Divaina - මම තාත්තාගේ ‘සිහිනය’ සැබෑ කළා...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- ‘හුගක් අය මට කතා කරන්නෙත් ‘සංසලා’ කියලා’

udari333උදාරි චාමිකා වර්ණකුලසූරිය... පුංචි තිරයේ විකාශය වූ අතිශය ජන ප‍්‍රසාදයක් හිමි කර ගත් ‘බොඳ මීඳුම්’ ටෙලි සිත්තමේ සංසලාගේ චරිතයට ජීවමාන කරමින් එක් රැයකින් මෙරට පේ‍්‍රක්ෂක හදවත් වසගයට ගත් අපූරු කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ සොඳුරු රංගන ශිල්පිනිය. එදා ලැබූ ජන ප‍්‍රසාදයත් සමගින් කලාවේ දිගු ගමනක නියැළි සිටින ඇය, සිය වර්ථමානය පිළිබඳව ‘දිවයින සිනමා කලා’ සම`ගින් මෙලෙස දොඩමඵ වූවා ය.

එදා මෙදා තුර ඔබ නිරූපිත චරිත අතුරින්, ඔබව ජනතාව ඉදිරියට ගෙන ගිය චරිත මොනවාදැයි මා විමසුවොත්....

එහෙම චරිත ගොඩක් තියනවා. නමුත් ‘බොඳ මීඳුම්’ ටෙලි නාටකයේ ‘සංසලා’ කියන්නේ මාව අදටත් ජනතාව බොහොම ආදරයෙන් පිළිගන්නා චරිතයක්. කොළඹින් පිටත දී මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර බොහොමයි. සමහරු මට කතා කරන්නෙත් ‘සංසලා’ කියලා.

අද ලෝකයම වෙලාගෙන ඉන්නේ කොරෝනා... මේ තත්ත්වය යටතේ කලාවත් නැවතී තිබෙනවා. ඔබ මොනව ද අවසන් වරට කළ ර`ගපෑම්....

මම අවසන්වරට රංගනයේ යෙදුනේ සංජය නිර්මාල් මහතා අධ්‍යක්ෂණය කළ, සයිමන් නවගත්තේගම මහතාගේ සම්මාන දිනූ නව කතාවක් අනුසාරයෙන් නිපද වූ ‘සංසාරආරන්‍ය අසබඩ’ කියන ටෙලි සිත්තමේ. එහි ළමා තැනීගේ චරිතය තමයි මා නිරූපනය කළේ.

කලාව වෙනුවෙන් මේ දක්වා දැක්වූ දායකත්වයන් පිළිබඳව ඔබ තෘප්තිමත් ද....

නිසැකයෙන්ම ඔව්. මම මේ වන විට සිනමාපට දහයක විතර ර`ගපෑවා. ටෙලි නාට්‍ය පහළොවකට අධික සංඛ්‍යාවකදීත් මගේ රංගන දක්ෂතා එළිදැක්වූවා. ජනතා ආදරය වගේම සම්මාන හිමි කර ගැනීමටත් වාසනාවන්ත වුණා. ඉතිං..මම තෘප්තිමත් කියන එක බොරුවක් නෙවෙයිනේ.

කොවිඞ් 19 වෛරසය...නිසා අද කලාවේ ගමන ඇන හිටලා. කලාකරුවන්ට වැඩ නැහැ. මේ තත්ත්වය ඔබට බලපෑවේ කුමනාකාරයෙන් ද...

මේක අපට පමණක් වූ දෙයක් නෙවෙයි. ලෝකයම එක තැන නැවතුනා වගේ දෙයක්. හැබැයි මම හැම දේම දකින්නේ ධනාත්මකව. ඔව්. මේක අඳුරු යුගයක් තමයි. ඒත් අපි ඉක්මනින් යථා තත්ත්වයට පබිණිය යුතුයි. සමහර විට කලා නිර්මාණ නිපදවූවත් මිනිස්සුන්ට ඒවා නරඹන්න සල්ලි නැතිව යයි. මේ පවතින ආර්ථීක තත්ත්වය තේරුම් ගත යුතු තිබෙනවා. නමුත් අපි හැමෝම ධනාත්මක ලෙස සිතා එක්ව නැගිටිය යුතු බව තමයි මගේ අදහස. රූප ගත කිරීම් නැවත ආරම්භ වෙයි. අපේ සමහර ශිල්පීන් සහ අප සම`ග වැඩ කරන වෙනත් රටවල ශිල්පීන් මේ කාලයේදී තමන්ගේ රටවල්වල හිර වෙලා ඉන්නේ. ඉතිං ඒ අයට එන්න ලැබුණු සැනින් බොහෝ කලා නිර්මාණවල වැඩ නැවත ආරම්භ වෙයි.

p15 5මෙතෙක් කලක් කලාව සමග ගෙවූ ජීවිතය දෙස නැවත හැරී බැලූවොත් කුමක් ද කියන්නට තිබෙන්නේ...

කලාව නිසා මට වාසනාවත්, භාග්‍යයත් උදා වුණා. ඇත්තටම මම අද මෙතන ඉන්නේ මගේ පියා නිසා. මම මේ වෘතියේ යෙදෙනවාට පියා බොහෝම කැමැත්තක් දැක්වූවා. ඒක ඔහුගේ සිහිනයක් වුණා. නමුත් මගේ මව මුල් කාලයේ එතරම් සහායක් දුන්නෙ නැහැ. ඒත් දැන් ඇයගේ සහායත් ලැබෙනවා. මගේ අම්මා ඉන්නෙ ඇමැරිකාවේ. පසුගිය දා පැවති සම්මාන උළෙලක දී මම ජනපි‍්‍රයම නිළිය බවට පත් වුණා.

එදා මුල්වරට අම්මා මා ළ`ග හිටියා. ඒකත් මට ලොකු සතුටක්. මම හැකි හැම වෙලාවකම අම්මා බලන්න  ඇමරිකාවට යනවා. හැබැයි මේ පාර ඒ ගමන නැවැත්තුවේ කොරෝනා.

ඔබ රග පෑ චිත‍්‍රපට කිහිපයක් ප‍්‍රදර්ශනයට නියමිත බව පැවසුවා....

ඔව්. ප‍්‍රවීණ චිත‍්‍රපට අධක්ෂවරුන් වන ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, බෙනට් රත්නායක, වී.සිවදාසන් සහ සරත් වීරසේකර මහත්වරුන්ගේ චිත‍්‍රපටවල මම ර`ග පෑවා. මේ චිත‍්‍රපට පහම ප‍්‍රදර්ශනයට නියමිතව තිබෙනවා. මේවායේ දී මා කළ ර`ගපෑම් පිළිබඳව හු`ගක් හො\ බලාපොරොත්තු තබා ගෙන ඉන්නේ. මම හිතනවා අපේ රටේ අති දක්ෂ මෙවැනි නිර්මාණවේදීන්ගේ නිර්මාණ වෙනුවෙන් දායක වීමට මට අවස්ථාව ලැබීමත් ලොකු භාග්‍යයක් කියලා. ඒ වගේම මම ර`ගපෑම ගැන ඒ අයගෙන් හු`ගක් දේ ඉගෙන ගන්නවා. ඒක තමයි මගේ ඉදිරියට වඩාත් වැදගත් වෙන්නේ.

රංගන ශිල්පීන්ට කට කතා හැඳීම සාමාන්‍ය තත්ත්වයක් කියලයි අහන්නට තිබෙන්නේ. කොහොම ද මේ තත්ත්වය ඔබට බලපා තියෙන්නේ...

ඔව් මේ තත්ත්වය හැමෝටම පොදුයි. මටත් එහෙම නැතිව නෙවෙයි. ඒත් මම හැමදේම ධනාත්මකව බාර

ගන්න ගැහැනියක්. කොහොමටත් ප‍්‍රසිද්ධ චරිතවලට කට කතා හැඳීම සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි මම කළේ මේ හැම තැනකදීම තව තවත් ධෛර්යමත් වීම.

udari333iඔබේ පවුලේ තොරතුරු...

අපි දැන් වසර 12ක් පමණ සිංගප්පූරුවේ පදිංචි වෙලා ඉන්නවා. ෂුටිං තියනකොට තමයි මම වැඩිපුරම මෙහෙට එන්නේ. හැබැයි ඒ වුණාට වැඩිපුරම ඉන්නේ ලංකාවේ. මගේ සැමියා වෛද්‍යවරයකු නිසා එයාට මේ දවස්වල කාර්යබහුලයි. අපි දෙන්නට දැනට ඉන්නේ දුව විතරයි. මම කාර්යබහුල කලාකාරිනියක වුණාට මුල් තැන දෙන්නෙ මගේ පවුලට.

සුජීව තත්සර

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles