Divaina - වැව්බැඳි රට යළි පිබිදවීමේ වැඩසටහන තලාකවාපියෙන් ඇරඹේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

soba20 5”තොප ලක් රජයට පතත් වූ කල අපගේ ගමන් මඟ අවුරා සිටින මේ ඔය මුහුදට යා නොදී වැවක් ඉදිකරවව්. මේ නදී තොමෝ ආද අපේ ගමන යම්සේ වළකාද, එසේම මෙහි වැවක් බැඳ තෝ මේ අවුරව”
 
 මහාවංශය ලියූ මහානාම හිමියන් එදා ක‍්‍රි. ව. 457 වැන්නේදී අනුරපුර අගනුවර පැවති සොළී උවදුරෙන් මිදෙනන්නට ධාතුසේන කුමරුන් සමඟ පලායද්දී ඉදිරි මග හමුවූ කලාඔය වැසි වතුරෙනන් පිරී යාගත නොහැකිව ගං ඉවුරේ බොහෝ වේලාවක් රැුඳී සිටියදී ධාතුසේන කුමරුන්ට මේ උපදෙස දුන් බව මහාවංශයේ සඳහන් වෙයි. මේ කතිකාවෙන් පසු ධාතුසේන රජු අතින් කලාවැව උපන්නේය. කලාවැව හැදීමෙන් පසු එයින් ජල පංගුවක් අනුරපුර තිසාවැවට ගෙනයෑමේදී ඉදිකළ යෝධ ඇළ දෑලේ යායවැව් 148ක් පමණ ඉදිවී තිබේ. තලාවේ පිහිටි තලාකවාපී වැව මෙයින් එක් වැවකි. තලාව ප‍්‍රදේශයේ භූගත ජලය පානයට නුසුදුසු හෙයින් දෙවන අග්බෝ රජු විසින් තලාකවාපිය වඩාත් පුළුල් කොට පානීය වාපියක් ලෙස සංවර්ධනය කර තිබේ.
 
 පසුකාලයේදී තලාකවාපියේ වෑබැම්මේ තැනින් තැන පැළවූ පාරේ මාරා ගස් මේ වනවිට දැවැන්ත ලෙස අතුපතර විහිදා හැදී වැඞී තිබේ. සමහර ගස් වසර තුන් හාරසීයකට වඩා පැරණිය. මේ ගස්වලින් සමහර ඒවායේ මුල් වෑබැම්ම පසාකර ගෙන යමින් වෑබැම්මේ තැනින් තැන පිපිරුම් සහ ගුල් සෑදී තිබුණි. මේ අබලන් තත්ත්වය නිසාම 2016 දී තලාකවාපී වැව උතුරා වෑබැම්ම කැඞීයෑමෙන් අනතුරු සිදුවූ බව මේ පිළිබඳව විස්තරයක් කළ මහවැලි එච්. කලාපයේ නියෝජ්‍ය නේවාසික කළමනාකාර ජයන්ත පේ‍්‍රමලාල් මහතා විස්තර  කළේය. යළිත් වරක් මේ වැව කැඞී ගියොත් තලාව නගරය, තලාකවාපී අරහත්ත විහාරය,  කොළඹට යන මහා මාර්ගය ආදී සියල්ලක් යටවී  විනාශ විය හැකි බව අධ්‍යයනයකින් තේරුම් ගත් මහවැලි අධිකාරිය, මේ පිළිබඳව තතු දත් මණ්ඩලයක් පත්කොට, තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් පසු වැව ප‍්‍රතිසංස්කරණය කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය නේවාසික කළමනාකාරවරයා තවදුරටත් පැහැදිලි කරනු ලැබීය.
 
 තවදුරටත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය නේවාසික කළමනාකාරවරයා මෙසේද පැවසීය.
 
 මේ වැවේ ජල ධාරිතාව අක්කර අඩි 1200ක්. කලාවැව ළඟට තියෙන ලොකු වැවක්. වෑබැම්මේ දිග මීටර් 1100ක් පමණ. මෙම අබලන් වැව ප‍්‍රතිසංවර්ධනයට රුපියල් මිලියන 39ක් විශේෂ ව්‍යාපෘතියක් මගින් ප‍්‍රතිපාදනය කරනු ලැබිණ.
 
 මේ වනවිට තලාකවාපි වෑබැම්මේ කල්ගිය පාරේ මාර ගස් 81 ක් තිබුණා. මේ ගස්වලින් වැවට වෑබැම්මට අනතුරුදායක ගස් 62ක් ඉවත් කරන්නට මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මේ ගස් ඉවත් කිරීමේ කාර්යය රාජ්‍ය දැව සංස්ථාවට පැවරුවා. එම ආයතනය මගින් පසුගිය පෙබරවාරි වල ගස් කපා වෑබැම්මෙන් ඉවත් කොට එම දැව රැුගෙන ගියා.
 
 කොරෝනා උවදුර නිසා වැඩ පටන් ගැනීම අතපසු වුණා. ගස්වල ගැලවූ මුල් පමණක් වැවේ පැත්තක ගොඩගසා තිබෙනවා. තලාකවාපී වැව පාමුල ඇති පන්සලේ හාමුදුරුවන්, වැව පාමුල ඇති ප‍්‍රාදේශීය සභාව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මේ ආයතනවල මෙම වැඩපිළිවෙලට කිසිදු විරෝධතාවක් නෑ. නමුත් රජය කෙරෙහි විරෝධාකල්ප දරන දෙතුන් දෙනෙක් වැවේ පරිසර විනාශයක් කර  තිබේය කියල මුල අග නොදැන විවේචන කරනවා. වෑබැම්මට හානිකර පැරණි පාරේ මාරා ගස් අපේ නිර්දේශය ඇතිව දැව  සංස්ථාව මගින් කපාගෙන ගියා. අපි දැන් මීටර් 1100ක් දිගට අලූතෙන්ම වෑබැම්ම ඉදිකර තිබෙනවා. අපි පෙර සිරිතට අනුව පාරේ මාර ගස් නෙමෙයි කුඹුක් පැළ 150ක් සහ මී පැළ 50ක් මේ වෑබැම්ම අයිනේ අලූතෙන් සිටුවනවා. ඇත්තටම අපි ගහකොළට ආදරෙයි.
 
 ගහකොළට වඩා වැවට ආදරෙයි. පළමුවෙන් වැව, ඊළඟට වැව ආශ‍්‍රිත ගහකොළ. මේ විදියට අපි කටයුතු කරනවා. වැව්බැඳි රටේ වැව් සියල්ල ප‍්‍රතිසංවර්ධනය කළයුතුය යන ජනාධිපතිතුමාගේ රජරට හැදීමේ සංකල්පය තලාකවාපි වැවෙන් අපි පටන් ගත්තා. වෑමැද පැළවී ඇති ජලජ ශාක ඉවත් කොට අපි වැව හදල වැවට නෙළුම් බෝකරල යළිත් ධාතුසේන යුගයේ වැවක් ප‍්‍රතිනිර්මාණය කරනවා. මහවැලි එච්. කලාපයේ නියෝජ්‍ය නේවාසික කළමනාකාර (තාක්ෂණ) ජයන්ත පේ‍්‍රමලාල් මහතා වැඩිදුරටත් විස්තර කළේය.
 
soba20 3 තලාකවාපියේ ප‍්‍රතිනිර්මාණ කටයුතු කරගෙන යන්නේද කොළඹින් පැමිණි කොන්ත‍්‍රාත් සමාගමක් නොව ගමේම අයෙකි. ඔහුගේ ඉදිකිරීමේ ගැන ප‍්‍රධාන ඉංජිනේරුවරයා සෑහීමකට පත්වී ඇති. තලාකවාපිය භාර ගොවි සංවිධානය ද වැව් ගම්මානයේ ජනතාවද විමසීමේදී වාපියේ වැඩ ගැන සතුටට පත්වී ඇති බව පෙනුණි. අපට ගම දාල යන්න බෑ. ගමේ වැඬේ ගමට වැඩක් විදියට කෙරෙන්න ඕන. කොන්ත‍්‍රාත්කරු පැවසීය.
 
 මහජන මුදලින් කෙරෙන පොදු වැඩකදී එහි හොඳ නරක විමසා බැලීම මහජනයාට ඇති අයිතියකි. නමුත් රජය අපකීර්තියට හා අපහසුතාවට පත්කිරීමේ යටි අරමුණු ඇතිව පොදු වැඩ විවේචනයෙන් සිදුවන්නේ වැඩ කරන්නන් පස්සට තල්ලූ කර දැමීමකි.
 
 රත්න බී. ඒකනායක

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles