Divaina - සමස්ත දේශයක් පිළිබඳව රචිත ලෝකයේ ප‍්‍රථම වංසකථාව මහාවංසයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 bada1
 
 මහාචාර්ය එන්. ඒ. විමලසේන
 ඉතිහාසය අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 
ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී මහාවංසය මූලාශ‍්‍රයක් ලෙස වැදගත් වේග එහි ඓතිහාසිකමය වශයෙන් වැදගත්කමක් තිබේ. පැරණි ශ‍්‍රී ලංකාවේ දේශපාලනිකල ආර්ථිකල සමාජල ආගමික සහ සංස්කෘතික තොරතුරු අධ්‍යයනයෙහිදී මූලාශ‍්‍රයක් ලෙස මහාවංසය අපට වැදගත් වේ. නමුත් ඉතිහාස කෘතියක් වශයෙන් භාවිත කිරීමෙහිදී මෙහි ඇති කරුණු සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළ යුතුය.
 
 පුරාතන සිංහලයන්ගේ ඓතිහාසික චින්තනයේ අග‍්‍රඵලය වූ මහාවංසය වරින්වර කොටස් එක් කිරීමෙන් එකී එකී අවධිය දක්වා සම්පූර්ණ කරන ලද අතර අඛණ්ඩ යුග පරම්පරානුකූලව දිවයිනේ ඉතිහාසය ගෙනහැර දැක්වීම එහි අභිප‍්‍රාය වේ. ලංකාවේ පුරාතන හා මධ්‍යතන යුගයන් හා සම්බන්ධ බොහෝ ඓතිහාසික අධ්‍යයනයන්ට මූලික මූලාශ‍්‍රය වී ඇත්තේ මෙම කෘතියයි. මෙසේ ක‍්‍රිස්තු වර්ෂයෙන් හයවැනි සියවසේදී මුල් මහාවංසය රචනා කිරීම ලංකාවේ ඉතිහාසය ලිවීමේ සම්ප‍්‍රදායේ ඉතා වැදගත් අවස්ථාවක් විය. ඉන්දියාවේ ජාතික ඉතිහාසයක් බිහිවූයේ නැත. එරට නිතර පැවති දේශපාලන අසමගිකම නිසා එබඳු කෘතියක් බිහිවිය හැකි නොවීය. අධිරාජ්‍යවල හා රාජවංශයන්ගේ උන්නතිය හා අවනතියත් රාජ්‍යයන්ගේ දේශසීමා නිතර නිතර වෙනස් වෙමින් පැවතීමත් සම්පූර්ණ භාරතයම අළලා ඉතිහාසයක් ලිවීමට පරිසරයක් නොවීය. ඇතැමෙක් ඉන්දියාවේ පැවති ඓතිහාසික කෘති විනාශ වී යන්නට ඇතැයි විශ්වාස කිරීමට පෙළඹෙති. එහෙත් සී. එච්. පිලිප්ස් තර්ක කරන පරිදි විනාශ කිරීම සඳහා ඉතිහාස කෘතිම විශේෂයෙන් තෝරා ගත්තා යැයි සිතීමට හේතුවක් නොමැත. මහාවංසය හා සැසඳිය හැකි එකම ග‍්‍රන්ථය වන රාජතරඕගිණී හෙවත් කශ්මීර වංශකථාව රචනා කරන ලද්දේ මහාවංසය ලිවීමට පසු අවධියක් වන ක‍්‍රි. ව. 12 වැනි ශත වර්ෂයෙහිදීය. එබැවින් එය ලාංකික කෘතියට ආදර්ශ කෘතියක් වීමට නොපිළිවනග ඇසෑමයල නේපාලය හා ගුජරාටය යන දේශයන්හිද ප‍්‍රාදේශීය වංශකථා සම්පාදනය කරන ලද නමුත් මේ එකක්වත් ක‍්‍රිස්තු වර්ෂ හයවැනි සියවසට වඩා පැරණි නොවේ. එමෙන්ම යුරෝපයේ රචනා වුණු වංශකථාවන් අතරින් ඉතා වැදගත් තැනක් ගන්නේ එංගලන්තයේ විසූ බීඞ් පූජකවරයා (Bede) විසින් රචිත වංශකථාවයි. මෙම වංශකථාවෙහි නාමය වන්නේ හිස්ටෝරියාම් එක්ලේසියාස්ටිකාම් ජෙන්ටිස් ඇන්ග්ලෝරුම් යන්නයි. මෙය රචනා වන්නේ ක‍්‍රි. ව. 8 වැනි ශත වර්ෂයෙහිදී එංගලන්තයෙහිදීය. ජීවන කථා හා දේවස්ථාන අනුබද්ධ වංශකථා යන ග‍්‍රන්ථ ගණයාගේ ක්ෂේත‍්‍රයට වඩා බෙහෙවින් පුළුල් වූ ක්ෂේත‍්‍රයක් වස්තු කොට ගත් ග‍්‍රන්ථයක් ලෙස මෙම වංශකථාව සඳහන් කළ හැකිය. මෙය එංගලන්තයේ මුළු ඉංග‍්‍රීසි රාජධානිය පිළිබඳව වූ ඓතිහාසික කෘතියක් විය. මෙම කෘතිය ද ආගමික ඉතිහාසයකින් යුත් ග‍්‍රන්ථයකි. ඉන් ඔහු හෙළිදරව් කිරීමට උත්සාහ ගත්තේ ක‍්‍රිස්තු ලබ්ධිය එංගලන්තයට පැතිර අවුත් මුල් බැස ගත් ආකාරයය. කෙසේ වෙතත් මෙම වංසකථාව ද රචනා වන්නේ මහාවංසය ශ‍්‍රී ලංකාවේදී රචනා වූවායින් පසුවයි. එම නිසා ලෝකයේ ප‍්‍රථම වතාවට සමස්ත දේශයක් මුල් කරගෙන රචනා වුණු පළමුවැනි වංසකථාව ලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිග වග හයවැනි ශතවර්ෂයෙහි මහානාම හිමියන් විසින් රචිත මහාවංසය සඳහන් කළ හැකිය.
 
 මහාවංසය රචනා කිරීමට තුඩුදුන් හේතු එහි කර්තෘවරයා විසින්ම පැහැදිලි කරදෙනු ලැබ ඇත. ඔහු කියන පරිදි පොරාණයන් විසින් රචිත කෘතිය ඇතැම් තැනක පමණට වඩා විස්තර සහිතය. ඇතැම් තැනක පමණට වඩා කෙටිය. පුනරුක්තියෙන් ගහණය. මෙම දුර්වලකම් මග හරවා සාම්ප‍්‍රදායිකව පැවත ගෙන ආ තොරතුරු වඩා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම ඔහුගේ අභිමතය විය. මහාවිහාර භික්ෂූන්ගේ අභිමත හා අභිලාෂයන්ට අනුව වංශකථාව මුළුල්ලේ දිව යන්නාවූත් එය එක්කොට පවත්නාවූත් කරුණක් නම් ථෙරවාදී බෞද්ධාගමෙහි ඉතිහාසයයි. මෙය මහාවිහාරයෙන් වෙන් කළ නොහැකි සේ බැඳී පවතී. මහාවංසයෙහි පළමු භාගයෙහි පරිච්ෙඡ්ද 37 ක් ඇති අතර එයින් පරිච්ෙඡ්ද 11ක්ම වෙන් කර ඇත්තේ දුටුගැමුණුගේ චරිතය ඉදිරිපත් කිරීම සඳහායි. ඒ අතුරින් තරමක දිග පරිච්ෙඡ්ද හතරක් ඔහුගේ දේශපාලනමය ක‍්‍රියාපටිපාටිය සඳහා කැප වන අතර සෙස්ස වෙන් වන්නේ ඔහුගේ ආගමික සේවාව සඳහාය. ඔහු මහාවිහාරයට නොමසුරුව අනුග‍්‍රහය දැක්වීම මේ සම්බන්ධ නියාමක සාධකයක් වූවාට සැක නැත. එහෙත් මහාවිහාරයට අනුග‍්‍රහ දැක්වීම පමණක් මෙහිලා බලපෑවා නම් දේවානම්පියතිස්ස රජුගේ රාජ කාලය වඩා ඉස්මතු කොට දැක්විය යුතුව තිබිණ. මහාවිහාරික භික්ෂුවක වශයෙන් එහි කතුවරයා සමාජයේ ඉසිලූ තත්ත්වය ස්වකීය මූලාශ‍්‍ර නිසා පැණ නැගුණු සීමාවන් හා තමා විසූ කාලයේ බලපෑ අදහස්වලට අනුකූලවීමේ අවශ්‍යතාව මෙහිලා සිහියේ තබා ගත යුතු වේ. රජෙකුගේ කාලයකදී ඉතා වැදගත් සේ සැලකෙන්නේ ඔහුගේ ශාසනික සේවයයි. ආගමික වශයෙන් යම් පමණක පක්ෂග‍්‍රාහීත්වයක් දක්නට ලැබුණත් දේශපාලන වශයෙන් නිශ්චිත අපක්ෂපාතී බවක් මහාවංසය මුළුල්ලේම පවත්වාගෙන ගොස් තිබේග රාජ පරම්පරාවන් හා එක් එක් රජවරුන් අතර පවා සිදු වූ දේශපාලනමය ආරාවුල් ආවේග රහිතව ඉදිරිපත් කොට ඇති අතර තමාගේ අනුකම්පාව යොමුවන්නේ කවරෙකු වෙතද යන්න කතුවරයා හෙළිදරව් නොකරයි. සිංහල හා දෙමළ රජවරුන් අතුරෙහි ජාති වශයෙන් කිසියම් පක්ෂයකට නැඹුරුවීමක් ද දක්නට නොලැබේ.
 
 දුටුගැමුණු රජතුමා හා සටන් කළ දෙමළ රාජයා වූ එළාර රජු කෙරෙහි මහානාම හිමියන් දක්වන ආකල්පයෙන් මේ බව මැනවින් ප‍්‍රකට වේ. තමා බෞද්ධයකු නොවූවත් සංඝයාට දන්දීමෙන් රටේ චිරාගත සම්ප‍්‍රදායයන් සම්භාවනයෙන් සැලකූ ධාර්මිෂ්ඨ නරපතියකු වශයෙන් එළාරගේ ගුණ ගැයීමට මහත් උත්සාහයක් දරා ඇත. මිතුරන් සහ සතුරන් පිළිබඳව එළාර මධ්‍යස්ථ ස්වරූපයකින් කටයුතු කළ බව (රජ්ජං වොහාර සමයෙ මජ්ඣත්තො මිත්තසත්තුසු) මහාවංසයෙහි සඳහන් වේ. එළාර රජු තෙරුවන් ගුණයෙහි අගය නොදැනගෙන සිටියත් පෙර සිරිතට අනුව සිය කටයුතු කළ බව මහාවංසයෙහි කියවේ. එමෙන්ම එළාර රජු යුද්ධයෙන් පරාජයට පත් වූ පසුව දුටුගැමුණු රජතුමා විසින් දේහය තැබූ ස්ථානයෙහි චෛත්‍යයක් කරවා අවසන් ගරු බුහුමන් දක්වන ලදි. එම ස්ථානයෙන් තූර්ය වාදක කණ්ඩායම් යන්නේ නම් එම තූර්ය වාදනය නවත්වා යායුතු බවට නියෝගයක් ද පනවන ලදිග එම නිසා මහානාම හිමියන් විසින් මහාවංසය රචනා කිරීමෙහිදී ජාතිවාදී අභිලාශයකින් සිය කෘතිය නිර්මාණය නොකරන ලද බව මොනවට පැහැදිලි වෙයි.
 
 මහාවංසය රචනා කරන ලද්දේ මහානාම නම් මහාවිහාරික භික්ෂුවක් විසින් ක‍්‍රි. ව. 5 හෝ 6 වැනි සියවසේදී යැයි අද බොහෝ උගතුන්ගේ පිළිගැනීමයි.
 
 මහාවංස කතුවරයා බෞද්ධ භික්ෂුවකි. මෙය පොදු ජනතාවගේ පහන් සංවේගය (සුජනප්පසාද සංවෙගත්ථාය කතෙ මහාවංසෙ) සඳහා රචනා කරන ලද බව සඳහන් කර තිබේ. මහානාම හිමියන් හයවැනි සියවසේ විසුවේ යැයි ගතහොත් ඔහු විසින් එයට අවුරුදු 1000කට පමණ පෙර ඉතිහාස පුවතක් කිවයුතු විය. දේවානම්පියතිස්සගෙන් පසුව ඉතිහාස තොරතුරු අඩංගු යම් යම් වාර්තා විය. එහෙත් දේවානම්පියතිස්සට පෙර ඉතිහාස පුවත් මහාවංසකරු කියන්නට ඇත්තේ ජනප‍්‍රවාදල අද්භූත කථා හා ජාතක කථා ඇසුරින් විය යුතුය.
 
 විජයාවතරණය පිළිබඳ කථා පුවත සකස් කිරීමේදී ජාතක පොතේ පදකුසලමානව ජාතකය සහ වලාහස්ස ජාතකයෙනුත් දිව්‍යාවදානයෙනුත් ආභාසය ලබන්නට ඇති බව සිතිය හැකිය. පණ්ඩුකාභය වෘත්තාන්තය කීමේදී ජාතක පොතේ ඝත පණ්ඩිත ජාතකයත්ල මහා භාරතයේ පඤ්චපාණ්ඩ්‍යයන් පිළිබඳ කථා පුවතත්ල හරි වංශයත් අනුගමනය කරන්නට ඇතැයි සැක සිතිය හැකිය. මේ නිසා විජයගේ සිට දෙවනපෑතිස් දක්වා ඉතිහාස පුවත අද්භූත ස්වරූපයක් දරයි. එයට හේතුව මේ කාලය පිළිබඳව පැහැදිලි වාර්තා නොතිබීමයග දීර්ඝ ඉතිහාස පුවතක් කීමේදී යම් යම් අඩුපාඩුකම් ඇතිවීම ස්වභාවිකය. අප විසින් මහාවංසය පරිශීලනය කිරීමේදී ද එම අඩුලූහුඩුකම් පරීක්ෂණාත්මකව බලමින් හදාළ යුතුය. කෙසේ වෙතත් පුරාතන ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඇති වැදගත්ම මූලාශ‍්‍රය නම් මහාවංසයයි. ආර්ග ඕග ප‍්‍රෑන්ක් මහතාගේ නිගමනය අනුව මූලාශ‍්‍ර කිසිවක් නැති හෙයින් මහාවංසයත්ල දීපවංසයත්ල සමන්තපාසාදිකාවත් ඓතිහාසික වටිනාකමක් නැති ප‍්‍රතිෂ්ඨා විරහිත කෘතීන්ය. එහෙත් ප‍්‍රෑන්ක්ගේ මතය හේතු රහිත බව මෙම කෘතීන්හි මූලාශ‍්‍ර සලකා බලනවිට අපට පෙනේ. කර්න් පඬිතුමා පවා දීපවංසයේ සහ මහාවංසයේ අගය ගැන යමක් ප‍්‍රකාශ කරන්නේ ඉතා ප‍්‍රවේශමෙනි. ඔහු කියා ඇත්තේ ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීම අතින් මිස දේශපාලනික ඉතිහාසය ඉගෙනීම අතින් මෙම කෘතීන් වැදගත් නොවන බවයි. V. A. ස්මිත් මහතා Asoka the Buddhist Emperor of India නම් ග‍්‍රන්ථය ලියමින් වංසකථා ක‍්‍රි. පූ. 160ට පෙර කොටසේ වර්ෂ නියමය සැක සහිත පදනම් පිට ගෙතුනක් ලෙස පමණක් නොව එහි ප‍්‍රධාන අදහස් අතින් සැක සහිත බව සඳහන් කරයි. එහෙත් පසුව මේ අදහස් වෙනස් කර ඇති ස්මිත් මහතා මෙම වංසකථා සිහි බුද්ධියෙන් බැලිය යුතු බව සඳහන් කර තිබේ. රීස් ඬේවිඞ්ස් මහතාගේ අදහසේ හැටියට මීට බොහෝ කාලයකට පසු ලියවුණු එංගලන්තයේ සහ ප‍්‍රංශයේ ඓතිහාසික වංසකථාවන් සමග සන්සන්දනය කරනවිට ලංකාවේ වංසකථා ඊට නොදෙවෙනි තැනක් ගනී. එසේම මේ ග‍්‍රන්ථයන්හි නිර්මල ඉතිහාසයක් නොමැති බව ඔහු අවධාරණයෙන්ම පවසයි. එපමණක් නොව වංසකථාවන්හි ඇති සත්‍යතාව ඔහු නිදසුන් මගින් පෙන්වා දී ඇත. එච්. සී. නෝමන් මහතා ලංකා වංසකථා නිවැරදි බවට යුක්ති සහගත ලෙස කරුණු දක්වා තිබේ. මහාවංසය ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කරන විල්හෙල්ම් ෙගෙගර් මහතා කියන්නේ මෙම වංසකථා ලංකා ඉතිහාසය ඉගෙනීමට මූලාශ‍්‍ර වශයෙන් අතිශයින් අපගේ සැලකිල්ලට භාජනය විය යුකු බවයි.
 
 මෙම වංසකථාවන්හි ඓතිහාසික අගය පිළිබඳව ඉතිහාසඥයන් මෙසේ විවිධ මත දරණ අතර මහාවංසයෙහි බොහෝ කරුණු ඓතිහාසික සත්‍ය ලෙස ඔප්පු කර ඇති බව පැවසිය හැකිය. වෙනත් සාහිත්‍ය මූලාශ‍්‍රවල තොරතුරුවලින් ද පුරාවිද්‍යාත්මක හා ශිලා ලේඛනගත තොරතුරුවලින් ද ඓතිහාසික සත්‍යයන් සේ ඔප්පු කරන ලද මහාවංසාගත කරුණු බොහොමයකි. චන්ද්‍රගුප්තගේ කාලය වශයෙන් දැක්වෙන වර්ෂ ගණන අතින් ලංකා වෘත්තාන්තය ඉන්දියා වෘත්තාන්තය සමග එකඟ වේ. මහාවංසයේ සඳහන් වන රාජනාමාවලිය ශිලාලිපිවල එන රාජනාමාවලිය සමග බොහෝ දුරට සමානය. මහාවංසයේ සඳහන් වන මහාථූප විස්තරය සාංචි චෛත්‍යයේ අද පවත්නා තත්ත්වය හා බෙහෙවින් සැසඳේ. සාංචි ස්තූපය කැණ බැලූ කණිංහැම් පඬිතුමා කියා ඇත්තේ අර්ධ කවාකාර හැඩය මුදුනේ ඇති හතරැස් කොටුව හා ඡත‍්‍ර ආදියත් සතර වාහල්කඬේ සූර්ය ලකුණු ආදියත් සමාන බවය. මෙයින් පෙනෙන්නේ මහාවංසයෙහි දක්වා ඇති තොරතුරු සත්‍ය ඓතිහාසික මූලාශ‍්‍රයක් පදනම් කරගෙන ලියා ඇති බවයි. මේ හැරුණුවිට මහාවංසයෙහි ඇතුළත් වන තොරතුරු බොහොමයක්ම සත්‍ය බව දැනට සොයා ගෙන ඇති ශිලාලේඛන බොහොමයකින්ම අනාවරණය වී තිබේ. ක‍්‍රි. පූ. තෙවැනි සියවසේ පමණ සිදු වූ මහින්දාගමනය මහාවංස කතුවරයාගේ නිර්මිතයක් බව බොහෝ ඉතිහාසඥයෝ කරුණු පළ කළහ. මිහිඳු හිමියන්ගේ පැමිණීම පිළිබඳව සැක කළ එම ඉතිහාසඥයින්ට කදිම පිළිතුරක් ක‍්‍රි. ව. පළමුවැනි සියවස තරමේදී ලියැ වී ඇති බවට සලකන මිහින්තලේ ශිලාලේඛනයකින් තොරතුරු ලැබේ. එහි "‍මහිද තෙරහ ච භද්‍රසාල තෙරහ ච ඉටික තෙරහ ච උතිතෙරහ ච” යැයි සඳහන් වේ. මෙහි කියවෙන්නේ මිහිඳු හිමි ප‍්‍රධාන දූත පිරිස බවට විවාදයක් නොමැත. එමෙන්ම අම්පාර දිස්ත‍්‍රික්කයේ රජගලින් ලැබෙන ශිලාලේඛනයකින් ද මහින්දාගමනය පිළිබඳ තොරතරු ඓතිහාසික වශයෙන් සනාථ වෙයි.
 
 මහාවංසයෙහි දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් පිළිබඳව අරුම පුදුම සිද්ධි සඳහන් වූ නිසා සමහරු ඒවා මහාවංස කතුවරයාගේ හිතලූ නිර්මාණ ලෙස සැලකූහග එහෙත් මිත (නන්දිමිත‍්‍ර)ල ඵුශදෙව (ඵුස්සදේව) යන යෝධයින් දෙදෙනාගේ නම් සඳහන් සෙල්ලිපි කීපයක් සොයා ගෙන ඇති බැවින් එම පුවත් ඓතිහාසික සත්‍යයන් ලෙස පිළිගැනීමට සිදු වී ඇත. මහාවංසයේ මෙසේ විවිධ අයගේ මතබේදවලට තුඩුදුන් පුවත් පවා වර්තමානය වනවිට සෙල්ලිපි මගින් තහවුරු වන බව පෙනේ. එසේම සෑම ඉතිහාසඥයෙකුම අවිවාදයෙන් පිළිගන්නා සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් මැනවින් ඔප්පු කර ඇති බොහෝ ඉතිහාස පුවත් මහාවංසයෙහි සඳහන් වන බව මෙහිදී සඳහන් කළ යුතුය.
 
 මහාවංසය පරිපූර්ණ ඓතිහාසික කෘතියක් වශයෙන් මෙයින් අදහස් නොකෙරේග එහි ඓතිහාසික වශයෙන් ද දුර්වල තැන් නැත්තේ නොවේ. සමහර වැදගත්ම ඓතිහාසික තොරතුරු පවා මහාවංසයෙන් ගිලිහී ඇති බව පැවසිය යුතුයි. ක‍්‍රි. පූ. තෙවැනි සියවසේ සිටම ස්වාධීන ප‍්‍රබල රාජ්‍යයක් වශයෙන් පැවති රෝහණ රාජ්‍ය පිළිබඳව මෙහි තොරතුරු නොදැක්වීම ලොකුම අඩුවකි. එසේම වසභ රජුගේ පුතුන් ලෙස සැලකෙන ඌවේ හබැස්ස ශිලාලේඛනයෙහි එනිඋතර’ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තම්මැන්නාවේ සෙල්ලිපියක සඳහන් වනිදුට.’ යන රජුන් පිළිබඳව මහාවංස කතුවරයා නිහඬ වී ඇති බැවින් නූතන ඉතිහාසඥයින්ට බැරෑරුම් ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදු වී ඇත. මහාවංසයෙහි සමහර ඓතිහාසික සිද්ධි වරදවා වාර්තා කර ඇති බව පෙනේග මහාවංස කතුවරයා රාජ්‍යය බලයෙන් පැහැර ගත් කෙනෙකු ලෙස දක්වන ගෝඨාභය ඔහුගේ ශිලාලේඛනයකට අනුව නම් සිංහාසනයෙහි නියම උරුමක්කාරයායග මහාවංසය සුභ යනුවෙන් වැරදි විධියට පාවිච්චි කර ඇත්තේ සබ රජුටය.
 
 කිත්තිසිරි මේඝ රාජ්‍ය කළේ දින 19කැයි මහාවංසය දැක්වීය. පූජාවලිය එය වර්ෂ 19 ක් ලෙස දක්වා තිබේ. ටැම්ගොඩ විහාර ලිපියෙහි චතලගි චතර වනක වසහි’ යනුවෙන් ඔහුගේ සිව්වැනි වර්ෂයක් පිළිබඳව කියවේ. මේ නිසා ඔහුගේ රාජ්‍ය කාලය දින 19 ක් නොව වර්ෂ 19 ක් බව පිළිගෙන ඇත. මෙබඳු ඓතිහාසික වශයෙන් සමහර තැන්වල සුළු අඩුපාඩු පැවතුණත් සමස්තයක් වශයෙන් ගෙන බලනවිට කවුරුන් කෙසේ ප‍්‍රකාශ කළත්ල මහාවංසය පිළිබඳව මෙබඳු ඉතා කෙටි සටහනකින් වුවත් පුරාතන ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඇති සත්‍යයට වඩාත් ළං වූ ඓතිහාසික ග‍්‍රන්ථය මහාවංසය බව විශ්වසනීයත්වයකින් යුක්තව පැවසිය හැකිය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles