Divaina - දොස්තර කෙනෙක් වෙන්න ඇවිත් බයිස්කෝප් පිස්සුව හැදුණේ..... සිංහල සිනමාවේ සුධීර් කුමාර් වූ තිස්ස විජේසුරේන්ද්‍ර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සැනසුම් සුස්මන් පා වීලා.. සඳකැන් වතුරින් නෑ වීලා
 තරුමල් අතරින් රිංගාලා ... කොයි යන්නෙද මා තනිකරලා..
 
tissa2221976 වසරේ තිරගත වූ නෑදැයෝ චිත‍්‍රපටයට ටී. එම්. ජයරත්නයන් ගැයූ මේ ගීයට රසික ප‍්‍රජාව අදටත් ආදරේය. ගීත වලට රූප රචානා නිර්මාණය නොවූ එදා යුගයේ, ටී. එම්. ගැයුවානන්ගේ ලයාන්විත ස්වරයට රිදි තිරය මත කදිමට ගැලපෙන රූපණයක් ඉදිරිපත් කරන කඩවසම් තරුණයෙකි. දෙනෙත් නොපෙන ඔහු සැරැටියක ආධාරයෙන් මේ ගීය මුමුණමින් කරන භාව ප‍්‍රකාශ රංගනය බොහෝ දෙනාගේ සිත් පැහැර ගත්තෝය. අදටත් අප අතර ජනප‍්‍රිය මේ ගීයට එදා එලෙස රංගනයේ යෙදුණු කඩවසම් තරුණයා තවදුරටත් අප අතර නැත. ඔහු ප‍්‍රවීණ සිනමා නළු තිස්ස විජේසුරේන්ද්‍රයන්ය.
 
 ඉකුත් සඳුදා :11 * පාන්දර මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී තිස්ස විජේසුරේන්ද්‍ර රහසේම නික්ම ගිය දුක්මුසු පුවත ඇසුණු පසු කුමන හෝ ගුවන්විදුලියක මේ ගීය ප‍්‍රචාරය විය. අද මේ ගීයත් ඔහුත් අතර ඇති සබඳකම දන්නනේ කීයෙන් කී දෙනෙක්ද. එහෙත් හැත්තෑව දශකයේ මේ ගීය ඇසෙන විට රසිකයන්ගේ සිතේ ඇඳුණේ තිස්සගේ රුවය. එදා රිදි තිරයේ සිටි මහා නළු ගාමිණි ෆොන්සේකටත් විජය කුමාරතුංගටත් කරට කර අභියෝගයක් වූ සුකුමාර පෙම්වතා වූයේද ඔහුය.
 
 

tissa444

හැත්තෑව දශකයේ කිංස්ලි රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ කලණ මිතුරෝ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසෙන තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ සිනමා ආගමනය සිදුව ඇත්තේ අහම්බයකිනි. ඒ වන විට ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනගන්නා දීප්තිමත් ශිෂයෙකි. ඒ කාලයේ ඔහු නැවතී සිටියේ සිලොන් තියටර් හි සේවය කරන බම්බලපිටියේ සිටි ඔහුගේ මාමාගේ නිවසේය. මේ නිවස සිනමාවට සම්බන්ධ බොහෝ දෙනෙක් නිතර යන එන තැනක් විය. චිත‍්‍රපට අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මේ කාලයේ වෙහෙසෙමින් සිටියේ භාරතීය සිනමාවේ ජනප‍්‍රිය දෝස්ති චිත‍්‍රපටයේ කතාව අනුව සිංහල චිත‍්‍රපටයක් කිරීමටය.

එහි නිෂ්පාදනය කිරීමට ජග්තියානි මහතා ඒ වන විටත් ඉදිරිපත්ව සිටියේය. නමුත් ඔවුන් මුහුණ දුන් ගැටලූව වූයේ දෝස්ති චිත‍්‍රපටයේ අන්ධ චරිතය නිරූපණය කළ සුධීර් කුමාර්ගේ රූපයට ගැලපෙන සිංහල නළුවෙකුගේ අඩුවය. කිංස්ලි රාජජපක්ෂ දිනක් තිස්ස විජේසුරේන්ද්‍ර නැවති සිටි බම්බලපිටියේ නිවසට පැමිණියේ මේ කනස්සලෙන් පසුවෙමින් සිටියදීය. නිවසේදී ඔහුගේ නෙත ගැටුණේ සුධීර් කුමාර් මෙන් තරුණ කඩවසම් රුවකි. මේ සුධීර් කුමාර්මද. නැත. ඔහු සැක හැර දැනගත්තේ ඇසිපිල්ලම් ගසා නැවතත් ඒ තරුණයා දෙස බැළීමෙනි. ඔහු සුධීර් කුමාර්ම නොවුණද මේ නම් ඔහුගේ අලූත්ම චිත‍්‍රපටය සඳහා සොයමින් සිටි නවක මුහුණ බව එසැනින් අවබෝධ කරගත් කිංස්ලි රාජපක්ෂ නොවලහා සිය අදහස කිවේය. නමුත් හදිස්සියේ පැමිණි යෝජනාවට තිස්ස කැමත්තක් නොදුනනේ ඉංජිනනේරුවෙකු වන සිය පියාගේ ආසාව තමන් දොස්තරවරයෙකු වනවා දැකීම බව ඔහු දැන සිටි නිසාය. එහෙත් කොකටත් කියා පියා හමුවේ මේ බයිස්කෝප් යොජනාව දැමු විට තිස්සට සිදුවූයේ බියිස්කෝපි කාරයෙක් වෙන්න පිස්සුද කියා ලූණු ඇඹුල් ඇතිවම පියාගෙන් දොස්මුර අසා ගැනීමටය.
 
 මේ නිසා තිස්ස විජේසුරේන්ද්‍ර ද බයිස්කෝප් පිස්සුව අතහැර දමා සිටියත් තිස්සව චරිතයට ගැනීමේ බලාපොරොත්තුව කිංස්ලි රාජපක්ෂනම් අතහැරියේ නැත. ඔහු දිනක් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරමට එකඟව සිටි ජග්තියාන් මහතාගේ බෙන්ස් රථයෙන් පැමිණ දෝස්ති චිත‍්‍රපටය තිරගතවෙමින් පැවති ක‍්‍රවුන් සිනමා ශාලාවට තිස්සව රැුගෙන ගියේය. සිදුවූයේ පුදුම දෙයකි. චිත‍්‍රපටය නැරඹීමට පැමිණ සිටි පිරිස තිස්සව වටකරගත්තේය. ඇත්තෙන්ම ඔවුන් සිතුවේ ඒ දෝස්ති චිත‍්‍රපටයේ නළුවාය කියාය. මේ අහඹු සිදුවීමත් සමග තිස්සටත් බයිස්කොප් පිස්සුව තදින්ම වැළඳිණ. ඔහු පියාටත් හොරෙන් ගොස් කළණ මිතුරෝ චිත‍්‍රපටයේ රූගතකිරිම් වලට සහභාගි විය.
 
 තිස්ස විජේසුරේන්ද්‍රගේ මංගල සිනමා රංගනය කලණ මිතුරෝ වුවත් මුලින්ම තිරගත වූ ඔහු ර`ගපෑ චිත‍්‍රපටය වන්නේ 1970 වසරේ රංජිත් ලාල් විසින් අධ්‍යක්ෂණය කළ නිම් වළල්ල චිත‍්‍රපටයයි. ඉන් පසුව රිදී තිරයේ සුකුමාල පෙම්වතා ලෙස අසිමිත පේ‍්‍රක්ෂක ආකර්ශනයක් දිනා ගත් ඔහු 1971 වසරේ තිරගත වූ පූජිතයෝ, සුහද පැතුම 1973, ලසඳා 1974, ලස්සන කෙල්ල 1975, නෑදැයෝ 1976, ක‍්‍රිස්තු චරිතය 1990, ඔබ මට විශ්වාසයි 1992, රූපාන්තරණය 2014 වැනි තවත් සිනමාපට  ගණනාවකට සිය රංගන හැකියාව එක් කළේය. මාළනී ෆොන්සේකා, නීටා ප‍්‍රනාන්දු, ගීතා කුමාරසිංහ වැනී ජනප‍්‍රිය නිළියන් එහිදි රිදී තිරයේ ඔහුගේ පෙම්වතියන් විණි.
 
 මේ අතරතුර කාලයේදී හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ සෙනෙහසක කඳුල චිත‍්‍රටයේ ඔහුගේ රංගනය ඇගයීමට පාත‍්‍රවේයැයි බළාපොරොත්තු තබා සිටියද එය නොසළකා හැරිම නිසා ඇතිවූ සිත්තැවුල මත අසූව දශකයේදි කාලයක් ඔහු සිනමාවෙන් දුරස්ව සිටි කාලයක්ද තිබිණ. ඉන් පසු ඔහු යළිත් රංගනයට පැමිණියේ බොහෝ කාලයකට පසුවය.
 
 ඇත්තෙන්ම තිස්ස විජේසුරේනද්‍ර යනු සිංහල සිනමාව නැගී එන අවධියක පේ‍්‍රක්ෂකයන් ඇඳ බැඳ තබාගැනීමට සමත් වු රංගන ශිල්පියෙකි. අවසානවකට ඔහු ජනප‍්‍රිය වූ යුගයේ මේරට නිෂ්පාදනය වූයේ හින්දි චිත‍්‍රපට එහෙමපිටින්ම ගත් කොපිය.මේ නිසා කලාත්මක නිර්මාණවල රංගනය සඳහා ඔහුට ඉඩ ලැබුණේ නැත. නමුත් තිස්ස විජේසුරේන්ද්‍රයන්ට රසික ප‍්‍රජාව අතර ජනප‍්‍රියත්වය රඳවා ගැනීමට හැකිවිය.
 
 1949 අපේ‍්‍රල් 03 වනදා උපත ලද තිස්ස විජේසුරේන්ද්‍ර ඉකුත් සඳුදා ඔහු මේ සියල්ල හැර යනවිට දරුවන් තිදෙනෙකුගේ දායාබර පියෙකි. ඔවුන් අතරින් සුරනී විජේසුරේන්ද්‍ර පමණක් කාලයක් කලාවට සම්බන්ධව සිටියේය. ඔහුගේ ප‍්‍රිය බිරිඳ දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ගරුවරියකි. ඔහුගේ නික්මීම ඔහුගේ සමීපතයන්ට මෙන්ම රසිකයන්ගේ නෙතට ගෙනෙන්නේ කඳුලකි. ජේෂ්ඨ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.
 
 තිස්ස ගුණතිලක
 
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles