Divaina - ළඟම මහජන පුස්තකාලය තක්ෂලාවක් කර ගනිමු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p14 1මෙරට කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන්්්් වසා දැමුණු පාසල් තවමත් විවෘත වී නොමැත. තෙමසකට අධික කාලයක් අපේ පුංචි දරුවන් නිවසට වී කාලය ගත කරන මේ මොහොතේ අධ්‍යාපන කටයුතු අඩාල කර ගැනීම ද සුදුසු ක‍්‍රියාවක් නොවේ. බොහෝ නගරබද පාසල්වල දුවා දරුවන්ට මාර්ගගත ක‍්‍රමය ඔස්සේ තම විෂය කරුණු ආවරණය සිදු කළත් නගරයෙන් බැහැර ගම්බද ප‍්‍රදේශවල දරුවන්ට එවැනි පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම අපහසු බවද අප දන්නා කරුණකි.
 
 පාසල්වල මාර්ගගත ක‍්‍රමයට (Online) ඉගැන්වීමත්, සමහර පාසල්වල එය සිදු නොවීමත් සම්බන්ධයෙන් බොහෝ දරුවන් මෙන්ම දෙමාපියන්ද මේ දිනවල කණස්සල්ලෙන් පසුවන බව අප දන්නෙමු. නිවසේ රැුඳී සිටින දරුවන් රූපවාහිනිය මෙන්ම කාටූන් අතර දවස ගෙවන බවද අපට අත්දැකීමෙන්ම කිව හැකිය.
 
 මේ කාලයේ පාසල් නොගියත්, මාර්ගගත ක‍්‍රමයට පාසල් වැඩ සිදු නොවුණත් ඔබට පාසලක පන්ති කාමරයකින් ලබා ගන්නා දැනුමට සමාන දැනුම් ගබඩාවක් ඔබ සමීපයේම ඇති බව ඔබේ දරුවාට වටහා දිය යුතුය. ඒ වෙන කිසිවක් නොව ඔබේ ගමේ, නගරයේ ඇති මහජන පුස්තකාලයයි.
 
 මහජන පුස්තකාලය, එහි ළමා අංශය ඔබේ දුවා දරුවන්ගේ පාසලක් බවට පත් කළ හැකි බව ඔබත් වටහා ගත යුතුය. එහි ඇති දැනුම් සම්භාරයේ වටිනාකම පිළිබඳ දරුවාට වටහා දිය යුතුය. ඔබේ දරුවා දැනුමින් පිරිපුන් මිනිසෙකු ලෙස රටට සමාජයට දායාද කිරීමට මහජන පුස්තකාලයක ඇසුර ලබාදිය යුතුමය. එය විටෙක පාසල් දරුවන්ගේ තක්ෂලාවකි. විටෙක පොදු මහජනතාවගේ විශ්වවිද්‍යාලයකි. දැනුම ගවේෂකයන්ගේ ඥාන කෝෂ්ඨාගාරයකි. සාහිත ලෝලීන්ගේ රස ගුලාවකි. ඔබ තවදුරටත් අපේ දරුවන්ට මොන ඔන්ලයින් ඉගැන්වීම්දැයි කියමින් මැසිවිලි නැගිය යුතු නැත. විෂය මාලා ආවරණය කරන්නේ කවදා දැයි කියා දුක්විය යුතු නැත. ටියුෂන්වලට යවන්නට හැකියාවක් නෑ කියමින් කනගාටුවිය යුතු නැත. ඔබේ දරුවාගේ සෑම විෂයකටම අදාළ පොත්පත් ඔබට නොමිලයේ, නිදහසේ කියවීමට ලබා දෙන තැන මහජන පුස්තකාලයයි. ඒ ඒ විෂයන්වලට අදාළ විෂය කරුණු අඩංගු පොත්පත් ගණනාවක් එහි ඇත. එපමණක් නොව විවේකීව ගතකරන කාලය තුළ තම විනෝදාස්වාදය පිණිස කියවිය හැකි (ඛැසිමරු ඍැ්ාසබට* නවකතා, කෙටිකතා වැනි පොත්පත් රැුසක් එහි ඇත.දරුවාගේ සාමාන්‍ය දැනුම වර්ධනය කරන පොතපත එහි ඇත. විවිධ භාෂා, සාහිත්‍ය දැනුම වඩවන පොතපත එහි ඇත. සැබවින්ම එය දැනුම් මන්දිරයකි. ඔබට අවශ්‍ය පොතපත එක් එක් විෂයන්වලට අනුව පෙළගස්වා පහසුවෙන් තෝරා ගත හැකි පරිදි එහි සංවිධානය කොට ඇත. නමුත් මෙවන් විශ්වීය දැනුම් සාගරයක් එහි ඇති බව ඔබද නොදැනුවත්කමින් පසුවනවා විය හැක.
 
 පාසලේ විෂයන්වලට අදාළ ඒ ඒ විෂයන්ගේ අමතර දැනුම ලබා ගැනීමට මේ කාලයේ මහජන පුස්තකාලය මෙන්ම සිඟිති දරුවන් සඳහා එහි ඇති ළමා අංශය ඔබට මහඟු පිටුවහලක් වනු ඇත. පාඩම් පොත නිවසේදී කියවා එයට අමතර කරුණු මහජන පුස්තකාලය ඇසුරින් සොයා ගත හැකිය. පොතපත පමණක් නොව විෂය සමගාමී පුවත්පත්, සඟරා මෙන්ම සිතියම් ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික මාධ්‍යයද එහි පෙළගස්වා ඇත.
 
 sarasavi1 1නිවසට වී නිකරුණේ කාලය ගත කරනවාට වඩා දරුවාට නිසි මඟ පෙන්වීම දෙමාපියන් ලෙස ඔබගේද වගකීමකි. එය මේ මොහොතේ සිට ක‍්‍රියාත්මක කිරීමට හෝ ප‍්‍රමාද විය යුතු නැත. මේ කාලයේ නිවසින් බැහැරට යාම තරමක් අවදානම් සහිත වුවද ආරක්ෂාකාරී පිළිවෙත් යටතේ එය සිදු කළ හැකිය. දෙමාපියන් ලෙස ඔබ දරුවාට අවශ්‍ය පොතපත පුස්තකාලයෙන් රැුගෙන ගොස් ලබා දිය හැකිය.
 
 සුහුරු සමාජයක ඇසුර පතන ඔබේ දරුවාට තිරය කියවන දරුවෙකු විනා පොතපත කියවන දරුවෙකු සමාජයට දායාද කළ නොහැකි බව සිහි තබා ගන්න. එදා මාර්ටින් වික‍්‍රමසිංහ, ජී.බී. සේනානායක, කුමාරතුංග මුනිදාස, චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර වැනි ගත් කතුවරුන්ගේ සාහිත්‍ය දැනුම, සාහිත්‍ය රසය අද පරපුරට පිහිටා නැත්තේ දරුවන් කුඩා කාලයේ සිටම පොතපත කියවීමෙන් හා පුස්තකාල භාවිතයෙන් දුරස්වීම නිසාය. එදා 40-60 දශකය සුහුරු සමාජයක් වූවානම් අද අපට ගම්පෙරළියේ නන්දා හා පියල් ගැන දැන ගන්නට මාර්ටින් වික‍්‍රමසිංහලා නැත. මඩොල්¥වේ ජින්නා හා උපාලිලා මුණ නොගැසෙනු ඇත. හීන්සැරය, හත්පණ, මඟුල්කෑම කියවන්නට කුමාරතුංගලා බිහි නොවනු ඇත. සේකරයන්ගේ තුංමංහංදිය වැනි සාහිත්‍ය කෘතීන් සිහිනයක්ම විය හැක.
 
 කුඩා කල සිටම ඔබේ දරුවාගේ භාෂා ඥානය වැඩි දියුණු කිරීමට, පරිකල්පන ශක්තිය ඉහළ නැංවීමට, දැනුම උරගා බලන්නට මහජන පුස්තකාලය මහත් පිටුවහලක් වනු ඇත. වරක් ජී. බී. සේනානයකයන් පවසා තිබුණේ ඔහුගේ විශ්වවිද්‍යාලය වූයේ කොළඹ මහජන පුස්තකාලය බවයි. එදා මාර්ටින් වික‍්‍රමසිංහයන් කියා තිබුණේ පිළිවෙලින් පාසලකින් උගැන්මක් නොලැබූ මා දැනුම ලැබූයේ ආසාවෙන් පොතපත කියවීමෙන් යන්නයි. එදා උගතුන්, වියතුන් පොතපත කියවීමෙන්, පුස්තකාල භාවිතයෙන් ඥානය රැුස් කර ගත් බවට තවත් උදාහරණ අවශ්‍ය නැත. වර්තමානයේද එය එසේම සිදු වන්නේනම් අපේ දරුවන්ට ඔන්ලයින් උගන්වන්නේ නෑ කියමින් මැසිවිලි නැගිය යුතු නොවේ. මේ කාලයේ ඔබේ දුවා දරුවන්ගේ පාසල් වැඩ කටයුතු අතපසු නොකොට දැනුම වර්ධනය කර ගැනීමට ළඟම ඇති මහජන පුස්තකාලය පාසලක් බවට පත් කර ගැනීමට කොරෝනා වසංගතය ආශිර්වාදයක් කර ගනිමු.
 
 සකුන්තලා සෙනෙවිරත්න
 ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති
 රුහුණ විශ්වවිද්‍යාලය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles