Divaina - මානසික රෝග බෝකරන පුද්ගලයන් සිටින බව ඔබ දන්නවාද

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

suwa20 1සේවා ස්ථානය තුළ මානසික පීඩනය ඇති වීමට හේතු
 
 මිනිසාගේ පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා දෙකක් බලපාන බව ෙභෙසජ්‍ය මංජුසා නමැති මෑතකදී, දේශීය ආයුර්වේද උරුමයක් වශයෙන් නම් කරන ලද ග‍්‍රන්ථයේ සඳහන් වී තිබේ. එනම් මිනිසා තුළ ජනිත වන්නා වූ කැමැත්ත සහ අකැමැත්තයි.
 
 අපි ඕනෑම කෙනෙක් දන්නා පරිදි අපව ක‍්‍රියාත්මක කරවන, ජීවත් කරවන ප‍්‍රධාන මානසික ප‍්‍රවනතාවන් දෙකක් ලෙස මෙය නම් කළ හැකිය. අපි කරන කියන සියලූ වැඩ කටයුතු රඳා පවතින්නේ මෙම ප‍්‍රවනතා දෙක මත යැයි කීම නිවැරදිය. මෙහි තිබෙන වැදගත්ම කොටස නම් අපි එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරගෙන යෑමේදී අපි බලාපොරොත්තු වන කැමැති දේ නොලැබීමත්, අකැමැති දේ ලැබීමත් නිසා පුද්ගල මනස තුළ ජනිත වන්නා වූ විපරීත තත්ත්වයයි. මෙය ඉච්ජා භංගත්වය, අපේක්ෂා භංගත්වය යන විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. පුද්ගලයාගේ මනස තුළ උත්පාදනය වන මානසික ආතතිය ඇතිවීමේ මූලික පදනම ලෙසත් මෙම ඉච්ජා භංගත්වය අපට නම් කළ හැකියි.
 
 පුද්ගලයෙකු තමා බලාපොරොත්තු වන ඉලක්ක හෝ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට යෑමේදී එම ඉලක්ක හෝ අපේක්ෂා කරන නිෂ්ඨාවට යෑමේදී ඇති වන බාධා නිසා එම නිෂ්ඨාව ප‍්‍රතිශෝධනය වීම මෙම ඉච්ජා භංගත්වය ඇතිවීමේ මූලික පදනම සහ සංසිද්ධිය හැටියට මනෝ විද්‍යාව තුළ කතා බහට ලක්වේ.
 
 නිෂ්ඨාව යනු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණයි. එසේ නැතිනම් අවසාන කෙළවරයි. චේතනාව යනු ඒ සඳහා පුද්ගලයා මෙහෙයවන ආශාවයි. මෙම ඉච්ජාභංගත්වය නිසා එසේ නැතිනම් අපේක්ෂා භංගත්වය නිසා පුද්ගල මනස තුළ ඉතාම සුළු චිත්ත වේදනා වලින් ආරම්භ වී අති විශාල මානසික ඇද වැටීම් තත්ත්වයක් දක්වා ඇති වෙන මානසික ගැටලූ නිර්මාණය විය හැකිය. මේ හා සබැඳි කායික සහ මානසික ජෛව රසායනික ක‍්‍රියාවලියේ පවා විශාල වෙනසක් වන බව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී තිබේ.
 
 එමෙන්ම ආයුර්වේදයට සහ දේශීය වෛද්‍ය ක‍්‍රමයට අනුව පුද්ගලයාගේ
 
 නිරෝගී භාවය ආරක්ෂා කිරීමේලා ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ශාරීරික මෙන්ම මානසික දෝෂයන්හි පවා අසමතුළිත තත්ත්වයන් සහ අසමබර තත්ත්වයන් නිර්මාණය වීමට ඉහත සංසිද්ධිය බලපානු ඇත. එමගින් පුද්ගලයා තුළ කායික මෙන්ම මානසික රෝග රැුසක් නිර්මාණය වීමේ පසුබිම සැකසෙනු ඇත.
 
 අප ඕනෑම කෙනෙක් නිසංසල පරිසරයක ජීවත් වෙන්න, සාමකාමී පරිසරයක කාලය ගත කරන්න, කැමැති දේ නිරතුරුවම අපට ලැබෙනවාට, අකැමැති දේ නොලැබෙනවාට නිනැතින්ම අපේ මනස රුචියක් දක්වන බව අපි දනිමු. එය සාමාන්‍ය තත්ත්වයක් වුවත් හැම විටම අපට මේ තත්ත්වය සාමාන්‍ය ජීවිතයේදී නොලැබීම තමයි බොහෝ දෙනාට තිබෙන ප‍්‍රශ්නය වී තිබෙන්නේ.
 
 උදාහරණයක් ලෙස ඔබ සේවය කරන ඔබේ කාර්යාලයේ පරිසරය ඔබේ මානසික සෞඛ්‍යයට හිතකර පරිසරයක් නොවන්නේ නම් එය ඔබේ ඵලදායීතාව පහළ වැටීමට සෘජුව සහ වක‍්‍රාකාරයෙන් බලපාන්න පුළුවන් සාධකයක් ලෙස විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා.
 
 අනිලාගේ වයස අවුරුදු 27 යි. ඇය තමාගේ උපාධිය අවසන් කිරීමෙන් පසුව පෞද්ගලික බැංකු සේවිකාවක් ලෙසින් සේවයට එක් වුණා. ඉතාමත් ප‍්‍රබෝධයෙන් තමාගේ විශ්වවිද්‍යාල වැඩ කටයුතු කරගෙන ගිය අනිලා මූලික පුහුණුවකින් පසු තමන්ට පැවරුණු රාජකාරිය බැංකුව තුළ කරගෙන යෑමේදී ඇයගේ
 
 තිබූ ප‍්‍රබෝධමත් ක‍්‍රියාශීලී ජීවන රටාව කෙමෙන් ගිලිහෙන බවක් ඇයටම වැටහෙන්නට වුණා. මාස හයක පමණ කාලයක් සේවය කරන අතර තුර ඇයට ඇතැම් දිනවල රැුකියාවට යෑමට නොහැකි තරමේ තීව‍්‍රතාවකින් උත්පාදනය වන දරුණු හිස කැක්කුමක් විටින් විට ඇති වීමට පටන් ගත්තා. ඇය මා වෙත පැමිණියේ විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර රැුගෙන වෛද්‍ය පරීක්ෂණයන්ට පවා භාජන වීමෙන් පසුවයි. අවසාන නිගමනය වී තිබුණේ ඇයට කිසිම කායික රෝගී තත්ත්වයක් නොතිබෙන බවත් මානසික ආතතිය නිසා මෙවැනි වූ තත්ත්වයක් ඇතිව තිබෙන බවත්ය.
 
 බොහෝම ප‍්‍රබෝධයෙන් මුල් මාස කිහිපයේ රැුකියාව කළ අනිලාට මාස කිහිපයකට පසු රැුකියා ස්ථානයට යෑම මතක් වන විට පවා මෙම හිසරදය ඇති වන්නට වුණා. එපමණක් නොව ඇඟට දැනෙන අසාමාන්‍ය විඩාබර ගතිය, කෑම අරුචිය නිසා සිරුරේ බර අඩුවීම, තමාගේ වැඩ අතපසු වීමක් පවා ඇයට දැනෙන්නට වුණා. ඇයගේ රෝග ඉතිහාසය සහ ඒ පිළිබඳ සොයා බැලීමේදී ඇය විසින්ම සඳහන් කළ කරුණ වූයේ රැුකියා ස්ථානයේ අංශ ප‍්‍රධානියා වෙතින් ඇයට වන බලපෑම පිළිබඳවයි. ‘‘මගේ බ‍්‍රාන්ච් එකේ ඉන්න කිහිප දෙනෙක් විතරයි මට සපෝර්ටිව් ’’ ඇය පවසනවා. දවසට කිහිප සැරයක්ම මම මගේ බොස්ගෙන් බැනුම් අහනවා. වතාවකට මට විතරක් නෙමෙයි මට වඩා සීනියර් අයටත් පොඩි දේකටත් කෑ ගහනවා. වැරැුද්ද පෙන්නලා දෙන එක නෙමෙයි ප‍්‍රශ්නය, පෙන්නලා දෙන විදිහයි ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ ක‍්‍රමය මට දරා ගන්න බැහැ. මට දැන් එපා වෙලා.
 
 ‘‘සෙනසුරාදා, ඉරිදා නිවාඩු දවස් දෙකේ මම හරි රිලැක්ස්, හැබැයි ඉරිදා හවසට සඳුදා උදේ මතක් වෙන කොට මගේ ඇඟම පණ නැති වෙලා යනවා වගේ දැනෙනවා’’, ඇයගේ මැසිවිලි අතර වුණා.
 
 ප‍්‍රතිකාරයෙන් යථා තත්ත්වයට පත් වූ ඇය වෙනත් ශාඛාවකට වෛද්‍ය උපදෙස් මත මාරුකර ගැනීමටද හැකියාව ලැබීම සැබැවින්ම වාසනාවක්. දැන් ඇය පැමිණිලි කළ සියලූ කායික සහ මානසික අපහසුතා නොවීමෙන් ඇය ඉතා සතුටට පත් වෙලා. දැන් ඇය ඉතාම සතුටින් සේවයට යනවා.
 
 මේ කතාවෙන් මා පැහැදිලි කරන්නට උත්සාහ කළේ අපිට තමන් කැමැති දේ නොලැබීම නිසා අපේ මනස තුළ ඇතිවෙන්නා වූ සංකීර්ණ සහ ව්‍යාකූල තත්ත්වයයි. මෙම තත්ත්වය නිසා පුද්ගලයා තුළ කායික, මානසික සහ මනෝ කායික ආබාධතා ඇති වී සායන වලට පැමිණෙන පිරිස වැඩි වී තිබෙනවා.
 
 ඉහත කතාවේ සඳහන් කළ ඇයගේ කාර්යාලයේ අංශ ප‍්‍රධානියාගේ ක‍්‍රියාව නිසා ඔහු යටතේ සේවය කරන සියලූ දෙනාට ලොකු ආතතියක් නිර්මාණය වී ඇති බව අපට මෙහිදී පෙනෙනවා. යම් යම් අවස්ථාවල අපට අවවාද අනුශාසනා ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් එය හරි හැටි ක‍්‍රියාත්මක නොවී නම් අවවාද අනුශාසනා ලබන්නාට පීඩාකාරී තත්ත්වයන් මතු වන්නට පුළුවන්. සේවා ස්ථානයකදී නම් එම සේවා ස්ථානයේ නියම ඵලදායීතාව පහළ වැටීමට බලපාන්නට පුළුවන්. සැබැවින්ම එය ස්ථානය අනුව, නිවසක් නම් නිවෙසටත්, රැුකියා ස්ථානයක් නම් එම ස්ථානයටත් පමණක් නොව ප‍්‍රජාවටත්, රටටත් ප‍්‍රශ්නයක් විය හැකියි.
 
 පුද්ගල ඵලදායීතාව හීන වීම නිසා ඇතිවන කායික, මානසික, ආර්ථික ගැටලූ රාශියකට පසුබිම සැකසෙන්නට පුළුවන්. අපි දන්නවා ඩෙංගු රෝගය පතුරුවන ඩෙංගු මදුරුවාට කිසිම රෝගයක් නැහැ කියලා. හැබැයි මදුරුවා දෂ්ඨ කිරීමෙන් පසු මදුරුවා දෂ්ඨ කළ පුද්ගලයාට රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම අපේ සමාජය තුළත් මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්කරන මානසික රෝග බෝ කරන පුද්ගලයන් සිටින බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි. එහෙත් සත්‍ය කතාව නම් එවැනි පුද්ගලයන් සමාජය තුළ සිටින බවයි. ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය තමයි ඉහත සඳහන් කළේ.
 
 මේ වගේම දරුණු මානසික කඩා වැටීමකට ලක් වූ දරුවෙක් සායනයකදී මුණ ගැසුණා. මෙම දරුවා කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක දරුවෙක්. මේ දරුවා කඩා වැටීමට ප‍්‍රධාන හේතුව වී තිබුණේ දරුවාගේ
 
 පන්ති භාර ගුරුතුමිය විසින් කි‍්‍රයාත්මක කරවන දරුණු සාහසික දඬුවම් දීමේ ක‍්‍රියාවලියයි.
 
 යමෙකුට දිගින් දිගටම ක්ලමතය උපදවන ක්ලමතකාරී අත්දැකීම් වලට මුහුණදීමට සිඳුවීම නිසා මොළයේ ව්‍යුහාත්මක වෙනස්වීමක් පවා ඇති විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා.
 
 මේ නිසා පුද්ගලයා තුළ මානසික ආතතිය ජනිත වීම කෙරෙහි බලපාන සාධක අවම අයුරින් පවත්වා ගැනීමේ වගකීම ස්ථානය අනුව ප‍්‍රධානීන්ට පැවරෙන කර්තව්‍යයක්. එසේ නැති වී නම් එය රටක් හැටියට අප සියලූ දෙනාටම මුහුණ පෑමට සිදුවන බරපතළ ගැටලූවක් හැටියට අනාගතයේදී පත්වනු නොඅනුමානයි.
 
 මෙම ගැටලූවේ එක් පැත්තක් තමයි අපි සාකච්ජා කළේ. එනම් මෙම තත්ත්වයට පත්වන, ලක්වන පුද්ගලයා තුළ ආතතිය ජනිත වීම නිසා ඇතිවන තත්ත්වයයි. මෙහි අනිත් පැතිකඩ වන්නේ මෙම තත්ත්වය ඇති කරවන පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය පිරිහීම නිසා එම පුද්ගලයා යම් යම් ප‍්‍රතික‍්‍රියාවන් ලෙස දක්වන වැරදි ප‍්‍රතිචාර මත පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. මේ පිළිබඳ ඉදිරියේදී කතාබහ කරමු.

suwa20 4
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles