Divaina - පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ කාර්යභාරය කෙසේ විය යුතුද?

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

fea8 2ස්වකීය මැතිවරණ කොට්ඨාශය තුළ පමණක් නොව පොදුවේ සමාජය තුළ විවිධ කණ්ඩායම් ඒකරාශී කොට (සංවිධානය කොට) විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතුය. එම කටයුත්තේදී, විවිධ පිරිස් සමඟ සාකච්ඡුා කොට සම්මුතීන්ට එළැඹීමේ හැකියාවක් ද තිබිය යුතුය. විශ්ලේෂණය සහ ගැටලූ විසඳීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතු තවත් වැදගත් නිපුණතා දෙකක් වන්නේය. තමන්ට ලැබෙන දත්ත හා තොරතුරු විශ්ලේෂණය කොට නිවැරදි නිගමනවලට එළැඹීමේ හැකියාව මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතුය. එමෙන්ම, සමාජය තුළ පවත්නා නා නා ප‍්‍රකාර ගැටලූවලට විසඳුම් ලබාදීමේ හැකියාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතුය. හුදු පොතේ ගුරෙකු නොවී, විවිධ සමාජයීය ගැටලූවලට අලූත් ආකාරයේ විසඳුම් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට හැකි විය යුතුය. විසිඑක් වැනි සියවසේ සාර්ථක පුද්ගලයකු වීමට නම් ඕනෑම අයකුට තිබිය යුතු අත්‍යවශ්‍ය නිපුණතාවයක් වන සන්නිවේදන හැකියාව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඉහත කී පරිදි, වචනයේ අර්ථයෙන්ම පාර්ලිමේන්තුව යනු කතාබහ කරන, සාකච්ඡුා කරන ස්ථානයක් වන හෙයින්, එහි සාමාජිකයන්ට ඉහළ මට්ටමේ සන්නිවේදන හැකියාවක් තිබිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත්තේය.

නවවැනි පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීම සඳහා  පසුගිය අගෝස්තු 5 වැනි බදාදා පැවැති ඡුන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබාගැනීමට සමත් වූයේය. ඡුන්ද 6,853,693ක් (59.09%ක ප‍්‍රතිශතයක්) ලබාගත් පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර 17ක් ද සමගින්, ආසන 145ක් දිනාගැනීමට සමත් වූයේය. දෙවෙනි ස්ථානයට පත්වූ සමගි ජන බලවේගයට ලබාගත හැකිවූයේ ඡුන්ද 2,771,984ක් (23.90%ක ප‍්‍රතිශතයක්) පමණය. ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර 7ක් ද සමගින්, සමගි ජනබලවේගයට පාර්ලිමේන්තු ආසන 54ක් හිමි වූයේය. සමගි ජන බලවේගයට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ වැඩි ඡුන්ද ප‍්‍රමාණය ලක්‍ෂ හතළිහකටත් වැඩිය. සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ තනි දේශපාලන පක්‍ෂයක් ලැබූ උපරිම ඡුන්ද ප‍්‍රමාණය සහ පාර්ලිමේන්තු ආසන ගණන මෙය වන අතර, ඒ නිසාම මෙය සුවිශේෂී ඓතිහාසික ජයග‍්‍රහණයක්ම වන්නේය.

මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නවක මන්ත‍්‍රීවරුන් රැුසක් තේරී පත්වීමද, ඔවුන් අතරින් බහුතරයක් විශාල මනාප ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමද තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ  ”සෞභාග්‍යයේ දැක්ම’’ වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා ලබාදුන් ජනවරමක් ලෙස, මෙම පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵලය අර්ථ දැක්විය හැකි වන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩ කරන්නට අවශ්‍ය බලය, මෙම මැතිවරණයේදී ජනතාව විසින් ලබාදී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ එම පසුබිම තුළය. එහෙත්, සෞභාග්‍යයේ දැක්මේ ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට නම්, අලූතින් පත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය වන්නේය. පූර්ණ කැපවීම අවශ්‍ය වන්නේය. ඒ සඳහා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ භූමිකාව කුමක් දැයි නිවැරදිව වටහා ගැනීම අවශ්‍ය වන්නේය. පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමක්ද, මන්ත‍්‍රීවරයකුගේ කාර්යභාරය කුමක් විය යුතු ද වැනි කරුණු නිවැරදිව වටහා ගැනීම අවශ්‍ය වන්නේය.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය වටහා ගැනීමේදී, පළමුකොටම, පාර්ලිමේන්තුව :ඡු්රකස්පැබඑ) නමැති ඉංග‍්‍රීසි වචනයේ මූලාරම්භය පිළිබඳව දළ අදහසක් හෝ ලබා තිබීම ප‍්‍රයෝජනවත් වන්නේය. ඡු්රකස්පැබඑ නමැති ඉංග‍්‍රීසි වදන, ”පාලර්’’ :ඡු්රකැර) නමැති ප‍්‍රංශ වචනයෙන් බිඳී ආවක් වන අතර, එම ප‍්‍රංශ වචනයේ තේරුම කතාබහ කිරීම, සාකච්ඡුා කිරීම යන්නයි. ඒ අනුව, පාර්ලිමේන්තුව යනු සාකච්ඡුා කරන ස්ථානයක් වන්නේය. එක්තරා කාලයකදී ලාංකේය පාර්ලිමේන්තුව ”රාජ්‍ය මන්ත‍්‍රණ සභාව’’ නමින් හඳුන්වනු ලැබූ අතර,  ”මන්ත‍්‍රණය’’ යන සංස්කෘත වචනයේ තේරම ද සාකච්ඡුා කිරීම යන්නයි. ඒ අනුව බලනා විට, ඉංග‍්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ද පාර්ලිමේන්තුව යනු සාකච්ඡුා කරන ස්ථානයකි. එපමණක් නොව, මන්ත‍්‍රීවරයා යන වචනය බිඳී ආ ඇත්තේද මන්ත‍්‍රණය යන සංස්කෘත වදනින්ම වන අතර, ඒ අනුව, මන්ත‍්‍රීවරයා යනු සාකච්ඡුා කරන්නෙක් වන්නේය.

fea8 1ලන්ඩන් ආර්ථික විද්‍යා කොලීජියේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය පාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස වසර පනහකට වැඩි කාලයක් සේවය කළ, සම්මානිත මහාචාර්ය ජෝර්ජ් ජෝන්ස් (1938-2017), පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ පැවැත්වූ අයෙකි. මහාචාර්ය ජෝර්ජ් ජෝන්ස්ගේ අදහස අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගෙන් ඉටුවිය යුතු ප‍්‍රධාන කාර්යයන් අතර, විවිධ විෂයන් අරභයා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයන්ට සහභාගි වීම, සමාජාර්ථික හා දේශපාලනමය කරුණු සම්බන්ධයෙන් ස්වකීය මතය ඉදිරිපත් කිරීම හා ඒ ගැන ජනතාව දැනුවත් කිරීම මුල් තැනට එන්නේය. අනෙක් අතට, නීති සම්පාදනය, මූල්‍ය කටයුතු ඇතුළු රජයේ සියලූ කාර්යයන් අධීක්‍ෂණය කිරීම, රටට වැදගත් විෂයයන් සම්බන්ධයෙන් විවාද කිරීම යන කරුණු පාර්ලිමේන්තුවක ප‍්‍රධාන කාර්යයන් බව මහාචාර්ය ජෝර්ජ් ජෝන්ස් පෙන්වා දෙන්නේය. එංගලන්තයේ පමණක් නොව, පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක වන ලෝකයේ හැම රටකම පාහේ පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන රාජකාරි හැටියට සැලකෙන්නේ ඉහත කී කාර්යයන්ය. උදාහරණයක් ලෙස, නවසීලන්ත පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන කාර්යයන් ලෙස ගැනෙන්නේ, නව නීති සම්පාදනය හා පවත්නා නීති සංශෝධනය කිරීම, රජයේ මුදල් භාවිතය අධීක්‍ෂණය හා වැය ශීර්ෂ අනුමත කිරීම, රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේදී වගවීම් ක‍්‍රියාවලිය සහතික කිරීම, පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම යන කටයුතුය.

ප‍්‍රවීණ ලාංකේය දේශපාලනඥයකු වන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා ද පසුගියදා පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවක් තුළ සිටිය යුත්තේ ප‍්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනය, මූල්‍ය අධීක්‍ෂණය සහ ජනතා (අදහස්) නියෝජනය කළ හැකි මන්ත‍්‍රීවරුන් බවය. මීට අමතරව, ලාංකේය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග‍්‍රහයක්, 2018 මාර්තු 7 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව බොහෝ දෙනෙක් නොදනිති. සෑම මන්තී‍්‍රවරයකුම සිය බලතල ක‍්‍රියාත්මක කිරීමේදී, කාර්ය කිරීමේදී සහ කර්තව්‍ය ඉටුකිරීමේදී පොදුවේ ජාතියේ යහපත සහ විශේෂයෙන් සිය ඡුන්දදායකයන්ගේ යහපත පිණිස ක‍්‍රියාකළ යුතු බව, එම චර්යාධර්ම සංග‍්‍රහයේ 5 වැනි වගන්තියේ සඳහන් වන්නේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය :ෂබඑැර ඡු්රකස්පැබඒරහ ඹබසදබ – ෂඡුඹ) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැසටහන එක්ව, ජගත් පාර්ලිමේන්තු වාර්තාව :ඨකදඉ්ක ඡු්රකස්පැබඒරහ ඍැචදරඑ – ඨඡුඍ) නමින් වූ වාර්තාවක් සකස් කරනු ලබන අතර, මෑතකදී එම වාර්තාව සඳහා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ ප‍්‍රධාන කාර්යය කුමක්ද යන මැයින් අන්තර්ජාතික සමීක්‍ෂණයක් දියත් කරනු ලැබීය. එම සමීක්‍ෂණයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 52.3%ක පිරිසක් සිය ප‍්‍රධාන රාජකාරිය ලෙස සලකන්නේ, නීති සම්පාදනය බව අනාවරණය වූයේය. ඒ අතරින් 17.2%ක පිරිසක්, රජයේ කටයුතු අධීක්‍ෂණය තම වැදගත්ම කාර්යය හැටියට සලකන බවත්, 12.5%ක පිරිසක් ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මුල්තැන දෙන බවත් අනාවරණය වූයේය. කෙසේ වුවද, මෙම සමීක්‍ෂණයට සහභාගි වූ ඡුන්දදායකයන්ගේ ප‍්‍රතිචාරය මීට වඩා වෙනස් වූ අතර, ඡුන්දදායකයන් 36.4%ක අදහස වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ ප‍්‍රධාන කාර්යය ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම බවය. නීති සම්පාදනය මන්ත‍්‍රීවරයකුගේ මූලික රාජකාරිය බව ඡුන්දදායකයන් 20.2%ක පිරිසක් පිළිගන්නා බවත්,

රජයේ කටයුතු අධීක්‍ෂණයට ප‍්‍රමුඛතාවය දිය යුතු බව 16.2%ක පිරිසක් පිළිගන්නා බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව අනාවරණය වූයේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ ප‍්‍රධාන කාර්යය පිළිබඳව, මන්ත‍්‍රීවරුන් හා ඡුන්දදායකයන් දරනා අදහස් එකිනෙකට වෙනස් බව මෙම සමීක්‍ෂණ ප‍්‍රතිඵල යළිත් වතාවක් තහවුරු කරන්නේය. මෙම ලක්‍ෂණය ලාංකේය දේශපාලනයට පමණක් සුවිශේෂී වූවක් නොව ලෝකයේ බොහෝ රටවලට පොදු වූවක් බව, මෙම සමීක්‍ෂණ ප‍්‍රතිඵල පෙන්වා දෙන්නේය.

මෙයාකාරයට, එකිනෙකාගේ ප‍්‍රමුඛතාවයන් වෙනස් වුවද, පාර්ලිමේන්තුවේ කාර්යයන් හරිහැටි ඉටුකිරීම සඳහා, මන්ත‍්‍රීවරුන් සතුව තිබිය යුතු විශේෂ නිපුණතා කිහිපයක් ද ඇත්තේය. සංවිධාන හැකියාව, සාකච්ඡුා මගින් සම්මුතිවලට එළැඹීමේ හැකියාව, විශ්ලේෂණ හැකියාව, ගැටලූ විසඳීමේ හැකියාව, සන්නිවේදන හැකියාව යන නිපුණතා ඒ අතුරින් මුල් තැනට එන්නේය.

ස්වකීය මැතිවරණ කොට්ඨාශය තුළ පමණක් නොව පොදුවේ සමාජය තුළ විවිධ කණ්ඩායම් ඒකරාශී කොට (සංවිධානය කොට) විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතුය. එම කටයුත්තේදී, විවිධ පිරිස් සමඟ සාකච්ඡුා කොට සම්මුතීන්ට එළැඹීමේ හැකියාවක් ද තිබිය යුතුය. විශ්ලේෂණය සහ ගැටලූ විසඳීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතු තවත් වැදගත් නිපුණතා දෙකක් වන්නේය. තමන්ට ලැබෙන දත්ත හා තොරතුරු විශ්ලේෂණය කොට නිවැරදි නිගමනවලට එළැඹීමේ හැකියාව මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතුය. එමෙන්ම, සමාජය තුළ පවත්නා නා නා ප‍්‍රකාර ගැටලූවලට විසඳුම් ලබාදීමේ හැකියාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතුව තිබිය යුතුය. හුදු පොතේ ගුරෙකු නොවී, විවිධ සමාජයීය ගැටලූවලට අලූත් ආකාරයේ විසඳුම් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට හැකි විය යුතුය. විසිඑක් වැනි සියවසේ සාර්ථක පුද්ගලයකු වීමට නම් ඕනෑම අයකුට තිබිය යුතු අත්‍යවශ්‍ය නිපුණතාවයක් වන සන්නිවේදන හැකියාව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඉහත කී පරිදි, වචනයේ අර්ථයෙන්ම පාර්ලිමේන්තුව යනු කතාබහ කරන, සාකච්ඡුා කරන ස්ථානයක් වන හෙයින්, එහි සාමාජිකයන්ට ඉහළ මට්ටමේ සන්නිවේදන හැකියාවක් තිබිය යුතු බව අමුතුවෙන් කිවයුතු නැත්තේය.

මේ අනුව බලනා විට, අලූතින් තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් සිය ජයග‍්‍රහණයෙන් ඔලූව උදුම්මා නොගෙන, ඉහත කී නිපුණතා ප‍්‍රගුණ කිරීමට උත්සාහ දැරිය යුතු වන්නේය. මෙම නිපුණතා යම් මට්ටමකින් දැනටමත් තමන් සතුව ඇත්නම්, ඒවා වැඩි දියුණු කරගැනීමට උත්සාහ දැරිය යුතු වන්නේය. ඊට සමගාමීව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ කාර්යභාරය කෙසේ විය යුතු දැයි නිවැරදිව වටහා ගැනීමට උත්සාහ දැරිය යුතු වන්නේය. නවවැනි පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත‍්‍රීවරුන්ට පමණක් නොව, ප‍්‍රවීණයන් ලෙස සැලකෙන සමහර පැරණි මන්ත‍්‍රීවරුන්ටද මෙම කරුණු අදාළ වන්නේය. මන්ද යත්, මීට කලින් විවිධ කාලවලදී පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් රටා හා ක‍්‍රියාකලාපයන්, මහජන නියෝජිතයකුට කිසිසේත්ම නොගැළපෙන්නේය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles