Divaina - යළි සරුබිමක් කළ යුතු පුංචි යාපනේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

soba20 1වැල්ලවාය තෙලූල්ල ආශි‍්‍රත ප‍්‍රදේශය කලකට පෙර රතු ලූනු කලාපයක් ලෙස ප‍්‍රචලිතව පැවතියේය. ඊට හේතු වූයේ එම ප‍්‍රදේශයේ ප‍්‍රධාන ආර්ථික වැවිල්ල ලෙස රතු ලූනු මහා පරිමාණයෙන් සහ ගෙවතු මට්ටමෙන් වගා කිරීමය.
 
 එක රතු ලූනු වගාව කෙතරම් ව්‍යාප්ත වී තිබුණේ ද යත් එම ප‍්‍රදේශය පුංචි යාපනේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී. තෙලූල්ලේ රතු ලූනු අංග පහකින් දිවයිනේ වෙනත් පෙදෙස්වල රතු ලූනුවලට වඩා ඉදිරියෙන් තිබූ බව ඉපැරණි ගොවීහු පෙන්වා දෙති. සැර ගතිය, පැහැය, රසය, ජල ප‍්‍රමාණය අවමව පැවතීම හැඩය ආදී ලක්ෂණවලින් පෙරමුණේ තිබූ රතු ලූනු වගාව ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රමාණාත්මකව පහත වැටුණේ ගොවියාට ද අනතුරු අඟවමිනි.
 
 එදා කොළඹ එළවළු වෙළෙඳපොළේ ප‍්‍රධාන පෙළේ වෙළෙඳ ප‍්‍රජාව වැල්ලවාය රතු ලූනු තොග ලැබෙන තුරු බලා සිටි බවත්, තම ගනුදෙනු හරියට බේරූ බවත් පවසන පැරණි රතු ලූනු ගොවීන් එකල තමන් රතු ලූනු හේතුවෙන් තම ආර්ථිකය නංවා ගත් බැව් පවසා සිටිති.
 
 එදා රතු ලූනු කලාපය වැල්ලවායේ ආර්ථිකයට මහත් ශක්තියක් ලබාදුන් අතර වැල්ලවාය, තෙලූල්ල හා ඇතිලිවැව ආශි‍්‍රත වෙළෙඳුන් හා ව්‍යාපාරිකයන් රතු ලූනු අස්වැන්න නෙලූ පසු ගෙවීමේ පොරොන්දුව පිට විශාල වශයෙන් මුදල් ලක්ෂ ගණනින් ගොවීන් වෙත මුදාහරින ලද්දේ අස්වැන්න පිළිබඳව කිසිදු බියක් නොමැති නිසාය.
 
 ගමේ කඩමංඩියට, සති වෙළෙඳපොළට සේම, තොග වෙළෙන්දාටත් අනතුරුව කොළඹ හතරවැනි හරස් වීදියටත් තම රතු ලූනු තොග බෙදා හරින ලද පුංචි යාපනේ රතු ලූනු කලාපයේ වත්මන් තත්ත්වය සොයා ගිය අපට දැක ගන්නට හා දැන ගන්නට ලැබුණේ රතු ලූනු වගාව ගොවීන්හට තහනම් වචනයක් වී ඇති සැටිය.
 
 ‘‘එදා රතු ලූනු යායවල් තිබුණේ හරියට ගොයම්වලින් පිරුණු කුඹුරක් වගෙයි. පේන තෙක් මානේ ලියදි ලියදි ලස්සනට කොළ පාටට පේනවා. වගාව මොන තරම් ලස්සන ද කිව්වොත් සමහර ගොවීන් ඇස්වහ කටවහ වදිනවට බයේ පිරිත් කියවලා පිරිත් පැන්, රතු ලූනු යායට ඉහිනවා. මමත් ඒ වගේ පිරිත් වතුර මතුරලා දුන්නු කෙනෙක්. අද බලන්නකො ලොකුවට වවාපු එක ගොවියෙක්වත් නෑ. තමන්ගේ වත්තෙ පිටියෙ ගෙවත්තේ පාන්ති කිපයක් හදාගන්න අය ඉන්නවා තම පාවිච්චියට’’
 
 රතු ලූනුවලට හිතකර තැනිතලා බිමක් තිබියදීත් වගා කිරීමේ අත්දැකීම් ඕනෑ තරම් සතුව ඇතිවත් වගාවෙන් ඉවත් වීමට හේතු වූ කරුණු කාරණා සොයා බැලූ අපට දැනගන්නට ලැබුෙණේ මූලික වශයෙන් කරුණු හයක් රතු ලූනු
 
p20 2 ගොවියා අඩපණ කර ඇති බවය. සැකෙවින් සටහන් කළොත් ඒවා මෙසේය.
 
 * අධික බීජ මිල
 
 * දිලීර ඇතුළු රෝග වැළඳීම
 
 * භූමිතෙල් මිල
 
 * ජල අපහසුව
 
 * වෙළෙඳපොළ
 
 * ගබඩා පහසුකම්
 
 ආදී වශයෙනි.
 
 මේ බලපෑම් තවදුරටත් විග‍්‍රහ කරන රතු ලූනු වගාවේ නියැළි ගොවි ප‍්‍රජාවගේ අදහස් කැටි කළහොත් මෙසේය.
 
 ‘‘රතු ලූනු හිටවන කාලෙට බීජ කිලෝ එකක් රුපියල් දෙතුන් සීයක් වන අවස්ථා තියෙනවා. එය ඇතැම්
 
 ගොවියකුට දරාගන්න අමාරුයි. බලාපෙරොත්තු නැති විදියට වගා බිමේදී නොයෙක් ලෙඩ රෝගවලට වගාව ගොදුරු වෙනවා. රෝග දෙක තුනක්ම හැදෙනවා. බෙහෙත් විකුණන මුදලාලිලා කියන බෙහෙත් ගැහුවත් ලෙඬේ එහෙමමයි. මේ විදියට අවස්ථා කීපයකදීම වගා වැනසුණා. කිරිඳි ගෙඟ් ජලය වතුර මෝටර්වලින් ලබා ගෙනයි අපි වගාවට දැම්මේ. භූමිතෙල් මිල ඉහළ ගියාම ඒක උහුලන්න බැරි වුණ හින්දා වගාවෙන් පිරිසක් ඈත් වුණා. ජලය කිරිඳි ගෙඟන් ගන්න බැරි අයට කිසියම් ක‍්‍රමවේදයක් හදලා කෘෂි ළිං වගා ළිං තිබුණා නම් ප‍්‍රශ්නය විසඳෙනවා. රතු ලූනු බීජ කිලෝවක් රුපියල් දෙසිය පනහට අරගෙන ගලවන කාලෙට කිලෝ එකක් රුපියල් 50.00 x 60.00 යි. එතකොට මොකද වෙන්නේ. නිසි මිලක් එනතුරු ලූනු තොග තියා ගන්න ගබඩා පහසුකම් නෑ. මේ ගැටලූ තමයි බලපෑවේ.
 
 අපේ රටේ රතු ලූනු අවශ්‍යතාවයෙන් යම් පමණක ප‍්‍රතිශතයක් තනා දෙන්නට වෙරදැරූ වැල්ලවායේ රතු ලූනු  ගොවියා නඟා සිටුවාලන්නට රජයේ කෘෂි බලධාරීන් ඉහළ මට්ටමින්ම මේ ප‍්‍රදේශයේ් අධ්‍යයනයක් කර නැති වී ගිය රතු ලූනු කලාපය යළි මතු කර පහත දැක්වෙන ගැටලූවලට විසඳුම් දීමට යුහුසුළු විය යුතුය.
 
 * බීජ රතු ලූනු (සුදුසු තත්ත්වයේ) ලබා ගැනීමේ අපහසුතා ඉවත් කර සාධාරණ මිලක් ඇති බීජ වෙළෙඳපොළ පෙන්වාදිය යුතුය.
 
 * කෘෂි උපදේශන සේවාවන් සඳහා පහසුකම් වඩාත් විධිමත් කළ යුතුය.
 
 * සහන මිලට භූමිතෙල් ලබා ගැනීමට වතුර මෝටර් හිමියනට දොර විවර කළ යුතුය.
 
 * අවශ්‍ය ස්ථානයන්හි වගා ළිං පිහිටු විය යුතුය.
 
 * අස්වනු නෙළන අවස්ථාවේදී සාධාරණ වෙළෙඳපොළක් සමීප කළ යුතුය.
 
 * ගබඩා පහසුකම් ඇති කර ගැනීමට මාර්ග පෙන්වාදිය යුතුය.
 
 වැල්ලවාය - දඹේගොඩ ජිනදාස
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles