Divaina - දෙමළ දේශපාලනඥයන්ගේ කුලල් කා ගැනීමෙන් වන්නියේ දෙමළ ජනතාව අතරමං

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

Thal1කොරෝනා වසංගතය නිසා මාස තුනකට වඩා වැඩි කාලයක් වසා දමා තිබූ රජයේ පාසල්වල ඉහළ පන්ති අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරුණි. අධ්‍යාපනයේදී මාස තුනක් පාසල් වසා දැමීම යන්න ඉතා විශාල බලපෑමක් වුවත් කොරෝනා වසංගතයේ බලපෑම ඊට වඩා දරුණු විය.
 
 උතුරේ පාසල්ද යළි විවෘත විය. මේ සඳහා ආරක්ෂක අංශවලින් හා සෞඛ්‍ය අංශ වලින් විශාල සහායක් කැපවීමක් හා මග පෙන්වීමක් ලැබී තිබුණි.
 
 නමුත් සම්පත් පරිහරණය භාවිතය ලැබීම යන කාරණා දෙස බලන විට පාසල් යළි විවෘත වීමේදී ද ‘‘කොළඹට කිරි අපිට කැකිරි‘‘ යන තේමාව ඉතාම පැහැදිලිව දක්නට ලැබුණි.
 
 උතුරේ බොහෝ පාසල්වල දරුවන්ට ලංගම ඩිපෝවෙන් මාසික වාර ප‍්‍රවේශ පත‍්‍රය මිලට ගැනීමට හෝ වත්කමක් නොමැත. පාවහන් නොපැළඳගෙන පාසල් එන ¥ දරුවෝ අති විශාලය. එවැනි පරිසරයක් මත පාසලට පැමිණෙන දරුවන්ගේ අතපය සේදීමට ජල කරාමයක්, සින්ක් එකක් සවි කර ගැනීමට නොහැකි පාසල් ගණනාවක් වේ. ඔවුන් ඊට විසඳුමක් ලෙස ප්ලාස්ටික් බූලි කපා ඒවා සින්ක් බවට පරිවර්තනය කොට තිබුණි.
 
 ජල නළ පහසුකම් නොමැති පාසල්වල ගුරුවරුන් විශාල කල්දේරම්වලට ළිංවලින් ජලය රැුගෙන විත් දමා සිසුන්ට අත සේදීමට තබා තිබුණේ පාසලේ පමණක් නොව ඒ මුළු ගම්මානයේම පැවති දුගී දුප්පත්කම පෙන්වමිනි.
 
 සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ගොඩනැගිලි සෝදා ගැනීම සඳහා ලබා දුන් ක්ලෝරීන් දියරය ඉසීමට යන්ත‍්‍ර මේ පාසල්වල ගුරුවරුන්ට සොයා ගැනීමට අපහසු වී තිබුණි.
 
 කොළඹ ජනප‍්‍රිය පාසල්වල විෂබීජානුහරණය කිරීම සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් නියමිත ඇඳුම් පැළඳුම්වලින් සන්නද්ධව පැමිණ ඒ කාර්යය සිදු කරන අන්දම දුටුවත් උතුරේ ගම්බද පාසල්වල එවැන්නක් දක්නට නොවීය.
 
 නමුත් කොරෝනා වසංගතය හා ඒ වසංගතය හරහා නිර්මාණය වූ සියලූ ප‍්‍රශ්න හා ගැටලූ සියල්ලක්ම රටටම පොදු ඒවා වුණි. කොරෝනා වසංගතය මේ රටේ සියලූ දෙනාටම එක හා සමානව සලකන ලද නමුත් ඒ වසංගතයෙන් පසුව බලධාරීන් සහන සැලසීමේදී පළාතෙන් පළාතට බොහෝ වෙනස්කම් සිදුවන අන්දමක් දක්නට ලැබුණි. ඒ අතරින් ඉතාම පහත් අඩියේ පැවතියේ උතුරු පළාත බව පැහැදිලිවම පෙනී ගියේය.
 
 කොරෝනා මැද කොටි
 
 කොරෝනා රෝගය උතුරු පළාතෙන් මැකී ගියත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීමට සූදානම් කණ්ඩායමක් පිළිබඳව යළිත් මුලතිව් ප‍්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණි.
 
 එක් අයකු එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් වරක් සක‍්‍රීය කළ යුතු බව කියමින් ඊට සහාය ඉල්ලා තවත් පිරිස් එකතු කර ගැනීමේ උත්සාහයක නිරත වූයේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයෙනි.
 
 පොලිසියට හා බුද්ධි අංශවලට ලැබුණු මේ තොරතුරු සමග කළ විමර්ශනයකින් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීමට ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණි. මේ වන විට පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය එම සැකකරුගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.
 
 ඔහුගෙන් එසේ ප‍්‍රශ්න කරගෙන යන අතරවාරයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කරන නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම්, එම සංවිධානයේ ලාංඡුනයන්ට සමාන ලාංඡුන කීපයක් ඇතුළු භාණ්ඩ තොගයක් මුලතිව් ආරක්ෂක අංශවලට ගොඩ ගැනීමට හැකි වන්නේ මුලතිව් පුදුමාතලන් ප‍්‍රදේශයෙනි.
 
 මේ අතරවාරයේ කිළිනොච්චියේ සංවිධානාත්මක තරුණයන් පිරිසක් මුලතිව් ප‍්‍රදේශයට ගොස් කළු කොටි දිනය වශයෙන් සැලකෙන ජූලි 5 වැනිදා එම උත්සවය සැමරීමට සූදානමින් සිටි බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
 
 බෝම්බයක් පිපිරී එක් පුද්ගලයකු තුවාල ලැබූ නිවසේ තිබී හමු වූ භාණ්ඩ අතර ජූලි 5 වැනිදා කළුකොටි දිනය බව දැක්වෙන පෝස්ටරයක් හමු වී තිබේ.
 
 මේ සඳහා උපයෝගී කරගන්නට සූදානම් කරන ලද බෝම්බයක් කිසියම් හෝ අත්වැරැුද්දක් හේතුවෙන් 4 දා පුපුරා නොයන්නට එම බෝම්බය මුලතිව් දක්වා රැුගෙන යෑමට සැලසුම් කොට ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
 
 බෝම්බ පිපිරීමෙන් නිවසේ සිටි පුද්ගලයකු තුවාල ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ කාන්තාවක් පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව පාසල් ගුරුවරියක වන අතර ඇය කළින් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බවට තොරතුරු වාර්තා වූවත් ඇය නොව බෝම්බයෙන් තුවාල ලබා සිටින පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බව හෙළි වී තිබේ.
 
 රජයේ පුනරුත්ථාපන ක‍්‍රියාදාමයට ඔහු නතු වීමෙන් පසුව ඔහුද පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් විසින් පිහිටුවා ගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමී පක්ෂයේ ක‍්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කළ බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
 
 නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළුකොටි දිනය සමරා ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගම යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
 
 ජුලි මස 5 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කළුකොටි දිනය වශයෙන් නම්කොට තිබූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක මැදිහත් වීමෙන් කළු කොටි දිනය සමරා තිබේ.
 
 විශ්වවිද්‍යාල සිසුන් මෙහිදී මියගිය කළුකොටි සාමාජික සාමාජිකාවන්ගේ ඡුායාරූප වලට ඉටිපන්දම් දල්වා මල් තබමින් මියගිය පිරිස සිහිපත් කොට තිබේ.
 
 උතුරේ දේශපාලන උණුසුම
 
 මහමැතිවරණය ළං වෙත්ම උතුරේ මැතිවරණ උණුසුම වැඩි වෙමින් පවතී. වවුනියාව නගර සභා ශාලාවේදී පක්ෂ දෙකක ආධාරකරුවන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදු වූයේ කවරකුවත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.
 
 පොදුජන පෙරමුණෙන් වන්නි දිස්ත‍්‍රික්කයට තරග කරන හිටපු අමාත්‍ය කාදර් මස්තාන් මහතා විසින් වවුනියාව නගර සභා ශාලාවේ පවත්වන ලද
 
 රැුස්වීමකට කඩා වැදුණු දෙමළ පක්ෂ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පිරිසක් මේ අරගලය ආරම්භ කොට තිබුණි.
 
 දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පිරිසක් මස්තාන් මහතාගේ ආධාරකරුවන් සමග ගැටී ඇත්තේ පළාතේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් මතු වූ කරුණු කීපයක් මුල් කරගෙනය.
 
 අවසානයේදී එම ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර අවසානයේදී කාදර් මස්තාන් මහතා සාකච්ඡුා කොට දෙපිරිසම සන්සුන් කොට තිබේ.
 
 මේ අතර මීට පෙර දෙමළ ජාතික සන්ධානයට උතුරේ ජනතාවගේ තිබූ ඇල්ම කෙමෙන් කෙමෙන් පහව යන බවක් දැකගන්නට ලැබෙයි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රීධරන් යන තුන් දෙනාට එරෙහිව ජනතාව නැගී සිටින්නට පටන්ගෙන තිබේ.
 
 මේ අයගේ රුවට සමාන අනුරුව පඹයින් ලෙස සකසා එම පඹයින් බිම දිගේ ඇදගෙන ගොස් ඒවාට පහර දෙන්නට උතුරේ විවිධ කොටස් පෙළඹී සිටිති.
 
 පඹයින් එසේ ඇදගෙන යන අතරවාරයේ ඔවුහු දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට ඇති චෝදනාද ඉදිරිපත් කරති. ඉන් පළමුවැන්න වන්නේ ඒ ඒ රජයන්ට මේ පිරිස් එකතු වී දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසදීමට කටයුතු නොකරන බවයි.
 
 මුදල් තාන්නමාන්න නිවාස වාහන රජයෙන් ලබා ගනිමින් දෙමළ ජනතාව රවටා මේ පිරිස දේශපාලනයේ නිරත වීම හෙළා දැකිය යුතු බව දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ පිරිස කියා සිටිති.
 
 ඉතා කෙටියෙන්ම ප‍්‍රකාශ කළහොත් දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ පිරිස කියා සිටින්නේ මේ දේශපාලනඥයන් තුන් දෙනා දෙමළ වැසියන්ගේ ද්‍රෝහීන් බවයි.
 
 දෙමළ ඡන්දදායකයෝ අතරමං
 
 දෙමළ දේශපාලනඥයන් අතර ඇති මේ කුලල් කා ගැනීම නිසා සාමාන්‍ය දෙමළ ජනතාව අතරමං වී සිටිති. විශේෂයෙන්ම මේ තත්ත්වයට පත්ව ඇත්තේ වන්නියේ දෙමළ ජනතාවය.
 
 මෙවර මහමැතිවරණයේදී වන්නියේ තැපැල් ඡුන්දය හිමි රජයේ සේවකයන් අතරින් දෙමළ ජාතිකයන් විශාල පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ තෝරා ගැනීමේ ප‍්‍රවණතාවක්ද මේ වන විට ගොඩ නැගී තිබේ. සාමාන්‍ය දෙමළ ජනතාවගේ විශ්වාසය මෙන් රජයේ සේවකයන් තුළද විශාල මතයක් ගොඩනැගී ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ ජනතාවට සේවය නොකරන පිරිසක්ය යන මතවාදයයි.
 
 මේ නිසා ඔවුන්ගේ ඡුන්දය දකුණේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වෙත ලබා දීමට ඔවුන් තීරණය කොට තිබේ. විශේෂයෙන්ම කොරෝනා උවදුරු සමයේදී උතුරේ කිසිදු දෙමළ දේශපාලනඥයකු ජනතාව සමග නොසිටීම නිසා දෙමළ දේශපාලනය පිළිබඳව විශාල පිරිසක් තුළ ඇත්තේ කළකිරුණු ස්වභාවයකි.
 
 මේ තත්ත්වය සත්‍ය නමුත් විශේෂයෙන්ම දෙමළ ජනතාව වන්නියේදී දෙමළ පක්ෂ අතහැර දකුණේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වෙත වන්නියේදී ලබා දෙන ඡුන්දය තමන් වෙත ලබා ගැනීමට ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට හැකියාවක් හා ශක්තියක් ඇත්දැයි යන්න විශාල ප‍්‍රශ්නයක් වී තිබේ.

p11 167

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles