Divaina - කොවිඞ් 19 වෛරස රෝගය පාලනය සඳහා දෑත් පිරිසිදුකරන විෂ බීජ නාශක දියර පාවිච්චි කරන විට මේ ගැනත් සිතන්න

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa20 3සෙමින් ක‍්‍රියාකාරී වෙමින් සිරුරේ සාමාන්‍ය පැවැත්මට බලපෑම් කිරීමේ සිට ඉතා වේගයෙන් ක‍්‍රියාකාරී වෙමින් මාරාන්තික තත්ත්වයක් ඇතිකිරීම දක්වා වූ දරුණු මට්ටමට ක‍්‍රියාකරන විෂබීජ ඇත
 
 කොවිඞ් 19 වෛරස රෝගය ගෝලීය වසංගතයක් බවට පත්වීමත් සමග අප සෑම කෙනෙක්ටම පෞද්ගලික සනීපාරක්ෂාව ගැන වෙනදාට වඩා අවධානය යොමුකරන්නට සිදුව ඇත. මුව ආවරණ පැළඳීම, දෑත් සබන් හෝ විෂ බීජ නාශක දියර වර්ගයක් භාවිතයෙන් සේදීම අනිවාර්යවී ඇත. මෙහිදී විශේෂයෙන්ම දෑත් පිරිසිදු කරගැනීම සඳහා යොදාගන්නා විෂබීජ නාශක දියර වර්ග දිනකට කිහිප වාරයක් දෑත්හි ගැල්වීමට සිදුවීම නිසා සහ දිගුකාලයක් භාවිතා කරන්නට සිදුව ඇති නිසා එය කොතෙක්දුරට සමට හිතකර දැයි කියා පැනයකුත් මතුවේ.
 
 එබැවින් මේ පිළිබඳ නිවැරදි දැනුවත් වීමක් ලබාතිබීම වැදගත්ය.
 
 විෂබීජ යනු මොනවාද?
 
 ඇසට පෙනෙන සහ ඇසට නොපෙනෙන ජීවීන් කොට්ඨාශ දෙකක් ලොව පවතී. ඇසට නොපෙනෙන ජීවීන් ක්‍ෂුද්‍රජීවීන් ලෙස හඳුන්වනු ලබයි. ඔවුන් දිළීර, බැක්ටීරියා, වෛරස ආදී ලෙස හඳුන්වනු ලබයි. මෙම ඇතැම් ක්‍ෂුද්‍රජීවීන් දැකගත හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් භාවිතයෙනි. ඒ තරමට එම ක්‍ෂුද්‍රජීවීන් කුඩාය. මෙම ක්‍ෂුද්‍රජීවීන්ගෙන් සියයට 99 ක් පමණ අපට හිතකරය. අපට අහිතකර ක්‍ෂුද්‍රජීවීන් සිටින්නේ සියයට එකක් පමණ ප‍්‍රතිශතයකි. මෙම අහිතකර ක්‍ෂුද්‍රජීවීන්ට විෂබීජ යැයි පවසනු ලැබේ.
 
 විෂබීජ අපගේ සිරුරට විවිධ මට්ටමින් බලපෑම් කරනු ලබයි. සෙමින් ක‍්‍රියාකාරී වෙමින් සිරුරේ සාමාන්‍ය පැවැත්මට බලපෑම් කිරීමේ සිට ඉතා වේගයෙන් ක‍්‍රියාකාරී වෙමින් මාරාන්තික තත්ත්වයක් ඇතිකිරීම දක්වා වූ දරුණු මට්ටමට ක‍්‍රියාකරන විෂබීජ ඇත. මෙලෙස සිරුරේ සාමාන්‍ය පැවැත්මට බලපෑම් ඇතිකරමින් විෂබීජ ක‍්‍රියාකාරීවීමට ආසාදන යැයි පවසනු ලැබේ. විෂබීජවල ක‍්‍රියාකාරීත්වය විවිධාකාරයෙන් සිදුවේ. දූෂණයට ලක්ව ඇති පරිසරයක හටගන්නා විෂබීජ පරිසර ක‍්‍රියාකාරීත්වයට අනුව අනුවර්තනයවී ද්විතීක ලක්ෂණ පෙන්නුම් කරයි. මේ අතර මිනිසා විසින් විෂබීජ ජෛව විවිධත්වයට ලක්කර මාරාන්තික අවි නිපදවීමට යොදාගනී. මෙම ජෛව අවි මගින් පිටවන ඉතා සුළු විෂබීජ ප‍්‍රමාණයකින් මනුෂ්‍ය සමූල ඝාතනයක් පවා සිදුකළ හැකිය.
 
 කොවිඞ් 19 වෛරසය
 
 මේ වන විට ලොව පුරා ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස කාණ්ඩයට අයත් කොවිඞ් 19 වෛරසයද ඉතා වේගයෙන් ක‍්‍රියාකාරීවෙමින් මාරාන්තික හානි සිදුකරන විෂ බීජයකි. මෙවැනි විෂබීජ මගින් ඉතා සුළු කාලයක් තුළ රෝගීන් විශාල ප‍්‍රමාණයක් බිහිවන නිසා රෝගය සුවකිරීම සඳහා ප‍්‍රතිකාර කිරීමට පහසුකම් සැපයීමේ දුෂ්කරතා මතුවේ. එවිට රෝගය නිසා මියයන සංඛ්‍යාවද වැඩිවේ. මෙම කොවිඞ් 19 වෛරසය නාසය සහ මුඛය තුළින් පිටතට ගමන් කරනා විෂබීජයකි. එසේම මෙම විෂබීජය ශරීරගත වූ පුද්ගලයකුගෙන් පිටවන ඉතා සුළු වෛරස ප‍්‍රමාණයක් මගින් තවත් පුද්ගලයකුට ඉතා ඉක්මනින් රෝගය පැතිර යා හැකිය. එබැවින් මෙවැනි විෂබීජ සමාජය තුළ ඉතා වේගයෙන් පැතිර යයි.
 
 මෙවැනි විෂබීජවලින් රෝගීවන පිරිස පාලනය කර ගැනීමට නම් මෙම වෛරසය සමාජය තුළ පැතිර යෑම පාලනය කළයුතුය.
 
 කොවිඞ් 19 වෛරසය පාලනය
 
 කොවිඞ් 19 වෛරසය සමාජය තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයකුගේ සිරුරින් වෛරසය පරිසරයට මුදාහැරීම පාලනය කිරීමටත් නිරෝගී පුද්ගලයකුගේ සිරුරට වෛරසය ඇතුළු වීම වැළැක්වීමට පියවර ගැනීමටත් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීම මගින් හැකියාව පවතී. එනිසා සමාජයේ ගැවසෙන විට මුඛ ආවරණ පැළඳීමත් නිතර විෂබීජ නාශක දියර වර්ගයකින් හෝ සබන් වර්ගයකින් දෑත් පිරිසිදු කරගැනීමටත් රෝගී පුද්ගලයන් නීරෝධායනයට ලක්කිරීමත් සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපදෙස් ලබාදී ඇත.
 
 විෂබීජ නාශක
 
 දිළීර, බැක්ටීරියා, වෛරස ආදී සිරුරට අහිතකර විෂබීජ විනාශ කිරීම සඳහා නොයෙකුත් රසායන ද්‍රව්‍ය එක්කර විෂබීජ නාශක නිපදවනු ලබයි. පොළොව මතුපිට සිටින හෝ එදිනෙදා අප භාවිතාකරන උපකරණ මත රැුඳී සිටින විෂබීජ විනාශ කිරීම සඳහා නිපදවන විෂබීජ නාශක සහ සිරුරේ ගැල්වීම සඳහා භාවිතාකරන විෂබීජ නාශක වර්ග දෙකක් ඇත. එනිසා ඒවා නිපදවීම සඳහා භාවිතාකරන රසායන ද්‍රව්‍ය සහ යොදාගනු ලබන සංයුතියේ ප‍්‍රමාණය වෙනස්ය. ඒ අනුව එම විෂබීජ නාශක මගින් සිරුරට ඇතිවන බලපෑම ද වෙනස්ය.
 
 දෑත් පිරිසිදුකරන විෂබීජ නාශක දියර
 
 කොවිඞ් 19 වෛරසය විනාශ කිරීම සඳහා භාවිතාකරන දෑත් පිරිසිදුකරන විෂබීජ නාශක දියර (Hand Sanitizer) නිපදවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර ප‍්‍රමිතියක් හඳුන්වාදී ඇත. එහිදී එතනෝල් භාවිතා කර මෙම විෂබීජ නාශක දියර නිපදවන්නේ නම් එහි එතනෝල් සියයට 80 ක (80%) ප‍්‍රතිශතයක් තිබිය යුතුය.
 
 අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් භාවිතාකර මෙම විෂබීජ නාශක දියර නිපදවන්නේ නම් එහි අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් සියයට 75 ක (75%) ප‍්‍රතිශතයක් තිබිය යුතුය. කොවිඞ් 19 වෛරසය විනාශ කළ හැක්කේ මෙම නිසි ප‍්‍රතිශතයකින් යුත් එතනෝල් හෝ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් සහිත දෑත් පිරිසිදුකාරක විෂබීජ නාශක දියරයකට පමණි. මන්දයත් මෙම දෑත් පිරිසිදුකාරක විෂබීජ නාශක දියරයෙහි ඇති කොවිඞ් 19 වෛරසය විනාශ කිරීමේ හෙවත් මරාදැමීමේ ප‍්‍රධාන රසායන ද්‍රව්‍යය වනුයේ එතනෝල් හෝ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල්ය. එය නිසි ප‍්‍රතිශතයෙන් අඩංගුවී නොමැති දෑත් පිරිසිදුකාරක විෂබීජ නාශක දියරයක් භාවිතා කිරීමෙන් කොවිඞ් 19 වෛරසය විනාශ නොවේ.
 
 එසේම මෙම දෑත් පිරිසිදුකාරක විෂබීජ නාශක දියර නිපදවීම සඳහා භාවිතාකරන අනෙකුත් රසායන ද්‍රව්‍යද නිසි ප‍්‍රමාණයට නිසි ප‍්‍රමිතියෙන් යුතුව අඩංගුව නොතිබුණහොත් මෙම දෑත් පිරිසිදුකාරක විෂබීජ නාශක දියරයන්හි ඡු්‍ය අගය වෙනස් වේ. එවිට එහි තිබියයුතු භාෂ්මික හා ආම්ලික බව වෙනස්වීමට ලක්වීමෙන් සමට අහිතකර බලපෑම් ඇතිවේ.
 
 එමෙන්ම එතනෝල් සහ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් යනු ඉතා ඉක්මනින් වාෂ්පවී යන රසායන ද්‍රව්‍යයන්ය. එබැවින් මෙවැනි රසායන ද්‍රව්‍ය සහිත දෑත් පිරිසිදුකාරක විෂබීජ නාශක දියරයක් නිතර නිතර දෑත්හි ගැල්වීමෙන් දෑත්හි සම වියළීමට ලක්වීම නිසා සම ඉතා ඉක්මනින් හානියට පත්වේ. සම යනු සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. එසේම සිරුරේ තාපය පාලනය කිරීම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බාහිරින් ඇතුළු විය හැකි විෂබීජවලින් ආරක්ෂාව ලබාදීම ආදී කටයුතු රැුසක් ඉන් සිදුවේ. එසේම සම තුළ දහදිය ශ‍්‍රාවය කරන ස්නේහ ග‍්‍රන්ථීන් සහ මේදය ශ‍්‍රාවය කරන ශ්වේද ග‍්‍රන්ථීන්ද පිහිටා තිබේ.
 
 වාෂ්පශීලී ද්‍රව්‍ය නිතර නිරත සම මත ගැල්වීම මගින් සම වියළීමට ලක්වී ඇතිවන හානි නිසා සමෙන් ඉටුවන ක‍්‍රියාවන්වලට බලපෑම් ඇතිවේ. එසේම ස්නේහ ග‍්‍රන්ථීන් සහ ශ්වේද ග‍්‍රන්ථීන්ටද හානි සිදුවේ.
 
 දෑත් පිරිසිදු කරන විෂබීජ නාශක දියර නිසා සමට වන හානිය අවම කරගැනීම එතනෝල් හෝ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් භාවිතාකර කොවිඞ් 19 වෛරසය විනාශ කරන දෑත් පිරිසිදු කරන විෂබීජ නාශක දියර නිපදවන විට කෝමාරිකා හෝ දේශීය වෛi ක‍්‍රමයට අනුව නිපදවන ඖෂධීය තෙල්වර්ග යොදාගත හැකියි. මෙවැනි ඖෂධ වර්ග එක්කිරීමෙන් සම වියළීමට ලක්වීම පාලනය වන නිසා සමට සිදුවන හානියද අවම කරගත හැකියි. එනිසා දෑත් පිරිසිදුකරන විෂබීජ නාශක දියර භාවිතාකරන විට මෙම කරුණු පිළිබඳවද වඩා සැලකිලිමත් වියයුතුය. මන්දයත් කොවිඞ් 19 වෛරස රෝගයෙන් ආරක්ෂාවීම සඳහා අපට දිනකට වාර කිහිපයක් දෑත් පිරිසිදුකරන විෂබීජ නාශක දියර දෑත්හි ගල්වන්නට සිදුවේ. එසේම දිගුකාලයක් දිනපතා මෙම දෑත් පිරිසිදුකරන විෂබීජ නාශක දියර භාවිතා කරන්නටද සිදුව ඇත.

suwa20 1
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles