Divaina - එම්.සී.සී. ගිවිසුමෙන් අපේක්ෂා කළ අරමුණු එය අත්සන් කළ බොහෝ රටවලට ඉටුවී නැහැ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- සහශ‍්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්. සී. සී.) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව
 
 සහශ‍්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්. සී. සී.) සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති සිව් පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව පසුගිය 25 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාර දෙන ලදී.
 
 මෙම කමිටුවේ සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ටී. ලලිතසිරි ගුණරුවන් කටයුතු කළ අතර සාමාජිකයින් ලෙස ප‍්‍රවාහන අර්ථ ශාස්ත‍්‍රඥ ඞී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු කටයුතු කළහ.
 
 එම කමිටුවේ අවසන් වාර්තාව මෙසේය.
 
 2 වැනි කොටස
 
 vii. MCC හි ඉඩම් ප‍්‍රතිසංස්කරණ යෝජනා තුළින් විදේශික සමාගම් වලට අදාළ රටේ ඉඩම් ඩැහැගැනීමට දොරටු විවර කර ඇති බව අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ MCC සංයුක්ත වල අත්දැකීම් තුළින්ද පැහැදිලි වෙන ආකාරය ඔස්ටේ‍්‍රලියාවේ ස්පර් :ීඡුඹඍ) සංවිධානය විසින් කමිටුවට කරන ලද ඉදිරිපත් කිරීමෙහි සඳහන් වෙයි. ලෙසෝතෝ හි ස්වදේශිකයන්ගේ ඉඩම්ද කුණු කොල්ලයට විදේශික සමාගම් වලට විකිණීමට MCC විසින් පාර කපා දී ඇති බව ඉලිනොයිස් සරසවියේ ආචාර්ය චාල්ස් පොගෙයිමාන් පවසා ඇති අයුරු ද, දේශීය ඇයිමාරා ඉන්දියානුවන්ට සිය ටිටික්කා විලේ ජලය භාවිත කිරීම පිළිබඳ ගැටලූ ඇති කරමින් පීරු හි රාජ්‍ය ඉඩම්
Bear Creek Mining  සමාගම විසින් මිල දී ගැනීම නිසා පීරු රාජ්‍යය විසින් කොන්ත‍්‍රාත්තුව අවලංගු කළ විට බදු ගෙවන්නන්ගේ පිරිවැයෙන් ඩොලර් මිලියන 24 ක වන්දි ඒ සමාගමට ගෙවීමට පීරු රටට සිදුවූ අයුරු ද, එහි දැක්වෙයි. තවද, උගන්ඩාවේ, සියෙරා ලියොන් හි සහ මාලි දේශයේ ගොවීන් ද මෙවැනි දුෂ්කරතාවන්ට පත්වී ඇති බවද සිය ඉදිරිපත් කිරීමෙන්  SPUR  සංවිධානය කියයි.
 
 viii. මැඩගස්කරය විසින් 2005 දී අත්සන් කරන ලද සංයුක්තය පුරෝගාමී MCC කි‍්‍රයාන්විතයකි. ඉඩම් පිළිබඳ සින්නක්කර අයිතිය, මූල්‍ය පහසුකම් උදෙසා ප‍්‍රවේශය, ඉතුරුම් හා කෘෂි ක්‍ෂෙත‍්‍රීය පුහුණුකිරීම් උදෙසා ලබාදෙන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක ප‍්‍රදානයෙන් වසර හතරක් ගෙවෙද්දී සංයුක්තය අත්හිටුවීමට MCC ආයතනය පියවර ගෙන ඇත. එසේ කර ඇත්තේ කුමන්ත‍්‍රණයකින් ආණ්ඩු වෙනසක් සිදුකර ඇති බව පවසමිනි. 2009 වසරේ සිදුවූ එම බල පෙරළියට පාදක වී ඇත්තේ MCC වැඩසටහන යටතේ ඉඩ ප‍්‍රස්ථා ලද විදේශීය සමාගම් විසින් රටේ කෘෂි ඉඩම් හෙක්ටයාර තිස් ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක් 99 වසරක් දක්වා වූ දීර්ඝකාලීන බදුකර මගින් අත්පත් කරගැනීම නිසා උද්ගත වූ මහජන අප‍්‍රසාදය යි. එහෙත්, සංයුක්තය නතර කළ ද,MCC-Madagaskar නම් කි‍්‍රයාත්මක කිරීමේ ආයතනය තවදුරටත් පවත්වාගෙන යෑමට MCC විසින් තීරණය කර ඇත්තේ මහජන සෞඛ්‍යය හා ආරක්‍ෂාව තහවුරු කරමින් සහ අමෙරිකානු බදු මුදලින් ගොඩනගන ලද වැඩසටහන් වත්කම් පිළිබඳ මනා ගිණුම්කරණයක් සිදුකරමින් වැඩසටහන වසාදැමීම උදෙසා බව පැවැසෙයි. කෙසේ වුවද, සංයුක්තය අත්සන් කිරීමට පෙර වසර පහ තුළ තිබූ 2.3% ක පමණ සාමාන්‍ය වාර්ෂික වෘද්ධි වේගය ඉන් පසු වසර පහ තුළ ඉහළ ගොස් ඇත්තේ සියයට භාගයක පමණ ඉතා සුළු ප‍්‍රමාණයකින් පමණි. මේ අනුව මැඩගස්කර අත්දැකීම සාර්ථක එකක් ලෙස සැලකිය නොහැක.
 
 IX හොන්ඩුරාස් රාජ්‍යය වෙත ලබාදුන් MCC ප‍්‍රදානය 2010 සැප්තැම්බර් මාසයේදී MCC ආයතනය විසින් අත්හිටුවනු ලැබ ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ආණ්ඩු පෙරළීම MCC ප‍්‍රතිපත්ති වලට පටහැණි බව පවසමිනි. අදාළ ප‍්‍රදානයෙන් සිදුකෙරෙමින් තිබූ මහාමාර්ග පිළිසකර කිරීම ඒ නිසා අතරමග නතර වී ඇත. නමුත්, ජාත්‍යන්තර දූෂණ දර්ශකයේ ඉතා දූෂිත රටක් ලෙස හැඳින්වෙන හොන්ඩුරාස් රාජ්‍යය සමඟ දෙවැනි සංයුක්තයක් සඳහාද මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තා වේ.
 
 X නේපාලයේ ඇත්තේ වෙනස්ම ආකාරයේ අත්දැකීමකි. MCC සමඟ සංයුක්තයක් අත්සන් කළද, එය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීමට නේපාලය මෙතෙක් අසමත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේ අමෙරිකාවේ
 
 ඉන්දු-පැසිෆික් යුද මූලෝපාය තුළ ඇති විය හැකි භූ-දේශපාලනික අවදානමට MCC කි‍්‍රයාන්විතය දායක වීමට ඇති ඉඩකඩ පිළිබඳ නේපාල පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය තුළ උද්ගත වී ඇති මත ගැටුම් ය. (උපලේඛනය -4:සස වැනි වාර්තාව). එවැනි යුදමය හෝ දේශපාලනමය අරමුණක් නොමැති බව අමෙරිකානු පාර්ශ්වයෙන් පැවැසුණ ද ගිවිසුම සුදුසු පරිදි සංශෝධනය නොකර අත්සන් නොකළ යුතු බව රජයේම සිටින විරුද්ධ පාර්ශ්වයන්හි මතය වී ඇත. එහෙත්, දැනටමත් අත්සන් කර ඇති ගිවිසුම යළි සංශෝධනය කිරීමට ඇති ඉඩකඩ ඉතා විරල බැවින් සහ එසේ සංශෝධනය නොකරන්නේ නම් ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම අසීරු විය හැකි බැවින් දකුණු ආසියාවේ පළමු සංයුක්තය ලෙස අත්සන් කරන ලද නේපාල MCC ගිවිසුම කි‍්‍රයාත්මක වීම සැක සහිත වී ඇත.
 
 XI.  පිලිපීනය සමඟ 2010 දී අත්සන් කෙරුණු සංයුක්ත ගිවිසුම සාපේක්‍ෂ වශයෙන් සාර්ථක බව සැලකිය හැක්කේ 2016 දී එහි කි‍්‍රයාකාරීත්වය සියලූ කටයුතු සපුරා අවසන් කළ නිසා සහ සංයුක්තයක් සඳහා සාකච්ඡා ඇරැඹී ඇති නිසාය. තවද, ගිවිසුමට පසු 1% කින් පමණ වැඩි වෘද්ධි වේගයක් අත්පත් කර ගැනීමටද පිලිපීනයට හැකිවී ඇත. එහෙත්, පිලිපීන ජනාධිපතිවරයා මෑත දී කළ ප‍්‍රකාශ වලින් ගම්‍ය වන්නේ 2016 දී අත්සන් කර ඇති දෙවැනි සංයුක්තය පිළිබඳ පිලිපීනය තුළ ප‍්‍රසාදයක් නොමැති බවකි. පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපතිනියට අනුව (උපලේඛනය-4:III වැනි වාර්තාව) පිලිපීන රජය 2017 දී මෙම දෙවන සංයුක්තයෙන් ඉවත් වී ඇත.
 
 XII. එක්සත් ජනපදයේ 2003 සහශ‍්‍රක අභියෝගතා පනතට අනුව MCC ප‍්‍රදානලාභී රටවල් විසින් ජාත්‍යන්තර සිවිල් සංවිධානවලට තම රටවල් තුළ නිදහසේ බාධාවකින් තොරව කටයුතු කිරීමේ අයිතිය තහවුරු කළ යුතුය. ඒ ප‍්‍රතිපාදන 2018 වසරේදී එම පනතට ගෙන එන ලද සංශෝධනයෙන් වඩාත් පුළුල් පරාසයකට ව්‍යාප්ත කරනු ලැබ ඇත. එවැනි ප‍්‍රතිපාදන සහිතව MCC සංයුක්තයක් ශ‍්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගනු ලැබුවහොත් ඉබේම එම ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකාවේ නීතියක් බවට පත්වෙන බැවින් ඒ තුළින් රට තුළ උද්ගත විය හැකි සමාජමය - සංස්කෘතිකමය - දේශපාලනමය හා ආකල්පමය බලපෑම් සහ නීතිමය ව්‍යාකූලත්වය නොසලකා හැරිය නොහැක.
 
 XIII. එසේම, එවැනි බලාත්මක කිරීමක් ඔස්සේ පහසුකම් ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇති කෙරෙන අර්බුද පාලනය කිරීමට රජයකට සිදුවන විට ඒ හේතුව මත සංයුක්ත අත්හිටුවීමටද, රට තුළ මෙන්ම ජාත්‍යන්තර අධිකරණ තුළ ශ‍්‍රී ලංකාවට එරෙහිව නීතිමය පියවර ඇරඹීමටද, මේ වන විටත් අත්සන් කර ඇති ACSA හෝ SOFA හෝ ගිවිසුම් වෙත් නම් ඒවායේ ප‍්‍රතිපාදන ඔස්සේ අදාළ අර්බුද වලට මැදිහත් වීමට ද අමෙරිකානු රජයට හා ආයතන වලට ඉඩකඩ පෑදිය හැකිය. මේ පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ගේ විශෙෂ අවධානයට ලක්විය යුත්තේ එවැනි ඉඩකඩක් තුළ ජාතික ආරක්‍ෂාවට හා ස්වෛරීත්වයටද, රටේ ඒකීයත්වයට හා දේශපාලන ස්ථාවරත්වයටද අගතිකාරී බලපෑම් එල්ල විය හැකි බැවිනි.
 
 මේ අනුව පෙනී යන්නේ MCC සංයුක්ත පිළිබඳ මෙතෙක් පවත්නා ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක හෝ සුබාවදී නොවන බවයි. එබැවින්, ශ‍්‍රී ලංකාව විසින් MCC ගිවිසුම සලකා බැලීමට පෙර මෙම අත්දැකීම් වලින් ලැබිය හැකි පාඩම් මනාව උකහාගත යුතු වෙයි.
 
 4.3 MCC යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් සම්පිණ්ඩනය
 
 අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ප‍්‍රසිද්ධ නිවේදනයක් ඔස්සේ මහජන අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට කමිටුව පියවර ගත්තේය. ඒ අනුව, මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන බොහෝ පුද්ගලයන්, වෘත්තිකයන්, වෘත්තීය සමිති, වාණිජ මණ්ඩල හා වෘත්තික ආයතන විසින් කමිටුව වෙත සිය අදහස් හා යෝජනා ලිඛිතව මෙන්ම හමුවීම් හරහා වාචිකව ද ලබාදෙන ලදී.
 
 සමස්තයක් ලෙස අදහස් දැක්වීම් 180 ක් කමිටුව වෙත ලැබී තිබූ අතර, ඉන් 82% ක් (අදහස් දැක්වීම් 147 ක්) පුද්ගලිකවද, 8% (හෙවත් 14 ක්) සමාජ සංවිධාන විසින්ද, කරන ලද ඉදිරිපත් කිරීම්ය. සමාගම් විසින් කර ඇති ඉදිරිපත් කිරීම් සංඛ්‍යාව සමස්ත ඉදිරිපත් කිරීම් වලින් 3% ක් නියෝජනය වී ඇත. වාණිජ මණ්ඩල විසින්, වෘත්තික ආයතන විසින්, සහ වෘත්තීය සමිති විසින් වෙන් වෙන් වශයෙන් 2% ක් බැගින් වූ නියෝජනයක් එම සමස්ත ඉදිරිපත් කිරීම් වලට දායක වී ඇත. මෙම කරුණු දැක්වීම් අතර ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල හතරක්, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය හා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඇතුළු ප‍්‍රධාන වෘත්තීය සංගම් හතරක් සහ ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ වෘත්තිකයන්ගේ සමිති සංවිධානය වැනි වෘත්තික ආයතන හතරක්ද වීම විශේෂත්වයකි.
 
 මෙම සාරංශයෙන් පැහැදිලි වන්නේ ඉදිරිපත් කිරීම් අතරින් අති මහත් බහුතරයක්, එනම්, තොරතුරු ලබාදුන් අයගෙන් හතරෙන් තුන් පංගුවක්ම, MCC ගිවිසුමට විරුද්ධ මතයක් දරන බවය. ඒ අතර 57% ක් ම ඉතා සෘජුව ම එම ගිවිසුම ප‍්‍රතික්‍ෂේප කළ යුතු බව කියා සිටි අතර 14% ක් ගිවිසුම අවදානම් බවද, තවත් 4% ක් ගිවිසුම සංශෝධනය කළනොහැකි නම් ගිවිසුමට එරෙහි බවට මත ප‍්‍රකාශ කර ඇත. මතයක් ඉදිරිපත් කර නොමැති අය 6% ක් වන අතර 8% ක් කියා සිටියේ මතයක් විමසීමට පෙර සියලූ තොරතුරු මහජනතාවට විවෘත කළ යුතු බවය. ගිවිසුම් හා කොන්දේසි ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම්ද ඒ අතර විය. ගිවිසුම පිළිබඳ සුබවාදී ආකල්ප ඉදිරිපත් කර තිබුණේ සමස්ත ඉදිරිපත් කිරීම් වලින් 11% ක් පමණක් වූ අතර කිසිදු සැක සංකාවකින් තොරව ම ගිවිසුම අත්සන් කළ යුතු යැයි පවසා සිට ඇත්තේ සමස්ත ඉදිරිපත් කිරීම් වලින් 7% ක් පමණි. MCC ගිවිසුම සම්බන්ධව විද්වත් සංවිධාන, වෘත්තිකයන් හා පොදු මහජනතාවද ඇතුළුව පොදුවේ මහජනතාව දරන මතයේ දිශානතිය මින් ඉතා පැහැදිලිව පිළිබිඹු කෙරෙන බව කමිටුවේ මූලික නිරීක්‍ෂණයයි.
 
 එසේම, එම ඉදිරිපත් කිරීම් වල අන්තර්ගතය තුළින් පැහැදිලිව කැපී පෙනුණු පහත දැක්වෙන ඉතා වැදගත් නිරීක්‍ෂණ කිහිපයද මෙහිලා විශේෂයෙන් සඳහන් කිරීමට කමිටුව අදහස් කරයි.
 
 i. යෝජනාවලියට පක්‍ෂව අදහස් දක්වා ඇති ලංකා වාණිජ මණ්ඩලය හා Lirne Asia  ආයතනය මේ යෝජනාවලිය ගොඩනැගීමට
 
 දායක වී ඇති හෝ MCC ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයනයන්ට විවිධාකාරව සම්බන්ධ වී ඇති ආයතන වෙයි.
 
 ii. ගිවිසුමට පක්‍ෂව ඉදිරිපත්වී ඇති ප‍්‍රධානතම තර්කනය වී ඇත්තේ MCC යෝජනාවලිය ණයක් නොව ආපසු ගෙවීමක් හෝ අවශ්‍ය නොවන ප‍්‍රදානයක් බවයි. රජය විසින් සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රාග්ධන සම්පත් නොමැති තත්ත්වයක් තුළ විදේශ ණය මත යැපීමට වඩා මෙම ප‍්‍රදානය ලබාගැනීම ඉතා වාසිදායක බවයි.
 
 iii. ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව ඉදිරිපත් වූ සුලබ අදහසක් වන්නේ පසුගියජනාධිපතිවරණයේදී මහජනතාව දුන් දේශපාලන තීන්දුවෙන් රටේ පොදු මතය MCC යෝජනාවට එරෙහි වග නිරූපණය වන බවයි. ජනතාව සිය ඡුන්දය තුළින් පසුගිය රජය පරාජය කරමින් MCC යෝජනාව මැතිවරණ වේදිකාවේ විවේචනයට පාත‍්‍ර කළ වත්මන් පාලනයට බලය ලබාදුන්නේ ඒ ප‍්‍රබල විරෝධය කියාපාමින් බවත්, ඒ නිසා වත්මන් පාලනයට එම ගිවිසුම අත්සන් කිරීමට තබා නැවත අධ්‍යයනය කිරීමටවත් ජනවරමක් නොමැති බවත් ඒ අදහස් තුළ අවධාරණය කරනු ලැබ ඇත.
 
 iv.  MCC සංයුක්තය කෙටුම්පත් කර ඇති ආකාරය අනුව එහි යම් යම් ප‍්‍රතිපාදනයන් ශ‍්‍රී ලංකාවේ ආයතනික ව්‍යුහයට, රටේ නීති පද්ධතියට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව නීති වෘත්තිකයන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් තුළ කැපී පෙනෙයි.
 
 v. ගිවිසුමට අදාළ සංරෝධක ඇගැයීම, එහි පදනම හා ප‍්‍රදාන ආයෝජනයන් යොදා ගැනීම සඳහා තෝරා ගෙන ඇති ව්‍යාපෘති දෙකෙහි සැබෑ සමාජ - ආර්ථික ප‍්‍රමුඛතාවද ගිවිසුමට එරෙහිව අදහස් දැක්වූ සැලකිය යුතු පිරිසක් විසින් ප‍්‍රශ්න කරනු ලැබ ඇත.
 
 vi. ගිවිසුමට විරුද්ධව අදහස් දැක්වූවන් අතර ප‍්‍රබල විවේචනයකට පාත‍්‍ර වී ඇත්තේ ඉඩම් පිළිබඳ යෝජනාවලියයි. විශේෂ වශයෙන්ම, අදාළ ඉඩම් විදේශිකයන් විසින් ඩැහැගැනීමට ඇති ඉඩකඩයි. ප‍්‍රවාහන ව්‍යාපෘතියට ඉදිරිපත් වී ඇති විවේචන ප‍්‍රතිපත්තිමය හේතු වලට වඩා මූලික වශයෙන් තාක්‍ෂණික හේතු මත ගොඩනැගී ඇති අතර, ප‍්‍රවාහන යෝජනාවලියට ඉදිරිපත් වී ඇත්තේ ඉඩම් ව්‍යාපෘතියට සාපේක්‍ෂව අඩු විරෝධයකි.
 
 vii. MCC ප‍්‍රදානයන් ලබාගත් රටවල් එසේ නොගත් රටවලට සාපේක්‍ෂව සැලකිය යුතු ඉහළ වෘද්ධිවේගයක් අත්පත් කර ගෙන නොමැති බවට සංඛ්‍යාලේඛන විමර්ශනයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබිණි. තවද, මේ තත්ත්වය ආර්ථිකමිතිකව ද නිරීක්‍ෂණය වී ඇති බව ශ‍්‍රී ලංකා විශ්වවිiාලයීය ආර්ථික විiාර්ථින්ගේ සංසදය :ීරස ඛ්බන් ත්‍දරමප දෙ ඹබසඩැරිසඑහ ෑජදබදපසිඑි) විසින් සංවිධානය කරනු ලැබ තිබූ වැඩමුළුවේදීද වාර්තා වී ඇත.
 
 viiii. අමෙරිකානු අරමුණු හා ඉන්දු-පැසිෆික් මූලෝපායද MCC යෝජනාවලියට එරෙහිව එල්ල කෙරෙන විරෝධයට ප‍්‍රබල හේතු පාදකයකි. MCC ගිවිසුම ්ක්‍ී් හා ීධත්‍් වල අරමුණුවලට අනුපූරක වීමේ ඇති ඉඩකඩ හා ඒ තුළ ජාතික ආරක්‍ෂාවට හා රටේ සාමයට මෙන්ම ස්වාධීනත්වයට සිදුවිය හැකි අහිතකර බලපෑම්ද ගිවිසුමට විරුද්ධව දක්වා ඇති අදහස් අතර ඉස්මතු වී පෙනෙන සාධක අතර වෙයි.
 
 ix අනාගත පරම්පරාවේ හිමිකම්වලට හා ජාතික ස්වෛරීත්වයට මෙම ගිවිසුම බලපෑම් ඇතිකළ හැකි බව කමිටුව හමුවේ කරුණු දැක්වූ සැලකිය යුතු පිරිසකගේ අදහස වී ඇත. ඒ නිසා මහජනතාව අතර මේ සම්බන්ධයෙන් කෙරෙන විවෘත සාකච්ඡුාවකින් හා මත විමසුමකින් තොරව මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම නිවැරදි නොවන බව ඒ අදහස් ඉදිරිපත් කිරීම් අතර නිරීක්‍ෂණය කළ හැකිය.
 
 x. එසේම, MCC යෝජනාවලිය හා සම්බන්ධ (වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ ගිවිසුම :(PIA), MCA-Sri Lanka හි සාංගමික ව්‍යවස්ථාවලිය වැනි) වැදගත් ගිවිසුම් හා  ලිපි-ලේඛන ප‍්‍රසිද්ධ නොකිරීම පිළිබඳ ඇත්තේ මැසිවිල්ලක් වන අතර ඒවා ප‍්‍රසිද්ධියට පත් කළ යුතු බවට සැලකිය යුතු පිරිසක් අදහස් දක්වා ඇත. එසේ තොරතුරු ප‍්‍රසිද්ධ කර නොමැති නිසා මත ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ අයද ඒ අතර වෙති.
 
 5. MCC යෝජනාවලියට අදාළ නෛතික හා රෙගුලාසිමය විමර්ශනය
 
 ප‍්‍රස්තුත MCC යෝජනාවලියට අදාළ ගිවිසුම් අත්සන් කළහොත් ඒ අනුව ඉදිරි ක‍්‍රියාත්මකත්වය, MCC සංයුක්ත ගිවිසුම (Compact), ඊට අදාළ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුම (Program Implementation Agreement or PIA), ක‍්‍රියාන්විතය මෙහෙයවීම උදෙසා ස්ථාපනය කිරීමට යෝජිත MCA- Sri Lanka නමැති ඇපයෙන් සීමිත සමාගමේ (Company Limited by Gu arantee)  සාංගමික ව්‍යවස්ථාවලිය (Articles of Association)  සහ ඊට අදාළ නිල ලිපි ගනු - දෙනු තුළින් එළැඹෙන එක`ගතා අනුව සිදු වනු ඇත.
 
 මේ සංයුක්ත ගිවිසුම ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් නීතිගත කළ යුතු බව MCC සංයුක්ත ගිවිසුමෙහි 7.1 වගන්තියේ සඳහන් වෙන පූර්ව කොන්දේසියකි. ඒ අනුව, යෝජනාවලියට අදාළ සියලූ ගිවිසුම් කෙටුම්පත්වල අන්තර්ගතය ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධියට ඒවායේ තිබිය හැකි බලපෑම් හඳුනා ගැනීම උදෙසා පුළුල් හා ගැඹුරු නීතිමය විශ්ලේෂණයකට භාජනය කිරීම අත්‍යන්තයෙන් වැදගත් අවශ්‍යතාවකි.
 
 MCC සංයුක්තය හා ඊට අදාළ අනෙකුත් ගිවිසුම් ඇතුළු ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කරනු ලැබ තිබේ ද සහ එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරනු ලැබ කවර උපදෙස් රජය වෙත ලබා දෙනු ලැබ තිබේ දැයි දැන ගැනීමට කමිටුව අපේක්‍ෂා කළේය. MCC ගිවිසුම සම්බන්ධයෙන් කමිටුවට ඇති නෛතික ප‍්‍රශ්න 2020 මැයි මස 5 වැනි දින අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේ දී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ද පැමිණ සිටියදී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ ඒ බැවිනි. තවද, ඒ උදෙසා අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ගරු නීතිපතිතුමාගේ නියෝජිතයන් සම`ග දෙවතාවක දී (2020 පෙබරවාරි 24 දින හා 2020 මැයි 15 වැනි දින) සාකච්ඡුා කිරීමට ද, කමිටුවේ අවධානයට ලක් වූ විශේෂ කරුණු පිළිබඳ ගරු නීතිපතිගේ විමර්ශනාත්මක මතයන් අග‍්‍රාමාත්‍ය ලේම්වරයා මගින් ලිඛිතව විමසීමට ද කමිටුව විසින් පියවර ගන්නා ලදී. තවද, ගරු නීතිපති විසින් මේ සම්බන්ධ සිය විශ්ලේෂණාත්මක අදහස් හා මතය ඉදිරියේ දී රජය වෙත සෘජුව දන්වනු ඇතැයි කමිටුව අපේක්‍ෂා කරයි.
 
 5.1 කමිටුවේ ස්වාධීන විමසුම් නිරීක්‍ෂණ
 
 ඉහතින් දැක්වුණු පසුබිම මත සිය ස්වාධීන අධ්‍යයනයන් ඔස්සේ පහත දැක්වෙන නිරීක්‍ෂණයන් රජයේ අවධානයට ඉදිරිපත් කිරීමට කමිටුව අපේක්‍ෂා කරයි:
 
 5.1.1 වැඩසටහන මෙහෙයවීම, බලතල සහ වගකීම් (ස) මෙම ආධාර ක‍්‍රමය හා වැඩසටහන් ක‍්‍රියාත්මක වන්නේ මෙතෙක් ශ‍්‍රී ලංකාවේ පිළිගත් සාමාන්‍ය ද්විපාර්ශ්වික ණය හෝ ආධාර යෝජනාක‍්‍රම ක‍්‍රියාත්මක කෙරුණු පරිදි භාණ්ඩාගාරය ඇතුළු ශ‍්‍රී ලංකා රජයේ ස්ථාපිත ආයතනික ව්‍යුහය තුළින් නොව, ශ‍්‍රී ලංකා රජය විසින් විශේෂ ක‍්‍රියාත්මක කිරීමේ ඒකකයක් ලෙස ස්ථාපනය කරනු ලැබිය යුතු ඇප සීමිත සමාගමක් (ක්‍දපච්බහ ඛසපසඑැා ඉහ ඨම්ර්බඑැැ) ඔස්සේය.
 
 MCA-Sri Lanka ලෙස නම් කිරීමට යෝජිත එම සමාගම ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයකින් පාලනය වනු ඇති නමුදු, එකී MCA- Sri Lanka මගින් කෙරෙන කටයුතු ශ‍්‍රී ලාංකික නියාමන අධිකාරියක නියාමනයට යටත් නො කිරීමේ ප‍්‍රයත්නයක් සහ/ හෝ එ වැනි ශ‍්‍රී ලාංකික නියාමන අධිකාරියක අධීක්‍ෂණයෙන් ප‍්‍රායෝගිකව විනිර්මුක්ත කිරීමේ ප‍්‍රයත්නයක් PIA හි 1.3 (b) (iv) හි පිළිබිඹු වන බව පැහැදිලිවම පෙනේ.
 
 (ii) එසේ වුව ද, එම සමාගමේ සේවකයන් සේවා සැපයුම්කරුවන් හා කොන්ත‍්‍රාත්කරුවන් පත්කර ගැනීමේ පටන් මුදල් ගෙවීම, අත්හිටුවීම/අවසන් කිරීම හා ප‍්‍රගති සමාලෝචනය දක්වා සමාගමේ ක‍්‍රියාත්මකත්වයේ සියලූ කටයුතු හා පියවරයන් සඳහා මැදිහත්වීමට MCC ආයතනයට හැකි වන පරිදි MCC සංයුක්ත ගිවිසුම (Compact) තුළ සහ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුම (ඡුෂ්) තුළ වගන්ති (විශේෂ වශයෙන් ඡුෂ් හි 1.2, 1.3, 2.1, 2.2, 2.4, 2.8, 2.9, 2.10, 3.1, 3.2, 3.3, 5.3) ඇතුළත් කර ඇත. සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඡුන්ද බලය අහිමි සාමාජිකයකු ලෙස ශ‍්‍රී ලංකාවේ MCC නියෝජිත නම් කරනු ලැබ තිබීම :MCA Sri Lanka සංස්ථාපන කෙටුම්පතෙහි 12(ඉ) (සස) වගන්තිය) ද කමිටුවේ අවධානයට ලක් වෙයි. ඒ අනුව නිරීක්‍ෂණය වන්නේ MCA Sri Lanka සමාගම ඉහත (ස) හි දක්වා ඇති අයුරු ශ‍්‍රී ලංකා රජයේ පාලනයෙන් හැකි උපරිම අයුරින් බැහැර කිරීමකට යත්න දරා තිබෙන නමුදු MCC ආයතනයේ බලපෑමෙන් ස්වාධීන කරනු ලැබ නැති බවයි. ඒ බැවින්, ඵක්‍් -ීරස ඛ්බන් සමාගම ස්වාධීන ඒකකයක් ලෙස සැලකිය නොහැකි බව කමිටුවේ මතයයි.
 
 (III) මෙවැනි මැදිහත්වීමක් යම් ප‍්‍රතිලාභී ආයතනයක් මත සිදු කිරීම ප‍්‍රදානය ලබා දෙන ආයතනයක් විසින් කළ හැකි වනු ඇතැයි අදහස් ඉදිරිපත් විය හැකි නමුදු මෙම ප‍්‍රදානය මූලිකවම පදනම් වී ඇත්තේ ශ‍්‍රී ලංකාව තුළ යහපාලනයක්, නිසි කළමනාකාරිත්වයක් සහ නීතියේ ආධිපත්‍යය යථා පරිදි ක‍්‍රියාත්මක වීමක් ඇති වග MCC ආයතනය විසින් පිළිගනු ලැබීම මත බව මෙහි දී අවධානයට ලක් විය යුතුය. එවැනි පිළිගැනීමක් සහිතව තිබියදී, ශ‍්‍රී ලංකාවේ පිළිගත් සාමාන්‍ය ද්විපාර්ශ්වික විදේශ ආධාර ගිවිසුම් හා ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවෙන ක‍්‍රමවේදයෙන් වෙනස් ආකාරයකට ‘‘ස්වාධීන ඒකකයක්’’ ඇති කර ඒ හරහා යෝජිත සංවර්ධන ආයෝජන ක‍්‍රියාත්මක විය යුතු යැයි කොන්දේසි පැනවීම පරස්පර විරෝධී වෙයි.
 
 (IV) තව ද, එවැනි ‘‘ස්වාධීන ඒකකයක්’’ ස්ථාපනය කළ ද, එය යහපාලනය, නීතියේ ආධිපත්‍යය, හා කළමනාකාරිත්ව කාර්යක්‍ෂමතාව සහිත රජයකට අයත් ඒකකයක් (සමාගමක්) බව MCC ආයතනයම පිළිගන්නේ නම්, එම ඒකකයේ කටයුතුවලට මැදිහත් වෙමින් මාර්ගෝපදේශ දීමට, නිර්දේශ සැපයීමට හෝ අනුමැති ලබා දීමට හෝ MCC ආයතනය මෙම සංයුක්ත ගිවිසුම තුළින් පියවර ගෙන තිබීම ද නොගැළපෙයි. තවද, එසේ මැදිහත් වීමේ බලතල තිබුණ ද, සංයුක්තයට අදාළව කෙරෙන කිසිදු කටයුත්තක හෝ නොකර සිටීමක ප‍්‍රතිඵලයක් ලෙස උද්ගත විය හැකි හානියක් පාඩුවක් තුවාල වීමක් හෝ මරණයක් සම්බන්ධ වගකීමෙන් MCC ආයතනය හා අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව නිදහස් කිරීමට මෙම සංයුක්ත ගිවිසුමේ 6.8 වගන්තියෙන් ප‍්‍රතිපාදන සලසනු ලැබ තිබේ. තවද, එම වගන්තියට අනුව, එවැනි යම් අගතිකාරී තත්ත්වයක් නිසා උද්ගත විය හැකි නෛතික පියවරන් හි දී ඇමෙරිකා එක්සත් ජනපදය, MCC ආයතනය හා එහි වර්තමාන හෝ අතීත නිලධාරීන් හෝ සේවකයන් ශ‍්‍රී ලංකාවේ සියලූ අධිකරණයන්හි බලාධිකාරියෙන් විනිර්මුක්ත කෙරෙයි. එවිට, සියලූ වගකීම් ශ‍්‍රී ලංකා රජය මත පැවැරෙන්නේ නිරායාසයෙනි. මේ ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකාවට පිළිගත නොහැකි බව කමිටුවේ මතයයි.
 
 (V) වැඩසටහන මෙහෙයවන MCA Sri Lanka සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඡුන්ද බලය හිමි සාමාජිකයන් ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන් වන හෙයින් එම අධ්‍යක්‍ෂකවරුන් මගින් කෙරෙන කිසියම් කටයුත්තකට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්තීන්වලට හෝ ශ‍්‍රී ලංකාවේ යහපතට පටහැණි ලෙස කටයුතු කළ නොහැකි බවට න්‍යායික තර්කයක් ඉදිරිපත් විය හැකිය. එසේ වුවද, ඵක්‍්- ීරස ඛ්බන් සමාගම එසේ ශ‍්‍රී ලංකා රජයේ අභිප‍්‍රායයන්ට අනර්ථකාරී ලෙස කටයුතු නොකළ යුතු බවට කිසිදු ප‍්‍රකාශිත වගන්තියක් සංයුක්ත ගිවිසුමේ හෝ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුමේ (ඡුෂ් හි) නැති නමුදු, ඒ සමාගමේ කිසිදු කටයුත්තක් ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති, ප‍්‍රතිපත්ති හෝ ජාතික ආරක්‍ෂක අභිප‍්‍රායයන්ට පිටු පා කටයුතු කළ නොහැකි වන අයුරු සංයුක්තයේ 5.1 (ඉ) (සඩ) හා 5.1 (ඉ) (ඩ) සහ ඡුෂ් හි 1.3 (ඉ)(සස) (ක්‍) හා 1.3 (ඉ) :ඪ) වගන්තිවලින් ප‍්‍රකාශිතව ප‍්‍රතිපාදන සකසනු ලැබ ඇත. තවද, ඉහතින් සඳහන් කෙරුණු පරිදි MCA Sri Lanka සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුළින් හැරුණු විට වෙනත් කිසියම් ලෙසකින් සමාගමේ හෝ සමාගම විසින් යොදවා ගැනෙන සේවා සැපයුම්කරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ශ‍්‍රී ලංකා රජයට නොහැකි පරිදි (සංයුක්තයෙන්, වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුමෙන් සහ උපලේඛනය -3ක්‍ හි ඇති MCA Sri Lanka සාංගමික ව්‍යවස්ථාවලියෙන්) ප‍්‍රතිපාදන සලසනු ලැබ ඇත.
 
 (VI) එසේ MCA Sri Lanka සමාගම මගින් සිදු කෙරෙන කටයුතුවලට මැදිහත්වීමට රජයට හෝ රජයේ ආයතනවලට නොහැකි පරිදි ප‍්‍රතිපාදන සකසනු ලැබ ඇති මුත්, සංයුක්ත වැඩසටහනින් අපේක්‍ෂිත නිමැවුම් නිසි පරිදි ලබා දීමේ වගකීම සංයුක්ත ගිවිසුමෙහි 3.2 (්) වගන්තියෙන් ශ‍්‍රී ලංකා රජය මත පවරනු ලැබ ඇත. මැදිහත්වීමේ බලතල නොමැති ක‍්‍රියාවලියක වගකීම් පවරනු ලැබීම කළමනාකරණ ප‍්‍රථම මූලධර්මවලට පවා පටහැණිය.
 
 (VII) ඉහත ප‍්‍රතිපාදන අනුව පෙනී යන්නේ සංයුක්ත වැඩසටහනේ හා MCA Sri Lanka සමාගමේ කටයුතු නිසා යම් මූල්‍ය වගකීම් ජනනය වෙතොත් ඒ වෙනුවෙන් ගෙවීම් කිරීමට පවා ශ‍්‍රී ලංකා රජය බැඳී සිටින බවයි. මෙම තත්ත්වය වඩාත් බැ?රුම් වන්නේ MCC සංයුක්ත ගිවිසුමේ 5 වැනි ව්‍යවස්ථාව සහ ඡුෂ් හි 5.7 (්) වගන්තිය ප‍්‍රකාර ඕනෑම අවස්ථාවක හෝ ඡුෂ් හි 5.7 :ඉ) වගන්තියට අනුව මසක කල් දීමෙන් පසු හෝ ගිවිසුමෙන් ඉවත්වීමට MCC ආයතනයට අවසර ලබා දී ඇති නිසාය. යම් හෙයකින් එසේ ප‍්‍රත්‍යාදිෂ්ඨ කිරීමක දී හෝ MCC ගිවිසුම නිමා වීමේ දී හෝ ඵක්‍්- ීරස ඛ්බන් සමාගම ඒ වන විට බැඳී සිටින ණය හෝ වෙනත් වගකීම් හෝ ගෙවා දැමීමට සංයුක්තයේ 5.2, 5.3, සහ PIA හි 1.3 (b) (viii), වගන්ති අනුව ශ‍්‍රී ලංකා රජයට නිසැකවම සිදු වනු ඇත. තවද, එසේ ප‍්‍රත්‍යාදිෂ්ඨ කිරීමකදී එතුවක් දෙන ලද ප‍්‍රදාන මුදලින් යම් කොටසක් සඳහා ශ‍්‍රී ලංකා රජය MCC ආයතනයට හෝ ඇමෙරිකා එක්සත් ජනපද රජයට ණයකරුවකු වීමේ නිස`ග හැකියාවක් MCC සංයුක්තයේ 5.2 වගන්තියේ, සහ PIA හි 4.2 (
a ) සිට 4.2 (b) තෙක් වගන්තිවල ප‍්‍රතිපාදනයන් හි ගැබ් වී ඇති බවද, කමිටුව නිරීක්‍ෂණය කරයි.
 
 (VIII) මීට අමතරව, ගිවිසුම නිමා කෙරෙන අවස්ථාවකදී තමන්ට අවශ්‍ය වන්නා වූ කටයුතු ශ‍්‍රී ලංකාව කැමති වුවද අකැමැති වූවද අප රට තුළ දිගටම පවත්වාගෙන යෑමට MCC ආයතනයට හැකි වන පරිදි අවශ්‍ය ප‍්‍රතිපාදන ද සංයුක්තයේ 5.1 හා 5.5 සහ ඡුෂ් හි 4.2 (ය), 5.7 හා 5.8 වගන්ති තුළ ඇති බව ද කමිටුවේ අවධානයට ලක් වෙයි. ශ‍්‍රී ලංකාව මත මූල්‍යමය වගකීම් පටවනු ලැබ ඇති අවස්ථාවට මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ශ‍්‍රී ලංකා රජය අතිශයින් අසීරුතාවට පත් වනු ඇති අතර ඒ තුළ සැලකිය යුතු කේවල්කාරී බලයක් පාවිච්චි කිරීමට MCC ආයතනය පියවර ගැනීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. MCC විසින් සිය රටට දුන් ප‍්‍රදානය අත්හිටවූවද, මැඩගස්කරයට එහි ප‍්‍රතිඵල ලෙස මුහුණ දීමට සිදු වී ඇති බැඳීම්වලින් ඉවත්වීමට නොහැකි වී ඇත්තේ මෙවැනි තත්ත්වයක් නිසා දැයි විමසා බැලීම වැදගත් විය හැකිය.
 
 5.1.2 ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදය හා සැපයුම් ප‍්‍රභවයන්
 
 (i) මෙම ගිවිසුමට අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත්තේ ඊට අදාළ ශී‍්‍ර ලංකා රජයේ ආයතන තුළින් නොවේ. අවම වශයෙන් ශ‍්‍රී ලාංකික සමාගම්වලට සීමා වූ කොන්ත‍්‍රාත් ම`ගින් ද නොවේ. වෙනත් ද්විපාර්ශ්වික ණය හෝ ආධාර යෝජනාක‍්‍රම තුළ දක්නට ලැබෙන්නා වූ ඒ ඒ රටවල සැපයුම් සමාගම්වලින්ම සේවා සපයාගත යුතු බවට වන කොන්දේසි මෙම MCC ප‍්‍රදානයේ කොන්දේසියක් කර නොතිබීම සුබවාදී වන බව සත්‍යයකි. ඒ නමුදු, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය නිශේධනය කරමින් ඇමෙරිකානු /MCC ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයන් අදාළ වන පරිදි පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලෙස කොන්දේසි පැනවීමෙන් සහ එම ක‍්‍රියාවලිය ඔස්සේ තෝරා ගැනෙන සැපයුම්කරුවන්ට MCC ආයතනයේ අනුමැතිය ලබා ගත යුතු වන පරිදි ප‍්‍රතිපාදන සැකැසීමෙන් එම ධනාත්මක ඉඩකඩ ද නිශේධනය වී ඇත.
 
 (II) මෙම ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදය ඔස්සේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ජාතිකමය වශයෙන් හා රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී හේතු මත පමණක් හෝ අදාළ සැපයුම්කරුවන් හෝ සමාගම් තේරීම ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන්ට සීමා කිරීමට ශ‍්‍රී ලංකාවට අවකාශ නොමැත. එවැනි තත්ත්වයක් තුළ ඉඩම් මැනීම, සිතියම් කිරීම හා දත්ත ගබඩා ඇති කිරීම, මධ්‍යගතව වාහන පාලන ක‍්‍රමවේද සැකැසීම වැනි රටේ ජාතික ආරක්‍ෂාවට හා දේශපාලන - ආර්ථික හා සමාජයීය ස්වෛරීත්වයට බලපෑම් එල්ල කිරීමට යොදා ගනු ලැබිය හැකි තොරතුරු හෝ පරිගණක යෙදවුම් කිසිදු පාලනයකින් හා සීමාවකින් තොරව දේශීය හා විදේශ කොන්ත‍්‍රාත්කරුවන්ගේ අතට පත්වීම වැළැක්විය නොහැක. මෙම තත්ත්වය ද කිසි සේත්ම සුදුසු නොවන බව කමිටුවේ මතයයි.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles