Divaina - කොරෝනා ඇතිකළ මානසික ආතතියෙන් ඔබ තවමත් පීඩා විඳිනවාද

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa20 4පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට බලපාන වැදගත්ම සාධකයක් ලෙස පුද්ගල මනස තුළ ජනිත වන්නා වූ මානසික ආතතිය නම් කළ හැකිය. මානසික ආතතියෙන් අප කිසිම කෙනෙකුට බේරී සිටීමට නම් නොහැකිය. බිළිඳෙකු ලෙස මෙලොවට බිහිවූ දා සිට මරණයට යන තුරුම විවිධ මට්ටමින් මානසික ආතතීන් අප සෑම කෙනකුම අත් විඳිනවා ඇත.
 
 මෙම මානසික ආතතිය මුළු මහත් මානසික රෝග සංහතියේම මූලික රෝග බීජය හැටියටයි, මනෝ විද්‍යාව තුළ හඳුන්වන්නේ. මෙය සරලව විග‍්‍රහ කළේ නම් අප යම් කිසි ඉලක්කයක් කරා හඹා යෑමේදී මනස තුළ ජනිත වන්නාවූ ව්‍යාකූල තත්ත්වය, මානසික ආතතියක් ලෙස හැදින්විය හැකි අතර විශේෂයෙන්ම මෙම තත්ත්වය වැඩිපුර අපට දැකීමට හැකි වන්නේ් ඉහත සඳහන් කළ හඹායන ඉලක්ක හමුවේ ඇතිවන්නා වූ විවිධ බාධක කම්කටොලූ හේතුවෙනි. සරල උදාහරණයක් කීවේ නම්, ඔබ උදෙන්ම රැුකියාවට පිටත් වන්නේ රැුකියාවට වාර්තා කළ යුතු වේලාව හිතේ තබාගෙනයි.
 
 නමුත් අතරමග ඇතිවන්නා වූ කුමක් හෝ අකරතැබ්බයක් නිසා යන මග අවහිර වී නම් ඔබ මනසේ ඇතිවන තත්ත්වය පිළිබඳ ඔබට මතක් කර ගන්නට පුළුවන්. සමහර විට ඔබට කේන්ති යන්න ඇති. ඇඟට දහදිය දැමීම, නොරිස්සුම් ගතියක් ඇති වෙන්න පුලූවන්. මෙය තවත් තීව‍්‍රවීමේදී අඬන්නට, කෑගසන්නට පුලූවන්. තවත් විටෙකදී ළඟ ඉන්න කෙනෙකුට හිංසාවක් කරන්නට, අවට තියෙන දේකට හානි කරන්නට පුලූවන්. මෙන්න මේ මනස තුළ ඇතිවන සංකීර්ණ තත්ත්වය මානසික ආතතිය නමින් හඳුන්වනු ලබනවා. මෙවැනි තත්ත්ව දිගටම ඇතිවීම මානසික සෞඛ්‍යයට හිතකර දෙයක් නොවේ.
 
 එමෙන්ම මානසික ආතතිය ජනිතවීමේලා බලපාන තවත් වැදගත් සාධකයක් ලෙසට ඒකාකාරිත්වය පෙන්වා දීමට පුළුවන්. වර්තමාන සායන වල අප අත්විඳින වැඩිමනත් රෝගීන්ගේ ප‍්‍රධාන පැමිණිල්ලේ මූලික රෝග බීජය වශයෙන්, පසුගිය මාස දෙක හාමාරක, තුනක කාලය ඇතුළත ගෝලීය වශයෙන් ඇති වූ වසංගත තත්ත්වය නිසා පුද්ගලයාට මුහුණ පෑමට සිදු වූ නිවෙස තුළම ගත කිරීමට වීමයි. මේ නිසා සමීක්ෂණ වාර්තා වලින් හෙළිවන්නේ පවුල් ආරවුල්, අඬදබර, ගෘහස්ථ හිංසනය, මානසික සෞඛ්‍ය, පිරිහීම වැනි තත්ත්වයන් ඉහළ ගොස් තිබූ බවයි. එනම් අප කාලයක සිට කරගෙන ගිය යම් කිසි ඒකාකාරී වැඩපිළිවෙළකට යම් බාධාවක් ඇති වී එයින් අපගමනය වන්නා වූ ජීවන රටාවකට එකවර අනුගත වීමට අපේ මනස සූදානම් නොවීම මෙම තත්ත්වය ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකියි.
 
 මෙම අනුගත වීමට නොහැකි වීම නිසා පුද්ගල මනස ඒ සඳහා දැක්වූ ප‍්‍රතිචාරයක් ලෙස සමාජය තුළ මේ නිසාම මානසික ආතතිය වැඩි වීමට හේතු වූ බව කිව හැකියි. එමෙන්ම යම් පුද්ගලයන් මෙම සිදුවීම සුබවාදී ලෙසින් මානසික සෞඛ්‍යයට හිතකාමී ලෙස පරිවර්තනය කරගත් අවස්ථා අපි දුටුවෙමු. උදාහරණයක් ලෙසින් තමාට අත්විඳීමට සිදු වූ මෙම තත්ත්වය යම් ප‍්‍රයෝජනවත් වැඩකට යොදා ගැනීම තුළින් එම පුද්ගලයාගේ මානසික මෙන්ම කායික සෞඛ්‍යය හිතකාමී කරගත් අවස්ථා නිරන්තරයෙන් මාධ්‍ය තුළින් ප‍්‍රජාව දැනුවත් කරන ලදි.
 
 තැනකදී තත්ත්වය එසේ වීමේදී තවත් පිරිසක්, අනේ අපට මොකද මේ වුණේ, කරන්න දෙයක් නැහැ, කියමින් ජීවිතය හරිම නීරස කර ගනිමින් ඒකාකාරී ජීවිතයක් ගත කරන්නට වූහ. ජීවිතය ඒකාකාරී වීමේදී නැඟුණු මැසිවිලි දිනෙන් දින මතු වූයේ ඔවූහු කාලය නිවැරදිව කළමනාකරණය කර නොගැනීම නිසාවෙන් බව පැහැදිලිය. මෙසේ මැසිවිලි නැඟූ බොහෝ දෙනා කල්පනා කළේ නැහැ අතපසු වූ වැඩ කටයුතු කරගන්න හොඳම වේලාව මෙය බවට. ස්වාමියා, බිරිඳ ලෙසට වගකීම් යුතුකම් ඉටු කරන්නට අම්මා තාත්තා ලෙසට දරුවන්ට ළංවෙන්නට තිබෙන හොඳම වේලාව මේ අවස්ථාව බව. ස්වභාව ධර්මයට ළංවෙන්න, අපේ දැනුම ටිකක් වැඩි කරගන්න, ගෙවත්තේ යම් වගාවක් කරගන්න, අපට ලැබුණු හොඳම අවස්ථාවක් ලෙසින් තේරුම් ගත් උදවිය එම කාලය ඇතුළත එයින් හොඳ ප‍්‍රයෝජනයක් ගත් බව පැහැදිලි කරුණක්.
 
 පසුගිය කාලයේ ඇති වූ තත්ත්වය හමුවේ දුරකථනයෙන් උපදේශනයට ලක් වූ පිරිස අතර එක් පවුලක දරුවෙක් පසුගිය දවසක ඇවිත් මා මුණ ගැසුණා. මේ දරුවා ගොඩක් කේන්ති ගිය තරුණ වයසේ කොළඹ ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරන දරුවෙක්. දරුවා මෙයට පෙර දෙමාපියන් සමග කලකෝලාහල කර ගන්නවා. මේ දරුවා කිව්වේ ලෝකයේ සිටින නපුරුම අම්මා, මගේ අම්මා කියලා. මම ඉල්ලන කිසි දෙයක් මගේ තාත්තා ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඔහු දිනකට පැය විසිහතරෙන් අම්මා, තාත්තා දකින්නේ පැය කිහිපයක් පමණයි.
 
 එයට හේතුව වුණේ අම්මා, තාත්තා දෙදෙනාම ඉතාම කාර්ය බහුල වෘත්තීන්වල නිරතව සිටීමයි. මේ නිසාම මේ දරුවා මවුපියන්ට වෛර කරන්නට පටන් ගත්තා. නමුත් පසුගිය කාලයේ රට තූළ ඇති වූ තත්ත්වය නිසා අකැමැත්තෙන් වුවත් මේ මවුපියන් දෙදෙනාටත් වැඩි කාලයක් නිවෙසේ ගතකරන්නට කාලය උදාවුණා. ඒ නිසාම ඔවුන්ට තම පුතුට ළංවීමේ හැකියාවක් ලැබුණා. අම්මා, පුතා කැමැති කෑම ජාති සෑදුවා. තාත්තා පුතා එක්ක ක‍්‍රිකට් ගැහුවා. මාස දෙකහමාරක කාලය තුළ මේ දරුවාට තමන්ගේදෙමාපියන් පිළිබඳ තිබූ අසුබවාදී සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
 
 ඔහු දැන් කියන්නේ ලෝකයේ සිටින හොඳම තාත්තයි, අම්මයි ඉන්නේ තමාට බවයි. මේ කාලය ඇතුළත මේ දරුවා ජීවිතය හොඳහැටි තේරුම් ගෙන තිබුණා.
 
 දැන් අපට තේරෙනවා කොවිඞ් 19 නොහොත් කොරෝනා වසංගතය සමාජයට යම්කිසි වූ ආකාරයක අයහපතක් ගෙනාවා සේම යම් කිසි වු යහපත් පරිවර්තනයකුත් ඇතිකර තිබෙන ආකාරය. ඒ සඳහා ඔබටත් ඕනෑ තරම් අත්දැකීම් තිබෙන්නට පුළුවන්. මෙහිදී කිව යුතු කාරණාව අප මෙම ලිපියේ සඳහන් කළ පරිදි ඇති වන ආතතිය ඕනෑම කෙනෙකුට පොදු බවයි. නමුත් එම ආතතිය කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයකින් මනසට ආතතිය බලපාන්න පුළුවන්. එකම ආතතිය කළමනාකරණය කරගැනීිමේ ක‍්‍රමවේද හරහා සුබ සහ අසුබ ළං වන බව දැන් ඔබට වැටහෙනවා. ඒනිසා මෙතුළින් ගත හැකි පාඩම නම් අප ජනප‍්‍රවාදයේ තිබෙන පැරණි කියමනක් වන, ‘‘පෙරළුණු අත හොඳයි’’ යන කියමන. එම කියමන ගැඹුරින් කල්පනා කළේ නම් එය අපේ ජීවිතයට කායික, මානසික මෙන්ම සාමාජීය වශයෙන් සුබවාදී පරිවර්තනයක් ඇතිකර ගැනීම සඳහා ප‍්‍රායෝගික කියමනක් බව දැන් ඔබට වැටහෙනවා නේද?
 
 මානසික ආතතියෙන් අප කිසිම කෙනෙකුට බේරී සිටීමට නම් නොහැකිය ආතතිය කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයකින් මනසට ආතතිය බලපාන්න පුළුවන්

suwa20 2
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles