Divaina - නිදහස් චින්තනයේ ඉසිවර ලකුණ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

martin1මාර්ටින් වික‍්‍රමසිංහ 44 වන  අනුස්මරණය නිමිත්තෙනි.

1907 වර්ෂයේ හිරිමල් වියේ සිටියදී ‘රිවිකිරණ’ ‘ලක්මිණ’ ආදී පුවත් පත්වලට හා ‘පියබස’ ‘පුරසඳ’ වැනි සඟරාවලට ලිපි සැපයූ මාර්ටින් වික‍්‍රමසිංහ සිය ප‍්‍රථම විවාදාපන්න ලිපිය ලියුවේ දිනමිණ පුවත්පතට යx මීට අවුරුදු එකසිය හතරකට පෙර එනම් 1916 ජනවාරි 21 වැනිදා ලියූ ‘වෘක්ෂලතා හා සත්වයෝ’ නමැති එම ලිපිය දීර්ඝ වාදයකට ද මුල පිරුණිx ගතානුගතිකත්වය ඔස්සේ හඹා ගිය සමාජයකට මාර්ටින් වික‍්‍රමසිංහගේ එම ලිපිය මහත් කැළඹීමකට තුඩු දුන්නේයx අපරදිග ස්වාධීන චින්තකයන් හා මානව විද්‍යාඥයන් වූ අර්නස්ට් හෙකල්, ඊx ජේx මිල්ස්, චාල්ස් ඩාවින්, ජේx බීx බූරි, බෙන්ජමින් මුවර් ආදි මහ ඇදුරන් නවීන විද්‍යාව අරභයා ලියූ පතපොත හැදෑරු තරුණ වික‍්‍රමසිංහ ඒ දැනුම, සිංහල සමාජය නව දිශානතියකට යොමු කිරීමට ගත් පියවර ඔහු දිනමිණට සැපයූ මුල් ලිපි පෙළින්ම පැහැදිලි වෙයිx එකී නවීන අදහස් එකහෙළාම ප‍්‍රතික්ෂේප කිරීමට සැදී පැහැදී සිටි සමාජයකට ඇමතූ තරුණ වික‍්‍රමසිංහ එදින සිට දශක හයක් නිර්භයව ඒ අභියෝගයට මුහුණ දුන් අයුරු 1914 සිට 1976 දක්වා විවිධ විෂයයත් අළලා ලියූ ශතාධික ග‍්‍රන්ථ සම්භාරයෙන් හා ලිපි ලේඛනවලින් හෙළිවෙයිx

‘‘ලෝකය හා ඊට අයත් සියල්ල සම්බන්ධව අනාකූල අදහසක් ඇති වීමට ඩාවින්ගේ මතය හා පරිණාමවාදයත් දැනගැනීම අවශ්‍ය වේx සත්ව ශරීරය පමණක් නොව සිත ද ක‍්‍රමයෙන් උදරභේද වන බව පරිණාමවාදයෙන් උගන්වයිx’’

(දිනමිණ - ඵගඋග 1916 ජූලි 24)

විසි වන සියවස ලබන විට චාල්ස් ඩාවින්ගේ නම කෙසේ වෙතත් පරිණාමවාදය ගැනවත් අප රටේ විද්වතුන් අතර කතාබහක් පැවති බව අනාවරණය නොවේx සිය ලේඛන පරිශ‍්‍රමය ආරම්භ කළ මුල් වකවානුවේදීම වික‍්‍රමසිංහ, සමකාලීන ලේඛකයන් ඉක්මවා සිතන්නට පුරුදු වූයේ ගුරු මූලාශ‍්‍රයක් නැතිව ස්වොත්සාහයෙන් ලැබූ උගැන්මත් අපරදිග චින්තකයන්ගේ ග‍්‍රන්ථ පරිශීලනයත් නිසායx

ගුරු ගෙදරින් සිංහල හෝඩිය කියවා අකුරු කළ වික‍්‍රමසිංහ කිසිදු ගුරුවරයකුගේ මඟ පෙන්වීමක් නැතිව විද්‍යා දර්ශනාදිය ඉගෙන ගත්තේ කෙසේද යන්න වර්තමාන සිසුවකුට හෝ ගුරුවරයකුට හෝ අදහාගත නොහැකි පුවතක් විය හැකියx එහෙත් වික‍්‍රමසිංහයන් ගුරූපදේශයක් නොමැතිව ඉගෙන ගත් අයුරු ඔහුගේ ‘උපන්දාසිට, අපේගම’ හා ‘මා ලේඛකයකු වූ හැටි’ යනාදි ග‍්‍රන්ථවලින් පෙනීයයිx වික‍්‍රමසිංහයන්ගේ ‘අපේගම’ පොතේ එක් උපුටනයකි පහත දැක්වෙන්නේ:

‘‘මුහුද සෑදුණේ කෙසේද? කඳු ගංගා පා¥ර්භූත වූයේ කෙසේද යනු කුඩා කලම මගේ සිතට නඟින්ට වූ ප‍්‍රශ්නයන්ගෙන් සමහරකි. මේ ප‍්‍රශ්න සිතට නඟින්ට වීම නිසා පසළොස් හැවිරිදි වයස් වන්ටත් පෙර මම මොලයට වධ දෙන ඇතැම් පොත් කියවන්ට වෑයම් කළෙමිx ‘සත්වෝත්පත්ති විනිශ්චය,’‘ලෝක විස්තරය’ යන ආදිය පමණක් නොව ‘පඤ්චස්කන්ධ විභාගය’ නමැති පොතද කියවා තේරුම් ගැනීමට වෑයම් කොට මා වෙහෙසට පත්වූ සැටි මට මතකය.’’

(අපේගම-59 මුද්‍රණය - 14 පිටුව)

එපමණක් නොව ‘දුර්වාදි හෘදය විදාරණය’ ‘සව්සත්දම් වාදය’ ‘හෙණගුලි වාදය’ ආදි පොත් කුඩා කාලයේදී වික‍්‍රමසිංහ කියවූ බැව් උපන්දාසිට ග‍්‍රන්ථයේ සඳහන් කරයිx එම පොත් අද උසස් පෙළ පාසල් දරුවකු තබා ගුරුවරයකු වත් අසා හෝ කියවා හෝ නැතැයි සිතමිx

සමකාලීන යුගයේ ග‍්‍රන්ථකරණයට යොමුව සිටි ඒx සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන, ඇල්බට් සිල්වා, එම්x සීx එෆ්x පෙරේරා ආදී ලේඛකයන්ගේ මඟ

අනුගමනය නොකළ තරුණ වික‍්‍රමසිංහ 1914 වර්ෂයේදී තම මුල්ම නවකථාව වූ ‘ලීලා’ රචනා කළේ ස්වාධීන මඟක් අනුව යමිනිx ඒ මඟ වූ කලී බුදුරජාණන් වහන්සේ කාලාම සූත‍්‍රයෙන් හඳුන්වා දුන් නිදහස් චින්තනයයිx වික‍්‍රමසිංහ කාලාම සූත‍්‍ර පාඨයක භාවය තම කුළුඳුල් නවකථාවේ ආමුඛ පාඨය ලෙස ඇතුළත් කළේ සිංහලයේ නිදහස් ලේඛන රීතියක ඇරඹුම සනිටුහන් කරමිනිx පතපොත ඉගෙනුම පිළිබඳ තම ආකල්පය ඔහු ‘ලීලා’ නවකථාවේ ඇතුළත් කළේ මෙසේය:

‘‘ශාස්ත‍්‍රයාගේ පරතෙරක් හෝ කෙළවරක් නොමැතියx ශාස්ත‍්‍රයාගේ පරතෙරක් ගැන කථා කිරීම විහිළුවකිx ශාස්ත‍්‍රය අපේ උත්සාහයෙන් පුරුද්දෙන් දියුණු කර ගත යුත්තකිx ශාස්ත‍්‍රයාගේ පරතෙරක් දැනගැනීම හෝ ශාස්ත‍්‍රය පරතෙරට ගෙන යෑම හෝ මනුෂ්‍යයාට කළ නොහැකි වැඩකිx’’

(ලීලා - 01 පරිච්ෙඡ්දය 15 පිටුව)

ශාස්ත‍්‍රය ගමරාලගේ පැදුර යට හෝ කොට්ටය යට හෝ සඟවා තැබිය හැකි දෙයක් නොවන බව ‘ලීලා’ නවකථාවෙහි සඳහන් කළ වික‍්‍රමසිංහ (99 පිටුව) යමෙකු ලෝකයේ තිබෙන තරම් භාෂා ඉගෙන ගත්තත් පරිණාමවාදය ආදී බාහිර ශාස්ත‍්‍රයන් පිළිබඳ දැනුමක් නැතිනම් ඔවුන්ගේ කියුම්වල ගත යුත්තක් නැතැයි පැවසුවේ තම අත්දැකීමෙහි පිහිටායx ඒ කාලය වන විට වික‍්‍රමසිංහ ත‍්‍රිපිටක ග‍්‍රන්ථ ඇතුළු මෙරට පැරණි ග‍්‍රන්ථ හා අපරදිග පඬුවන්ගේද පත පොත කියවා තිබුණු බව ලීලා නවකථාවෙන් පමණක් වුවද පැහැදිලි වෙයිx තත්කාලීන සමාජය තුළ පැතිර පැවති සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම්වල මූඪභාවය හා නිස්සාරත්වය නොපැකිලව පෙන්වා දිය හැකි පඬිවරයකු එසමයේ නොසිටියේයx එකල පැවති මිථ්‍යා විශ්වාස හා ඇදහිලි තරුණ වික‍්‍රමසිංහ තදබල ලෙස විමසුමට හසුකොට හෙළා දුටුවේය.

1931 වර්ෂයේ මාර්ටින් වික‍්‍රමසිංහ මුද්‍රණයෙන් පිට කළ ‘ග‍්‍රාමීය විද්‍යා ප‍්‍රවේශනය’ නමැති ග‍්‍රන්ථයේ 22 වැනි පරිච්ෙඡ්දය වසංගත රෝග ගැන ලියවුණකිx වර්තමානයේ ලෝකය බියෙන් තැති ගන්වමින් බිහිසුණු ලෙස පැතිර යන එසේම මාස හතරකට වැඩි කාලයක් අප රටද මුහුණ දුන් කොවිඞ් 19 හෙවත් කොරෝනා වසංගතය, මාර්ටින් වික‍්‍රමසිංහයන් දුටුවේ මීට අවුරුදු අනූවකට ඉහත දීයx කොරෝනා හෝ කොවිඞ් 19 හෝ නාමයෙන් සඳහන් නොවූවද ‘ග‍්‍රාමීය විද්‍යා ප‍්‍රවේශනය’ (1931) ග‍්‍රන්ථයේ එන කියුම මෙසේය:

‘‘රෝගියකුගේ ශරීරය ස්පර්ශ නොකළත්, ඔහුට ඉතා ළංව විසීමෙන් රෝගය බෝ වන්නට පුළුවනx කහින විටද, කිවිසින විටද, තදින් කථා කරන විට ද කටින් පිටවන වාෂ්පාකාර ක්ෂුද්‍ර කෙළ බින්දුවල විෂබීජ ඇත්තේයx උගුරේ ලෙඩකින් හෝ පෙනහල්ලේ ලෙඩකින් හෝ පීඩා විඳින තැනැත්තකුගේ කටින් පිටවන කෙළවල ඒ රෝග උපදවන බීජාංකුර ඇත්තේයx වාෂ්පාකාරව පිට වන මේ කෙළ ආශ්වාස කරන්නන්ට ඒ රෝග සෑදෙන්ට පුළුවනx මේ හැර ලෙඩා ස්පර්ශ නොකරම ඔහුගෙන් නික්මෙන රෝග බීජ රෙද්දක මාර්ගයෙන් හෝ අත්වල මාර්ගයෙන් හෝ තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළු වන්නට පුළුවනx’’ (ග‍්‍රාමීය විද්‍යා ප‍්‍රවේශනය - 1931 - 192 පිටුව)

කොවිඞ් 19 වසංගතය නිවාරණය කර ගැනීම උදෙසා වර්තමානයේ අප රට අනුගමනය කරන නිරෝධායන ක‍්‍රියාවලිය ගැනද මාර්ටින් වික‍්‍රමසිංහ මහතා 1934 වර්ෂයේ දී ලියා පළ කළ ‘ප‍්‍රජා පාලන ශික්ෂා’ නමැති ග‍්‍රන්ථයේ සඳහන් කොට තිබේx මානව සමාජ ක‍්‍රියාකාරකම්, ඒ නිසා ඇතිවන ලෙඩරෝග ඒවායින් මිදීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ආදිය ගැන ඒ යුගයේ විසූ වෛද්‍යවරුන් පවා කියා ඇති අවස්ථා ඉතා විරලයx වසංගත රෝගියකු හමුවීම, ඔහු සම්බන්ධ අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙළ ගැන එදවස වික‍්‍රමසිංහයන් තැබූ සටහන අදට කොතරම් ගැලපෙන්නේද?

‘‘වසංගත රෝගියකු ගෙදරක තබා ගැනීම ගෙදර අනෙක් උදවියට පමණක් නොව ගමෙහි හෝ නගරයෙහි හෝ අනෙක් වැසියන්ට ද අන්තරායෙකි. වසංගත රෝගය ගෙදර අනෙක් අයටත් අහල පහල අයටත් බෝවීමෙන් නගරය පුරා පැතිර යන බැවිනිx එහෙයින් වසංගත රෝගයක් වැලඳුනෙකු සිටින කල ඒ බව පළාත් පාලන මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම් දීම වැසියකුගේ යුතුකමයිx එයින් රෝගියාට හෝ තමන්ට හෝ යම්කිසි හිරිහැරයක් ඇති වුවත් පොදු යහපත සලකාගෙන ඔවුනොවුන් විසින් ඉවසිය යුතුයx’’ (ප‍්‍රජාපාලන ශික්ෂා - 1934)

දේශපාලන අදහස් හා මතිමතාන්තර සම්බන්ධයෙන්ද සමාජය අරභයා ද මාර්ටින් වික‍්‍රමසිංහ කලකට ඉහතදී දැක්වූ අදහස් වර්තමාන යුගයටද ගැලපෙන අයුරු විස්මය දනවන සුලූයx ඉන්දියාවේ සමාජය හා ශ‍්‍රී ලංකාවේ සමාජය සන්සන්දනය කරමින් මීට අවුරුදු හැත්තෑ තුනකට ඉහත දී වික‍්‍රමසිංහයන් කළ විමසුම අදටත් වලංගුයx

‘‘අප රට පොදු ජනයා ඉන්දියාවේ පොදු ජනයාට වඩා ඉතා උසස් තැනක් ගන්නා අතර අප රට නායකයෝ ඉන්දියාවේ නායකයන්ට වඩා පහත් තැනක් ගනිතිx අපරට ජනයා පීඩා විඳින්නේ හොඳ නායකයන් නැති උවදුරෙනිx ඉන්දියාව භයංකර ලෙස පීඩා විඳින්නේ ඉතා හොඳ නායකයන් ඇතත් පාරම්පරික මෝහයෙන් මූඪ වූ ගතානුගතික මහජනකායගේ උවදුරෙනිx’’ (සිළුමිණ - මයුරපාද - 1947x09x28)

මේ ප‍්‍රකාශයේ වදනක් වදනක් පාසා ලංකා - ඉන්දියා සමාජ පරිසරය සැබෑවන අයුරු අපි දිනෙන් දින අත්දකිමින් සිටිමුx ඉහත දැක්වූ ෙඡ්දය ඇතුළත් ලිපිය, මෑතකදි මුද්‍රණයෙන් නිකුත් වූ ‘ඉන්දියාව ලංකාව හා නිදහස් සම්ප‍්‍රදාය’ නමැති ග‍්‍රන්ථයෙහි ඇතුළත්යx

අප රට පක්ෂ දේශපාලනය පිළිබඳ විවේචනය සිය පත පොත මගින් වික‍්‍රමසිංහ වරින් වර ඉදිරිපත් කළේ රටට හිතකර ජනසම්මතවාදී පාලකයන් පිරිසක් බිහිවනු දකිනු කැමැත්තෙනිx අප රට පාලනය භාර ගන්නා දේශපාලනඥයන්ට තිබිය යුතු ශික්ෂණය පිළිබඳව ‘ප‍්‍රජා පාලන ශික්ෂා’ වැනි මුල් කාලීන ග‍්‍රන්ථ වලින් පෙන්වා දුන් වික‍්‍රමසිංහ එම ශික්ෂණය නොමැති වීමේ විපාක 1956 ‘බමුණු කුලයේ බිඳ වැටීම’ නමැති ප‍්‍රශස්ත ලිපියෙන් අනාවරණය කළේයx වර්තමාන යුගයේ පවා සිටින අපේ බොහෝ දේශපාලනඥයන්ගේ සැබෑ ස්වරූපය 1962 දී පළකළ ‘සෝවියට් දේශයේ නැඟීම’ නමැති ග‍්‍රන්ථයෙහිලා වික‍්‍රමසිංහයන් පෙන්වා දී ඇත.

දයාපාල ජයනෙත්ති
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles