Divaina - දුම් අල්ලා කැඳ බී කොරෝනාවෙන් මං මුලා වීම !

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


edifea


නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
MBBS (PERADENIYA), LL.B (OUSL)
CER PSYCHOLOGY AND COUNSELING
ජාතික රෝහල - මහනුවර



ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයට විශාල පිරිසක් තවදුරටත් ගොදුරු වෙමින් පවතිනවා. කිසිදු තරාතිරමක් නොතකා ලොව පුරා විශාල පිරිසක් මෙම රෝගයේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. මෙම රෝගය ඇතිකරන රෝග කාරකය වෛරස නමින් හඳුන්වන රෝග කාරකයක්. එම රෝග කාරකය වර්ධනය වීම සඳහා සජීවි සෛලවල උපකාරය අවශ්‍ය වෙනවා. ඒ අනුව අපගේ සිරුරට ඇතුළු වන වෛරසය විශේෂයෙන්ම අපගේ ස්වසන පටකයේ ඇති සෛලවලට ඇතුළත්ව එම ශෛලවල අභ්‍යන්තරයෙහි ඇති සජීවී කොටස් භාවිතා කොට තම ප‍්‍රවේණික ද‍්‍රව්‍ය පිටපත් කර ගනිමින් විශාල ප‍්‍රමාණයක් නව වෛරස බිහි කරනවා. එවිට ස්වසන පටකයේ සාමාන්‍ය කි‍්‍රයාකාරිත්වය අඩාල කරමින් ඒ සෛල පුපුරා වෛරසය දහස් ගණනක් අපේ රුධිරයට එකතු කරනවා. මේ හේතුවෙන් ස්වසන පටකය ප‍්‍රදාහයට ලක්ව සෙමවලින් පෙනහලූ පිරෙන්න පටන් ගන්නවා. එවිට තමා රෝගියාගේ ජීවිතය අවදානමට ලක්ව නිව්මෝනියා තත්ත්වයට පත්වන්නේ .

මෙම වෛරස ආසාදනය සඳහා කළ හැකි ප‍්‍රතිකාර කවරේද යන්න මේ වන විට ඉතා මතභේදයට ලක් වූ කරුණක් බවට පත්ව තියෙනවා. ඇත්තෙන්ම බොහෝ වෛරස රෝග සඳහා නිශ්චිත ප‍්‍රතිකාර නැහැ. ඒවා බොහොමයක්ම සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉබේම සුවකරනු ලබනවා.

අපේ සිරුරේ ප‍්‍රතිශක්තිය ගතහොත් ප‍්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. පළමුවැන්න තමා විෂබීජ සඳහා වන යාන්ත‍්‍රි‍ක ආරක්ෂණ ප‍්‍රතිශක්තිය එනම් අපගේ සම සහ සිරුර අභ්‍යන්තරයේ ඇති ශ්ලේෂ්මල පටල විසින් ආගන්තුක රෝගකාරකයන් සිරුර තුළට ඇතුල්වීමට නොදී ආරක්ෂිත බාධකයක් ලෙස කි‍්‍රයා කිරීම. දෙවැන්න තමා සිරුරට ඇතුළු වන එවන් රෝග කාරකයන් සිරුරේ අඩංගු සමහර සුදු රුධිරාණු විසින් වටකර ගිල දමා විනාශ කිරීම. සිරුරේ අඩංගු කුඹ ශෛල නමින් හඳුන්වන සෛල වර්ගය මේ සඳහා ප‍්‍රමුඛත්වය ගන්නවා. මීළ`ගට සිරුරේ වැදගත්ම ප‍්‍රතිශක්තිය ඇති කරන තුන්වන ක‍්‍රමය තමා සිරුරට ඇතුළුවන ආගන්තුක රෝගකාරකය හඳුනාගෙන එයටම විශේෂිත වූ ප‍්‍රතිදේහ නම් ප්‍රෝටීන් වර්ගය නිපදවමින් රෝග කාරකය විනාශ කරන ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය. මෙම ක‍්‍රම තුනෙන් ඉතාම වැදගත් වන්නේ තුන්වන ක‍්‍රමයයි. විශේෂයෙන්ම වෛරස ආසාදන මැඩ පැවැත්වීමට අවශ්‍ය වන්නේ මෙම ප‍්‍රතිදේහ නිෂ්පාදනය කිරීමයි. මේ නිසා තමා කුඩා අවදියේදී වෛරස රෝගවලින් ආරක්ෂා වීම පිණිස දරුවන් එන්නත් කරනු ලබන්නේ. එම එන්නත්වල අඩංගුව ඇත්තේ අඩපණ කරන ලද රෝග කාරකයි. එම අඩපණ කරන ලද රෝගකාරක සිරුරට එන්නත් කළ විට එයට එරෙහිව විශේෂිත වූ ප‍්‍රතිදේහ සිරුරේ නිපදවනවා. එය හරියට යතුරු අගුලට නියමිත යතුර නිපදවනවා වගේ වැඩක්. යතුරු අගුලක් ක‍්‍රියා කළ හැක්කේ එයට නිශ්චිත වූ යතුර දැමුවහොත් පමණි. ඒ අන්දමට යම්කිසි රෝග කාරකයකට එරෙහිව සිරුරේ සෑදෙන ප‍්‍රතිදේහ එම රෝගකාරකය මත පමණක් කි‍්‍රයා කරයි. ඉන් පසු එම ප‍්‍රතිදේහ සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ තැන්පත්ව පවතී. කෙදිනක හෝ එම රෝග කාරකය නැවත සිරුරට ඇතුළු වුවහොත් අර පෙර තැන්පත්ව තිබූ ප‍්‍රතිදේහ කි‍්‍රයාත්මක වී වැඩිපුර එම ප‍්‍රතිදේහ නිපදවා රෝග කාරකය විනාශ කර දමනවා. එවිට අපට එම රෝගය වැළෙ`දන්නේ නැහැ. සමහර ප‍්‍රතිදේහ සිරුර තුළ තැන්පත්ව ජීවිත කාලයටම තියෙනවා. එවිට ජීවිත කාලය පුරාවටම එම රෝගයෙන් මිදී සිටීමේ හැකියාව ලැබෙනවා. නමුත් සමහර ප‍්‍රතිදේහ සිරුර තුළ තැන්පත්ව තියෙන්නේ ඉතා සුළු කාලයක්. ඒක නිසා තමා සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි වෛරස රෝග ඉක්මනින් නැවත නැවත වැළෙ`දන්නේ.

මෙම ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රමවේදයන් වලින් වඩා කාර්යක්ෂම ක‍්‍රමවේදය වන ප‍්‍රතිදේහ නිර්මාණය කිරීමේ කාර්යය සඳහා රෝගකාරකය සිරුර තුළට ඇතුළු වීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙය කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල් හෝ කැඳ වර්ග හෝ වෙනත් එවැනි කිසිදු දෙයක් පානය කිරීමෙන් හෝ හුමාලය දුම් ඇල්ලීම මගින් කරන්න බැරි බව ප‍්‍රත්‍යක්ෂයි .

කොරෝනා රෝගය මර්දනය කිරීම පිණිස ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට යැයි පවසමින් පානය කිරීමට නිර්දේශ කරන කිසිදු පානයකින් සිරුරේ ප‍්‍රතිදේහ නිර්මාණය කිරීමට නොහැකි වුවත්, ඉතා සුළු ප‍්‍රතිශක්තියක් මන්දගාමීව ලබාදෙන සුදු රුධිරාණු ආශි‍්‍රත ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය යම්කිසි ආකාරයකට උත්තේජනය විය හැකිවීමේ සම්භාවිතාවය බැහැර කරන්න බැහැ. එවිට කොරෝනා වැනි ප‍්‍රචණ්ඩ වෛරසයක් සිරුර තුළ ගුණනය වීමේ සීඝ‍්‍රතාවය ඉන් ප‍්‍රමාද කිරීමේ හැකියාව පවතිනවා. එසේ වුවහොත් සිදු වන්නේ රෝගකාරකය සිරුරට ඇතුළුවී රෝග ලක්ෂණ මතු කිරීමට යන කාලය වන බීජ පෝෂණ කාලය දිගුවීමයි. එවිට දින දාහතරක නිරෝධායන කාලය ගත වූ පසුවත් රෝග ලක්ෂණ මතුනොවී තවත් දින ගණනාවකට පසුව රෝග ලක්ෂණ මතුවීමේ හැකියාව තියෙනවා. නමුත්, ඒ කාලේ පුරාවටම ඔහු රෝග වාහකයකු ලෙස කටයුතු කිරීමේ හැකියාවද තියෙනවා.

මුලින් සඳහන් කළ පරිදි උගුර ආශි‍්‍රතව ආරක්ෂිත පටලයක් ලෙස ශ්ලේෂ්මල පටලයක් පවතිනවා. සමහර පුද්ගලයන් කියන පරිදි ලූණුවතුරෙන් උගුර සේදීමේ දී මෙම ඉතා සියුම් ශ්ලේෂ්මල පටලයට හානි සිදුවෙනවා. එවිට වෛරසයට පහසුවෙන්ම සිරුර තුළට ඇතුළු වීමේ හැකියාව ලැබෙනවා .

උණු වතුර හෝ තේ හෝ වෙනත් උණුසුම් පානයන් පානය කිරීම මගින් වෛරසය විනාශ වන බවක් තහවුරු කරගෙන නැහැ. චීනයේ පුද්ගලයෙකු එසේ ප‍්‍රකාශ කළ බවට සමාජ ජාල වෙබ් අඩවි තුළ ප‍්‍රකාශ පළ වුවත් චීන රජයෙන් සනාථ කළ එවැනි වාර්තාවන් සොයා ගැනීමට ඇත්තේ නැහැ. නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු වන වෛරස උගුර තුළ ගිමන් හැරීමක් සිදු කරන්නේ නැහැ. ඔය කියන විදිහට වෛරසය විනාශ කිරීමට නම් ඉතා ඉහළ උෂ්ණත්වයකින් යුතු උණුසුම් පානයක් අඛණ්ඩව දිගටම උගුර හරහා වෛරස විනාශ වීමට තරම් ප‍්‍රමාණවත් කාලයක් ගලා යා යුතු වෙනවා. නමුත් අප ඕනෑම පානයක් පානය කරන්නේ සිරුරට දැරිය හැකි උෂ්ණත්වයක ඇති විට, උගුරෙන් උගුර වරකට ඉතා සුළු ප‍්‍රමාණයක් බැගින් පමණි.

සෙම්ප‍්‍රතිශ්‍යාව ඇති විට හුමාලය ඇල්ලීම මගින් සිදු කළේ ස්වසන පටක ප‍්‍රදාහය අඩු කොට ඝනකම් සෙම තුළට ජල බිඳිති ඇතුළුකර ඒවා තුනී කරමින් දියර බවට හරවා සිරුරෙන් ඉවත් කිරීම පහසු කිරීමටයි. එසේ හුමාලය ඇල්ලීම මගින් වෛරස විනාශ වන බවට කිසිදු පරීක්ෂණයකින් සනාථ වී නැහැ. බොහෝ වෛරස ආසාදන හේතුවෙන් හැදෙන සෙම්ප‍්‍රතිශ්‍යාව වළක්වා ගැනීම සඳහා අප විසින් බොහෝ විට විටමින් සී පෙත්තක් භාවිතා කරනවා. එමගින් ස්වසන පද්ධතිය ආම්ලික තත්ත්වයකට පත් කරනවා. ආම්ලික පරිසරයක් තුළ සාමාන්‍ය වෛරස වර්ධනය අඩාල වනවා. නමුත් කොරෝනා වෛරසය අම්ලික මාධ්‍යයකදී වඩා හොඳින් වර්ධනය වන බව නිරීක්ෂණය කොට තිබෙනවා. මේ නිසා තමා සිරුරේ සෛලවල භාෂ්මික තත්ත්වයක් ඇති කිරීම පිණිස කොරෝනා රෝගීන්ට මැලේරියාව සඳහා දෙන ඖෂධයක් වන ක්ලොරොක්වින් ඖෂධය ලබා දෙනු ලබන්නේ. මේ පිළිබඳව තොරතුරු අන්තර්ජාලයේ පලව තිබෙනවා. කොරෝනා රෝග කාරකය ආසාදිත පුද්ගලයන්ට දෙහි කොළ දමා හුමාලය ඇල්ලීම මගින් ස්වසන පටකය ආම්ලික තත්ත්වයට පත් වීම හේතුවෙන් වෛයිරසයේ වර්ධනය වැඩි විය නොහැකිද?

edifea2විවිධ ද්‍රව්‍ය යොදා ගනිමින් සාදා ගන්නා කැඳ වර්ගවල ප‍්‍රතිඵලය සහතික කරන විද්‍යාත්මක ක‍්‍රමවේදය කවරේද? බටහිර වෛද්‍ය ක‍්‍රමයේදී ඖෂධයක් භාවිතා කිරීමේදී එහි අඩංගු කි‍්‍රයාකාරී සංයෝගය හඳුනා ගන්නා අතර, අදාළ රෝග කාරකය කෙරෙහි එහි නිශ්චිත බලපෑම පරීක්ෂණ මගින් සනාථ කරගත් පසු එය මුලින්ම සතුන් යොදා පරීක්ෂා කරනු ලබන අතර, ඉන් අනතුරුව පාලන තත්ත්වයන් යටතේ පියවර කිහිපයකින් මිනිස්සුන්ට ලබාදෙමින් එහි කාර්යක්ෂමතාව, ඵලදායීතාව, සුරක්ෂිතභාවය, අතුරු ප‍්‍රතිඵල මෙන්ම එක් එක් පුද්ගලයාට ලබාදිය යුතු ඖෂධ ප‍්‍රමාණය, ළදරුවන්ට, ගර්භණී මවුවරුන්ට, මව්කිරි දෙන මව්වරුන්ට, වකුගඩු සහ අක්මාව ආබාධිත පුද්ගලයන්ට ආදී විවිධ කොටස්වලට ලබා දියයුතු මාත‍්‍රා ප‍්‍රමාණය සහ එම ඖෂධය සමග අනිත් ඖෂධ අන්තර්කි‍්‍රයා සිදුකරන ආකාරය පවා තීරණය කොට තමා රෝගීන්ගේ භාවිතය සඳහා එම ඖෂධය මුදාහරින්නේ. බටහිර වෛද්‍යවරුන් අනුගතව සිටින්නේ එම ක‍්‍රමය මතයි.

නමුත් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී හෝ දේශීය වෛද්‍ය ක‍්‍රමයේදී භාවිතා වන්නේ වෙනත් ක‍්‍රමයක්. එනම් යම් ද්‍රව්‍යයක් යම් රෝගයකට සුදුසු යැයි උපකල්පනය කරමින් බොහෝ පිරිසකට එය ලබාදී ඉන් ලැබෙන ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් නිගමනයකට එළඹීමයි. මෙහිදී ඖෂධයේ කිි‍්‍රයාකාරී සංයෝගය හෝ එය සිරුර තුළ කි‍්‍රයා කරන ආකාරය සිරුර එයට දක්වන ප‍්‍රතිචාර හෝ පිළිබඳව විද්්‍යාත්මකව සොයා නොබලයි. මේ හේතුවෙන් තමා සමහර අරිෂ්ට වර්ග පානය කිරීමෙන් අනතුරුව ඒ නිසාවෙන්ම සිරෝසීස් රෝගයට ගොදුරු වූ බොහෝ දෙනා හමුවන්නේ.

බටහිර වෛද්‍යවරුන් තමන් උගත් ඇලෝපති වෛද්‍ය ක‍්‍රමය පිළිපැදීමට බැඳී සිටිනවා. ඔවුන් පිළිගත යුත්තේ එහි පවතින විද්්‍යාත්මක ක‍්‍රමවේදයයි. එසේ හෙයින් තමන් කිසිදු අයුරකින් විශේෂඥයකු නොවූ වෙනත් සංකල්ප මත ගොඩනැගුණු වෛද්‍ය ක‍්‍රමවේදයන්, පෙර කල සිට භාවිතා වූ නිසාවෙන් හෝ වෙනත් පුද්ගලයන් කියන නිසාවෙන්ම හෝ, තමන්ට කර කියාගත දෙයක් නොහැකිව සිටිනා විට ගොඩයෑම පිණිස තම පෞද්ගලික විශ්වාසයන් මහජනතාව වෙත මුදාහැර එය අනුගමනය කිරීමට ඔවුන් පෙළඹීවිම සදාචාර විරෝධී මෙන්ම වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම උල්ලංඝණය කිරීමක්ද වනවා.

තම රෝගයට බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර පතා රෝහල් ගතවන පුද්ගලයන්ට විවිධ කොළ වර්ග දමා දුම් අල්ලන්න සහ විවිධ ද්‍රව්‍ය යොදා සෑදු කැඳ වර්ග ලබා දීමට අවසර දුන්නේ කවුද? එය රෝගීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එසේම එම රෝගීන් පරීක්ෂණාගාර මීයන් බවට පත් කොට තමන්ගේ පරීක්ෂණයන්ට යොදා ගෙන ඇති බව පැහැදිලි වනවා.

එහිදී එක වෛද්‍යවරයෙක් පුවත්පතකට ප‍්‍රකාශ කොට තිබුනේ සහ අන්තර්ජාලයේ ඇති වීඩියෝ පටයේ කියා තියෙන්නේ තමන්ට රෝග ලක්ෂණ ඇතිවූ බවත් මෙම දුම් සහ කැඳ මගින් දින තුනකින් එම රෝග ලක්ෂණ පහව ගිය බවත්ය. ඔහු වෛද්‍යවරයෙක් නම් මුලින් කළ යුතුව තමාට වැළඳී ඇත්තේ කොරෝනාද යන්න සැක හැර දැන ගැනීමයි. එසේ නොමැතිව රෝග ලක්ෂණ පහළවූ පමණින් තමාට කොරෝනා වැළඳී ඇතැයි ඔහු විසින් නිගමනය කිරීම කෙතරම් විහිළු සහගත කි‍්‍රයාවක්ද? ඔවුන් කියනා පරිදි අයි.ඞී.එච්. රෝහලේ කාර්ය මණ්ඩලය බියක් සැකක් නොමැතිව රෝගීන් සමග කටයුතු කරන්නේ මෙම දුම්වල සහ කැඳවල බලයෙන් නම්, ඔවුන් කුමකටද සම්පූර්ණ සිරුර වැහෙන පරිදි ආරක්ෂක ඇඳුම් කට්ටලය අඳින්නෙ? ඒවා නැතුව ගොස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට එම කිසිවකු හෝ ඉදිරිපත් වේද?

ජනමාධ්‍ය මගින් පුනපුනා ප‍්‍රවර්ධනය කරන රෝගය වැළඳී සුව වූ පුද්ගලයා කරන ප‍්‍රකාශය, සාමාන්‍ය පුද්ගලයකුගේ ප‍්‍රකාශයක් ලෙස වරදක් දකින්නේ නැහැ. වෛරස රෝග සහ එහි පැතිරීම සුව වීම පිළිබඳව ඔහුගේ දැනුම ප‍්‍රමාණවත් නොවීම සාධාරණයි. ඔහු සිතා සිටින්නේ ඔහුට ඇල්ලූ දුම්වලින් සහ පානය කිරීමට දුන් කැ`දවලින් රෝගය සුව වූ බවයි. නමුත් සත්‍ය කරුණ වන්නේ වෛරස රෝගයක් වන හෙයින් එය ඇල් වතුර දුන්නත්, පිරිත් වතුර දුන්නත්, කොල කැද දුන්නත්, විශ්ව ශක්තියෙන් බල ගැන්වූ ජලය දුන්නත්, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කළත්, ඒ ඕනෑම දෙයක් නොතකා සිරුර මගින්ම රෝගය ඉබේම සුවවීමයි. නමුත් ඔහු සිතා සිටින්නේ තමා සුව වූයේ ඒ තමා විශ්වාසයෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට ගිය බටහිර වෛද්‍යවරුන් විසින් ලබා දුන් ප‍්‍රත්‍යක්ෂ දේශීය ප‍්‍රතිකාරවල අඩංගු දුම් ඇල්ලීමේ සහ කැඳ පානය කිරීමේ ක‍්‍රමවේදයන් හේතුවෙන් බවයි. අත් බෙහෙත් කර කර ඉන්නේ නැතුව නියම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත වන ලෙස ඔහු අනෙක් අයගෙන් ඉල්ලා සිටින්නේ ද එම මතය තුළ සිට බව පැහැදිලියි.

අපේ රටේ ඉන්නා විශ්ව ශක්තියෙන් රෝග සුව කළ හැකි බව පවසන සියලූ දෙනාටම සිය ප‍්‍රතිකාරවල සත්‍ය පෙන්වීමට මෙය මහගු අවස්ථාවක්. රෝගයෙන් මිය යන්නේ සියයට දෙකක් පමණ වන බැවින්, විශ්ව ශක්තිය ඇති බව පවසමින් ඕනෑම දෙයක් ප‍්‍රතිකාර ලෙස ඔවුනට බය නැතුව දෙන්න පුළුවන්. ඒවා බිව්වත් අනිවාර්යෙන්ම ඔය විදිහටම රෝගීන් සුවපත් වේවි. ඒ විතරක් නෙමෙයි යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්, පිරිත් පැන් හා ආශීර්වාද පැන්, විතරක් නෙවෙයි කැලණි ගෙ`ග් ජලය වුවද ඖෂධයක් සේ ප‍්‍රකාශ කොට ලබාදීම ම`ගින් තමන් සුව වූයේ එම ප‍්‍රතිකාර ක‍්‍රම සහ බෙහෙත් වල බලෙන් බවට සුවපත් වන රෝගීන් අනිවාර්යෙන් විශ්වාස කරනවා .

කොළඹ අයි.ඞී.එච්. රෝහලේ මියගිය රෝගීන්ට ඔය කැ`ද දුන්නේ නැද්ද? දුම් ඇල්ලූවේ නැද්ද?

ආයුර්වේද හෝ විකල්ප වෛද්‍ය ක‍්‍රමවල වෛද්‍යවරුන් මේ පිළිබඳ ප‍්‍රකාශ කළාට ගැටලූවක් නැහැ. ඒවා පිලිගන්නා පුද්ගලයන් ඒවා පිළිගත්තාට ද ගැටලූවක් නැත. නමුත් ගැටලූව තිබෙන්නේ තමන්ගේ උපාධි සහ තමන්ගේ කීර්තිය, යොදා ගනිමින් තමන් කිසිදු අයුරකින් නොදන්නා වෙනත් වෛද්‍ය ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීමට බටහිර වෛද්‍යවරුන් පෙළඹී සිටීමයි. අතීතයේ තමන්ට තේරුම්ගත නොහැකි දේවල් යක්ෂයන්, භූතයන් සහ දෙවිවරුන් වැනි සංකල්පවලට මිනිසුන් විසින් ආරෝපණය කරනු ලැබුවා. ඖෂධ ලෙස විවිධ ගස්වල කොළ, පොතු භාවිතා කරන්න පටන් ගත්තා. ඒ විද්‍යාව දියුණුව නොතිබු අවධියේදීයි. විද්‍යාව දියුණු වීමත් සම`ග වෛද්‍ය ක‍්‍රමවේදයන් ද වැඩි දියුණු වුණා.

ඇසට නොපෙනෙන වා, පිත්, සෙම් අසමතුලිතවීම හේතුවෙන් රෝග ඇතිවන බවට විශ්වාස කොට ඒවා නිවැරදි කිරීමෙන් රෝග සුවපත් වන බවට වන පදනම මත ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සැකසී ඇති අතර, විසෙන් විස නැසෙන බවට වන සංකල්පය මත හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය බිහිව ඇත. බටහිර වෛද්‍ය ක‍්‍රමය පදනම්ව ඇත්තේ විද්‍යාත්මක ක‍්‍රමය මතයි. මේවා එකිනෙක පටලවා ගතහොත් රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීම ඉතා අපහසු වෙයි. උදාහරණයක් ලෙස ඉස්සර අපේ දෙමාපියන් අපේ කකුලෙ ඇණයක් ඇනුනොත් පිටගැස්ම සෑදීම වැළැක්වීම සඳහා වෙනිවැල්ගැට තම්බලා දෙනවා. කකුලේ ඇණයක් ඇනගෙන එන රෝගියකුට පිටගැස්ම එන්නත ලබානොදී වෙනිවැල්ගැට ලබාදීමේ හැකියාවක් මා හට නොමැත. එසේම පාරේ යන බල්ලෙක් විසින් පුද්ගලයකු සැපූ විට හුණු සමග මුරුංගා කොළ අඹරා ඒ තුවාලය මත ආලේපනය කරන ලෙස උපදෙස් දීමට බටහිර වෛද්‍යවරයෙකු ලෙස මා හට කළ නොහැක. සර්පයෙක් දෂ්ට කළවිට වහාම ඒ සඳහා වන ප‍්‍රතිවිෂ ලබා දීමකින් තොරව විෂ උරන ගලක් ගෙන ඒ මත තබා විෂ උරණ ලෙස උපදෙස් දීමට හෝ රුක්කත්තන ඇඳක නිදා ගන්නා ලෙස උපදෙස් දීමට මා හට කළ නොහැක. නමුත් එවැනි ක‍්‍රමවේදයන් මගින් රෝග සුව කරන දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුට එය කළ හැකියි. අදාළ රෝගියා එම වෛද්‍ය ක‍්‍රමය වෙත විශ්වාසය තබා එහි යන්නේ නම් එහි ගැටලූවක් නැත.

මුළු ලෝකයම බලවත් ව්‍යසනයකට ගොදුරුව ඇති මෙවන් මොහොතක කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නාථ දෙවියන් හෝ වෙනත් දෙවි කෙනෙක් දුන් බවට විශ්වාසයෙන් හෝ තමන්ට හීනෙන් පෙනුනා හෝ පරම්පරාවෙන් පැමිණ ඇතැයි හෝ පෙර සිට භාවිතා වූවා යැයි හෝ කියමින් ලෝකෙට මීට මාස තුන හතරකට කලින් පැමිණි ප‍්‍රචණ්ඩ වෛරසයක් මර්දනය කිරීම සඳහා භාවිතා කිරීමත්, ඒ සඳහා තමන්ගේ බටහිර වෛද්‍ය උපාධිය සහ වෙනත් නිලතල භාවිතා කිරීමත් පිළිකුල් සහගත බව කිව යුතුය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙම වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන මෙම වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙළීම පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීමට අවධානය යොමු කිරීම සුදුසු වනවා.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බි‍්‍රතාන්‍යයේ අගමැතිවරයා දුම් අල්ලා කැඳ පොවා සුව කිරීමට අපේ වෛද්‍යවරුන්ට රාඡු්‍ය තාන්ති‍්‍රක මැදිහත් වීමකින් අවසරය ලබා දුනහොත් අපේ රටට එයින්ම ගොඩයෑමේ හැකියාව ඇති බවයි.


සාකච්ඡා  කොට සකස් කළේ
සමන්ති වීරසේකර

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles