Divaina - ප‍්‍රංශය අසහාය රාජාණ්ඩුවක් ලෙස වර්ධනය වූයේ කෙසේද?

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

bada4
 
 
 එස්. ඒ. දිලිනි දුලාංජලී
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 
 
අසහාය රාජාණ්ඩුවක් නිර්මාණය කර ගැනීම යනු රජු වටා ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ යන සියලූ බලතල එකරාශී වූ පාලන ව්‍යුහයක් ගොඩන`ගා ගැනීමයි. රාජ්‍යයේ ප‍්‍රධානියා රජු වූ අතර ඔහුට අවශ්‍යය පරිදි පරිපාලනය මෙහෙයවීම අසහාය රාජාණ්ඩුවක් තුළ සිදුවේ. බටහිර ප‍්‍රෑන්ක් රාජ්‍යය ප‍්‍රංශ රාජ්‍යයේ ආරම්භය ලෙස සලකන අතර හියුකැපට් මුලින්ම ප‍්‍රංශයේ බලයට පත්විය. ඔහුගෙන් ආරම්භ වූ කැපෙට්යන් පෙළපත යටතේ ප‍්‍රංශයේ වැඩවසම් පෙළපත යටතේ පැවැති බලතල අඩුකර රජුගේ බලතල වැඩි කිරීමට උත්සාහ ගත් අතර 1338-1453 කල පැවති සියක් යුද්ධය මගින් ප‍්‍රංශයේ ශක්තිය වර්ධනය වූ අතර එමගින් ප‍්‍රංශ ප‍්‍රදේශවලට සහ සිහසුනට එංගලන්තයේ රජවරු ඉදිරිපත් කළ අයිතිවාසිකම් සියල්ල අවසන් විය. එමගින් ස්ථිර යුද හමුදාවක් ගොඩනැ`ගීමට මෙන්ම ජාතික බදු ප‍්‍රතිපත්තියක් රජුට නිර්මාණය කිරීමට ලැබුණු හැකියාව නිසා රාජාණ්ඩුවක් නිර්මාණය කිරීමට අවශ්‍යය ආර්ථික ශක්තිය මෙමගින් වර්ධනය කළ හැකි විය. පළමු වන ප‍්‍රැන්සිස් රජු පාප්තුමා සමග බොලොඤ්ඤෝ සම්මුතිය අත්සන් කිරීම මගින් ප‍්‍රංශ උසස් නිලධාරීන් පත් කිරීම මෙන්ම ක‍්‍රිස්තු සභාව පිළිබඳ ආදිපත්‍යය ද රජුට හිමි වූ අතර එමගින් ආගමික වශයෙන් රජුගේ බලය වර්ධනය කර ගැනීමට ද හැකි විය.
 
 ප‍්‍රංශය රාජාණ්ඩුවක් ලෙස වර්ධනය වීමේදී හතරවන හෙන්රි රජුගේ පාලන සමය තුළ ඇති කරන ලද ප‍්‍රතිසංස්කරණ වැදගත් වේ. ප‍්‍රංශයේ රෙපරමාදු හා කතෝලික ධර්මය ඇදහූ කොටස් අතර ගැටුම් ඇති වූ අතර හතර වන හෙන්රි රජු රෙපරමාදු ආගමිකයකු වුව ද කතෝලික ධර්මය අදහන අයට එයට ඇදහීමට අවස්ථාව ලබා දෙමින් 1598 දී නෝර්ට්හි ආඥාවක් නිකුත් කරමින් ආගමික සමථයක් ඇති කළේ ය. මෙය රාජාණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට ජනතා සහය ලබා ගැනීමට හතරවන හෙන්රි රජුට උපකාර විය. මෙම පාලකයා සුලිහී ආදිපාදවරයාගේ උපදෙස් මත ප‍්‍රංශයේ බදු ප‍්‍රතිපත්තිය ප‍්‍රතිසංස්කරණය කළ අතර කෘෂිකාර්මික කටයුතු ද සංවර්ධනය කරමින් රාජාණ්ඩුවක් පවත්වා ගෙන යෑමට අවශ්‍යය ආර්ථිකය ශක්තිමත් කළේය. ඒ අනුව ප‍්‍රංශයට හිතකර වෙළෙඳ ශේෂයක් ලබා ගැනීමට දේශීය කර්මාන්ත දියුණු කිරීමටත් අපනයන වෙළෙඳාම පුළුල් කිරීමටත් පියවර ගත්තේ ය. ප‍්‍රංශයේ දේශ සීමා පුළුල් කිරීමට මොහු උතුරු ඇමෙරිකාවේ ක්විබෙක්හි ප‍්‍රථම ප‍්‍රංශ ජනපදය පිහිටුවන ලදී. හෙන්රි රජුගෙන් පසු බලයට පත්වූයේ දහතුන් වන ලූවී රජුය. ඔහු යටතේ සිටි කාර්ඩිනල් රිචලියු යටතේ ප‍්‍රංශය රාජාණ්ඩුවක් කිරීමට අවශ්‍ය මූලික පසුබිම සකස් කරන ලදී. රජුගේ බලය වර්ධනය කිරීම රිචලියුගේ අරමුණූ වූ අතර ප‍්‍රංශයේ රජුගේ බලයට එරෙහිව පැවති ප‍්‍රධාන බාධකය වූයේ වැඩවසම් ප‍්‍රධානීන්ගේ බලයයි. ප‍්‍රාදේශීය ප‍්‍රදේශවල ස්වාධීන පාලකයන් ලෙස ක‍්‍රියා කළ වැඩවසම් ප‍්‍රධානීන් වාසල් බලකොටු ඉදි කරමින් රජුගේ බලයට සමාන බලයක් ප‍්‍රාදේශීය ප‍්‍රදේශ තුළ ගොඩන`ගාගෙන තිබුණි. 1626 දී රිචලියු රදලවරුන් සතු සියලූ ආරක්ෂක බලකොටු විනාශ කිරීමට අණකර ඔවුන් අතර පැවති ද්වන්ධ සටන්ද තහනම් කර වැඩවසම් බලය බිඳ දමන ලදී. ඉන් පසුව ප‍්‍රාදේශීය පරිපාලනය ක‍්‍රමවත් කළ ඔහු රජුගේ පාලනයට යටත්ව පැවති ප‍්‍රවේණි ඒකක අහෝසිකර මුළු ප‍්‍රංශයම දිස්ත‍්‍රික්ක 32 බෙදා ඒවාට ඉන්ටෙන්ඩාන්ට් නම් නිලධාරීන් පත් කර ඔවුන්ට රදල ප‍්‍රධානීන් සතු බලතල පැවරූ අතර ඔවුන් හා රජු අතර ප‍්‍රාදේශීය පාලනයේ දී සෘජු සම්බන්ධයක් ඇති කරන ලදී.
 
 රජුගේ බලය වර්ධනය වීමට බාධකයක් වූයේ පැරිස් පාර්ලිමේන්තුව නම් අධිකරණ මණ්ඩලයයි. රජු පනවන ඕනෑම නීතියක් වලංගු වීම සඳහා අධිකරණ මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර එම නීති පාර්ලිමේන්තු මණ්ඩලයේ සාමාජිකයන්ට ප‍්‍රතික්ෂේප කළ හැකි විය. එය රජුගේ බලයට තර්ජනයක් වන බැවින් 1626 දී රිචලියු අධිකරණ මණ්ඩලය සතු බලතල විනාශ කරමින් රජුට නීති පැනවීමට පරම බලය මෙමගින් හිමිකර දුන්නේ ය. ප‍්‍රංශ රජුගේ බල වර්ධනයට තවත් බාධාකයක් වූයේ නැන්ටිස් ආඥාව අනුව බලකොටු හා හමුදා පවත්වා ගත හැකි වූ හියුග්නෝවරුන්ගේ බලයයි. ඔවුන් 1610-1614 අතර කාලයේ දී ප‍්‍රංශයේ හියුන්ගෝ රාජ්‍යයක් ගොඩන`ගා ගැනීමට එංගලන්තය, නෙදර්ලන්තය ආදී රෙපරමාදු රටවලින් ආධාර පැතූ අතර රිචලියු 1629 දී ඔවුන් සමග ඇලේ නම් ගිවිසුම ඇති කරගෙන නැන්ටිස් ආඥාවෙන් ඔවුන්ට ලබා දී තිබූ ආගමික නිදහස තිබියදී දේශපාලන බලතල හා ආරක්ෂණ සංවිධාන පවත්වා ගැනීමේ අයිතිය අවලංගු කරමින් ඔවුන්ගේ බලය බි`ද දැමූ අතර එය රජුගේ බලය වර්ධනයට හේතු විය.
 
 රාජාණ්ඩුව ශක්තිමත් කළ රිචලියු අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය මගින් ප‍්‍රංශය තවදුරටත් වර්ධනය විය. ප‍්‍රංශයට එරෙහිව පැවති හැප්ස්බර්ග් බලය බිඳ හෙළීමට රිචලියු 1618 ජර්මන් ප‍්‍රදේශවල ආරම්භ වී තිබූ තිස් අවුරුදු යුද්ධයට සහභාගි වූ අතර ප‍්‍රංශය කතෝලික රටක් වුව ද හැප්ස්බර්ග් බලය බිඳ හෙළීමට රෙපරමාදු පක්ෂයට ආධාර කළේය. ඔහුගේ මරණින් පසු කාර්ඩිනල් සැමිරින් රිචලියුගේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ අතර 1648 වෙස්ට්ෆෝලියා ගිවිසුම මගින් හැප්ස්බර්ග් බලය බිඳ හෙළන ලදී. රිචලියුගේ මරණයෙන් පසු ෆ්‍රොන්ඞ් නම් ව්‍යාපාරයක් රාජාණ්ඩු බලයට විරුද්ධව ප‍්‍රංශයේ ආරම්භ වූ අතර මෙයට එරෙහිව මැසරින් ඇමැති කි‍්‍රයා කළේය. ෆ්‍රොන්ඞ් ව්‍යාපාරය කිරීටයට එරෙහිව නැ`ගී සිටි රදළ ව්‍යාපාරයක් වූ අතර මෙහි කොන්දේ නම් ප‍්‍රධානියා පැරිස් පුරයේ සහාය මෙයට ලබා ගත්තේය. නමුත් ස්පාඤ්ඤය ප‍්‍රංශයේ සතුරෙක්ව සිටියදී පැරිස්පුරය ස්පාඤ්ඤයට සහය දැක්වීම නිසා ස්පාඤ්ඤ වැසියන්ම පැරිස් වැසියන්ට එරෙහිව කොන්දේ මෙහෙය වීය. මෙමගින් මැසිරින් ජයග‍්‍රහණය කළ අතර පැරිස් පාර්ලිමේන්තුවට රාජ්‍ය පාලනය තහනම් කළේ ය. මෙමගින් 1653 වන විට රජුගේ අධිකාරි බලය අසහාය ලෙස යථා තත්ත්වයට පත් විය. මේ අනුව ප‍්‍රංශය රාජාණ්ඩුවක් ලෙස වර්ධනය වීමේ දී කාර්ඩිනල් මැසිරින්ගේ ක‍්‍රියා කලාපයද වැදගත් විය.
 
 ඉන් අනතුරුව ප‍්‍රංශය අසහාය රාජාණ්ඩුවක් ලෙස සංවර්ධිතම අවස්ථාවට පත් වූයේ 1643 - 1715 අතර කාලයේ පාලනය කළ දහහතර වන ලූවී රජුගේ කාලයේ දීය. සමකාලීන යුරෝපයේ අසහාය රාජාණ්ඩුවක් නිර්මාණය කිරීමට අවශ්‍යය පදනම දේවවරම් වාදයෙන් හිමි වූ අතර එම ආගමික අදහස් තම පාලන කටයුතුවලට උපකාර කරගත් දහසය වැනි ලූවී රජු ”රජය නම් මමය’’ ලෙස ප‍්‍රකාශකොට අසහාය රාජාණ්ඩුවක් නිර්මාණය කර ගත්තේය. ඔහුට ඒ සඳහා දේවවරම්වාදී අදහස් රාජාණ්ඩුවක් නිර්මාණය කර ගත්තේය. ඔහුට ඒ සඳහා දේවවාරම්වාදී අදහස් ප‍්‍රබල සාධකයක් විය.
 
 ඒකාධිපති පාලනයකට පදනම දැමූ දහසය වැනි ලූවී රජු රාජ්‍යයේ සියලූ ආයතන අභිබවා අධික බලතල ප‍්‍රමාණයක් තමා යටතට සංකේන්ද්‍රණය කර ගත්තේ ය. රාජ්‍ය පාලනය රාජ සභා හෙවත් උපදේශක මණ්ඩලය මගින් සිදුවූ අතර එහි උපදේශකයන් පත් කිරීම, අස් කිරීම රජුගේ අභිමතය පරිදිම සිදු විය.
 
 ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ යන සියලූම බලතල රජු වටා සංකේන්ද්‍රණය කළ අතර රට වෙනුවෙන් යුද්ධය හෝ සාමය ප‍්‍රකාශ කිරීම, හමුදා සංවිධානය, විදේශ ප‍්‍රතිත්ති යන සියල්ල රජුගේ අභිමතය පරිදිම සිදු කරමින් අසහාය රාජාණ්ඩුවක් ගොඩන`ගා ගත්තේය. කොලබෙයාර් නම් රාජ පක්ෂික ඇමැතිගේ සහයෝගයෙන් රජය ආර්ථික කටයුතුවලට මැදිහත් වී ධනය එක්රැස් කිරීම මගින් ජාතික ශක්තිය ගොඩන`ගා ගත හැකි විය. හැකි තරම් දුරට රජය ආර්ථික කටයුතුවලට මැදිහත් වූ අතර ප‍්‍රංශ බටහිර ඉන්දියා සංගමය, උතුරේ සමාගම, ලෙවාන්ට් සාමගම, ප‍්‍රංශ පෙරදිග ඉන්දියා වෙළෙ`ද සමාගම ආදී ව්‍යාපාර පිහිටුවා ගනිමින් ප‍්‍රංශයේ ආර්ථිකය වර්ධනය කළේය. ඉන්දියාව, කැනඩාව, බටහිර ඉන්දියා දූපත් ප‍්‍රදේශවල ප‍්‍රංශ යටත්විජිත ගොඩන`ගා ගෙන වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට හැකි විය. කොලබෙයාර්ගේ සහය මත ප‍්‍රංශයේ ජාතික ආදායම වර්ධනය වූ අතර අභ්‍යන්තර සංවර්ධනය සඳහා මාර්ග, ඇලමාර්ග, සේද, රෙදි, වීදුරු, හම් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය ආධාර රජයෙන් ලබා දුන්නේ ය. මෙම නිෂ්පාදන උසස් ප‍්‍රමිතියකින් පවත්වා ගෙන යෑමට අවශ්‍යය නීති රීති ද රජය සකස් කළ අතර මෙම ක‍්‍රියාමාර්ගවලින් ප‍්‍රංශයේ ඇති වූ ආර්ථික වර්ධනය අසහාය රාජාණ්ඩුව පවත්වා ගෙන යෑමට හේතු විය.
 
 රාජ්‍ය තුළ පැවති සෑම අංශයක්ම රජුගේ පාලනයට යටත් කළ ලූවී රජු ආගමික කටයුතු ද රජු යටතේ පවත්වා ගෙන යමින් ස්වකීය පාලනය ඒකාධිපති පාලනයක් බවට පත් කළේ ය. ප‍්‍රංශයේ කතෝලික සභාව තුළ පාප්තුමාට තිබූ බලතලවලට විරුද්ධ වූ ඔහු ප‍්‍රංශ ජනතාවට ආගමික නිදහස ලබා දෙමින් 1685 නැන්ට්ස් ආඥව අවලංගු කළේය. මෙමගින් ආගමික සංවිධාන යටතේ පැවති බලය රජු යටතේ පවත්වා ගෙන යෑමට හැකි විය.
 
 මෙම අසහාය රාජාණ්ඩු පාලනය තවදුරටත් වර්ධනය කිරීමට මෙන්ම ප‍්‍රංශයේ දේශසීමා පුළුල් කිරීමට දාහතර වැනි රජු විදේශ රටවල් සමග යුද්ධ ගණනාවක් කළේ ය. 1666-1668 අතර කාලයේ පැවති ”බිසෝවගේ යුද්ධය’’ මගින් රජු ලූවී රජු විවාහ කර ගත් ස්පාඤ්ඤ ජාතික මරියා තෙරේසා වෙනුවෙන් ස්පාඤ්ඤ නෙදර්ලන්තයේ විශාල කොටසක් ඉල්ලීය. එම ඉල්ලීම ඉටු නොවූ නිසා යුද කොට එම ප‍්‍රදේශ අල්ලා ගත් අතර 1668 ගිවිසුම මගින් ඔහු අල්ලා ගත් බර්ගන්ඞ් ප‍්‍රදේශ අතහැරීමට එක`ග වුව ද ස්පාඤ්ඤ- නෙදර්ලන්ත ප්ලාන්ඩර්ස් ඇතුළු ප‍්‍රධාන නගර 11ක් ඔහු යටතට පත් විය. ප‍්‍රංශ දේශ සීමාව රයින් ග`ග දක්වා ව්‍යාප්ත කිරීමේදී ඊට විරුද්ධව නැ`ගි සිටින ඕලන්දයේ රෙපරමාදුවාදයට හා සමූහාණ්ඩු ක‍්‍රමයට එරෙහිව දහසය වැනි ලූවී රජු 1672-1678 අතර කාලයේ යුද කළේය. මෙමගින් ප‍්‍රංශ දේශ සීමාව රයින් ග`ග දක්වාම ව්‍යාප්ත කිරීමට හැකි විය. ප‍්‍රදේශ ඈ`දා ගැනීමේ ප‍්‍රතිපත්තිය යටතේ හැප්ස්බර්ග් අධිරාජ්‍යයට අයත් මේට්ස්, වුල්, වර්ඩන්, ස්ටාර්ස්බර්ග් ශක්ස්ම්බර්ග් යන ප‍්‍රදේශ 1680-1686 අතර කාලයේ ඈ`දා ගත්තේය. මෙම ක‍්‍රියාවට එරෙහිව ස්පාඤ්ඤය, ශුද්ධ රෝම අධිරාජ්‍යය, ඕලන්දය, ස්වීඩනය, බැවේරියාව එකතු වී 1686 ඔක්ස්බර්ග් සංගමය පිහිටුවා ගත් අතර 1697 රිස්වික් සාම ගිවිසුමෙන් යුද්ධය අවසාන විය. මෙයින් ස්ට‍්‍රාබර්ග් ප‍්‍රදේශය පමණක් ප‍්‍රංශය සතු විය. ප‍්‍රංශය යුරෝපයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණින් දහසය වැනි ලූවී රජු ස්පාඤ්ඤයේ කිරීටය සම්බන්ධ යුද්ධයට මැදිහත් වුවද ඉන් ප‍්‍රංශයට වාසියක් නොවීය. අසහාය රාජාණ්ඩුවක් නිර්මාණය කර ගත් ලූවී රජු තම රාජ්‍යය තවදුරටත් වර්ධනය කිරීමට ඔහුගේ බලය මත මෙවැනි ක‍්‍රියාවකට පෙළඹෙන්නට ඇත.
 
 ප‍්‍රංශය අසහාය රාජාණ්ඩුවක් ලෙස වර්ධනය වීමට හයවැනි හේන්රි රජුගේ ආගමික ප‍්‍රතිසංස්කරණ, ඔහුගේ ආර්ථික සංවර්ධනය හේතු වූ අතර කාර්ඩිනල් රිචල්වුගේ ක‍්‍රියාකලාපය මෙහිදී සුවිශේෂී වේ. ඔහු රජුගේ බලය වර්ධනය කිරීමට දහතුන් වන ලූවී රජු කළ ප‍්‍රාදේශීය පරිපාලන ඒකක පිහිටුවමින් වැඩවසම් බලය බිඳ දමා දිස්ති‍්‍රක්ක පිහිටුවමින් ප‍්‍රාදේශීය පරිපාලනය රජු යටතේ ක‍්‍රමවත් කළේය. පැරිස් පාර්ලිමේන්තුව සතු නීති අනුමත කිරීමේ බලය තහනම් කොට රජුට නීති පැනවීමට මෙන්ම ක‍්‍රියාත්මක කිරීමටද ඒකාධිකාරී බලයක් ඇති කළේය. රජුගේ බලයට එරෙහිව නැ`ගීසිටින කණ්ඩායම්වල දේශපාලන බලයද බිඳ දැමීය. ඔහුගෙන් අනතුරුව මැසිරින් ද මෙම ක‍්‍රියා කලාපවල නියැලූණ අතර ඔහුගෙන් අනතුරුව මැසිරින් ද මෙම ක‍්‍රියා කලාපවල නියැලූණ ඔහුගෙන් අනතුරව දාහතර වන වැනි ලූවී රජු දේවවරම්වාදයට අනුව කටයුතු කිරීම, ඔහු වටා ත‍්‍රිවිද බලය සංකේන්ද්‍රගත කිරීම, ආර්ථික ප‍්‍රතිපත්ති, පල්ලියේ බලය බිඳ හෙලීම හා යුද මගින් ප‍්‍රංශය තුළ අසහාය රාජාණ්ඩුවක් ගොඩනැ`ගුණ බව නිගමනය කළ හැකිය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles