Divaina - සමගි ජන බලවේගය දකුණින් වැඩ අරඹයි... ප‍්‍රකට පුද්ගලයකුගේ අප‍්‍රකට කථාවක්.... අජිත්ට ලැබුණු පිළිගැනීම...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සමගි ජන බලවේගය දකුණින් වැඩ අරඹයි..
 
maagam135සමගි ජන බලවේගයේ ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල ආසන සංවිධායකයින් ඉකුත් සතියේ කොළඹට කැ`දවා තිබුණි. රැුස්වීම පැවතියේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස හා මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි. ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල ආසන මට්ටමින් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම මෙහි අරමුණ විය. ගයන්ත, බුද්ධික, මනුෂ, විජේපාල, බන්දුලාල් ඇතුළු පිරිසක් මේ ස`දහා එක්ව සිටියහ. ‘‘ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක තමයි අපිට ඉතා අවාසිම දිස්ත‍්‍රික්ක. ඒ නිසා පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු මෙම දිස්ත‍්‍රික්ක දෙකෙන් අපි ආරම්භ කරමු’’ මෙහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කීවේය. ඒ අනුව 19 හා 20 යන දෙදින තුළ සෑම ආසනයකම ඡුන්දපොළ මට්ටමින් පක්ෂ ක‍්‍රියාකාරීන් කැඳවා ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීන්දු කෙරිණි. ප‍්‍රතිසංවිධාන කටයුතු ස`දහා රංජිත් මද්දුම බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් එම දිස්ත‍්‍රික්කවලට යෑමට නියමිතව තිබේ.
 
 මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ද එම දිනවල ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල රැුඳී සිටිමින් ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ආකාරය පිළිබ`ද අධීක්ෂණය කිරීමට නියමිතව ඇත. මේ අතර විජේපාල හෙට්ටිආරච්චි හිටපු මන්ත‍්‍රීවරයාගේ උපන්දිනය යෙදී තිබුණේ ද ඉකුත් සතිඅන්තයේය. හෙට්ටිආරච්චි මහතාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරමින් ඔහුගේ හිතවතුන් රැුසක්ම කථා කළහ. එදින උදෑසනම එක් අමුත්තෙක් විජේපාල හෙට්ටිආරච්චි හිටපු මන්ත‍්‍රීවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්නේය. ඒ අගමැති මහින්ද රාජපක්ෂයන්ය. අගමැතිවරයා හෙට්ටිආරච්චිට සුබ පතමින් ‘‘මන්ත‍්‍රිතුමා මොකද වුණේ’’ කියා ඇසුවේය. ‘‘සර් මම ගොඩක් වැඩ කළා. නමුත් ඡුන්ද ලැබුණේ නැහැ’’ හෙට්ටිආරච්චි මහතා කීවේය. ‘‘මම රටට කොච්චර වැඩ කළාද? නමුත් 2015 වර්ෂයේදී ඔයගොල්ලෝ එකතුවෙලා මාව පරාජයට පත්කළේ. ඕවා එහෙම තමයි’’ අගමැතිවරයා හෙට්ටිආරච්චි මනතී‍්‍රවරයාට කීවේය.
 
 සුනිල් සේනානායක සමගි ජන බලවේගයට
 
 හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, සරත් ෆොන්සේකා, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, විජේපාල හෙට්ටිආරච්චි ඇතුඵ දේශපාලනඥයෝ රැුසක් ගමගේ මහතාගේ සහෝදරයාගේ නිවසට පැමිණියහ. දේහයට අවසන් ගෞරව දක්වා පියසේන ගමගේ හිටපු ඇමැතිවරයා සමග සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකවරයා ටික වෙලාවක් කථාබස් කරමින් සිටියේය. පසුව විපක්ෂ නායකවරයා නෙළුවේ පිහිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රි සුනිල් සේනානායකගේ නිවසට ගොඩවැදුණේය. සුනිල් සේනානායක මෙවර එජාපයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයට තරග කළේය. හේ වජිර අබේවර්ධනගේ සමීප හිතවතෙකි. ‘‘සුනිල් සමගි ජන බලවේගය සමග එක්වෙලා වැඩකරමු’’ සජිත් සුනිල් සේනානායකට ආරාධනා කළේය. විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට සුනිල් සේනානායක කැමැත්ත පළ කළේය. ඒ අනුව සමගි ජන  බලවේගයේ කාර්යාලයේදී සුනිල් සේනානායක සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
 
 තිසර ගුණසිංහට කළ යෝජනාව
 
 දුමින්ද දිසානායක රාජ්‍ය ඇමැතිවරයා පියසේන ගමගේ හිටපු ඇමැතිවරයාගේ සොහොයුරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යෑමට පෙර හබරාදුව ශී‍්‍ර.ල.නි.ප සංවිධායක තිසර ගුණසිංහට කථා කළේය. ‘‘තිසර මම මළගෙදර එනවා. ඔයත් එන්න’’ දුමින්ද තිසරට කීවේය. දුමින්ද තිසර ගුණසිංහ සමග ගමගේ හිටපු ඇමැතිවරයාගේ සොහොයුරාගේ නිවසට යන විට විජේපාල හෙට්ටිආරච්චි, ජයන්ත ජයවීර ඇතුළු පිරිසක්ද එහි සිටියහ. පියසේන ගමගේ ඇමැතිවරයා හා එහි සිටි අය සමග දුමින්ද කථාබහට වැටුණේය. හෝරාවකටත් වඩා වැඩි කාලයක් එහි රැුඳී සිටි දුමින්ද දිසානායක ඇමැතිවරයා මළගෙදරින් පිටත්ව ගිය අතර තිසර එහි රැුඳී සිටියේය. ‘‘ශී‍්‍ර.ල.නි. පක්ෂයටත් මේ ආණ්ඩුවෙන් කුඩම්මාගේ සැලකිල්ලක්නේ තියෙන්නේ. අපි සියලූදෙනා එකතුවෙලා පුළුල් බලවේගයක් ගොඩනගමු’’ විජේපාල හෙට්ටිආරච්චි හිටපු මන්ත‍්‍රීවරයා තිසරට කීවේය. ‘‘ඔව් තිසර අපි ඔක්කොම එකතුවෙලා පුළුල් බලවේගයක් ගොඩනගමු’’ පියසේන ගමගේ හිටපු ඇමැතිවරයා ද කීවේය. ‘‘ඇමැතිතුමා යූ.එන්.පී. එකට ගියාට ඔබතුමා දැක්ක විට අපිට නම් යූඑන්පී කියලා පේන්නේ නැහැ’’ තිසර කීවේය. ‘‘තිසර මට වුණුු අසාධාරණයන් නිසා තමයි මම යූඑන්පියට ගියේ’’ පියසේන ගමගේ කීවේය. ‘‘ලබන සතියේ අපි පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා’’ හෙට්ටිආරච්චි කීවේය. ‘‘ඉතින් ඔයගොල්ලෝ සිරිකොත වට කරලා යූඑන්පී. එකේ බලය ගන්නකෝ’’ තිසර හෙට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට කීවේය. ‘‘නැහැ ඉතින් අපි අපේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා’’ විජේපාල හෙට්ටිආරච්චි කීවේය.
 
 ප‍්‍රකට පුද්ගලයකුගේ අප‍්‍රකට කථාවක්
 
 දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සෞභාග්‍ය දැක්මේ ප‍්‍රතිපත්ති දකුණු පළාත තුළ ක‍්‍රියාවට නැංවීම ස`දහා දිවා රාත‍්‍රී වෙහෙසමින් කටයුතු කරයි. ඉඩ ලද විවේකයකදී ආණ්ඩුකාරවරයා තම කාර්ය මණ්ඩලය සමග අපූරු රසවත් කථා කියමින් විනෝද වෙයි. මේ කාලය වනවිට ආණ්ඩුකාරවරයා යොවුන් වියේ පසු වූ තරුණයෙකි. ඔහුට විදේශීය සංචාරයකට සහභාගී වීමට අවස්ථාවක් උදාවිය. හේ පිටරටකට යන්නේ පළමු වතාවටය. විලී ගමගේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට ගියේ තනිවමය. ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ ගුවන් යානයක් නතර කර තිබුණි. ‘ලන්ඩන්වලට තමයි මගේ ගමන යෙදිලා තිබුණේ. ඉතින් මම ගුවන් ටිකට්පතත් අරගෙන ගුවන්යානයට නගින්න පාගමනින් ගියා. වැඩිදුරක් යන්න වුණේ නැහැ. ගුවන් සේවිකාවක් මට කථා කරලා අහනවා කොහේද යන්නේ කියලා. මම කීවා ලන්ඩන්වල යන ගුවන් යානයට නගින්න යනවා කියලා. ගුවන් සේවිකාව සිනහවෙලා කීවා ගුවන් බසයෙන් තමයි මගීන් ගුවන්යානය වෙත රැුගෙන යන්නේ කියලා’ ආණ්ඩුකාරවරයා සිනහවෙමින් සිය කාර්ය මණ්ඩලය සමග කීවේය. තමන් ගැන වීරකථා කීමට බොහෝ අය කටයුතු කරන කාලයක ආණ්ඩුකාරවරයා මෙවැනි රසවත් කථා කියන්නේ මහත් අභිමානයෙනි. ඉකුත් සතිය ආණ්ඩුකාරවරයාට දැඩි කාර්ය බහුල සතියක් විය. රැුස්වීම්වලින් මෙන්ම උත්සවවලින්ද අඩුවක් නොවීය. දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හයිබි‍්‍රඞ් පාඨමාලාවන් හැදෑරූ තරුණ පිරිසකට සහතිකපත් බෙදාදීමේ අවස්ථාවට ද ආණ්ඩුකාරවරයා එක්විය. මෙහිදී ආණ්ඩුකාරවරයාට දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය මතක් විය. ‘‘දැන් ඒ කාලයේ වගේ නෙවෙයි මැකැනික් බාස්ලා මජන් ගෑවුණු ඇඳුම් ඇඳගෙන මජර පෙරාගෙන වැඩ කරන්නේ නැහැ. බලන්න අර දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ බාස් උන්නැහේ නිල ඇඳුමකින් සැරසිලා තමයි වැඩ කරන්නේ’’ ආණ්ඩුකාරවරයා සිනහ වෙමින් කීවේය.
 
 අජිත්ට ලැබුණු පිළිගැනීම
 
 මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරයකු වන අජිත් රාජපක්ෂ හුංගම විජයබා ජාතික පාසලේ ආදි සිසුවෙකි. විජයබා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු පාර්ලිමේන්තුවට පත්වූයේ පළමු වතාවටය. මේ නිසා පාසලේ ආදි ශිෂ්‍ය සංගමය හා ගුරු මණ්ඩලය එක්වී අජිත් රාජපක්ෂ පිළිගැනීම සඳහා රැස්වීමක් සංවිධානය කරනු ලැබීය. අජිත් රාජපක්ෂව පාසලේ ආදි සිසුහු ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ. අජිත් රාජපක්ෂ සමග එකම පංතියේ එකට අකුරු කළ පාසල් මිතුරන් මෙන්ම අජිත්ට අකුරු කළ ගුරුවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අජිත් රාජපක්ෂ තම පාසල් කාලයේ සුන්දර මතකයන් අවදි කරමින් ඉතා හැ`ගුම්බර කථාවක් කළේය. අජිත්ගේ දෙනෙතින් සතුටු කඳුළු ඇදහැලෙන්නට විය. තමන් සමග එකම පංතියේ ඇසුරු කළ පාසල් මිතුරන් මෙන්ම තමන්ට ඉගැන් වූ ගුරුභවතුන් මේ ස`දහා එක්ව සිටීම නිසා අජිත් රාජපක්ෂ දැඩි සතුටට පත්ව සිටියේය.
 
 රැකියා ලක්ෂයේ වැඩසටහන
 
 අඩු ආදායම්ලාභී පවුල්වල අට ශ්‍රේණියේ සිට සාපෙළ දක්වා ඉගෙනුම ලැබූ දරුවන්ට රැුකියා ලක්ෂයක් ලබාදීම රජයේ ප‍්‍රධාන වැඩපිළිවෙළකි. මේ දිනවල එම කටයුතු සිදුවෙමින් ඇත. මුලදී මේ සඳහා හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ද තම දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල 100 දෙනකු තෝරා නම් කිරීමට රජය මගින් අවස්ථාව ලබා දෙන ලදී. එහෙත් පසුව කළ සංශෝධනවලදී හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඒ කටයුත්තෙන් හැලීගොස් ඇත. දැන් එම අවස්ථාව හිමි වී ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටය. එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට තම දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල 600 දෙනකු නම් කිරීමට අවස්ථාව උදාවී තිබේ. මෙම අවස්ථාව ශ‍්‍රී.ල.නි.පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ද ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ස`දහන් කරයි.
 
 යක්කලමුල්ල ඕඅයිසී මහත්තයාට සාධාරණය ඉටුවෙයි
 
 හිටිහැටියේ ස්ථාන මාරුවීමක් ලැබුණු යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරාට සාධාරණත්වය ඉටුවී තිබේ. දමිත පෙරේරා පොලිස් කොමිසම වෙත ගොස් තමන්ට වූ අසාධාරණය පිළිබ`ද කරුණු දක්වා තිබේ. පොලිස් කොමිසමේ ලේකම්වරයා විසින් දමිත පෙරේරා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය ගැන සලකා බලා ස්ථාන මාරුව අවලංගු කර ඇත. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා යළි යක්කලමුල්ල පොලිස් ස්ථානයට එනවිට ගම්මුන් එකතු වී පිළිගත්තේ උණසුම් අයුරිනි. පසුගිය මාස දෙකහමාරක කාලය තුළ යක්කලමුල්ල පොලිස් බල ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව ළ`ග තබාගෙන සිටි බෙහෙත් කොටන තුවක්කු හා පතොරම් තුවක්කු 40ක් සමග සැකකරුවන් 39 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ලලිත් චාමින්ද
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles