Divaina - මූල්‍ය පද්ධතිය රැක ගැනීමේ මහ බැංකුවේ වගකීම

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fea8 1එකිනෙකට වෙනස් ව්‍යාපාරික පාලන සහ මූල්‍ය අර්බුදවලට මුහුණ දුන් මෙම  මූල්‍ය ආයතන ගොඩනැඟීම පිණිස විවිධ මෙවලම් සහ උපක‍්‍රම දියත් කරන ලද අතර එම ක‍්‍රියාවලියන් පිළිබඳව වෘත්තීය මට්ටමේ පොත් පත් සහ ලිපි රාශියක් දැනටමත් පළ වී තිබේ. ඊට පසුව ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වූ අසාර්ථක ක‍්‍රියාවලින් නිසා එම තීරණාත්මක වකවානුවේ ක‍්‍රියාත්මක කළ ක‍්‍රියාමාර්ගවල වටිනාකම ද දැන් බොහෝ දෙනෙකුට වැටහී ඇත. එම ආයතනවල ආයෝජන කර තිබූ කොටස්කරුවන් තැන්පත්කරුවන් ගනුදෙනුකරුවන් සේවකයන් යන සියලූ දෙනාගේම ආයෝජන සහ ජීවනෝපායන් රැුකගැනීමට රජය හා මහ බැංකුව සමත් වූ ආකාරය පිළිබඳව ද මනා අවබෝධයක් දැන් පහළ වී ඇත.

2007 සිට 2019 කාලය තුළ මුළු ලෝකයේම මූල්‍ය ආයතන කඩා වැටෙමින් තිබිණි. ඒ කාලයේදී  ශ‍්‍රී ලංකාවේ ද සෙලාන් බැංකුව සහ මහ බැංකුවේ ලියාපදිංචි වී තිබූ සෙලින්කෝ සමූහ ආයතනයට සම්බන්ධ ආයතන 12 කට පමණ දැවැන්ත මූල්‍ය අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවිණි. 2007 හෝ 2008 දී එම බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතන හෝ කඩා වැටුණේ නම් රටේ මුළු ආර්ථිකයම දැවැන්ත මූල්‍ය අර්බුදයකට තල්ලූ වී ඒ හරහා එවකට ශ‍්‍රී ලංකාව යෙදී සිටි තියුණු ත‍්‍රස්තවාදී යුද්ධයට දැවැන්ත අහිතකර බලපෑමක් සිදුවන්නට ද ඉඩ තිබිණි.

එහෙත් එවකට ජනාධිපති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ඍජු මැදිහත්වීම හා බැඳුණු මඟපෙන්වීම සහ දූරදර්ශී මූල්‍ය කළමනාකරණය හරහා කිසිදු මූල්‍ය ආයතනයක් කඩා වැටෙන්නට ඉඩ නොදී ඒවා සාර්ථකව රැුකගැනීමට සමත්විය.

එම කාලයේදී අර්බුද සහිත ආයතන කිසිවක් කඩා වැටෙන්නට රජය සහ මහ බැංකුව ඉඩ නොදෙන බවට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැහැදිලි ප‍්‍රකාශයක් කරනවාත් සමගම රජය සහ මහ බැංකුව විසින් එම පොරොන්දුව ඉටු කිරීම සඳහා කඩිනම් සහ වෘත්තීමය ක‍්‍රියාමාර්ග කිහිපයක්ම දියත් කරන ලදී. එම ක‍්‍රියාවලියේ සාර්ථකත්වය කොපමණ ද කිවහොත් දැඩි අවදානමකට පත්ව තිබූ සෙලාන් බැංකුව ද අනිකුත් සියලූ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් ද මුහුණ දුන් අවදානම් ජයගෙන රටේ මූල්‍ය පද්ධතිය ස්ථායී මට්ටමකට නැවත පිවිසෙන්නට හැකිවිණි. එපමණක් නොව බොහෝ දෙනෙකු නොසිතූ අන්දමට වැඩි කලක් යන්නට මත්තෙන් ඒ ආයතන සැලකිය යුතු මූල්‍ය ශක්තියක් ද ගොඩනඟාගන්නට ද සමත් විය.

කෙසේ වෙතත් එකිනෙකට වෙනස් ව්‍යාපාරික පාලන සහ මූල්‍ය අර්බුදවලට මුහුණ දුන් මෙම මූල්‍ය ආයතන ගොඩනැඟීම පිණිස විවිධ මෙවලම් සහ උපක‍්‍රම දියත් කරන ලද අතර එම ක‍්‍රියාවලියන් පිළිබඳව වෘත්තීය මට්ටමේ පොත් පත් සහ ලිපි රාශියක් දැනටමත් පළ වී තිබේ. ඊට පසුව ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වූ අසාර්ථක ක‍්‍රියාවලින් නිසා එම තීරණාත්මක වකවානුවේ ක‍්‍රියාත්මක කළ ක‍්‍රියාමාර්ගවල වටිනාකම ද දැන් බොහෝ දෙනෙකුට වැටහී ඇත. එම ආයතනවල ආයෝජන කර තිබූ කොටස්කරුවන් තැන්පත්කරුවන් ගනුදෙනුකරුවන් සේවකයන් යන සියලූ දෙනාගේම ආයෝජන සහ ජීවනෝපායන් රැුකගැනීමට රජය හා මහ බැංකුව සමත් වූ ආකාරය පිළිබඳව ද මනා අවබෝධයක් දැන් පහළ වී ඇත.

මේ සාර්ථක ප‍්‍රතිඵල භුක්ති විඳීමට මහ බැංකුව දියත් කළ උපාය මාර්ග කිහිපයකි,

1. මූල්‍ය ආයතන නඟා සිටුවීමේ ප‍්‍රයත්නය පිටුපස මහ බැංකුව උනන්දුවකින් සහ ඍජුවම සිටින මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රමුඛ මාධ්‍ය සාකච්ඡුා කිහිපයක් හරහා ජනතාවට සහ එම ආයතනවල ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය කරන ලදී. එමෙන්ම කිසියම් හේතුවක් නිසා හෝ එවන් ආයතනයක ද්‍රවශීලීත්වයට අභියෝගයක් මතුවුවහොත් එම ප‍්‍රශ්නයට මහ බැංකුව සහ රජය ඍජුවම මැදිහත් වන බවට ප‍්‍රතිචාරයක් ලබාදෙමින් මහ බැංකුව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසනීයභාවය තහවුරු කළේය.

2. අර්බුදයට ලක්ව තිබූ මූල්‍ය ආයතන පාලනය කිරීම වෙනුවෙන් රටේ පිළිගත් සහ ශක්තිමත් මූල්‍ය ආයතන ඒවායේ ‘කළමනාකරණ ඒජන්ත’ Managing Agents වශයෙන් මහ බැංකුව විසින් පත් කරන ලදී. ඒ තුළින් යම් මූල්‍ය ආයතනයක තිබූ පාලන දුර්වලතාවන් සහ වෙනත් අඩුපාඩු මඟහරවාගෙන එම ආයතනය යහපත් මාවතකට යොමු වන බවට මහජනතාවට සහ ගනුදෙනුකරුවන්ට පැහැදිලි පණිවුඩයක් දෙන ලදී. එමඟින් මුළු මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසනීයභාවය තහවුරු කර ගැනීමට හැකිවිය.

3. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ සංකල්පයක් අනුව 2010 වසරේදී රුපියල් බිලියන එකක ”ආරම්භ ප‍්‍රාග්ධනයක්” ඔස්සේ ”තැන්පත් රක්‍ෂණය සහ ද්‍රවශීලිතා අරමුදල” (Deposit Insurance and Liquidity Support Fund)  ස්ථාපනය කරන ලදී. අද වනවිට එම අරමුදල රුපියල් බිලියන 70 ක පමණ දැවැන්ත අරමුදලක් බවට වර්ධනය වී ඇත. 2015 න් පසු මූල්‍ය ආයතන කිහිපයක්ම කඩා වැටීම වැළැක්වීමට මහ බැංකුව අසමත් වූ විට ඒවායේ තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්වලින් කොටසක් හෝ මහත් උජාරුවෙන් මහ බැංකුවට ආපසු ගෙවීමට හැකිවූයේ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පිහිටු වූ තැන්පත් රක්‍ෂණය සහ ද්‍රවශීලිතා අරමුදල නිසා බව අද සිහිපත් කරගත යුතුය.

fea8 34. එවකට අර්බුදයට පත්ව තිබූ මූල්‍ය ආයතන 12 ක් වූ අතර ”ද ෆිනෑන්ස් සමාගම” (The Finance)  ඇතුළු ආයතන සියල්ලම නැවුම් වෘත්තීමය ප‍්‍රතිසංස්කරණය ක‍්‍රියාවලියන්වලට භාජනය කරන ලද අතරම ප‍්‍රයත්නයන් ඔස්සේ 2014 අග වනවිට එම සමාගම සාර්ථක සහ ස්ථායි මට්ටම්වලට පත්ව තිබිණි. එම ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයන් අතර එම සමාගම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තැන්පත් රක්‍ෂණ සහ ද්‍රවශීලතා අරමුදල හරහා සහන පොලියකට එම සමාගම්වලට අවශ්‍ය ද්‍රවශීලතා ණය මුදල් ද මහ බැංකුව ලබාදී තිබිණි. ඒ අනුව වැඩි කලක් යන්නට මත්තෙන් ”ද ෆිනෑන්ස්” සමාගම ඇතුළු එම ආයතන සියල්ලම පූර්ණ ලෙස ප‍්‍රතිසංස්කරණයකට ලක් වී මූල්‍ය ක්‍ෂේත‍්‍රය ස්ථායිභාවයකට පත්වන බවට විශ්වාසයක් සියලූ දෙනා තුළම ගොඩනැඟී තිබිණි.

5. ඒ අතරම අර්බුදකාරී මූල්‍ය සමාගම්වල පැවති දුර්වලතාවන් තිරසාරවම සහ දිගුකාලීනව විසඳීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා දියත් කළ ඊළඟ වැදගත් ක‍්‍රියාමාර්ගය වූයේ මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ සමාගම් වෘත්තීමය සැලැස්මක් අනුව ඒකාබද්ධ කිරීමය (Financial Sector Consolidation)  ඒ සඳහා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඒ හරහා රටෙහි පවතින ”තනිව - පවතින” බැංකුව නොවන මූල්‍ය ආයතන (Stand - alone Finance Companies) සංඛ්‍යාව 20 දක්වා අඩුකොට ඒවා සියල්ලම ප‍්‍රමාණවත් ප‍්‍රාග්ධනයෙන් ස්ථාවර ශක්තිමත් හොඳින් කළමනාකරණය කරනු ලබන මූල්‍ය ආයතන බවට පත් කිරීමට කටයුතු කරගෙන යන ලදී. ඊට අවශ්‍ය බදු සහන සහ නීතිමය රාමුව එවකට ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 2014 අයවැයෙන් ලබාදී තිබූ අතර 2015 තුන්වැනි කාර්තුව වනවිට එම ක‍්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණ කිරීමට නියමිතව තිබිණි. 2014 අවසන් වනවිට මෙම ක‍්‍රියාවලිය එම සැලසුමට අනුව සාර්ථක මට්ටමකට පිවිසී තිබුණ ද 2015 ජනවාරියේ ඇති වූ දේශපාලන වෙනස්වීමත් සමග පත් වූ නව රජය සහ මහ බැංකු පාලනාධිකාරිය විසින් මෙම වැදගත් ක‍්‍රියාවලිය ”කබ්රාල්ගේ අනවශ්‍ය වැඩක්” ලෙස හඳුන්වා අත්හිටුවන ලදී. එම අදූරදර්ශී ද්වේශයෙන් කළ අත්හිටුවීමේ අවාසනාවන්ත ප‍්‍රතිඵලයක් වශයෙන් 2015 සිට මේ දක්වා ලියාපදිංචි මූල්‍ය ආයතන හයක් පමණ කඩා වැටී ඇති අතර තවත් කිහිපයක් අතිශයින් අනතුරුදායක මට්ටම්වලට ඇදවැටී ඇත.

මෙම කඩා වැටීම් අතරින් ඉතා තීරණාත්මක කඩා වැටීමක් වී ඇත්තේ 2020 මැයි 22 වැනි දින මහ බැංකුව විසින් මූල්‍ය ආයතන බලපත‍්‍රය අවලංගු කරන ලද ”ද ෆිනෑන්ස්” සමාගම බව සියලූ දෙනාම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. එම අත්හිටුවීමේ තීන්දුව මහජනතාවට ප‍්‍රකාශ කරත්දී මහ බැංකු පුවත්පත් නිවේදනයේ මෙසේ සඳහන් විණි. ”ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක‍්‍රමය මඟින් එහි රක්ෂණ කර ඇති තැන්පත්කරුවන් සඳහා පවතින නීති හා විධිවිධාන යටතේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලබන ඇති අතර එමඟින් ආයතනයේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් 93% කට (තැන්පත්කරුවන් 145172 ක් අතරින් 135100 කට) තම මුළු මුදලම ආවරණය කර ගැනීමට හැකියාවක් ඇති අතර අනෙකුත් 7% ක (තැන්පත්කරුවන් 10072 කට* තැන්පත්කරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රුපියල් 600,000 ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේදී හිමිකම් පෑමේ ප‍්‍රමුඛතාවන්ට යටත්ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී.”

ඒ අනුව ”ද ෆිනෑන්ස්” සමාගමේ තැන්පත්කරුවන් 93% කගේ ”ගැටලූව” සම්පූර්ණයෙන්ම විසඳනවා යැයි මහ බැංකුව වක‍්‍රාකාරව පවසන්නට උත්සාහ කළ ද ”ද ෆිනෑන්ස්” සමාගමේ තැන්පත් පිළිබඳ සැබෑ තත්ත්වය පහත දක්වා ඇති ආකාරයේ එකක් බව කිව යුතුය.

තැන්පත්කරුවන් 135100 ක ගේ රුපියල් මිලියන 4462 ක් ගෙවීමෙන් මහ බැංකුවේ ”වගකීම” සපුරාලිය හැකි යැයි පෙන්වාදීමට මහ බැංකු අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරයා උත්සාහ කර ඇත. එසේ නම් තැන්පත්කරුවන් 10072 කගේ තැන්පතුවලින් රුපියල් මිලියන 22567 ක් ඔවුන්ට අහිමි කිරීම පිළිබඳව වගකියන්නේ කවුද?. කෙසේ වෙතත් ජනතා විශ්වාසය දිනාගත් වගකිව යුතු රජයකින් ජනතාව එවැන්නක් බලාපොරොත්තු වන්නේ ද නැත.

මෙම තත්ත්වය කවුරු කුමන ආකාරයට විග‍්‍රහ කළත් මෙම මූල්‍ය ඛේදවාචකය වෙනුවෙන් වගකිව යුත්තේ වත්මන් මහ බැංකු අධිපති හා මුදල් මණ්ඩලයයි. ඒ අතරම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා ද මෙම මූල්‍ය ඛේදවාචකයේ දේශපාලනික සහ ආර්ථික පසුබෑම වළක්වාලීම සඳහා ඉදිරියේදී සාධනීය පියවර ගනු ඇතැයි අපි සිතමු.

2005 සිට 2014 දක්වා වසර 9 ක කාලය තුළදී කිසිදු ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කඩා වැටෙන්නට ඉඩ නොදී ඒවා සාර්ථකව ප‍්‍රතිසංස්කරණය කළ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වර්තමාන ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කරයි. මේ වනවිට මෙම අර්බුදවලට ලක්ව ඇති මූල්‍ය ආයතන ගොඩනැඟිය හැකි බවට අජිත් නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත. එහෙත් ඔහුගේ ප‍්‍රකාශන පිළි නොගෙන වත්මන් රජය සහ මහ බැංකුව කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක අභිමතය අනුව වෙනත් මූල්‍ය සමාගම් කිහිපයක්ම ඈවර කළා මෙන්ම ”ද ෆිනෑන්ස්” සමාගම ද ඈවර කරයිද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතන රැුක ගනිමින් මේ තත්ත්වය ආපසු හැරවිය හැකිවනුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් පමණක් බව දැන් පැහැදිලිය. ඔවුන් දෙදෙනා වහා ක‍්‍රියාත්මක වී මෙම ආයතන විනාශ වන්නට ඉඩ නොදී ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීමට නියෝග නිකුත් කළ යුතුය. කොවිඞ් 19 වසංගතය ඔස්සේ ශ‍්‍රී ලංකාවේ මුළු ආර්ථිකයම අද දැවැන්ත අවපාතයකට ගමන් කරමින් තිබේ. එවැනි අවස්ථාවක වැළැක්විය හැකි අර්බුදයක් අනවශ්‍ය ලෙස කරළියට එක් කර ගැනීම කිසිසේත් නුවණට හුරු නැති බව ඔවුන් දැඩි සේ කල්පනා කළ යුතුය.

තාරක සේනාරත්න

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles