Divaina - ඇවිදීමේ ව්‍යායාමවල යළි නිරතවන විට මේ ගැනත් සිතන්න

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 2කොරෝනා වෛරස රෝගය පැතිරීම වළක්වාලීම සඳහා රට පුරා ක‍්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරිනීතිය නිසා අපගේ සාමාන්‍ය ජීවන රටාව සම්පූර්ණයෙන්ම වාගේ නතරවිය.නිවස තුළටම වී දවස ගතකරන්නට සිදුවීම නිසා කායික මෙන්ම මානසික පීඩාවනටද බොහෝ දෙනා මුහුණ දුන්හ.දැන් නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් පෙර පැවති සාමාන්‍ය ජීවන රටාවට හුරුවීමට අවස්ථාව උදාවෙමින් පවතී. එසේ හුරුවීමේදී දිනපතා ව්‍යායාමයක් ලෙස ඇවිදින මංතීරුවල ඇවිදීමට පුරුදුව සිටි අයට යළි එම කටයුතුවලට යොමුවීමට අවසරය ලැබී ඇත.නමුත් එකදිගට දින 60කට අධික කාලයක් හෙවත් මාස දෙකක් පමණ ව්‍යායාම කටයුතුවල නිරතනොවී සිට යළි එහි නිරතවීමේදී සුපුරුදු රිද්මයට අනුව ව්‍යායාමවල යෙදීමට එකවර නොහැකිය.ඒ සඳහා යළි සිරුර හැඩගස්වාගතයුතුය.එසේ පෙර පැවති තත්ත්වයට සිරුර සකසා ගැනීමට සහ කොරෝනා රෝගය වැළඳීමේ අවදානමෙන් මිදීම සඳහා අනුගමනය කළයුතු සෞඛ්‍ය උපදෙස් කිහිපයක් පිළිඹඳව දැනුවත් බවක් ලබාගනිමු.
 
 ව්‍යායාම ආරම්භකිරීමට පෙර
 
 මාස දෙකක් පමණ කොරොනා වෛරස ආසාදනය නිසා නිවසටමවී කල්ගතකළ නිසා ඇතැම්දෙනාතුළ කිසියම් මානසික පීඩනයකුත් පැවතිය හැකිය.දැන් යළි තමාට සුපුරුදු ව්‍යායාමවල යෙදීමේ හැකියාව තිබේදැයි කියා යම් සැකයක-ුත් මතුවිය හැකිය.එම සැකය නිසා මනසෙහි හටගන්නා බිය තුළින් වෙනදා තමා ව්‍යායාම කිරීමට පෙර අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු එකවර සිහියට නොනැගෙන්නටද පිළිවන.එනිසා පළමුව ඔබගේ මනස සන්සුන් කරගන්න.ව්‍යායාම ආරම්භකිරීමට පෙර ගැඹුරින් හුස්ම ගැනීම විනාඩියක් පමණ සිදුකරන්න.ඉන්පසු පිරිසිදු ජලය මිලි ලීටර් 150ක් පමණ පානය කරන්න.
 
 සුපුරුදු රිද්මයට අනුව යළි ව්‍යායාමවල යෙදීම
 
 නිරෝධායන ඇඳිරිනීතියට ලක්ව ඇතැම්දෙනා මාස දෙකක් හෙවත් දින 60ක් පමණ නිවසටමවී කාලය ගතකළහ.වෙනදා මෙන් ආහාර පාලනයක් සිදුනොවන්නටද ඇත.එනිසා දැන් බොහෝ දෙනාගේ සිරුරේ බරද වෙනදාට වඩා කිලෝ ග‍්‍රෑම් දෙකතුනක් වැඩිවී තිබිය හැකිය.උදරයද මදක් ඉදිරියට නෙරා ඇවිත් තිබිය හැකිය.ව්‍යායාම නොකර කාලය ගතකළ නිසා මාංශපේශී වල නම්‍යශීලී බවද අඩුවී ඇත.
 
 එබැවින් දැන් යළිත් ඇවිදීම ආරම්භ කරනවිට පළමුව සිරුර උණුසුම් කරන ව්‍යායාමවල විනාඩි පහලොවක් පමණ නිරතවන්න.එහිදී දෑත් එසවීම,දණහිස නැවීම දිගහැරීම,එකතැන විනාඩි කිහිපයක් දිවීම ආදී ව්‍යායාම වල නිරත විය හැකිය.
 
 ඇවිදීම ආරම්භ කරන විට වෙනදා ගමන්කළ දුර ප‍්‍රමාණය ඇවිදීමට උත්සාහා නොකළ යුතුය.පළමු දින කිහිපයේ වෙනදා ඇවිදිනු ලැබූ දුර ප‍්‍රමාණයෙන් අඩක් පමණ ගමන් කරන්න.ඉන්පසු තමා වෙනදා ගමන්කළ දුර ප‍්‍රමාණය ගමන් කළ හැකිය.
 
 ව්‍යායාමවල නිරතවන අතර කෙරෝනා ගැනත් සිතන්න
 
 ඇවිදීමේ ව්‍යායාමවල නිරතවනවිට වෙනදා සිදුනොකළ පිලිවෙත් කිහිපයක් අනුගමනය කළ යුතුය.පළමු පිලිවෙත වන්නේ මුව ආවරණක් පැළඳීමය.එය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයකි.දෙවනුව ඇවිදින විට අන් අය සමග පවත්වාගතයුතු මීටරයක පමණ දුරස්ථභාවයද
 
 තබාගන්න.වෙනදා මෙන් මිතුරන් සමග රැුස්ව වැඩිකාලයක් ගතකිරීම නොකළ යුතුය. ඇවිදින මංතීරුවල කෙළ
 
 ගැසීමෙන් වලකින්න. ජලය පානය කිරීමේදී වෙනදාමෙන් අන් අය සමග වතුර බෝතල් හුවමාරු කරගැනීම නොකළ යුතුය.පොදු ජලකරාම වලින් ජලය පානය වෙනුවට තම නිවසින් ජලය පිරවූ බෝතලයක් රැුගෙන යන්න.
 
 ව්‍යායාම කිරීම සඳහා ඇඳගෙනගිය ඇඳුම් ව්‍යායාම කටයුතු අවසන්වූ වහාම හොඳින් සබන්ගා සෝදා පිරිසිදු කරගන්න.රන් ආබරණ හෝ විසිතුරු පළඳනා වලින් සැරසී නොයන්න.
 
 ව්‍යායාමකිරීම සඳහා කාලය වෙන්කරගැනීම
 
 ව්‍යායාම කිරීම සඳහා සුදුසුම කාලය වන්නේ උදෑසන 6.00ත් 7.00ත් අතරකාලය සහ සවස 5.00ත් 6.00ත් අතර කාලයයි.නමුත් පවතින කොරෝනා වෛරස රෝග තත්ත්වය නිසා සියලූදෙනා එකම මොහොතක ව්‍යයාම සඳහා නොපැමිණ විනාඩි දහයක පමණ කාලපරතරයක් කණ්ඩායම් අතර පවත්වාගැනීමට අවධානය යොමුකළ යුතුය.එවිට වැඩිපිරිසක් එකවර පැමිණීම වලක්වාගතහැකිය.
 
 ව්‍යායාම කිරීමෙන් පසු
 
 මාස දෙකකට පමණ පසු යළි ව්‍යායාමවල නිරතවීම නිසා පසුගිය සති කිහිපයේ නිවසේ විවේකීව සිටියාට වඩා
 
 කුසගින්නක් ඇතිවිය හැකිය.එනිසා එය පාලනය
 
 කරගැනීමට ව්‍යායාමවලින් පසු පිරිසිදු ජලය මිලි ලීටර් 200ක් පමණ පානය කරන්න.ව්‍යායාම කර පැමිණි විගස ඇල් ජලයෙන් ඇ`ගපත සේදීම නොකළ යුතුය.විනාඩි දහයක් පමණ යනතුරු විවේකීව සිටිය යුතුය.මන්දයත් ව්‍යායාම කිරීම නිසා ඇඟ උණුුසුම්ව පැවතීම නිසා රුධිරනාළ හොදින් විවෘතව පවතී.එනිසා රුධිර ගමනා ගමනයද වේගවත්ය.එකවර සිරුර සිසිල් වීමෙන් රුධිරනාළ හැකිලී එම නාළ පුපුරා යාම සිදුවිය හැකිය.
 
 එංගලන්තයේ රාජකීය ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය
 
 අසංග විජයරත්න
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles