Divaina - උපාධියට රැකියාවක් නොව ප‍්‍රජාවේ සැමට උපාධියක්... ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
 
 fea444
 
ලංකාවේ විශ්වවිද්‍යාලය මගින් දැනට පවත්වාගෙන යනු ලබන බාහිර උපාධි පාඨමාලා සඳහා අලූතෙන් සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස ආණ්ඩුව නියෝග කර ඇති බවට පසුගිය දා වාර්තා පළ වුණි. ආණ්ඩුව ගත් මෙම ක‍්‍රියාමාර්ගය ඉතා ගැඹුරින් සහ පු`ඵල් ලෙස සාකච්ඡුාවට බ`දුන් කළ යුතුය. ඒ රටක පුරවැසියාගේ අධ්‍යාපනික අයිතිය කප්පාදු කිරීමට හෝ ඒ පිළිබ`ද සීමා පැනවීමට ආණ්ඩුවකට අයිතියක් නොමැති බැවිනි.
 
 දැන ගන්නට ලැබෙන ආකාරයට ආණ්ඩුව බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිකව නවතා දැමුවේ මේ ඔස්සේ බිහිවන උපාධිධාරීන්ගේ උපාධියේ විෂයීය ගුණාත්මක බව පිළිබ`ද පවත්නා ගැටලූ මුල් කරගෙන ය. එමෙන් ම රැකියා අවස්ථා ලබා දීමේ දී විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට වඩා බාහිරව උපාධිය ලැබූ උපාධිධාරීන්ගේ ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගන්නා බැවින් එය පාලනය කිරීම ද ආණ්ඩුවේ පරමාර්ථයක් වී ඇති බව පෙනේ.
 
 එමෙන් ම මෙරට විශ්වවිද්‍යාලවලින් බිහිවන බාහිර උපාධිධාරීන්ගේ උපාධිය ‘ගුණාත්මක බවින් තොරය’ යන අදහස පාලකයන් අතර ද ඇතැම් උගතුන් අතර ද, මහජනතාව අතර ද මුල් බැස ගත් ප‍්‍රවාදයක් බවට පත්ව තිබේ. එහෙයින් රටේ පාලකයන් ප‍්‍රමුඛ සියලූ දෙනා බාහිර උපාධිධාරීන් රටට බරක් ලෙස සිතීමට සිය මනස මෙහෙයවා ඇත. එමෙන් ම පොදුවේ රටේ උපාධිධාරීන්ගේ ප‍්‍රමාණය වැඩිවීමට බාහිර උපාධි ලියාපදිංචිය හේතු වී ඇති නිසා ද එය රැුකියා විරහිත බව නිර්මාණය කිරීමට හේතුවක් වන නිසා ද සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබාදිය යුතු හෙයින් එහිදී ආණ්ඩුව බරපතල අපහසුතාවකට පත් වන නිසා ද පාලකයින් මෙවැනි තීරණ ගැනීමට පෙළඹී ඇති බව පෙනේ.
 
 නමුත් ආණ්ඩුවේ මෙම අදහස් සහ තීරණ පිළිබ`ද සාකච්ඡුා කිරීම අප සැමගේ වගකීමකි. ප‍්‍රශ්න පවතින්නේ බාහිර උපාධියේ ගුණාත්මක බව පිළිබඳ හෝ ලියාපදිංචි කරගන්නා ප‍්‍රමාණය පිළිබඳ පමණක් නොවේ. සමස්තයක් වශයෙන් ගත් කල මෙරට සමස්ත අධ්‍යාපන ක‍්‍රමයම ගැටලූවකි. අනගාරික ධර්මපාලතුමා පවසා සිටියේ මෙරටට අවශ්‍ය නායකයින් මෙරට අධ්‍යාපන ක‍්‍රමය ඔස්සේ බිහි කර ගත යුතු බවයි. එමෙන් ම රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට අවශ්‍ය පුහුණු ශ‍්‍රමය උත්පාදනය කිරීම පිණිස රටේ අධ්‍යාපනය යම් කාර්මික හා තාක්‍ෂණික නැඹුරුවක් යටතේ පවත්වාගෙන් යා යුතු බව ද ධර්මපාලතුමාගේ අදහස විය. නමුත් මෙරට අධ්‍යාපනය පිළිබ`ද ධර්මපාල චින්තනය සහ කන්නන්ගර චින්තනය වර්තමානය වන විට මු`ඵමනින් ම වළපල්ලට ගොස් ඇති බව පෙනේ. ඒ මෙරට සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලියම බරපතළ ගැටලූ රාශියකින් පෙළෙන පසුබිමකය.
 
 මෙරට අවශ්‍ය මනාව සම්පත නිපදවා ගැනීමට නූතන අධ්‍යාපනය සමත් වී නැත. මානව ප‍්‍රජාවේ චින්තනය, ජීවන දෘෂ්ටිය ඉදිරි දැක්ම පෝෂණය කිරීමට හෝ ප‍්‍රජාවේ උන්නතිය සඳහා පුරවැසියා මෙහෙයවීමේ වගකීම සෘජුව ම පැවරෙන්නේ අධ්‍යාපනය වෙතට ය. නමුත් ඒ වෙනුවට තරගකාරීත්වය, මානසික අසහනය, මානසික පීඩනය, අපේක්‍ෂාභංගත්වය, තීව‍්‍ර කිරීම පමණක් මෙරට නූතන අධ්‍යාපන මගින් ඉටු කරමින් සිටියි.
 
 එමෙන් ම ප‍්‍රජාවේ දිවි පැවැත්ම සඳහා කේන්‍ද්‍ර ගත විය යුතු අධ්‍යාපනය අද වන විට විභාග ස`දහා පමණක් කේන්‍ද්‍ර ගත වී ඇත. මෙම`ගින් පුද්ගල ජීවන පැවැත්මෙන් මිදුණ ප‍්‍රායෝගික බවෙන් තොර විභාග ප‍්‍රතිඵල පිළිබ`ද පමණක් විශ්වාසය තබන අධ්‍යාපන ක‍්‍රමයක් බිහි වී තිබේ.
 
 එසේම මෙරට අධ්‍යාපනය තුළ විෂමතා රාශියකි. 1948 නිදහසින් පසු බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට හෝ පාලකයෙකුට මෙම අධ්‍යාපන විෂමතා දුරු කිරීමට හැකි වී නොමැත. එබැවින් එය වෙනම ගැඹුරින් සාකච්ඡුා කළ යුතු ක්‍ෂේත‍්‍රයකි.
 
 මේ අනුව මෙරට ගැටලූ පවතින්නේ බාහිර උපාධි පාඨමාලා තුළ පමණක් නොවන බව යළි අවධාරණය කරනු කැමැත්තෙමි. ආණ්ඩුව කළ යුතු වන්නේ අධ්‍යාපනය නමැති දැවැන්ත ක‍්‍රියාවලියේ එක් තැනක් පමණක් අල්ලාගෙන එය විස`දීමට කටයුතු කිරීම නොවේ. අතිරේක කාලයක් රැුගෙන හෝ සමස්ත අධ්‍යාපන ක‍්‍රමයම නවීකරණය කිරීමට ආණ්ඩුව වගබලා ගත යුතුය.
 
 වාර්ෂිකව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ප‍්‍රජාව අතරින් අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය ස`දහා තෝරා ගන්නේ ඉතා සීමිත පිරිසක් පමණි. විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ප‍්‍රජාවට සාපේක්‍ෂව එය ඉතා අඩු අගයකි. එහිදී සුදුසුකම් සැපිරුව ද විශාල ශිෂ්‍ය ප‍්‍රමාණයකට විශ්වවිද්‍යාල සඳහා හෝ විශ්වවිද්‍යාල මගින් පාලනය වන ආයතනවලට ඇතුළත්වීමට ඇති අවකාශය ඇහිරී යයි. වර්තමානයේ ක‍්‍රියාත්මක අපොස උසස් පෙළ විභාග නිර්ණායක අනුව අපේක්‍ෂිත ලකුණු මට්ටමට වඩා දශමයක් අඩු වුව ද ඔහුට විශ්වවිද්‍යාලය ප‍්‍රවේශයට ඇති අවස්ථාව අහිමි වී යයි.
 
 දහස් ගණනක් වන මෙම ශිෂ්‍ය ප‍්‍රජාව අතරින් යම් ආර්ථික ශක්තියක් සහිත වූවන් විදෙස් විශ්වවිද්‍යාල ස`දහා ඇතුළත් වේ. ඒ අනුව වාර්ෂිකව විශාල ශිෂ්‍ය පිරිසක් ලෝකයේ විවිධ රටවල විවිධ උපාධි පාඨමාලා ස`දහා ලියාපදිංචි වන බව පෙනී යයි. මෙරට ශිෂ්‍යයින් ලංකාවට වඩා නොදියුණු රාජ්‍යයන් වෙත ද උසස් අධ්‍යාපනය ස`දහා යොමු වීම කනගාටුවට කරුණකි.
 
 නමුත් මෙරට බලයට පත් කිසිදු රජයක් විදෙස් රටවලින් ලබා ගන්නා උපාධිය පිළිබ`ද හෝ එහි ගුණාත්මක බව පිළිබ`ද සාකච්ඡුා කිරීමට පෙලඹී නැත. මෙරට දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්, ඇතැම් ප‍්‍රභූන්ගේ හා ඇතැම් වරප‍්‍රසාද හිමි පන්තියේ දුවාදරුවන් විදෙස් විශ්වවිද්‍යාල හා අනුබද්ධ ආයතනවලින් උපාධිය ලබා තිබීම මීට හේතු වී ඇති බව පෙනේ. එසේම ඉංග‍්‍රීසි භාෂා මාධ්‍යයෙන් පිටරට ‘සුදු මහත්තුරුන්ගෙන්’ ලබන දැනුම අප රටේ අධ්‍යාපනයෙන් ලැබන දැනුමට වඩා ඉහළය යන පරගැති මානසිකත්වයෙන් මෙරට පාලකයෝ සහ වරප‍්‍රසාද ලත් ප‍්‍රභූවරු පෙළෙති. මෙම මානසික වහල් බව නිසාම ඔවුහු විදෙස් විශ්වවිද්‍යාල උපාධිවල ගුණාත්මක බව පිළිබඳ සොයා බැලීමට අත නොගසති. මෙම විදෙස් උපාධිධාරීන්ගෙන් වැඩි පිරිසකට රැුකියා ලබා දෙන්නේ ද ආණ්ඩුව මගින් වීම විශේෂත්වයකි.
 
 එහෙයින් ආණ්ඩුව මෙරට බාහිර උපාධි පාඨමාලා ගුණාත්මක බවට පත් කිරීමට යොමුවන්නාක් මෙන් ම විදෙස් උපාධි සහ මෙරට ක‍්‍රියාත්මක විදෙස් විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි සහ ඩිප්ලෝමාවල ගුණාත්මක බව පරීක්‍ෂා කිරීමට යොමු විය යුතු බව අවධාරණය කරමු.
 
 ඉහතින් දැක්වූවාක් මෙන් මෙරට සමස්ත අධ්‍යාපන ක‍්‍රමයේ ම ගැටලූ පවතී. ඒ අතරින් බාහිර උපාධි පාඨමාලා පිළිබඳ විෂමතා සහ ගුණාත්මක බව පිළිබඳ ගැටලූ අතිශයින් තීව‍්‍ර බව අපගේ පිළිගැනීමයි. එහෙයින් මෙරට ක‍්‍රියාත්මක බොහෝ බාහිර උපාධි පාඨමාලාවන්හි විෂය නිර්දේශ නවීකරණය විය යුතුය. ඒවා ස`දහා සාම්ප‍්‍රදායික කලා විෂය ධාරාවලට අයත් ක්ෂේත‍්‍ර මෙන් ම නව විෂය ක්‍ෂේත‍්‍ර ද ඇතුළත් විය යුතුය. මෙහිදී සුදුසුකම් සහිත පිරිස් සඳහා ජාත්‍යන්තරය වෙත යොමු විය හැකි විෂය ක්‍ෂේත‍්‍ර හ`දුන්වාදීම කාලෝචිත යැයි හැෙ`ග්.
 
 එමෙන් ම පිළිගත හැකි සහ සාධාරණ නිර්ණායක යටතේ බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම සිදු කළ යුතුය. නමුත් ශිෂ්‍ය ප‍්‍රමාණය සීමා කිරීම පමණක් උපාධියේ ගුණාත්මක බවට හේතු නොවන බව අප මෙහිදී අවධාරණය කරමු. එසේම යම් වෘත්තියාභිමුඛ උපාධි පාඨමාලා වෙනුවෙන් සිසුන් ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවකි.
 
 එමෙන් ම බාහිර උපාධි අපේක්‍ෂකයින් ස`දහා දැනට සිදු කෙරෙන ඉගැන්වීම් කටයුතු සහ ඒ සඳහා සිදු කෙරෙන ශිෂ්‍ය සහභාගිත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලූ පවතී. එබැවින් විශ්වවිද්‍යාලවල සෘජු අධීක්‍ෂණය යටතේ, ක‍්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ මෙම ඉගැන්වීම් කටයුතු ක‍්‍රියාත්මක කළ යුතු වේ. ඒ ස`දහා සුදුසුකම් ලත් ආචාර්යවරු යෙදවිය යුතුය. එසේම උපාධි අපේක්‍ෂකයින්ට දැනුම ලබා ගැනීමට ඇති අවස්ථාව පු`ඵල් කිරීම ද අත්‍යාවශ්‍ය වූවකි.
 
 මෙහිදී දේශන, සම්මන්ත‍්‍රණ අවස්ථා වැඩි කිරීම සිදු කළ හැකිය. එමෙන්ම මෙමගින් දැනට අදාළ විශ්වවිද්‍යාලවලින් ගිලිහී ගොස් ඇති තම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවේ අයිතිය නැවත තමන්ට ලබා ගැනීමට හැකි වනු ඇත. ඇතැම් විශ්වවිද්‍යාල මගින් සිදු කරන්නේ ශිෂ්‍ය ලියපදිංචිය, විභාග පැවැත්වීම, ඇගයීම් කටයුතු පවත්වාගෙන යෑම පමණි. ඒ විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධි පාඨමාලා ස`දහා සියලූ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ බාහිර උපකාරක පන්ති මගිනි. මෙම ක‍්‍රියාවලියේ ද නොයෙක් ගැටලූ පවතී. මේ ආයතන සියල්ල පරීක්‍ෂා කර බලා, ඒවායේ පහසුකම් ගැන සැලකිලිමත් වී විවිධ නිර්ණායක සකස් කොට එම ආයතන අදාළ විශ්වවිද්‍යාල යටතේ ලියාපදිංචි කර ඔවුන්ගේ කටයුතු විශ්වවිද්‍යාලය මගින් අධීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම ද කාලෝචිත වූවකි. මෙමගින් විධිමත් ඉගෙනුම් ක‍්‍රියාවලියක් ඔස්සේ ඉහළ ගුණාත්මක බවින් යුතු උපාධිධාරියෙකු බිහි කර ගැනීමට අවකාශ සැලසේ.
 
 එමෙන් ම නාගරික කේන්‍ද්‍රීයව පිහිටා ඇති ප‍්‍රධාන විශ්වවිද්‍යාලවලට අනුබද්ධව ප‍්‍රාදේශීය ශාඛා පිහිටුවීම හා එම ආයතන මගින් අදාළ ඉගැන්වීම් කටයුතු මෙහෙයවීම සිසුන්ගේ සහභාගීත්ව අවස්ථා පු`ඵල් කරනු ඇත. එය සාර්ථක සහ ගුණාත්මක ඉගෙනුම් ක‍්‍රියාවලියක් සඳහා හේතුවේ.
 
 එමෙන්ම උපාධි අපේක්‍ෂකයින්ට අවශ්‍ය පොත්පත් ආදී ඉගෙනුම් මෙවලම් නිසි පරිදි සම්පාදනය කිරීම විශ්වවිද්‍යාලවල වගකීමකි. එමෙන් ම එම මෙවලම් සිසුන්ගේ අතට පත් වන විධිමත් ක‍්‍රමයක් සකස් කළ යුතුය. විශ්වවිද්‍යාල බලධාරීන් සිතා සිටින ධබකසබැ අධ්‍යාපනය හෝ ඔැකැ ීැපසබ්ර ක‍්‍රමය බාහිර උපාධි අපේක්‍ෂකයින්ට දැනුම ලබා දීම ස`දහා ඇති එකම මාර්ගය නොවන බව ද අවධාරණය කරමු. විශේෂයෙන් ම මෙහිදී ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය පුස්තකාල පද්ධතියක් ස්ථාපිත කර සිසුන්ට ඒ ස`දහා ප‍්‍රවේශ මාර්ග සකස් කර දීම වැදගත් වේ.
 
 එමෙන් ම කලට වේලාවට සම්මන්ත‍්‍රණ පැවැත්වීම, සම්මන්ත‍්‍රණ අවස්ථා ගණන වැඩි කිරීම, නියමිත පරිදි උසස් ප‍්‍රමිතියක් සහිත විභාග හා ඇගයීම් කටයුතු පැවැත්වීම, නිසි කලට විභාග ප‍්‍රතිඵල ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
 
 මේ සියල්ල තිබිය දී ඇතැම් විශ්වවිද්‍යාල දැනටමත් සිදු කරන්නේ බාහිර උපාධි පවත්වාගෙන යෑමෙන් තමන් ට ලැබෙන විශාල මුදල තම ආයතනික අවශ්‍යතා ස`දහා වියදම් කිරීම මිස යටකී උපාධි පාඨමාලාවල ගුණාත්මක බව ඉහළ දැමීමට කටයුතු කිරීම නොවේ. එහෙයින් විශ්වවිද්‍යාලය සහ බාහිර උපාධිධාරියා අතර නිසි අන්තර් සම්බන්ධතාවක් ගොඩනැෙ`ගන වැඩපිළිවෙළක් සැකසිය යුතුය. එය දැනට මේ දෙපාර්ශ්වය අතර පවත්නා දුරස්ථ බව දුරු කර ගැනීම පිණිස හේතු වේ.
 
 රටේ තරුණ තරුණියන් අපරාධකාරයින් හෝ කුඩුකාරයින් බවට පත්නොවී උපාධිධාරීන් බවට පත් වීම කෙතරම් අගනේ ද? එසේම රටේ තරුණ ප‍්‍රජාවේ තරුණකම සිරගෙවල්වල සිරකර තබනවා වෙනුවට ශිල්ප ශාලිකාවක සිරකර එය ජාතීයේ උන්නතිය ස`දහා යෙදවීමට කටයුතු කිරීම කෙතරම් වටින්නේ ද? එහෙයින් අප ජාතියක් වශයෙන් ‘‘ප‍්‍රජාවේ සැමට උපාධියක් ’’ වැනි සංකල්ප මත පිහිටා කටයුතු කිරීම අගනා කාර්යයකි. නමුත් මෙරට බලයට පත් ආණ්ඩු උපාධිධාරීන් බිහිවීම කෙරෙහි අනියත බියක් උපදවාගෙන ඇති බව පෙනේ. ඒ යමෙක් උපාධියක් හිමිකරගත් පමණින් ඔහුට රජය මගින් රැුකියාවක් ලබා දිය යුතු ය යන අදහස මත පිහිටමිනි. නමුත් ‘උපාධිය සමානයි රජයේ රැුකියාව’ යන සූත‍්‍රය නිර්මාණය කළේ ද අන් කවරෙක් හෝ නොව මෙරට විටින් විට බලයට පැමිණි ආණ්ඩු සිය ජයග‍්‍රහණය උදෙසාම බව මෙහිලා දැක්විය යුතු ය.
 
 එබැවින් ඉක්මන් නොවී බාහිර උපාධි පාඨමාලා පවත්වාගෙන යෑම පිළිබ`ද තීරණය ගැනීම ආණුඩුව සතු වගකීමකි. සාමාන්‍ය ජනතාවට සිය උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට පැවති එකම සහ පහසුම අවස්ථාව වූයේ ද බාහිර උපාධිය යි. එබැවින් මේ පාඨමාලා පිළිබ`ද නැවත අධ්‍යයනය කොට ප‍්‍රජාවේ සියලූ දෙනාට ළ`ගා විය හැකි පරිදි ඔවුන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්‍ෂා වන පරිදි රටේ අවශ්‍යතා ඉටු වන පරිදි මෙම පාඨමාලා පවත්වාගෙන යෑමට දායක වීම ජනතාවාදී රජයක කාර්යයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles