- එළිමහන් ප්‍රසංග කලාව නම් නැවත ලෙහෙසියෙන් ගොඩගන්න බැහැ
කීර්ති පැස්කුවල් දසක ගණනාවක් ලංකේය සංගීත අඹරේ නොනිමි දිදුල තාරකාවක්. සංගීත ගුරුවරයෙක් ලෙසත්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ලයාන්විත කටහ`ඩක් හිමි ගායකයෙකු ලෙසත් මෙරට ඔහුගේ ආස්ථානය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුත්තක් නොවෙයි. කොරෝනා වසංගතයේ බළපෑම ලංකාවට එනවිට කැනඩාවෙ සංගීත ප්‍රසංග කීපයකට සහභාගි වෙමින් සිටිය ඔහු ඉකුත් මාර්තු 17 වනදා මව් රටට පැමිණි ගමන් සෞඛ්‍ය අංශ වල බළපෑමකින් තොරව තමන්ගේම තිරණයක් අනුව ස්වයං නිරෝධනයට යොමුවුණා. ඒ තමයි සමාජ වගකීම් ඇති පුරුවැසියෙක්ගෙ යුතුකම. අපිට දැනගන්න ලැබුණේ තවමත් ස්වයංනිරෝධායන රීතිය අනුගමනය කරමින් ඔහු පසුවෙන බව...
ඇත්තද අපට ලැබුණු මේ ආරංචිය?
මම ආවේ මාර්තු 17. ලංකාවේ ගුවන් මගින් එන මගීන් නිරෝ්ධායන කරන්න ගත්තෙ 18 වෙනිදා. ඒ නිසා මම නිරෝධායනයට අහුවුණේ නෑ. එත් මම තිීරණය කළා මාත් ස්වයං නිරෝධායන වෙන්න ඕන කියල. දැන් දින 14 ගෙවී තිබුණත් අද වෙනතුරුත් එහෙම තමයි ඉන්නෙ.
මොනවද ඒ කාලය තුළ නිවසට වෙලා කළේ
මම කොයිම වෙලාවකවත් නිකරුණේ කාලය ගෙවන්න කැමති කෙනෙක් නෙවෙයි. මගේ සංගීත පතියේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකතු කරගෙන වට්ස්ඇප් ගෘප් එකකින් ඔවුන් සමග විවිධ අභ්‍යාස කළා. ස්වසන අභ්‍යාස, ස්වර අභ්‍යාස, ගීත ගායනා තරග වගේ කාලාවට සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් වල නිරතවුණා. ගීත රචනා තරගයක් තියල එයින් තේරුණු හොඳම ගීතය මම ගායනා කළා. එත් එක්කම සාහිත්‍ය තරගයක් පැවැත්තුවා. එහි ජයග්රාහි නිර්මාණ ඉදිරියේදි පුවත්පත් වලින් ප්‍රසිද්ධ කරන්නත් පොතක් වශයෙන් එළි දක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මේ හැම දේයකින්ම මට ඕන වුණේ මේ නිවාඩු කාලය ප්‍රයෝජනයට අරන් ළමයින්ගෙ හැකියාව දියුණු කරන්න. ඒ නිසා මම නම් ෆුල් බිසි වුණා.
කොහොම වුණත් මේ කාලය ජීවිතයට ලොකු වෙනසක්නෙ. කොහොමද ඒක ජීවිතයට දැණුනෙ?
මම ටිකක් කාර්ය බහුල කෙනෙක්නෙ. වෙනදත් මට ගෙදර තමයි උතුම්ම ස්ථානය. බිරිඳ දරුවන් සමග ගෙවන කාලය සතුටින් ගත කරන කාලයක් මට ඉස්සරත් තිබ්බෙ. මේ වතාවරණයත් එක්ක මට ඉබෙම ලැබුණා ගෙදර අයත් එක්ක නිදහසේ ගත කරන්න. අපි ආත්ම තෘප්තිය සඳහා එකට එකතුවෙලා සිංදු කියනවා, ඡායාරූප ගන්නවා...ඒ වගේ හොඳ දෙවල් එක්ක කාලය ගෙවෙන නිසා ජීවිතයට තෘප්තියක් තමා දැණුනෙ.
මේ වතාවරණයත් එක්ක ඉදිරියේදි සංගීත කේෂත්රයට කුමක් වෙයිද?
ගෙවල් ඇතුලට වෙලා කරන නිර්මාණ, අළුත් ගීත බහිවීම ඒ වගේ දේවල් වෙයි. හැබැයි සංගීත සංදර්ශන වගේ දේවල් නම් කාලයකට තියෙන එකක් නෑ. ඒවා තියන්න අනුමත කරන්නත් බෑ. ඒ වගේම දැන් මහල් නිවාස ඉස්සරහ ගිහින් සංගීත සංදර්ශන පවත්වන එකත් මම අනුමත කරන්නෙ නෑ.
ගායක ගායිකාවන්ගෙ සංගමයෙ ඔබ හිටපු සභාපතිවරයා. මේ කේෂත්රය ගොඩගන්න සැළස්මක් තියනවද .. සංගමය විදියට මේ ගැන කතාකරල තියනවද?
වෙන මොන කේෂත්ර ගොඩගත්තත් සංගීත කේෂත්රය නම් ලෙහෙසියෙන් ගොඩගන්න බෑ. විශේෂයෙන් එළි මහන් ප්‍රසංග කලාව. ප්‍රසංග නොපැවැත්වීම නිසා බොහෝ පිරිසකට අමාරුකම් ඇතිවෙලා තියනවා. අපි සංගමයක් විදියට මේ කේෂත්රයේ සිටින ශිල්පීන් එකසිය ගාණකට රුපියල් දස දහස බැගින් ලබා දීමක් සිදුකළා. ඒක ප්‍රමාණවත් මදි තමයි. නමුත් අපේ සංගමයේ තිබෙන කෝටි දෙකාහමාරක මුදලින් අපි ඒ උපකාරය සිදුකළේ. පවතින තත්තවයත් එක්ක තවම අපට ඉදිරියේදි කුමක් කළ යුතුද කියල සැළැස්මක් නෑ. මේ වෙලාවේ රජයෙන් සහනයක් ඉල්ලීමත් අසාධාරණයි කියල මගේ පුද්ගලික මතය. මොකද අපි විතරක් නෙවෙයි,සෑම කේෂත්රයක්ම වැටිල තියෙන්නෙ. කලා කරුවන් වන අපිටත් වඩා ඉතාම දුක් විඳින ජනතාවක් ගම් වල ඉන්නවා. රජයට ඔවුන් ගැන බලන්න තියනවා.
ගායකයින්, වාදකයින් වගේ මේ කේෂත්රයේ සෑම කෙනෙක්ටම පැවති ආර්ථිකය තුළ මිලක් තිබුණා. ඉදිරියේදි ලංකාවේ ආර්ථිකය පසුබැස්සොත් එම මිලත් පසු බසීවිද?
ජීවත්වීමේ අරගලයක නිරතවෙලා ඉන්නකොට ඉස්සර පනස්දහසට ප්‍රසංගයකට ගිය කෙනෙක් ඉදිරියේදි විසිපන්දහසට යන්න පුළුවන්. එහෙම වුණොත් වටිනාකම හෑල්ලූවට ලක්වීමක්. හැබැයි එහෙම නොවී ඉන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ වෙනකන් හම්බකරගත්ත දේ කළමනාකරගත්තෙ නැති කලාකරුවන් පිරිසට එහෙම ඉන්න අමාරුවෙයි. මමත් ඉස්සර සංගීත කණ්`ඩායම්වල ඉන්න කාලේ එදිනෙදා හම්බවෙන දේ වියදම් කළා. නමුත් පස්සෙ දුරදිග හිතල මම ඒ තත්තවයෙන් මිදුණා. ඒ විදියට අපේ ශිල්පින් කල්පනා නොකළ නිසයි ප්රශ්නය. ඔවුනට තමා මේ ප්රශන්නය ඇතිවන්නෙ.
කාලයක් ඔබත් විදේශ රටක ජීවත්ව සිටියා. මේ අසීරු අවස්ථාවෙ දැන් ඔබ ඔබේ මව් රටේ සිටීම ගැන මොකද හිතෙන්නෙ?
අද නෙවෙයි, මම නවසීලන්තයේ සිටින කාලයේදිත් ලංකාව තමයි මුදුන් මුල කියන එක එදා මට දැණුනා. මොන විදියකින් හරි මට ලංකාවට එන්න සිදුවුණාට පස්සෙ පුදුමාකාර විදියට මට මේ රටේ වටිනාකම දැණුනා. මේ රටේ හුළ`ග පවා කොයි තරම් වටිනවද කියල දැනෙන්නෙ වෙන රටකට ගිහාම තමා. අද ඒක ඔප්පුවෙලා තියනවනෙ.
තිස්ස ගුණතිලක
- Hits: 1773