Divaina - ජීවිතයට වඩා පොත් වටී - කාටූන් කියැවීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

cart
 
 * රුවන් තරස්වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
මේ සැප්තැම්බර් මාසය ශී‍්‍ර ලංකාව තුළ නම් කර ඇත්තේ සාහිත්‍ය මාසය නමිනි. පොත් කියවීමට යොමුවීමෙන් මිනිසා සම්පූර්ණ මිනිසකු බවට පත් වෙනවායි මතයක් ද පවතී. එය සත්‍යයකි. පොත මිනිසාට නැතුවම බැරි දෙයකි. නවීන තාක්ෂණය, පරිගණක ශිල්පය, දියුණු වන ලෝකයේ දසත පැතිරී ගිය ද මුද්‍රණයෙන් බිහි වී මහජනතාව අතට පත්වෙන පොත්පත් තවමත් ලොව ජනපි‍්‍රයතාවය ලබාගෙන ඇත. තවමත් දිනකට ලොව පුරා පොත් වර්ග දස දහස් ගණනින් මුද්‍රණය වේ. ලක්ෂ ගණනින් විකිණේ.
 
 ඉරානය (අතීත නම පර්සියාව) අතීතයේ සිටම කලා නිර්මාණයන් මෙන්ම සාහිත්‍ය කෘති නිර්මාණයට ද ප‍්‍රමුඛ ස්ථානයක් ගෙන තිබුණු රටක් වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වී ඇත. පොත් කියවීමෙන් ජීවිතයට වෙන සෙතත්, පොත් කොතරම් දුරට ජන ජීවිතය හා බැඳී පවතී ද යන්න පිළිබඳවත් කාටුන් ශිල්පීන්ගේ අදහස් දැන ගැනීම සඳහා ඉරානයේ නිර්මාණශීලී චිත‍්‍ර සංවිධානයත්, ඉරාන සංස්කෘතික අමාත්‍යාංශයත් එක්වී 1995 වර්ෂයේදී පොත් පිළිබඳව ජාත්‍යන්තර කාටුන් චිත‍්‍ර තරගයක් හා ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. මේ තරගය සඳහා රටවල් 46 ක කාටුන් චිත‍්‍ර ශිල්පීන් 907 දෙනකු සහභාගි වූ අතර ඔවුන් විසින් කාටුන් නිර්මාණ 2725 ක් ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව ඉරානයෙන් පමණක් චිත‍්‍ර ශිල්පීන් 156 දෙනකු කාටුන් නිර්මාණ 1455 ක් ද ඉදිරිපත් කර තිබිණි. ඒ අතර මෙම තරගයට ඉදිරිපත් කර තිබූ හොඳම කාටුන් චිත‍්‍ර ඇතුළත් කර ග‍්‍රන්ථයක් ද මුද්‍රණය කර බෙදා හැරියේය.
 
 චීන ජාතික කාටුන් චිත‍්‍ර ශිල්පියෙකි යෝ චියන් ලි ඕ (Yo Chian Lio). ඔහු විසින් නිර්මාණය කරන ලද අගනා කාටුන් චිත‍්‍රයක් මෙම ග‍්‍රන්ථයට ඇතුළත් කර තිබූ අතර එම කාටුනය පොත්වල අගය මැනවින් නිර්මාණය කර පෙන්වා තිබිණි.
 
 කාටුනයේ දැක්වෙන්නේ මහල් නිවාසයකි. එහි හතරවැනි තට්ටුවේ එක් නිවසක් ගිනි ගනී. නිවස තුළින් දුම් වලාවන් පිට වේ. මේ අතර ගින්න නිවීමට පැමිණි ගිනි භටයන් ගොඩනැඟිල්ල පහළ සිට ගිනි ගත් නිවසේ නිවැසියන්ට අනතුරක් නොවී බිමට පැනීමට රවුම් රබර් මෙට්ටයක් අල්ලාගෙන සිටී. එම නිවසේ නිවැසියා තම ජීවිතය බේරා ගැනීමට බිමට පනිනවා වෙනුවට කරන්නේ ගිනි ගත් නිවසේ තිබෙන සියලූම පොත් රබර් මෙට්ටය මතට හෙළීමය.
 
 මෙම කාටුනයෙන් ලි ඕ පෙන්වා දෙන්නේ පොතේ අගයයි. කෙනෙකුට තම ජීවිතයට වඩා පොත් වටින බවත් පොත් ආරක්ෂා කළ යුතු බවත් ඒවා රැකගත යුතු බවත් මෙම කාටුන් නිර්මාණයේ අදහසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles