Divaina - කොරෝනා වසංගතයට මුවාවී ජනපති, ආරක්‍ෂක ලේකම්, හමුදාපති සහ බුද්ධි ප‍්‍රධානියා ඉලක්ක කිරීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 කීර්ති වර්ණකුලසූරිය

 

buddu
කොරෝනා වසංගතයට මුවාවී ආරක්‍ෂක ලේකම්
 
 කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, රහස්
 
 පොලිසියේ ප‍්‍රධානි ප‍්‍රසන්න අල්විස් ඇතුළු හමුදා නිලධාරීන්
 
 58 ක් සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි
 
 එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජිනීවා
 
 මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත. ඇය කිසිදු
 
 පරීක්‍ෂණයකින් තොරව මේ සියලූ හමුදා නිලධාරීන්
 
 වරදකරුවන් කර තිබේ.
 
 සුකාගේ අලූත්ම ඉලක්කය හමුදා බුද්ධි ප‍්‍රධානි මේජර්
 
 ජෙනරාල් සුරේශ් සලේ ද යුරෝපා රටකදී අත්අඩංගුවට
 
 ගැනීමයි. ඇය සුරේශ් සලේට එරෙහිව පැමිණිලිකරු ලෙස
 
 නම් කර ඇත්තේ පුදුකුඩිඉරිප්පු රෝහලේ සේවය කළ හිටපු
 
 වෛμ තුරේරාජා වර්ධරාජායි.
 
 වර්ධරාජාට වධහිංසා පමුණුවා බොරු ප‍්‍රකාශයන් ලබා
 
 ගත් බවට බුද්ධි ප‍්‍රධානියාට චෝදනා එල්ල වී ඇත.
 
 එහෙත් කොටි සිදු කළ අපරාධ ගැන ඇය වචනයක්වත්
 
 ප‍්‍රකාශ කර නැත. ජුනි මාසය තුළ සිදුවූ අපරාධ ගැන
 
 නිරීක්‍ෂණය කළහොත් අරන්තලාව භික්‍ෂු සංහාරය සහ
 
 පොලිස් භටයන් 600 ක් ම්ලේච්ඡු ලෙස ඝාතනය වීමේ
 
 සිදුවීම් බිහිසුණු යුද අපරාධ වේ.
 
 මෙවන් පසුබිමක් මැද රටේ ආරක්‍ෂක ලේකම්ට පමණක්
 
 නොව ජනාධිපතිවරයාටද ඇය චෝදනා එල්ල කරයි.
 
 මහින්ද රාජපක්‍ෂ රජය කොටි 15550 කට අධික පිරිසකට
 
 සමාව දුන්නේ එම කොටි බිහිසුණු අපරාධ සිදු කර ඇති බව
 
 නොදැන නොවේ. එහෙත් සුකා එම කොටි අපරාධකරුවන්ට
 
 සමාව දුන්නේ මන්දැයි රජයෙන් විමසුවේ නැත. එහෙත්
 
 ලොව කිසිදු රටක ජනපති, හමුදාපති, ආරක්‍ෂක ලේකම්,
 
 රහස් පොලිස් ප‍්‍රධානි, ත‍්‍රස්ත මර්දන ප‍්‍රධානි ඇතුළු හමුදා
 
 ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කර නැති සුකා ශී‍්‍ර
 
 ලංකාවේ රාජ්‍ය නායකත්වයට සහ හමුදා නායකත්වයට
 
 එරෙහිව යුද අපරාධ චෝදනා නඟා ඔවුන්ව අත්අඩංගුවට
 
 ගන්නා ලෙස විදේශ රටවල්වලින් ඉල්ලා සිටින්නේ කොටි
 
 ඩයස්පෝරාව නිසාය.
 
 ඉන්දීය හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කර ඇතත්
 
 යස්මින් සුකා අගමැති මෝදිට සහ එරට ආරක්‍ෂක ලේකම්ට
 
 සහ හමුදාපතිට එරෙහිව කි‍්‍රයා කරන ලෙස මානව හිමිකම්
 
 බලධාරීන්ගෙන් ඉල්ලා නැත.
 
 මේ නිසා ඇගේ න්‍යායපත‍්‍රය පැහැදිලිය. 2019 නොවැම්බර්
 
 මස 19 දා පැවැති ජනපතිවරණයෙන් ඇය බලාපොරොත්තු
 
 වූයේ ගෝඨාභය රාජපක්‍ෂ සහ සිංහල බෞද්ධයන් පරාජය
 
 වන බවයි.
 
 එහෙත් ඇගේ බලාපොරොත්තුව සුන් විය.
 
 මේ නිසා යස්මින් සුකා ශී‍්‍ර ලංකාවේ රජයට එරෙහිව
 
 අන්තර්ජාතික මෙහෙයුම් දියත් කර තිබේ.
 
 සුකා මේ වනවිට ශී‍්‍ර ලංකාවට එරෙහිව බොරු වාර්තා 78
 
 ක් මානව හිමිකම් කවුන්සිලයට යොමු කර තිබේ. එහෙත්
 
 අප හැර ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය නිහඬ වී ඇත. සුකාගේ සගයන්
 
 මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ වී ඇත.
 
 ඇයට කොළඹ සිට අමුද්‍රව්‍ය සපයන්නේ මේ රාජ්‍ය
 
 විරෝධී පිරිසයි. පසුගිය යහපාලන රජය යටතේ මේ රාජ්‍ය
 
 විරෝධීන්ට ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය,
 
 ස්වාධීන රූපවාහිනිය ඇතුළු රජයේ ස්ථානවල ඉහළම
 
 තනතුරු ලැබිණි.
 
 ජිනීවාහි සිදුවන ශී‍්‍ර ලංකා විරෝධී කි‍්‍රයා අප හෙළි කළ
 
 අවස්ථාවේ දඹර අමිල භික්‍ෂුවට ද යකා නැග්ගේය. එම
 
 භික්‍ෂුව රජයේ රූපවාහිනි සේවාවනට පැමිණ අපට බැණ
 
 වැදුණි.
 
 එහෙත් ජිනීවා ද්‍රෝහිකම් හෙළි වීම ව්‍යර්ථ කිරීම රාජ්‍ය
 
 නොවන සංවිධාන ජාලයට හෝ කුලියට හඬනඟන
 
 පාර්ශ්වවලට නොහැකි විය. මෙවන් තත්ත්වයක් මැද
 
 වත්මන් රජය දැන්වත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට
 
 බොරු තොරතුරු සපයන රාජ්‍ය නොවන සංවිධාන ගැන
 
 දැඩි පියවර ගත යුතුව තිබේ. මේ සංවිධාන රට විකිණීමේ
 
 යෙදෙන අතර රටට හිතකර කි‍්‍රයා සිදු කරන්නේ නැත.
 
 පසුගියදා ස්විස් රජය රාජ්‍ය නොවන සංවිධානයකට
 
 කොරෝනා මර්දනය සඳහා අරමුදල් සපයනු ලැබීය. මේ
 
 අරමුදල් වැයවූයේ කුමන කාර්යයකට ද යන්න විමර්ශනයක්
 
 සිදුවී නැත. ගත වූ වසර පහ තුළ රුපියල් මිලියන පහකට
 
 වඩා විදේශ මුදල් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී
 
 තිබිණි. එහෙත් මෙතරම් විශාල මුදලක් වැය කළේ රටේ
 
 ජනතාවගේ යහපත උදෙසා නොවේ.
 
 යහපාලන රජයේ පාලනය අවසන් වී වත්මන් රජය
 
 බලයට පැමිණියත් කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජාලය
 
 විදේශ සංවිධාන සමග එක්ව ශී‍්‍ර ලංකාවට හතුරුකම් කිරීම
 
 නතර කර නැත. මෑතකදී මේ සංවිධාන මෙරට ආරක්‍ෂාව
 
 සම්බන්ධයෙන් මැදිහත් විය.
 
 ඒ රජය මුස්ලිම් විරෝධී පියවරක් අනුගමනය කරන
 
 බවට ප‍්‍රචාරය කරමිනි. එම ප‍්‍රචාරයට ලන්ඩන් නුවර බී. බී.සී.
 
 සේවය ද එක් විය.
 
 එහෙත් අද ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ මානව හිමිකම්
 
 උල්ලංඝනය වීම ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස්
 
 මිචෙලි බැචලට් නිහඬ වී සිටී.
 
 රජයට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීමට හමුදාව
 
 යොදවන බව ජනපති ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේම කියා සිටී.
 
 එලෙස තර්ජනය කරන ඇමරිකාව ශී‍්‍ර ලංකාව මානව
 
 හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරයි.
 
 මින් ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත තහවුරු වේ.
 
 මෙහිදී අනාවරණය වන්නේ කොටි පරාජය වීම නිසා ශී‍්‍ර
 
 ලංකාවේ ජනපති ඇතුළු නිලධාරීන්ට යුද අපරාධ චෝදනා
 
 එල්ලවන බවයි.
 
 එහෙත් කොටි ජයග‍්‍රහණය කළා නම් මෙවන් චෝදනා
 
 එල්ල නොවේ.
 
 මෙහිදී මෙරට විදේශ සේවාව තවමත් කි‍්‍රයාත්මක වන්නේ
 
 යහපාලන ක‍්‍රමය අනුවය. කොටි ඩයස්පෝරාවට අභියෝග
 
 කරන නිලධාරීන් එහි නැත. ඒ වෙනුවට ඔවුන් අනුගමනය
 
 කරන්නේ කොටි ඩයස්පෝරාව උරණ නොවන පිළිවෙතකි.
 
 2015 සිට 2019 නොවැම්බර් දක්වා සිදුවූයේ එවන් නිහඬ
 
 කි‍්‍රයා මාර්ගයක් අනුගමනය කිරීමකි. මේ නිසා රජය දැන්වත්
 
 රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන සහ එහි අනුගාමිකයන්
 
 කවුද සහ විදේශ රටවලින් කොපමණ මුදලක් ලැබෙන්නේද
 
 යන්න පිළිබඳ විමර්ශනය කළ යුතුයි.
 
 ආරංචි මාර්ග දක්වන අන්දමට දැන ගන්නට ඇත්තේ
 
 යහපාලන රජය යටතේ නිසි කි‍්‍රයාපටිපාටියක් නැතිව ඇතැම්
 
 රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කර ඇති බවය.
 
 ඊට හොඳම නිදසුන යාපනයේ කි‍්‍රයාත්මක වන අඩයාලම්
 
 සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධානය ශී‍්‍ර ලංකාවට
 
 සහ හමුදාවට එරෙහිව කි‍්‍රයාත්මක වීමයි.
 
 මේ සංවිධානයේ ඇමරිකානු නියෝජිතයන්ට මෙරටට
 
 ඒමටද යහපාලන රජය යටතේ ඉඩ ලැබිණි.
 
 මේ අතර වැල්ලවත්තේ සීඑම්ආර්ඞී සංවිධානය සෑම
 
 වසරකම සිය නියෝජිතවරියන් තිදෙනෙක් ජිනීවා යවා
 
 හමුදාවට එරෙහිව සාවμ ප‍්‍රචාරයේ යෙදී සිටියි.
 
 මේ සංවිධානවලට යහපාලන රජය කිසිදු පියවරක් ගත්තේ
 
 නැත. මෙවන් පසුබිමක් මැද වත්මන් රජය මේ ද්‍රෝහී කි‍්‍රයා
 
 සිදුකරන පාර්ශ්ව ගැන නොපමාව කි‍්‍රයා කළ යුතුයි.
 
 මේ හැර ඉන්ෆෝම් සංවිධානය ද මේ සතියේ ජාත්‍යන්තර
 
 ප‍්‍රජාවට පිටු 48 ක සන්දේශයක් යවනු ලැබීය. රජය දැඩි
 
 මර්දනයක් ගෙන යන බවත් හමුදා පාලනයකට අරඅදින
 
 බවත් එම සන්දේශයෙන් පැමිණිලි කරනු ලැබීය. ස්විස්
 
 තානාපති කාර්යාල සේවිකා ගානියා ෆ‍්‍රැන්සිස් සිද්ධියට
 
 සම්බන්ධ මාධ්‍ය පාර්ශ්වවලින් රහස් පොලිසිය ප‍්‍රශ්න කිරීමත්
 
 නීති විරෝධී බව එහි දක්වා තිබිණි.
 
 ගානියා ෆ‍්‍රැන්සිස් සතුව තිබූ ජංගම දුරකථනය ද ධරිෂ්ටා
 
 බැස්ටියන් නමැත්තියකගේ බව පරීක්‍ෂණවලදී හෙළිවිය.
 
 එසේම එම ජංගම දුරකථනය හිමිකාරිනිය තවත් මාධ්‍ය
 
 පාර්ශ්වයක් බවද අනාවරණය වී ඇත. මේ අයුරින් මාධ්‍ය
 
 පාර්ශ්ව අබිරහස් කි‍්‍රයා සිදුකිරීම ගැන පරීක්‍ෂණ පැවැත්වීමට
 
 මෙරට නීති අංශවලට හිමිකමක් නැද්ද? මෙයට වසර
 
 ගණනකට පෙර එ.ජා.ප. පාලන සමයේ අපි නාවික
 
 ගොඩබිම් යාත‍්‍රාවක් ¥ෂිත ලෙස මිලයට ගත් බවට පුවතක්
 
 පළ කළ විට රහස් පොලිසිය පත්තර කන්තෝරුවට පැමිණ
 
 තොරතුරු දුන්නේ එවකට සිටි නාවික හමුදාපතිවරයා දැයි
 
 ප‍්‍රශ්න කළේය.
 
 මෙවන් පසුබිමක් මැද රාජ්‍ය නොවන සංවිධාන අද
 
 තම න්‍යායපත‍්‍රයන් මත කි‍්‍රයාත්මක වේ. ඒ මුස්ලිම් ජනතාව
 
 මර්දනය කිරීම, රටේ සෑම පාර්ශ්වයක්ම මර්දනය, හමුදා
 
 පාලනයක් ඇතිකිරීම යන කරුණුයි. එහෙත් ඇමරිකාවේ
 
 විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට ට‍්‍රම්ප්
 
 රජය කි‍්‍රයා කරද්දී අද වනතුරු රාජ්‍ය නොවන සංවිධාන ඊට
 
 එරෙහි වී නැත. මේ අතර යහපාලන රජය සමයේ සිදුවූ
 
 තවත් රහසිගත කි‍්‍රයාදාමයක් හෙළිවී ඇත. එනම් අරමුදල්
 
 සපයන විදේශ රටවල් සහ අරමුදල් සපයන විදේශිකයන්
 
 කවුදැයි හෙළි නොකර රාජ්‍ය නොවන සංවිධාන රැුසක්
 
 ලියාපදිංචි කිරීමයි. ඉන්දියාවේ නම් මෙවැනි නීති විරෝධී
 
 කි‍්‍රයාදාමයන්ට ඉඩ ලැබෙන්නේ නැත. මෙය පුදුමයක්
 
 නොවේ. වැල්ලවත්තේ සීඑච්ආර්ඞී නමැති සංවිධානයේ
 
 නියෝජිතවරියන් කටුනායක ගුවන්තොටුපළින් ජිනිවා ගොස්
 
 ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව ගල් පැලෙන බොරු බටහිර
 
 තානිපති හමුවේ පවසා ආපසු මෙරටට පැමිණෙද්දී රජය
 
 නිහඬව සිටී. මෙවැනි කි‍්‍රයාදාමයන්ට තව දුරටත් ඉඩදිය
 
 යුතුය.
 

  

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles