Divaina - මටම වෙන්වුණු පේ‍්‍රක්ෂක පිරිසක් ඉන්නවා.. මට උදව් කළ අය වගේම රිද්දපු අයත් හිටියා... රංගන ශිල්පිනි හිමායා බණ්ඩාර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


himasa333මේ දිනවල විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍ය නිර්මාණයේ ‘සොනාලි ටීචර්’ ගේ චරිතය නිසාවෙන් වඩාත් කතා බහට ලක්ව පේ‍්‍රක්ෂක ආකර්ෂණයට ද නතු වූ මේ සොඳුරු රුවැති, රූපවාහිනි නිවේදිකාව, ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පිනිය, හිමායා බණ්ඩාර නම් වන්නී ය.
 
 දිවියින සිනමා කලා සංග‍්‍රහය වෙනුවෙන් ඇගේ කලා දිවිය පිළිබඳ කළ කෙටි පිළිසඳරකි මේ.
 
 ඔබ පේ‍්‍රක්ෂකයා ඉදිරියට ගෙන ගිය දෙවැනි ඉනිමේ ‘සොනාලි ටීචර්’ අපි පසුගිය සති කිහිපයේදීම දුටුවේ නැහැ...
 
 අද අපේ රටේ ජනපි‍්‍රයම ටෙලි නාටකය ‘දෙවැනි ඉනිම’. මගේ චරිතයත් ඒ ආකාරයෙන්ම ජනපි‍්‍රය වුණා. ඉතාමත් ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. නමුත් පසුගිය කොවිඞ් තත්ත්වයත් සමග මගේ චරිතය නාටකය තුළ ලියැවුණේ නැහැ. ඊට නිශ්චිත හේතුවක් මට කියන්න බැහැ. නමුත් ඉදිරියේ දී කුමක් වෙයි ද කියලත් මට හරියටම කියන්න බැහැ.
 
 ටෙලි නාට්‍ය නිර්මාණ වෙනුවෙන් මේ දක්වා ඔබ දැක්වූ රංගන දායකත්වයන් පිළිබඳව යමක් සඳහන් කළොත්....
 
 හිම කඳුඵ, සුදු ගින්දර, මුතු පලස, මුතු වැස්ස, ලොක්කි, දේදුන්නයි ආදරේ සහ දෙවෙනි ඉනිම ඇතුඵ ටෙලි නාට්‍ය රැුසක දී මම විවිධ වූ චරිත නිරූපණය කළා. ඒ වෙනුවෙන් යහපත් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබුවා.
 
 ඔබ නිරූපණයට වඩාත් කැමැති විශේෂිත වූ චරිත තිබෙනවාද...
 
 විශේෂිත වූ චරිත කියලා කියන්නත් බැහැ. මට ලැබෙන චරිතයනට උපරිම සාධාරණය කිරීම තමයි, අරමුණ. මම එහෙම කියන්නේ මටම වෙන්වුණු පේ‍්‍රක්ෂක පිරිසකුත් ඉන්න නිසා. ඔවුන්ට අසාධාරණයක් කරන්න බැරි නිසා මට කරන්න පුළුවන් සුදුසු චරිත තමයි, මම බොහෝ වෙලාවට තෝරා ගන්නේ. කොහොම වුණත් රංගන ශිල්පිනියක විදිහට සමාජයට යමක් ලබා දිය හැකි චරිත වෙනුවෙන් මහන්සි වීම තමයි මගේ ප‍්‍රධාන අරමුණ. මගේ රඟපෑමේදී යම් සීමාවක් තියෙනවා. ඒ වගේම යමක් වෙනුවෙන් කැපවෙන්න බැරි චරිත මම භාර ගන්නෙත් නැහැ. අනික තමයි මම අය කරන මුදල. රංගනය මගේ වෘත්තිය නිසා මේ දේවල් ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
 
 හැල හැප්පීම් නොමැතිව කලා ක්ෂේත‍්‍රයේ ඉදිරියට ගමන් කිරීම අසීරු බවයි බොහෝ දෙනා කියන්නේ. ඒ ගැන ඔබ කොහොමද හිතන්නේ...
 
 ඇත්ත. මේ ක්ෂේත‍්‍රයේ කැපිලි කෙටිලි ඊර්සියාව කුහකකම් වගේ දෙවල් නෑ කීවොත් ඒක බොරුවක්. මිනිස්සුන්ගේ හැටි එහෙමයි. මටත් මතු පිටින් උදව් කළ අය වගේම රිද්දපු අයත් හිටියා. හැබැයි ඒවා මම මගේ එකවුන්ට් එකට දා ගත්තේ නැහැ. මම හිතන්නේ ඒවා ඒ ඒ අය ගෙනි යයි.
 
 සිනමාව වෙනුවෙන් ඔබ මේ දක්වා දැක් වූ දායකත්වයන් ප‍්‍රමාණවත් නෑ නේද..
 
 සත්තකින්ම ඔව්. එහෙම වුණේ මට ඒ ලැබුණු චරිත වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරි වුණු නිසා. 2019 දී තමයි මම මුල්වරට සිනමාපටයක රඟපෑවේ. ඒ ‘සාම කුමරු’. ඊට පස්සේ ලැබුණු චිත‍්‍රපට කිහිපයක මට නිරූපණය කරන්න අපහසු චරිත තිබුණා. ඒ වගේ තැන්වල දී මගේ සීමාවන් බිඳගෙන යන්න බැහැ. ඒ වගේම දින ලබා දීමේ ප‍්‍රශ්නත් තිබුණා.
 
 මේ දිනවලත් ඔබ කාර්යබහුල රංගන ශිල්පිනියක්...
 
 ඔව්නේ. මේ දිනවල ‘හදවතේ කතාව’ රූපගත කිරීම සමග තමයි, මගේ කාලය වැඩිපුර ගෙවෙන්නේ. කරන දේ හරියට කරන්න ඕනෑ නිසා වෙනත් නාට්‍ය වෙනුවෙන් දින ලබා දීමත් මට ප‍්‍රශ්නයක්. දිලූක ප‍්‍රසාද් අධ්‍යක්ෂණය කළ මම ප‍්‍රධාන චරිතය රඟපෑ අලූත්ම ටෙලි නාටකයේ වැඩත් දැන් අවසන්. හැබැයි තවම ඒකට නමක් තියලා නැහැ.
 
 රංගන දක්ෂතා ඇගයීම වෙනුවෙන් පුදදෙන සම්මාන පිළිබඳව ඔබට තිබෙන බලාපොරොත්තු කුමනාකාර ද?
 
 මගේ හිත ඇතුළේ එවැන්නක් පිළිබඳව සුබවාදී බලාපොරොත්තු පෙළගැසී තිබෙනවා. හැබැයි ඒ වෙනුවෙන් සුදුසු චරිත වගේම මගේ රංගන දක්ෂතාත් වැඩිකර ගන්න වෙහෙසෙන්න වන බව මම දන්නවා.
 
 දැන් ඔබ ආදරවන්තියක්..
 
 අනේ ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. අපේ ආදරයට දැන් වසර හයක්.
 
 සුජීව තත්සර

 

tissa
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles