Divaina - උතුරු මැද ජන්දෙන් මෙදා පොටේ මොකද වුණේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

rajarataමහ මැතිවරණයේ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගනිද්දී අනුරාධපුර පොලොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකෙහි ජනතාවද අති විශාල පිරිසක් රොද බැඳගෙන ඇත්තේ ඒ වටා බව පැහැදිලිය. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඡුන්ද බල ප‍්‍රදේශය කින් සමන්විත අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වලංගු ඡුන්ද සංඛ්‍යාව 506,902කි. එම ඡුන්ද වලින් 344,788ක් මෙවර මහ මැතිවරණයෙන් දිනා ගන්නා ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. ඒ අනුව එම පක්‍ෂයට හිමි මන්ත‍්‍රී ධුර ගණන 07කි.
 
 සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර දෙවෙනි ස්ථානයට පත්වී සිටින අතර එම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ මෙතෙක් සිටි බලකණු බිම ඇදවැටී ඇතැයි එහි ජනතාව කියා සිටිති.
 
 එසේ වුවද මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව අනුව පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර වැනි දැවැන්තයින්ද චන්දිම ගමගේ වැනි නවකයින්ද බලවත් පරාජයකට පත්ව සිටිනු දකින්නට තිබේ.
 
 පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන්ද මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට අන්ත පරාජයක් හිමිවී තිබෙන අතර එජාපය පොලොන්නරුව දිස්ත‍්‍රිකකයෙන් අතුගෑවී ගොස් තිබෙන බවයි මහජනයා පවසනුයේ. එ.ජා.ප.යේ මෙතෙක් සිටි බලවතුන්ට මැතිවරණයෙන් අන්ක පරාජයක් හිමිවී තිබෙන අතර සමගි ජන බලවේගය දිස්ත‍්‍රික්කයේ දෙවෙනි තැනට පත්ව ඇත්තේ එක් මන්ත‍්‍රී ධුරයක්
 
 හිමිකරගෙනය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය හිමි ස්ථානය මෙවරද ජනවරමින් ආරක්‍ෂා කර ගෙන තිබූ බව මැතිවරණ ප‍්‍රතිඵල අනුව පෙනී යයි.
 
 මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් නවක මන්ත‍්‍රීවරු දෙදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින අතර ඔවුන් දෙදෙනාම මීට පෙර දිගුකලක් උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් වීම විශේෂත්‍වයකි.
 
 එම දෙදෙනා නම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කින්ස් කුමාර නෙල්සන් මහතාය.
 
 කින්ස් නෙල්සන් මහතා පොලොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු මෙන්ම විපක්‍ෂ නායකවරයෙකු ලෙසද කටයුතු කර තිබෙන අතර 2004 වසරේ මුලින්ම පළාත් සභාවට තේරී පත්වී මේවනවිට වසර 16ක පමණ කාලයක් එහි කටයුතු කර තිබේ. මෙවර සමගි ජනබල වේගයෙන් මහ මැතිවරණය තරඟ කර මනාප 22,392ක් ලබාගනිමින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් එම පක්‍ෂයට හිමි එකම මන්ත‍්‍රී ධුරය හිමිකර ගත්තේය. ඒ අනුව හෙතෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස මුල්වතාවට තේරීපත්වී සිටී.
 
 අමරකීර්ති අතුකෝරළ මහතා 2008 වසරේ මුලින්ම උතුරු මැද පළාත් සභාවට තේරීපත්වූ අතර එහි මන්ත‍්‍රීවරයෙකු ලෙස වසර 12ක පමණ කාලයක් කටයුතු කර ඇත. ඒ කාල සීමාව තුළ පළාත් සභාවේ සභානායක, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, අධ්‍යාපන අධීක්‍ෂක මන්ත‍්‍රී ධුරය වැනි තනතුරු ගණනාවක් උසුලනු ලැබීය. මෙවර මහ මැතිවරණයෙන් මනාප ජන්ද 45,939ක් ලබා ගනිමින් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ලැයිස්තුවේ හතරවන ස්ථානයට තේරී පත්වී මන්ත‍්‍රී ධුරයක් හිමිකර ගැනීමට සමත්වී ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසනයේ සංවිධායකවරයා වන්නේද අමරකීර්ති අතුකෝරළ මහතායි.
 
 මේ අතර මෙවර මහ මැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයට උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයෙකු වන පේෂල ජයරත්න, සමගි ජන බලවේගයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිඞ්නි ජයරත්න යන මහත්වරුන් ඉදිරිපත් වූවද ඔවුන්ට මන්ත‍්‍රී ධුර හිමිකර ගැනීමට නොහැකිවිය.
 
 --------------------
 
 මෙවර මහ මැතිවරණයෙන් නවක මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදා වී තිබීම තවත් විශේෂත්වයකි. ඒ නවක මන්ත‍්‍රීවරුන් දෙදෙනා වනුයේ  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමරකීර්ති අතුකෝරළ සහ සමගි ජනබලවේගයේ කින්ස් කුමාර් නෙල්සන් යන මහත්වරුන්ය.
 
 ඡන්ද බල ප‍්‍රදේශ තුනකින් සමන්විත පොලොන්නරුව දිස්ත‍්‍රික්කය සතු මන්ත‍්‍රී ආසන පහෙන් හතරක්ම  දිනාගැනීමට මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වී ඇත. ප‍්‍රතිශතයක් ලෙස ගත් කල ප‍්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් සියයට 72 ක් හිමිකර ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජන්ද සංඛ්‍යාව 180,840 කි. සමගි ජනබලවේගය ඡුන්ද 47,781 ක් ලබාගත් අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 20 කි. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යවෙන් සියයට 03 ක් එනම් ඡුන්ද 6,792 ක් හිමිකර ගෙන ඇත්තේ මාලිමාව ලකුණ යටතේ මැතිවරණය තරග කළ ජාතික ජන බලවේය විසිනි. එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැතිවරණයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිවුවැනි තැනට පත්ව සිටින අතර ලබාගෙන ඇති ජන්ද සංඛ්‍යාව 6,525 කි.
 
 මැතිවරණ ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන මන්ත‍්‍රී ධුර 04 සඳහා ලබාගෙන ඇති වැඩිම මනාප අනුව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු මහවැලි රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරළ යන මහත්වරුන් තේරී පත්වී සිටිති.
 
 මෙවර මැතිවරණයෙන් පොලොන්නරුවේ වැඩිම මනාප සංඛ්‍යවක් ලබාගෙන ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාය. ඔහු ලබාගෙන ඇති මනාප ඡුන්ද සංඛ්‍යාව 111037 කි. දෙවැනුව වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්‍ෂකයා රොෂාන් රණසිංහ මහතායි. ඔහු ලැබූ මනාප සංඛ්‍යාව 90,615 කි. මනාප ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය සිරිපාල ගම්ලත් මහතාට හිමිව තිබෙන අතර ඔහු මනාප 67,717 ක් ලබාගෙන ඇත.
 
 රජරට ගොවීන්ගෙන්, මෙදා යලේ මණ්ඩලේට වී නෑ
 
 රටට බත සපයන උදාර මෙහෙවරේ පංගුකාරයින් වන ගොවි ජනතාව අති බහුතරයක් වෙසෙන රජරට පළාතේ කුඹුරුවල වී අස්වනු නෙළන සමය දැන් එළඹ තිබේ. කන්න ගණනාවකට පසුව මෙවර යල කන්නයේ අනුරපුර, පොලොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකෙහිම වී වගාව සරු බව අසන්නට ලැබෙනුයේ ගොවි මුවින් නැෙඟන සතුටු සිනාද සමගිනි. මෑත කාලයේ බොහෝවිට අසන්නට ලැබුණු ජල හිඟය, කෘමි වසංගත උවදුරු, වෙනත් ලෙඩ රෝග ආදිය මෙවරද නැත්තටම නැතුවා නොවේ. නමුත් මෙදා එතරම් උස් හඬින් එය නෑසීම විශේෂත්‍වයෙකි. නෙළාගත් වී අස්වනු ගෙට දොරට ගෙන ඒමේ සිරිතක් පෙර කල පැවැතිය ද දැන් එලෙස සිදු නොවී වෙළඳපොළට හෝ වෙළෙඳුන්ගේ කරමතට පැටවීමේකාරිය කලක පටන් සිදුවන්නකි. නෙළාගත් වී අස්වැන්නට නිසි මිලක් නොලැබෙතැයි යන්න නැෙඟනා මැසිවිල්ල බහුලව ඇසෙන මේ කාලයේ ඊට නිමිත්ත පෞද්ගලික වෙළෙඳුන්, මෝල් කාරයින් තමනට රිසිසේ මිල නියම කරමින් ගොවියාගේ වී අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගැනීමේ සූත්තරය බව නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. වී කලෝවට නිසි මිලක් ඉල්ලා උද්ඝෝෂණ, පෙළපාලි පවත්වන
 
 ගොවියන්ගේ භූමිකාද නිර්මාණය වූයේ මේ ජාවාරමුන්ගේ අවරගණයේ ක‍්‍රියා නිසාවෙන් බැව් ප‍්‍රකට කාරණයෙකි. එනිසාම ගොවියාගේ වී කිලෝවට නිසි මිලක් නියම කර ඒ මිලට වී මිලදී
 
 ගැනීමේ යාන්ත‍්‍රණයක් සැකසීම රජයේ වගකීමක් බැව් කිවයුත්තක් නොවේ. එවැනි වැඩ පිළිවෙලක් මෙතෙක් පැවති සෑම රජයක් යටතේම තිබූ නමුත් නිසි කලට ක‍්‍රියාත්මක නොවීමේ ගැටලූ බොහෝවිට පැවැතිණි. නමුත් මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹී එතරම් කාලයක් ගත වන්නට මත්තෙන් රජයේ වී මිලදී ගැනීමද ආරම්භවූ බව එහි ක‍්‍රියාත්මක කරන වී අලෙවි මණ්ඩලය කියයි. අනුරාධපුර පොලොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකෙහිම වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කර ගොවීන්ට තම වී අස්වනු රජයේ සහතික මිලට අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකරුවෝ පවසති. එහෙත් මේ දිස්ත‍්‍රික්ක දෙකෙහිම පිහිටි වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ගොවීන් වී අලෙවි කරනු ලබන්නේ ඉතා මඳ වශයෙන් බව දැනගන්නට තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 25ක් මේ වන විට විවෘත කර තිබෙන නමුත් මිලදී ගෙන ඇත්තේ වී කිලෝ 28,000ක් තරම් සුළු ප‍්‍රමාණයෙකි. පොලොන්නරුවේද වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් පමණ මේ වනවිට විවෘත කර ඇතත් මෙතෙක් මිලදී ගැනීමට හැකිවී ඇත්තේ වී කිලෝ 25.000ක් පමණ යැයි ද කියති. මේ අනුව බලන කල රජය සතු වී බිස්ස වන වී අලෙවි මණ්ඩලයට මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් අපේක්‍ෂිත වී තොග ලැබෙන බවක් පෙනෙන්නට ඇත. එයට හේතුව කුමක්ද යන්න නොපමාව සොයා බැලිය යුතු කාරණයක් වන්නේ රජය සතු ආරක්‍ෂක වී තොගයක් තිබීම අනිවාර්ය නිසාවෙනි.

p6 487
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles