විමසුවා.
 
 අපේ සීයා මගේ ෆොටෝ වගයක් ෆේස්බුක් එකේ දාල තියෙනවා. ඒක දැකල මුලින්ම මං ගැන අහල තියෙන්නෙ අපේ චූටි ආච්චිගෙන්. මගේ චූටි ආච්චි තමයි දමයන්ති ෆොන්සේකා. එයා තමයි කිව්වේ වින්දන අංකල්ලා ඔයාගේ ෆොටෝ දැකල එයාල අලූතින් හදන චිත‍්‍රපටයක චරිතයකට මාව තෝරගන්න කැමැත්තෙන් ඉන්නවා කියල. ඊට පස්සෙ පොඩි ඔඩිෂන් එකකට ගිහින් ඒකෙදි මාව මේ චරිතයට තෝරා ගත්තා.
 
 දෙබස් මතක තියාගැනීමත් රංගනයත් යන අභියෝගයට මුහුණ දුන්නෙ
 
 මට ඒක ඒ හැටි අමාරුයි කියල දැනුණේ නෑ. කොහොමත් මම දෙබස් පාඩම් කරේ නෑ. ෂූට් එකට කලින් නිකන් උඩින් උඩින් බලාගත්තා විතරයි. ඒක මගේ මතකයේ තිබුණා. ෂූට් කරනකොට මට කරන්න ඕන දේ වින්දන අංකල්ලා කියල දුන්නා. ඒ නිසා අපහසුවක් දැනුණෙ නෑ.
 
 මීට පෙර ඇති රංගන අද්දැකීම්
 
 මම එක දෙක වසර වගේ ඉගෙනගන්න කාලේ චිත‍්‍රපටයක පොඩි චරිතයක් කළා. දැකල පුරුදු කෙනෙක් ඒ චිත‍්‍රපටයෙ නම. හැබැයි ඒකෙ මොනවද මම කළේ කියලවත් මට මතක නෑ.
 
 රූකඩ පැංචි චිත‍්‍රපටයේ රංගනයේදි ඔබේ සිත් ගත් කොටස
 
 මේ චිත‍්‍රපටයේ අංකල් ලූවී චරිතය කරන්නෙ ජැක්සන් අංකල්. එක තැනක් තියනවා අංකල් ලූවී පපට් ෂෝ එක වෙලාවෙදි පපට්ස්ලාගෙන් ප‍්‍රශ්න අහන තැනක්. එතනදි හැම ප‍්‍රශ්නයකටම පැනල උත්තර දෙන්න තියෙන්නෙ මට. මම ඒ කොටස රඟපෑවේ හරිම කැමැත්තෙන්.
 
 මේ වෙනකොට රූකඩ පැංචිට ලැබෙන ප‍්‍රතිචාර
 
 මගේ ලොකු ආච්චි තමයි මාලනි ෆොන්සේකා. එයා චිත‍්‍රපටය බලල කිව්වා මම හොඳට චරිතය කරල තියනවා කියල. අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුණා. වින්දන සහ කල්පන අංකල්ලත් සෑහීමකට පත්වුණා. ඒ ප‍්‍රතිචාර තමයි මගේ මතකයේ තියෙන්නෙ.
 
 මාලනී ෆොන්සේකා මහත්මිය සහ ඔබ අතර තියෙන ඥාතීත්වය
 
 ඒ මගේ ලොකු ආච්චී. තාත්තගෙ පැත්තෙන් නෑදෑයො වෙන්නෙ. අපේ තාත්තගෙ තාත්තා නැත්නම් මගේ සීයගේ අක්කා තමයි මාලනී ෆොන්සේකා කියන්නෙ.
 
 ඉගෙන ගන්න පාසල
 
 කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය මගේ පාසල. නවය වසරේ ඉගෙන ගන්නෙ.
 
 අනාගතයේ සිනමා තාරකාවක් වීමටද බලාපොරොත්තුව
 
 මම ගොඩක් ආස නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න. ඒ බලාපොරොත්තුවෙන් චන්න විජේවර්ධන සර්ගෙ ඇකඩමියෙ මම නර්තනය හදාරනවා.
 
 තිස්ස

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles