Divaina - උතුරේ දේශපාලන පොරය මහ පාරට එයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

Thal1මහ මැතිවරණය ළංවීමත් සමගම එහි උණුසුම උතුරු පළාතටද දැනෙන්නට පටන්ගෙන තිබේ.
 
 එක් එක් පුද්ගලයන් විසින් වරින් වර සිදුකරන ලද ප‍්‍රකාශයන් උලූප්පාලමින් තම දේශපාලන පක්ෂයට වාසියක් ලබා ගැනීමට බොහෝ දේශපාලන පක්ෂවල පිරිස උත්සාහ දරති.
 
 මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයකු වන කරුණා අම්මාන් විසින් සිදුකළ ප‍්‍රකාශයේ උණුසුම තවමත් රටේ අභ්‍යන්තරයෙන් ඇකී මැකී ගොස් නැතිවා සේම උතුරටද එය තවමත් වලංගු වී තිබේ.
 
 දෙමළ ජාතික සන්ධානය එදා සිටම නියෝජනය කළේ ප‍්‍රභාකරන්ගේ පාර්ශ්වය නිසා කරුණා අම්මාන් සම්බන්ධයෙන් එතරම් පැහැදිළි විශ්වාසයක් හෝ කැමැත්තක් දෙමළ ජාතික සන්ධානයේ පිරිස් තුළ නොමැත.
 
 මේ නිසාම කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ ද්‍රෝහියකු වශයෙන් දෙමළ ජාතික සන්ධානය තවමත් සලකා සිටියි.
 
 කරුණා අම්මාන් විසින් සිදුකරන ලද ප‍්‍රකාශය දෙමළ ජනතාවට හා දෙමළ දේශපාලනඥයන්ට අත්පුඩි ගසා සතුටු වන්නට කාරණයක් වූවද, ඔවුන් ඖෂධ පානය කළ ගොළුවන් සේ කටයුතු කරන්නේ මේ අවස්ථාවේදී කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් යමක් ප‍්‍රකාශ කිරීම නුවණට හුරු කටයුත්තක් නොවන නිසා විය හැකිය.
 
 එහෙත් මේ දිනවල උතුරේ තැනින් තැන දෙමළ ජාතික සන්ධානය විසින් පවත්වනු ලබන රැුස්වීම්වලදී මේ සම්බන්ධයෙන් කතා කරති. නමුත් මේ දිනවල පැවැත්වෙන රැුස්වීම් කීප දෙනකුට පමණක් සීමා වූ රැුස්වීම් නිසා දෙමළ ජාතික සන්ධානයේ උතුරේ අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන ප‍්‍රකාශ දකුණු පළාතට  ළං වන්නේ ඉතාම අල්ප වශයෙනි.
 
 විග්නේෂ්වරන්ගේ උද්දාමය
 
 දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කොට දේශපාලනයට පිවිසි නමුත් උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබ`දකම් පැවැත්වූ බවට චෝදනා නොමැත. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ උතුරේ පළාත් සභා මැතිවරණය මුලින්ම පවත්වන අවස්ථාව වන විට යුද්ධය සම්පූර්ණයෙන්ම හමාර වී තිබීමය. ඒ කාල වකවානුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ක‍්‍රියාත්මක නොවූ නිසා විග්නේෂ්වරන් මහතාට ඒ අපවාදයෙන් මිදීමට හැකියාව ලැබී තිබේ.
 
 නමුත් ඔහු දේශපාලනයට අවතීර්ණ වූ දිනයේ පටන් සිදුකරන ලද විවිධ ප‍්‍රකාශ දෙස ආපසු හැරී බලන විට ඔහු තරම් උග‍්‍ර ජාතිවාදී සටන්කාමියකු නොමැති තරම්ය. ප‍්‍රභාකරන් ජීවමානව සිටි කාලයේදී විග්නේෂ්වරන් සිය විනිසුරු රස්සාවෙන් ඉවත්ව සිටියේ නම් ඔහු ප‍්‍රභාකරන්ටද උපදෙස් දෙන්නකු බවට පත්වනවා නිසැකය. ඒ කාලයේදී ඔහු දේශපාලනය කළේ නම් තමිල් සෙල්වම්ගේ ස්ථානයට පත්වන්නේ ඔහුය. ඒ තරමටම ඔහු දකුණේ සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව යන්නකු වී සිටියි.
 
 විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන කටයුතු මේ දිනවල සිදුවන්නේද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන බව කියාපාමිනි. මේ අයිතිවාසිකම් දිනා ගැනීමේ දේශපාලන සටන දියත් කිරීමේදී මුදල් අවශ්‍ය නිසා ඔහු තම පක්ෂයට මුදල් එකතු කිරීමේ කටයුත්ත අතහැර දමා නොමැත.
 
 උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ විග්නේෂ්වරන්ට චෝදනා කරන්නේ දේශපාලනය කිරීමට මුදල් අනවශ්‍ය බව කියමිනි. ඔවුන් උත්සාහ කරන්නේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න පෙන්වා ජනතාව රවටා මුදල් හම්බ කිරීමට විග්නේෂ්වරන් මහතා කටයුතු යොදා ඇති බවට ජනතාවට ඒත්තු ගන්වන්නටය.
 
 නමුත් විග්නේෂ්වරන් පැවසුවේ දකුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිට දේශපාලනයේ නිරත සෑම අයෙකුටම දේශපාලන කටයුතු කරගෙන යෑමට මුදල් ලබා දීමට විශාල ව්‍යාපාරිකයන් පිරිසක් සිටින බවයි. ඔවුන් ඒ
 
 ව්‍යාපාරිකයන්ගේ මුදල්වලින් සිංහල බෞද්ධ බලවේගයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ නම් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම ස`දහා ගෙන යන දේශපාලන අරගලයට මුදල් එකතුකර ගැනීම වරදක් නොමැති බවයි.
 
 දෙමළ දේශපාලනඥයන්ට මුදල් ලබාදීම ස`දහා දැන් ඉතිරිව සිටින්නේ විදෙස් රටවල සිටින දෙමළ වැසියන් හා දෙමළ ඩයස්පෝරාවේ පිරිස පමණක් බව කියන විග්නේෂ්වරන් ඔවුන්ගෙන් මුදල් එකතු කර ගැනීමේ වරදක් ඇති බව දකින්නේ තම පක්ෂයට එරෙහිව සිටින සෙසු දෙමළ දේශපාලන පක්ෂ පමණක් බවද මෙහිදී කියා සිටියේය.
 
 දෙමළ ජනයාගේ අයිතිවාසිකම්
 
 දෙමළ ජනතාව වසර හැත්තෑවකට අධික කාලයක් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන නිසා මේ අවස්ථාවේදී හෝ ඔවුන්ට සාධාරණ අයිතිවාසිකමක් ලැබිය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චි දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා කිළිනොච්චියේදී පැවසීය.
 
 මෙවර මහ මැතිවරණය ස`දහා ආධාර ලබාගැනීම පිණිස සංවිධානය කළ
 
 රැුස්වීමක් අමතමින් කතා කළ ශ‍්‍රීධරන් මහතා කියා සිටියේ මේ රටේ තවමත් දෙමළ සිංහල වශයෙන් වෙන් වෙන් වශයෙන් කෙරෙණ සැලකිල්ල වර්තමානයේදී හෝ අඩුවිය යුතු බවයි.
 
 දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විස`දීම ස`දහා අතීතයේදී ඒ ඒ කාලවල පැවැති රජයන් විවිධ ගිවිසුම් අත්සන් කොට ඇතත් ඒ කිසිම ගිවිසුමකින් දෙමළ ජනතාවට හෝ සිංහල ජනතාවට යහපතක් සිදු නොවූ බව ශ‍්‍රීධරන් මහතා පෙන්වා දෙයි.
 
 එකම රටක් තුළ පවතින අර්බුදයක් විස`දීම ස`දහා ගිවිසුම් අත්සන් කිරීමක් හෝ විදෙස් රටවල සහාය ලබා ගැනීමක් අවශ්‍ය නොවන බව පවසන හිටපු මන්ත‍්‍රීවරයා කළ යුතු වන්නේ මේ රටේ විද්වතුන් එක් වී දෙමළ ජනයාට හිමිවිය යුතු අයිතිවාසිකම් පිළිබ`දව විමසා බලා ඊට ගැළපෙන පරිපාලන ව්‍යුහයක් සකස් කිරීම පමණක් බවද කියා සිටියේය.
 
 දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න හා ගැටලූ විස`දා ගැනීම ස`දහා දෙමළ ජාතියෙන් කොටසක් ආයුධ සන්නද්ධ අරගලයක් කරා යොමු වූයේ මේ ප‍්‍රශ්න විස`දීම ස`දහා ඒ ඒ රජයන් ගන්නා ලද ක‍්‍රියාමාර්ගයන් තුළ වූ දුර්වලකම් නිසා බවද ශ‍්‍රීධරන් මහතා මෙහිදී ප‍්‍රකාශ කළ අතර ඉදිරියේදී බලයට පත්වන රජය හෝ මේ සියලූ වැරදි හා ඌණතා මගහැර වීමට කටයුතු කළ යුතුව ඇතැයි කියා සිටියේය.
 
 දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිකළ දා සිට උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විස`දුමක් ලබාගැනීම ස`දහා සියලූම දෙනා සමග සාකච්ඡුා කළ නමුත් ඒ සියලූම නායකයන් ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමට හා ආරක්ෂාකර ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගත්තා මිස දෙමළ ජනතාවට ලබාදුන් කිසිවක් නොමැති බවද ඔහු ස`දහන් කළේය.
 
 ඒ ඒ රජයන් විසින් දෙමළ ජාතික සන්ධානය රැුවටීම නිසා සාමාන්‍ය දෙමළ ජනතාවද පක්ෂය අතහැර යන තත්ත්වයක් ඇති වූයේ රජයෙන් විවිධ තාන්න මාන්න ලබාගෙන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රැුවටවූ බවට විරුද්ධ දේශපාලන පක්ෂ විසින් ගොඩන`ගන ලද මතවාදයක් නිසා යැයි කී හිටපු මන්ත‍්‍රීවරයා ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදුව නොමැති බවද කියා සිටියේය.
 
 විජයකලා යළි අවදි වෙයි
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබ`දව හා එහි නායකයා පිළිබඳව උදම් ඇනීමේ කතාවක් කිරීමට ගොස් අමාත්‍ය ධුරයද අහිමි කරගත් යාපනයේ විජයකලා මහේෂ්වරන් මේ සතියේදී යළි සිය කතාව ආරම්භ කොට තිබුණි.
 
 ඇය මෙවර කියා සිටින්නේ යුද්ධය කළේ වර්තමාන රජය බවයි.
 
 යුද්ධය උතුරට රැුගෙන එන ලද පිරිස මේ වන විට රටේ බලය ලබාගෙන ඇති නිසා යුද්ධයෙන් හානියට පත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ යළි සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේද එම රජයට බව හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් කිළිනොච්චියේදී පැවසුවාය.
 
 මහ මැතිවරණයට තරග කරන ඇය තම ජයග‍්‍රහණය ස`දහා කිළිනොච්චියේ සංවිධානය කරන ලද ජන හමුවකදී මේ බව කියා සිටියාය.
 
 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන්ද, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාල වකවානුවේදී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට ගෙන ආ යුද්ධය හේතුවෙන් එම පළාත්වල වැසියන්ගේ ජීවිත හා දේපළ විශාල වශයෙන් විනාශ වී ගිය බව විජයකලා මහේෂ්වරන් මෙහිදී ස`දහන් කළාය.
 
 මෙසේ විනාශ වී ගිය ජනතාවට අයත් දේපළ ස`දහා වන්දි ගෙවීමක් තවමත් නිසි ලෙස සිදුනොවූ බව කී ඇය උතුරු
 
 නැගෙනහිර පළාත්වල සංවර්ධනයද යුද්ධය නිසා විශාල වශයෙන් පසුබෑමකට ලක්වූ බව කියා සිටියාය.
 
 මේ නිසා ජනතාවගේ යහපත ගැන සිතා උතුරු නැගෙනහිර පළාත් වත්මන් රජය විසින් සංවර්ධනය කොට ජනතාවට සහන ලබාදිය යුතු බවත් විජයකලා මහේෂ්වරන් කිළිනොච්චියේදී පැවසුවාය.
 
 උතුරේ මේ සියලූ දෙමළ දේශපාලනඥයන් කුමක් කීවත් ජනතාව වැරෙන් අත්පොළසන් දෙනු ලබන්නේ ජනතාව තුළ මේ දේශපාලානඥයන් වෛරය හැර වෙනත් යමක් වපුරා නොමැති නිසාය.
 
 මේ ගැන තවත් සලකා බලන විට උතුරේ දෙමළ දේශපාලනඥයන් පමණක් නොව දකුණේ බොහෝ දේශපාලනඥයන්ද තම දේශපාලන ව්‍යාපාරය කරගෙන යනු ලබන්නේ ජාතිවාදය වපුරවාලමින් ඒ ජාතිවාදී අදහස් ජනතාව තුළට කා වැද්දීමෙනි.
 
 මනාප පොරය උතුරටත්
 
 දකුණේ දේශපාලනඥයන්ට සාපේක්ෂව මීට පෙර උතුරේ දේශපාලනඥයන් තරමක සංවරයකින් යුතුව දේශපාලන කටයුතුවල නිරත වුවද මේ වන විට උතුරේ දෙමළ දේශපාලනඥයන් තුළටද මනාප පොරය ළ`ගාවී තිබේ.
 
 මේ නිසාම යාපනයේදී පමණක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මේ වන විට එකොළහක්ම වාර්තා වී තිබේ.
 
 ඊට අමතරව යාපනයේ සෑම මාර්ගයක්ම විනාශ කරමින් එක් එක් දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ පක්ෂය, පක්ෂ ලාංඡුනය හා ඔවුන්ට හිමිව ඇති අංක වෙනදාට වඩා ප‍්‍රදර්ශනය කරන්නට පටන්ගෙන තිබුණි.
 
 තමන්ට හිමි අංකය ප‍්‍රදර්ශනය කිරීම තමන්ගේ පක්ෂ කාර්යාලයේදීවත් කළ නොහැකි අන්දමට නීතිරීති සකස් වෙද්දී උතුරේ අපේක්ෂකයෝ ජනතාව දැනුවත් කිරීමට මහපාර තෝරාගෙන තිබේ.
 
 පොලිසිය ක‍්‍රියාත්මක වී කළුතෙල් යොදා මහ පාරේ සුදු තීන්තෙන් අඳින ලද මැතිවරණ ප‍්‍රචාරක දේවල් මකා දැමුවද මහපාරේ කළුතෙල් හැලීම නිසා පාරේ යතුරුපැදිවලින් හා පාපැදිවලින් ගමන් කරන පිරිස අනතුරුවලට මුහුණ දීම යාපනයේදී වැඩි වී තිබේ.
 
 යාපනයේ මාර්ගවල විවිධ මැතිවරණ ප‍්‍රචාරක වැකි අ`දින ලද පිරිස පෝස්ටර් ඇලවීමටද පටන්ගෙන තිබුණි. තමන්ගේ ජාතියට සංස්කෘතියට වඩා තමන්ගේ දේශපාලනය උතුම් යැයි සිතූ යාපනයේ මැතිවරණ අපේක්ෂකයෝ යාපනය නගරයේ විවිධ ස්ථානවල ඉදිකොට තිබූ ප‍්‍රතිමාවලද සිය පෝස්ටර් ඇලවූහ.
 
 අවසානයේදී මේ දේශපාලනඥයෝ මහා කවි භාරතීන්ගේ පිළිරුව පුරාද පෝස්ටර් අලවා තිබුණි. යාපනයේ සාමාන්‍ය ජනතාව මේ ක‍්‍රියාවෙන් මහත් වේදනාවකට හා දොම්නසකට පත්ව සිටියහ.
 
 යාපනය නගරයේ පිහිටි මහා භාරතී කවියාගේ ප‍්‍රතිමාව පුරා පෝස්ටර් අලවා තිබුණේ පොදුජන පෙරමුණෙන් මෙවර යාපනයට තරග කරන පිරිසකි. මේ ආරංචිය ලද විගස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රියාත්මක වී වහාම එම පෝස්ටර් ඉවත් කරන ලෙසටත් අදාළ පිළිරුව වහාම තීන්ත ආලේප කොට සකස් කරන ලෙසටත් නියෝග කොට තිබුණි.
 
 ඒ අනුවම දැන් මහා භාරතී කවියාගේ ප‍්‍රතිමාව පෙරටත් වඩා අලංකාරව හා පිරිසිදුව යාපනය නගරය තුළ වැජඹී තිබේ.

p11 167

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles