Divaina - විද්‍යාවේ අගය වැටහෙන මන්ත‍්‍රීවරුන් අවශ්‍යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

fea8 1ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ රාජ්‍ය නායකයන් දෙපළ නව කොරෝනා වසංගතයට ප‍්‍රතිචාර දැක්වූ අන්දම සැසඳීමකට ලක්කරනු ලැබුවේ, ඒ මගින් අපට අපූරු පණිවිඩයක් ලැබෙන නිසාය. ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ කවරාකාරයේ දේශපාලනඥයන්ද යන්න පිළිබඳව අපූරු පණිවිඩයක් ලැබෙන නිසාය. ඉදිරි පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ මහ හඬින් කෑගසන පුද්ගලයන් නොව, හොඳින් සිතාමතා අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය කළ හැකි උගත් බුද්ධිමත් දේශපාලනඥයන් බව ප‍්‍රවීණ දේශපාලනඥයකු හා හිටපු ඇමැතිවරයකු වන ඩිව් ගුණසේකර මහත්මා පසුගියදා පවසා තිබුණේය. පාර්ලිමේන්තුවක් තුළ සිටිය යුත්තේ ප‍්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනය, මූල්‍ය අධීක්‍ෂණය සහ ජනතාව නියෝජනය කළ හැකි මන්ත‍්‍රීවරුන් බවත්, පසුගිය පාර්ලිමේන්තුවේ එවන් මන්ත‍්‍රීවරුන් සිටියේ අතළොස්සක් බවත් ඩිව් ගුණසේකර මහතා තවදුරටත් පවසා තිබුණේය.

තව මාසයකින් පමණ රට මුළුමණින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව, පසුගියදා රැුස්වූ කැබිනට් මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡුා කරන ලද බව මාධ්‍ය වාර්තා කොට තිබුණේය. එමෙන්ම, පසුගිය අපේ‍්‍රල් 30 වැනිදා සිට මේ දක්වා වූ කාලය තුළ ප‍්‍රජාව තුළින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවූ හෙයින්, දෙවෙනි රැුල්ලක් ලෙස කොවිඞ්-19 වෛරසය නැවත වතාවක් මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් නැතැයි අනුමාන කළ හැකි බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසූ බව ද මාධ්‍ය වාර්තා කොට තිබුණේය. මෙම තොරතුරුවලින් කියැවෙන්නේ, මේ වන විට, නව කොරෝනා වසංගතය බොහෝ දුරකට පාලනය කිරීමට අපේ රට සමත් වී ඇති බවය. කොරෝනා වසංගතය මර්දනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව දියත් කළ වැඩපිළිවෙළ ප‍්‍රශංසනීය බව, පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දුරකථන ඇමතුමක් දුන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ද පවසා තිබුණේය. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහනේ සාර්ථකත්වය පාකිස්තානයේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ඇගයීමට ලක්ව ඇත්තේය.

ලාංකේය කොරෝනා මර්දන වැඩසටහනේ සාර්ථකත්වයට බලපෑ හේතු සාධක මොනවාද? රජයේ වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් දැක්වූ කැපවීම සාර්ථකත්වයේ රහස යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ජනාධිපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්‍ෂක අංශ අතර පැවැති මනා සම්බන්ධීකරණය මෙන්ම, බහුතර ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම ද, කොවිඞ්-19 වෛරසයට එරෙහි සටනට ධනාත්මක බලපෑමක් ඇතිකළ බව ඇත්තය. මේ සියල්ලට අමතරව, කොරෝනා මර්දන වැඩසටහන පුරාවට තවත් සුවිශේෂී ලක්‍ෂණයක් දැකගත හැකි වූ බව අපගේ නම් අදහස වන්නේය. ශ්‍රී ලංකාව තුළ කොවිඞ්-19 වෛරසයේ පැතිරීම ආරම්භවීමත් සමඟම කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනු ලැබූ අතර, ඒ සඳහා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ හා ආරක්‍ෂක අංශවල විශේෂඥයන් පත්කරනු ලැබීය. ජනාධිපතිවරයා මෙන්ම රජයේ වගකිවයුතු හැම කෙනෙකුම පාහේ විශේෂඥ මතයට සවන්දීම නව කොරෝනා වසංගතයට එරෙහි සටනේදී දක්නට ලැබුණු සුවිශේෂී ලක්‍ෂණයක් වූයේය. වෙනදා මෙන් නොව, අදාළ පුද්ගලයාට අදාළ රාජකාරිය ඉටුකිරීමට අවශ්‍ය ඉඩකඩ ලබාදීමත්, ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද උපදෙස් හා නිර්දේශ ක‍්‍රියාවට නැංවීමත් කොරෝනා මර්දන වැඩසටහන පුරාවට දැකගත හැකි වූ සුවිශේෂී ලක්‍ෂණයක් වූයේය.

අපේ රටේ තත්ත්වය මෙතරම් සතුටුදායක වුවද, ලෝකයේ බොහෝ රටවල (දියුණු යැයි සැලකෙන රටවල පවා) වාතාවරණය මීට හාත්පසින්ම වෙනස් වූයේය. කොරෝනා වසංගතය හමුවේ දැඩි අසීරුතාවකට පත්ව ඇති ඇමෙරිකා එක්සත් ජනපදය මීට කදිම නිදසුනක් වන අතර, මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන දෙක ඉක්මවා ඇත්තේය. කොරෝනා වෛරසය වැළඳී මියගිය ගණන ලක්‍ෂය ඉක්මවා ඇත්තේය. මීට කලින්ද අප විසින් පෙන්වා දී ඇති පරිදි, කොවිඞ්-19 වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය ආක‍්‍රමණය කළ දා සිටම ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විද්‍යා විරෝධී, විශේෂඥ විරෝධී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. (2020 ජූනි 22 දා ”දිවයින’’ බලන්න.) කොවිඞ්-19 යනු අපට නිතර හමුවන සාමාන්‍ය වෛරසයක් වන බැවින් ඒ ගැන පමණට වඩා කලබල විය යුතු නැතැයි පැවසූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්, කොරෝනා වසංගතය පැවතියද සුපුරුදු ලෙස දෛනික කටයුතුවල නිරත වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කොරෝනා වසංගතය හමුවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිචාරය හා හැසිරීම සලකා බැලීමේදී පැහැදිලි වන වැදගත්ම සාධකය වන්නේ, ඔහු විසින් හිතාමතාම විද්‍යාඥයන්ගේ, වෛද්‍ය විශේෂඥයන්ගේ අවවාද - අනුශාසනා නොසලකා හරින ලද බවය. අප රටේ රාජ්‍ය නායකයා මෙන් විශේෂඥ මතයට සවන් නොදුන් බවය. මේ හේතුවෙන්, අතිශය ඛේදණීය තත්ත්වයකට මුහුණපෑමට අද ඇමෙරිකා එක්සත් ජනපදයට සිදුව ඇත්තේය.

අප විසින් මෙයාකාරයට, ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ රාජ්‍ය නායකයන් දෙපළ නව කොරෝනා වසංගතයට ප‍්‍රතිචාර දැක්වූ අන්දම සැසඳීමකට ලක්කරනු ලැබුවේ, ඒ මගින් අපට අපූරු පණිවිඩයක් ලැබෙන නිසාය. ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ කවරාකාරයේ දේශපාලනඥයන්ද යන්න පිළිබඳව අපූරු පණිවිඩයක් ලැබෙන නිසාය. ඉදිරි පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ මහ හඬින් කෑගසන පුද්ගලයන් නොව, හොඳින් සිතාමතා අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය කළ හැකි උගත් බුද්ධිමත් දේශපාලනඥයන් බව ප‍්‍රවීණ දේශපාලනඥයකු හා හිටපු ඇමැතිවරයකු වන ඩිව් ගුණසේකර මහත්මා පසුගියදා පවසා තිබුණේය. පාර්ලිමේන්තුවක් තුළ සිටිය යුත්තේ ප‍්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනය, මූල්‍ය අධීක්‍ෂණය සහ ජනතාව නියෝජනය කළ හැකි මන්ත‍්‍රීවරුන් බවත්, පසුගිය පාර්ලිමේන්තුවේ එවන් මන්ත‍්‍රීවරුන් සිටියේ අතළොස්සක් බවත් ඩිව් ගුණසේකර මහතා තවදුරටත් පවසා තිබුණේය.

ඩිව් ගුණසේකර මහතා නිවැරදිව අවධාරණය කරනා පරිදි, නීති සම්පාදනය සහ ප‍්‍රතිපත්ති සම්පාදනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධාන රාජකාරියක් වන්නේය. සාමාන්‍යයෙන් රටකට ගැළපෙන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී සහ ඒවා ක‍්‍රියාවට නැංවීමේදී, අදාළ ක්‍ෂේත‍්‍රයන්හි විශේෂඥයන්ගේ මෙන්ම පොදුවේ විද්‍යාඥයන්ගේ ද උපදේශ - නිර්දේශ සැලකිල්ලට ගැනීම වැදගත් වන්නේය. වර්තමාන ලෝකයේ, මානව සමාජයේ සියලූ පැතිමානයන්ට අදාළව විද්‍යාත්මක පර්යේෂණ සිදුකෙරෙන අතර, එම විද්‍යාත්මක දත්ත හා තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ (පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ) වගකීම වන්නේය. කිසියම් ප‍්‍රතිපත්තියක් අලූතින් හඳුන්වාදීමේදී මෙන්ම එය ක‍්‍රියාවට නැංවීමේදී ද, එය සාර්ථකවීමේ සම්භාවිතාවය, ඉන් ජනතාවට ඇතිවන ප‍්‍රතිලාභ වැනි කරුණු සම්බන්ධයෙන් විද්‍යාත්මක ඇගයීම් දියත් කිරීම අවශ්‍ය වන්නේය. කිසියම් ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමේදී, එයින් ඉදිරි අනාගතයේදී ඇතිවිය හැකි බලපෑම කල්තියා පුරෝකථනය කිරීම සඳහා, ඒ වෙනුවෙන්ම සකස් කරන ලද විද්‍යාත්මක (පරිගණක) ආකෘති අද විද්‍යාව සතුව ඇත්තේය. එවැනි විද්‍යාත්මක ආකෘති හරහා ඉදිරිපත් කෙරෙන පුරෝකථන මත පදනම්ව තීන්දු තීරණ ගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම වන්නේය. (මෙහිලා විද්‍යාව යනුවෙන් අදහස් කෙරෙන්නේ හුදෙක් ස්වභාවික විද්‍යාවන් පමණක් නොව, මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යාවන් ඇතුළු සියලූම විද්‍යා ක්‍ෂේත‍්‍රයන් බව වටහාගත යුතුය.)

තවත් පැත්තකින් බලනා විට, අපේ සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හරිහැටි අවබෝධ නොවූවද, ප‍්‍රතිපත්ති සම්පාදනය යනු ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයක් බවද අමතක නොකළ යුතු වන්නේය. විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රතිඵල එයාකාරයෙන්ම, ගෙඩි පිටින්ම ප‍්‍රතිපත්තිවලට ඇතුල් කළ නොහැකි බවද අමතක නොකළ යුතු වන්නේය. ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා විද්‍යාත්මක පර්යේෂණ දත්ත හා තොරතුරු සැලකිල්ලට ගැනීමේදී, ඒවා පූර්ණ විශ්ලේෂණයකට ලක්කළ යුතු වන්නේය. ඒ අනුව බලනා විට, විද්‍යාත්මක දත්ත හා තොරතුරු අවබෝධ කරගැනීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාව ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට (පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට) තිබිය යුතුය.

කෙසේ වුවද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම විද්‍යාඥයන් විය යුතු බවක් හෝ එවන් මට්ටමක අධ්‍යාපනයක් ලබා තිබිය යුතු බවක් මෙහිලා කිසිසේත්ම අදහස් නොකෙරෙන්නේය. අනෙක් අතට, ඉහළ අධ්‍යාපනයක් ලබාගත් ඇතැම් උදවිය ක‍්‍රියාකාරී දේශපාලනය තුළ අසාර්ථක විය හැකි බවට උදාහරණ අප රටෙන් මෙන්ම ලෝකයේ වෙනත් රටවලින් ද ඇති තරම් දැකගත හැකිය. සමහර උගත් දේශපාලනඥයන් සිය උගත්කමට මුවා වී ජනතාව නොමඟ යවන බවට උදාහරණ ඇති තරම් දැකගත හැකිය. මෙහිලා අප අවධාරණය කරන්නේ, ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ භූමිකාව ඉටුකිරීමට බැඳී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විද්‍යාත්මක දත්ත හා තොරතුරුවල අගය වැටහෙන පිරිසක් විය යුතු බවය. විද්‍යාවේ අගය වැටහෙන පිරිසක් විය යුතු බවය. විද්‍යාඥයන්ගේ උපදේශ-නිර්දේශවලට ගරු කරන, විශේෂඥ මතයට සවන් දෙන පිරිසක් විය යුතු බවය. ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නිසා, තමන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතාගෙන, තමන් සියල්ල දන්නේ යැයි සිතාගෙන අඳ බාලයන් ලෙස හැසිරෙන පිරිසක් නොවිය යුතු බවය.

මීට අමතරව, ඒ ඒ ක්‍ෂේත‍්‍ර සඳහා රජයේ මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීමේ වගකීම පැවරෙන්නේද පාර්ලිමේන්තුවටය. එනම්, රටේ ඉදිරි ගමනට වැදගත්ම ක්‍ෂේත‍්‍රයක් වන විද්‍යාත්මක පර්යේෂණ සඳහා රජයේ මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටය. වර්තමාන ලෝකයේ ඕනෑම රටක් ඉදිරියට ඇදෙන්නේ, සංවර්ධන මාවතේ ජයකෙහෙලි නංවන්නේ විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්වය. විද්‍යාඥයන්ගේ නව සොයාගැනීම් මත පදනම්වය. අනෙක් අතට, විද්‍යාත්මක පර්යේෂණ සාර්ථකව පවත්වාගෙන යෑමට නම් ඒ සඳහා නිසි ආයෝජනයක් සිදුවිය යුතුය. විද්‍යාත්මක පර්යේෂණ සඳහා කෙරෙන ආයෝජනය, ලෝකයේ එක් එක් රටවල එක් එක් මට්ටමින් සිදුවන අතර, ඇතැම් රටවල රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද දායකත්වය සැපයෙන්නේය. පර්යේෂණ ක්‍ෂේත‍්‍රයට වැඩිපුර මුදල් ආයෝජනය කරන රටවල විද්‍යාවේ හා තාක්‍ෂණයේ වේගවත් වර්ධනයක් දක්නට ලැබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකයේද සීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබෙන්නේය. ඒ හරහා රටේ සමස්ත ජනතාවටම ප‍්‍රතිලාභ ලැබෙන්නේය.

නිදසුනක් ලෙස, ජගත් නවෝත්පාදන දර්ශකයේ ඉදිරියෙන් සිටින රටවල විද්‍යාත්මක පර්යේෂණ සඳහා රජයෙන් වෙන් කෙරෙන මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණය ද ඉහළ මට්ටමක පවතින්නේය. මෙහිදී, නෙදර්ලන්තය, නෝර්වේ, නවසීලන්තය වැනි රටවල පර්යේෂණ ක්‍ෂේත‍්‍රයට පෞද්ගලික අංශයෙන් සිදු කෙරෙන ආයෝජනය ඉතා අඩු මට්ටමක පවතින අතර, ඒ නිසාම රජය වැඩි මුදලක් වෙන් කරන්නේය. මෙම රටවල් තුනම ජගත් නවෝත්පාදන දර්ශකයේ ඉදිරියෙන් සිටින රටවල් වන අතර, නෙදර්ලන්තයට ලෝකයේ දෙවෙනි තැන හිමිව ඇත්තේය. අපට වැටහෙන පරිදි, මෙම තත්ත්වයට බලපා ඇති ප‍්‍රධාන හේතුවක් වන්නේ එම රටවල මහජන නියෝජිතයන්ට (පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට) විද්‍යාත්මක පර්යේෂණවල වැදගත්කම පිළිබඳව නිසි වැටහීමක් තිබීමය. විද්‍යාවේ වැදගත්කම පිළිබඳව නිසි වැටහීමක් තිබීමය. ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී අප තෝරා පත්කළ යුත්තේ විද්‍යාවේ අගය වැටහෙන මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් යැයි අප පුන පුනා කියන්නේ මෙම පසුබිම තුළය.

fea8 2ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles