Divaina - කොරෝනා මර්දනයට එරෙහි වූ එන්.ජී. ඕ. වසංගතය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p8 1

කීර්ති වර්ණකුලසූරිය

මෙරට රාජ්‍ය නොවන සංවිධාන විදේශගත ප‍්‍රජාවට පෙත්සම් යවා ඇත. මෙම සතියේදී විදේශ රාජ්‍ය නොවන සංවිධාන 22 ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත පෙත්සම් යවමින් රජය සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගන්නා බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරටට ආධාර දීමට පෙර සිවිල් සංවිධාන මර්දන වැඩපිළිවෙළ ගැන නිරීක්‍ෂණය කරන ලෙසත් එකී විදේශ සංවිධාන ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේ සැම්බියාව, අපි‍්‍රකාව, තායිවානය ඇතුළු රටවල සංවිධාන විසිනි. මෙකී සංවිධානවලට ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට සම්බන්ධවීමට හිමිකමක් නැත. මෙහිදී තහවුරු වන්නේ එම විදේශ සංවිධානවල නම් භාවිත කරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලට පෙත්සම් යවා ඇත්තේ කොළඹ ස්ථාපිත එන්. ජී. ඕ. ජාලය බවයි.

කොරෝනා වසංගතය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ඉතා ලාබදායක ව්‍යාපාරයක් බවට පත් වී ඇත. රජය කොරෝනා මර්දනයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් කාර්ය සාධක බළකායක් පත්කිරීමත් සමගම මේ රාජ්‍ය නොවන සංවිධාන කලබලයට පත්විය. එවන් සංවිධාන කි‍්‍රයාකාරීන් 164 ක් සහ සංවිධාන 17 ක් මගින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකාට පෙත්සම් යවනු ලැබීය. මේ පෙත්සම් ගැන කි‍්‍රයාත්මක වූ සුකා වහාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය කරුණු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළාය.

ජනතාවගේ දැඩි අවධානය උදෙසා එම වාර්තාවේ ඇති කරුණු අපි හෙළිකරන්නෙමු. හමුදාපතිගේ මෙහෙයවීමෙන් යුත් මේ කාර්ය සාධක බළකායට යුද අපරාධකරුවන් සම්බන්ධයි. මේ කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ මුස්ලිම් ජනතාව මර්දනය කිරීමට යැයි ඇය කියා සිටියාය.

ඊට සමගාමීව ඇතැම් මුස්ලිම් සංවිධාන ද සුකාගේ අදහස අනුමත කරනු ලැබීය. මේ වාර්තාවට අදාළව අමුද්‍රව්‍ය සපයනු ලැබුවේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් විසිනි.

ශී‍්‍ර ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු විදේශගත කිරීමේ ව්‍යාපාරය මාර්තු 17 සිට දිගටම කි‍්‍රයාත්මක විය. කොටින්ට එරෙහි යුද්ධය නතර කිරීමට පෙත්සම් ගැසූ පාර්ශ්ව සහ ශී‍්‍ර ලංකාව තුළ අයිසිස් අන්තවාදීන් නැති බවට පැවසූ ඉස්ලාම් සංවිධාන මෙහෙයවන නරුමයන් ද ඊට සම්බන්ධ වූහ.

ශී‍්‍ර ලංකාව මුස්ලිම් ජනතාව මර්දනය කිරීමට විදේශ රටවලට පෙත්සම් යැවූවන්ගේ නාමලේඛණය විමර්ශනය කළ විට ඇතැම් පිරිස් ගැන මෙයට පෙර අසන්නට ලැබූවන් නොවේ.

මේ පසුබිම මැද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනුණි. මෙම අත්අඩංගුවට ගැනීම විදේශගත කරනු ලැබුවේ කොරෝනාවට මුවාවී මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගන්නා බවයි.

එහෙත් පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් නොවේද? මෛති‍්‍රපාල සිරිසේන පාලන සමයේ මෙරට මුස්ලිම් දේශපාලකයන් බලවත් විය. රහස් පොලිසියද නිහඬ විය. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමෙන් පසු එම තත්ත්වය වෙනස් විය. ඒ මුස්ලිම් දේශපාලකයන්ට  ගෝඨාභය රාජපක්‍ෂව ඍජුව අමතා සැකකරුවන් බේරා ගැනීමට නොහැකි වීමයි.

ඊට හොඳම නිදසුන පාස්කු ප‍්‍රහාරය ගැන අලූතින් කළ පරීක්‍ෂණවලදී බදුර්දීන්ගේ සොහොයුරා අල්ලා ගැනීමට හැකි වීමය.

එහෙත් මෛති‍්‍රපාල සිරිසේන සමයේ අසාද් සාලි වැන්නවුන්ට පොලිසිය අමතා සැකකරුවන් වෙනුවෙන් කි‍්‍රයාකිරීමට ද බදුර්දීන්ට හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඇමතීමට ද හැකි විය.

එදා මුස්ලිම් දේශපාලනඥයන් සතුව තිබූ මේ අසීමිත බලය ජනපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ පත්වීමත් සමගම අහෝසි වී ඇත.

මේ පසුබිම මැද මෙරට රාජ්‍ය නොවන සංවිධාන විදේශගත ප‍්‍රජාවට පෙත්සම් යවා ඇත. මෙම සතියේදී විදේශ රාජ්‍ය නොවන සංවිධාන 22 ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත පෙත්සම් යවමින් රජය සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගන්නා බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරටට ආධාර දීමට පෙර සිවිල් සංවිධාන මර්දන වැඩපිළිවෙළ ගැන නිරීක්‍ෂණය කරන ලෙසත් එකී විදේශ සංවිධාන ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේ සැම්බියාව, අපි‍්‍රකාව, තායිවානය ඇතුළු රටවල සංවිධාන විසිනි. මෙකී සංවිධානවලට ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට සම්බන්ධවීමට හිමිකමක් නැත. මෙහිදී තහවුරු වන්නේ එම විදේශ සංවිධානවල නම් භාවිත කරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලට පෙත්සම් යවා ඇත්තේ කොළඹ ස්ථාපිත එන්. ජී. ඕ. ජාලය බවයි.

මෙවන් තත්ත්වයක් මැද රජය විමර්ශනයට ලක් කළ යුත්තේ කොරෝනා වසංගතයට මුවාවී කොළඹ හා උතුරේ රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ රටවලින් කොපමණ මුදලක් ලැබී තිබේද සහ එම මුදල් වැය කරන්නේ රාජ්‍ය විරෝධී කි‍්‍රයාවලට ද යන්නයි.

මෙම පෙත්සම්කරුවන් පිළිබඳව විමර්ශනයට ලක් කළ හොත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ඉම්ෆෝම් වැනි කුප‍්‍රකට සංවිධාන ද වේ. මේ අතර කොරෝනා වසංගතයට මුවාවී ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් කැනඩා සහ බි‍්‍රතාන්‍ය ඩයස්පෝරාවෙන් අරමුදල් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. ඔහු වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් අමතමින් හිටපු ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රීවරුන් වෙත ඍජුව අරමුදල් එවන ලෙස ඩයස්පෝරාවට දන්වා තිබේ.

මේ අරමුදල් ඉල්ලන්නේ කොරෝනා මර්දනයට නොව මැතිවරණ කටයුතු සඳහා බව තහවුරුවේ. මෙලෙස විදේශ අරමුදල් මත උතුරේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට ද්‍රවිඩ සංවිධානයට නීතිමය හිමිකමක් නැත.

සම්බන්ධන් ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් මුදල් ඉල්ලා ඇතත් ඔහුට මුදල් සපයන්නේ කොටි ඩයස්පෝරාවයි. මේ අතර කොරෝනා වසංගතයෙන් මියයන අයවළුන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය ප‍්‍රකාශයට පත් කළ න්‍යාය පත‍්‍රය අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිත අහමද් ෂහිද් ද රජයෙන් ඉල්ලා ඇත.

ෂහිද්ගේ ඉල්ලීම පසුබිමේ සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් බව සනාථවේ.

මේ අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මුතුර් සහ පුත්තලමේ මුස්ලිම් අන්තවාදීන්ගේ කාර්යාල පරීක්‍ෂාවට ලක්කිරීම ද සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගැනීමක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන විසින් හඳුන්වා ඇත. එහෙත් එල්ලවී ඇති සාවද්‍ය චෝදනාවලට රජයේ බලධාරීන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත. කොරෝනා මර්දනය සිවිල් කි‍්‍රයාකාරීන්ට පමණක් ලබාදිය යුතු බව හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා කර ඇති ප‍්‍රකාශය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි.

මෙවන් උපදෙස් ඇය වෙනත් රටවලට නිර්දේශ කර නැත. ඉතාලිය, ප‍්‍රංශය සහ ස්විස්ටර්ලන්තය යන රටවල කොරෝනා මර්දනයට එම රටවල්වල හමුදාව සම්බන්ධ කර තිබේ. මේ හැර රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද හිමිකමක් නැත.

මෙම පසුබිම මැද කොරෝනා වසංගතයට වඩා රාජ්‍ය නොවන සංවිධාන ද වසංගතයක් බවට පත් වී තිබේ. එය සනාථ වන්නේ මේ රාජ්‍ය නොවන සංවිධාන වසංගතයේ ඉලක්කය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, හමුදාපති ඇතුළු කාර්ය සාධක බළකායේ නිලධාරීන්ය.

පසුගිය වසරවල මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී ඇති අරමුදල රුපියල් බිලියන පහකට අධිකය. සේනම් කොරෝනාවලට මුවාවී එන්. ජී. ඕ. සංවිධානවලට ලැබුණු විදේශ අරමුදල් කොතෙක් දැයි හෙලිවී නැත. මේ කිසිදු සංවිධානයක් කොරෝනා මර්දනයට සහය වී නැත. ඒ වෙනුවට විදේශ ප‍්‍රජාව වෙත පෙත්සම් තොග පිටින් යැවීමට මේ එන්. ජී. ඕ. කි‍්‍රයාකාරීහු පියවර ගෙන ඇත්තේ රජය කොරෝනා වසංගතය ද හමුදාකරණයට ලක්කර ඇති බව දක්වමිනි.

එයි යටි අරමුණ විදේශාධාර නතර කිරීම සහ ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණ දියත් කිරීමයි. යස්මින් සුකා තවදුරටත් පැවසුවේ කොරෝනා මර්දනයට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, සිවිල් ආරක්‍ෂක ප‍්‍රධානි ආනන්ද පීරිස්, මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය, මේජර් ජනරාල් ශාන්ත දිසානායක, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, මේජර් ජනරාල් සුමේධ පෙරේරා, මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සහ ජනපති නියෝජිත බැසිල් රාජපක්‍ෂ යොදවා ඇති බවයි.

එසේම කොරෝනා මර්දන විශේෂ කාර්ය සාධක බළකායේ ප‍්‍රධානි ලෙස යුද අපරාධකරුවකු පත්කර ඇති බවට ද ඇය වැඩිදුරටත් පවසා ඇත.

යස්මින් සුකා ඉන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඍජු චෝදනා නගා තිබේ.

සුකා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇති වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ කොරෝනා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම තුළින් මුස්ලිම් ජනතාවට එරෙහිව බලය අයුතු ලෙස කි‍්‍රයාත්මක වීමට ඉඩ ඇති බවයි.

හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි සුකාගේ වාර්තාවට තොරතුරු සැපයූ රාජ්‍ය නොවන සංවිධාන වසංගතයේ ප‍්‍රධාන සංවිධානයක් වූ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගැන ද හෙලිවී ඇත.

බොදුබලසේනා සංවිධානය කොරෝනා මර්දනයට සම්බන්ධ වී නැති අතර සුකා පවසා ඇත්තේ ජනපතිට සම්බන්ධ එම බොදුබලසේනා මුස්ලිම් විරෝධී බවය.

කොරෝනා මර්දනය කිරීම සඳහා සහය දෙන බවට කිසිදු සඳහනක් කර නැති සුකා තම වාර්තාවේ දක්වා ඇත්තේ කොරෝනා මර්දනය සිවිල් නිලධාරීන්ට පැවරිය යුතු බවයි.

එසේම කොරෝනා මර්දනය කිරීම ආපදා කළමනාකරන ආයතනට පවරන ලෙස මාර්තු 18 දා වෘත්තීය සමිති 20 ක් රජයෙන් ඉල්ලා සිටින බවද සුකා තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

මේ පසුබිම මැද සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් 164 ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 17 ක් කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය අය පිළිබඳව කටයුතු කිරීමේදී ජගත් සෞඛ්‍ය සංවිධාන නීති රීති පිලිපදින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන සිය ලිපියෙන් කොරෝනා රෝගයෙන් මියගිය බෞද්ධයන් හෝ කතෝලිකයන් ගැන නොව මුස්ලිම් අය ගැන පමණක් සඳහන් කර තිබේ.

කොරෝනා රෝගයෙන් නොව ස්වභාවික හේතුන් මත මියගිය අයවළුන්ට පවා පාංශුකූලය දීමකින් හෝ දේව මෙහෙයකින් තොරව ආදාහනය කිරීම සිදුවිය. එසේ නම් කොරෝනාවලට ගොදුරු වූ මුස්ලිම් අය වෙනුවෙන් වෙනම නීතියක් කි‍්‍රයාත්මක කළ යුතුද?

කොරෝනා වසංගතයට ගොදුරු වූවන් පිළිබඳව කි‍්‍රයාකළ යුතු ආකාරය දැක්වෙන රජයේ ගැසට් පත‍්‍රය වෙනස් කිරීමට උත්සාහ කරන මෙම රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගෙන් වැඩි දෙනා පසුගිය කාලයේ හමුදාවට එරෙහිව ජිනීවා නුවරට පෙත්සම් යැවූවන් වේ.

එසේම ලූත් නම් රැුසක් ද ජනපති වෙත යවා ඇති ලිපියේ දැක්වේ. එවන් පාර්ශ්ව ගැන අසන්නට ලැබුණේ මුල් වරටය.

මේ පසුබිම මැද උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා උතුරු නැගෙනහිර රහසිගත නිරෝධායන කඳවුරු ස්ථාපිත කර ඇති බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පෙත්සම් යවා ඇත. කොටි ජයස්පෝරාව ද මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇති පෙත්සමේ උතුරේ සිවිල් වැසියන් 11 කට එක සෙබලකු බැගින් ද, මුලතිව් සිවිල් වැසියන් සිව් දෙනකුට එක සෙබලකු බැගින් සිටින බවට පැමිණිලි කර තිබේ.

මේ තත්ත්වය මැද ජනතාව කොරෝනා වසංගතයට මුහුණපා සිටියදී කොරෝනාවලින් ඩොලර් අරමුදල් ලබා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකරන බව තහවුරු වී ඇත.

මේ අතර පාස්කු ප‍්‍රහාරය ගැන හිටපු අමාත්‍ය බදුර්දීන් නමැත්තාගේ සොහොයුරු හිජාස් හිස්බුල්ලා රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීම ද සිදුවූයේ කොරෝනා වසංගතයට මුවාවී බවට රාජ්‍ය නොවන සංවිධාන ද ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත දැනුම් දී ඇත.

රහස් පොලිසිය වන්නි මෙහෙයුමට දායක වූ හමුදා ප‍්‍රධානීන් අත්අඩංගුවට ගනිද්දී මේ රාජ්‍ය නොවන සංවිධාන ඊට ප‍්‍රසාදය පළ කරනු ලැබීය. එවන් පසුබිමක් මැද කොරෝනා රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ගලා ඒමේ ඉල්ලමක්ද?

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles