Divaina - වෛරස වසංගතයට එරෙහි ඖෂධ ඔබ සතුය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 edifea
 
 කේ.එච්. වත්සිලා රාජසිංහ,
 පුරාවිද්‍යා අධ්‍යයන අංශය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
 
 
‘වෛරස‘ සැබැවින්ම මේ දින වල බොහෝ කතා බහට ලක් වන මාතෘකාවක් බවට පත් වී ඇත. වෛරස මගින් ආසාදිත රෝග පිළිබ`ද සෑම මොහොතකම කතාබහට ලක් වූව ද එහි විවිධ තත්ත්වයන් විවිධ අවස්ථාවන් වලදී විවිධ ආකාරයෙන් ඔබ ග‍්‍රහනය කරගන්නවා විය හැක. විවිධ මට්ටමේ අවබොධ හැකියාවන්ගෙන් යුත් සියලූ පිරිස් වෙත අවබෝධයේ පහසුව තකා ඒ පිළිබ`ද වූ සංකීර්ණ විද්‍යාත්මක දත්ත මෙසේ සරල අයුරින් ඉදිරිපත් කිරීමට උත්සාහ කළෙමු.
 
 වෛරස වසංගත තත්්ත්වක් පවතින්නා වූ මෙවන් අවස්ථාවකදී මිනිසුන් වශයෙන් ප‍්‍රථමයෙන් සිදු කළ යුත්තේ එහි සාමාන්‍ය ස්වභාවය පිළිබ`දව අවබෝධ කර ගැනීම ය. භෞතික වශයෙන් ගත් කළ වෛරසයක් පියවි ඇසින් නිරීක්ෂණයට නොහැකි තරම් වූ කුඩා දෙයක් වනු ඇත. මිනිසා හා සැසදූ කළ එසේ නම් එහි භෞතික ස්වභාවය පිළිබ`ද පමනක් සලකා කිසිසේත් බිය විය යුතු නොවන්නකි. එහෙත් රසායනික ක‍්‍රියාකාරීත්වය අතින් සලකා බැලූ විට එහි හැසිරීම බොහෝ හානිදායක වූවක් බව අවබෝධ වනු ඇත. සරල ආකාරයෙන් දැක්වවූහොත් වෛරසයක් යනු ජීවී හා අජීවී ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිත අංශුවකි. බුද්ධිමත් මොලයක් ස`දහා උරුමකම් කියන්නා වූ මිනිසා එසේ නම් මෙවැනි කුඩා අංශුවකට පරාජය වනවා ද යන්න සැවොම අවධානය යොමු කර වෛරස පරාජය කර දැමීමට තරම් තම ආධ්‍යාත්මය ප‍්‍රථමයෙන් ම ශක්තිමත් කර ගත යුතුව ඇත. අතීතයේ සිට විශ්වයේ සැගවුනු ශක්තීන් හා ගණුදෙණු කළ ජාතියක් වශයෙන් අපි මෙහිදී අප එකිනෙකා සතු වූ ඕරා ශක්තිය පිළිබ`දව ද අවධානය යොමු කළ යුතු ය. සරලව දක්වන්නේ නම් ඕරා ශක්තිය යනු අප ශරීරය වටා පිහිටන්නා වූ රශ්මි මාලාවයි. උදාහරණයක් වශයෙන් දක්වන්නේ නම් අප බුදුරජාණන් වහන්සේගේ රූ චිත‍්‍රනය කරන්නා වූ විට අදිනු ලබන රශ්මි මාලාව හා සමාන වූවකි. බුදුන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් තම ඕරා ශක්තිය උපරිම මට්ටම වෙත රැගෙන ආ උත්තමයෙකු වන හෙයින් උන්වහන්සේගේ ෂඞ් වර්ණ රශ්මි මාලාව සැමට පැහැදිලිව දර්ශනය වන්නකි. එසේ දර්ශනය නොවූවත් අප එකිනෙකා සතුව ද එසේ දියුණුවට පත් නොකල ශක්තියක් පවතී. මෙහිදී ඔබ වෙත පැහැදිලි කිරීමට උත්සාහ කරනුයේ ඔබ සතු එම සුවිශේෂී ශක්තිය ඔබගේ ශරීරයේ ස්ථාන හයක් මූලික කොටගෙන පවතින හෙයින් මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක තම ශක්තිය විශ්වාස කර එම ශක්තිය තව තවත් ශක්තිමත් කර ගන්නා ලෙසට ය. ඔබ සිතින් බිය වී දුර්වල වන්නට පටන් ගත් විට ඔබ ශරීරය වටා පවතින එම රශ්මි ධාරාව අඩු වී රොගකාරකයන් ඔබ වෙත වඩා පහසුවෙන් ලගා වීමට යම් මට්ටමක හැකියාවක් ඇති විය හැක. එසේ නම් ඔබ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරනවා හා සමානව සිතේ ශක්තිය ද හීන වීමට ඉඩ නොතැබීමට උත්සුක වන්න. රතන සූත‍්‍රය සච්ඡුායනා කිරීම, ශ‍්‍රවණය කිරීම හා අන්‍ය ආගමික යාඥාවන් ආදිය මගින් සිදු කරනුයේ ද එසේ ඔබ සතු වූ මානසික ශක්තිය ඉහළ නංවා ඔබ සතු ඕරා ශක්ති මාලාව දියුණු කිරීම ය.
 
 edifea2මෙතරම් විශාල හානියක් සිදු කිරීමට තරම් වෛරස ප‍්‍රබල වීම ගැටලූවකි. අද වන විට ඔබට මින් ගැලවීම ස`දහා ක‍්‍රම ද්විත්වයක් පවතී. මුල් ම සාර්ථක ක‍්‍රමවේදය නම්, වෛරසය වැලදීමට ප‍්‍රථමයෙන් තම ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම හා වෛරසය වැලදී ඇත්නම් සිරුරේ ප‍්‍රතිශක්තිය වෛරසයට වඩා ශක්තිමත්් කරන්නා වූ ඖෂධ ලබා ගැනීම ය. අනෙක් පියවර වනුයේ, සිරුරට ඇතුලූ වී ඇති වෛරසයට වඩා ප‍්‍රබල හෝ ඒ සමාන (විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කර ගත්) වෛරසයන් සිරුරට ඇතුල් කර එයට රෝගකාරක වෛරසය හා සටන් කර ජය ගැනීමට අවස්ථාව සැලසීම ය. මෙහිදී ප‍්‍රථම පියවර වඩා ආරක්ෂාකාරී බව ඔබට ද වැටහෙනු ඇත. අතීතයේ අපේ වෙදුන් සිරුරේ ප‍්‍රතිශක්තිය වඩවා වසංගත දුරලූව ද වර්තමානය වන විට එම ප‍්‍රතිකර්ම පමණක් ම ප‍්‍රමානවත් නොවන්නේ මන්දැයි ඔබට ගැටලූවක් ඇති විය හැක. මේ ස`දහා හේතු වූයේ ද මිනිස් ක‍්‍රියාකාරකම් බව නම් නොරහසකි. කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ විද්‍යා ප‍්‍රබෝධයත්, පසුකාලීනව ඇති වූ ලෝක යුද්ධ හා බල අරගලයන් ද මේවා හා ඇතැම් මට්ටමක සබධතාවයක් ද පවතී. විශාල මිනිස් ඝාතනයන් සිදු කිරීමේ කූට උපක‍්‍රමයක් වශයෙන් ලෝකයට අහිතකර වූ ඇතැම් වෛරස නිර්මාණය වූයේ ද මිනිසා අතින්ම ය. වෛරසයක් අතීතයේ සිට මේ දක්වා වූ මානව විකාශනයේ විවිධ යුගයන් හි මෙවැනි වසංගත තත්ත්ව මගින් විශාල හානි සිදු කර ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, චීන ශිෂ්ටාචාරය, බැබිලෝනියානු ශිෂ්ටාචාරය වැනි ප‍්‍රබල ශිෂ්ටාචාරයන්ගේ විනාශයන් පිළිබ`දව මත පල කිරීමේදී ඒ ස`දහා වසංගත රෝග තත්ත්වයන් බලපෑ බවත් විශ්වාස පවතී. ඒවා වඩා දියුණු කර අවියක් වශයෙන් බල ව්‍යාප්තියට යෙදවීම පහත් මානසිකත්වයෙන් හෙබි වූවන් ක‍්‍රියා කිරීම හේතුවෙන් මේවා මේ අකාරයෙන් භයානක තත්ත්ව වෙත එලැබී තිබේ. ඇතැම් විට වෛරස මැඩ පැවැත්වීම ස`දහා නිපදවන ප‍්‍රති වෛරසයන් ම පසුකාලීනව වෙනත් ආකාරයේ ප‍්‍රබල වෛරසයක් සේ නැගී සිටීමේ හැකියාව ද නැතැයි කිව නොහැක. කෙසේ නමුදු විනාශකාරී අරමුණු ස`දහා වෛරස නිපදවීම ලෝක සම්මුතීන්ට අනුව තහනම් කිරීමට සියලූ රටවල් එකගතාවයකට පැමිණ සිටිය ද එම සම්මුතීන්ට රහසේ ක‍්‍රියාත්මක වන්නන් නොසිටී යැයි ද විශ්වාස කළ නොහැක. බුදුන් වහන්සේ යනු ආගමක් ප‍්‍රකාශ කළ අයෙකු නොව ලොව සදාතනික වූ ධර්මතාවයන් ජනයා වෙත පෙන්වා දුන් ශාස්තෘ වරයෙකි. උන්වහන්සේගේ එක්තරා පෙන්වාදීමක් ද මේ අවස්ථාව හා මනාව සැසදේ. එනම් ලොව කෙතරම් දක්ෂ වෙදුන් පහල වූව ද, පවතින්නා වූ රෝගයන් ස`දහා ලොව සාර්ථකම ඖෂධය සොයා ගැනුන ද ඊලග මොහොතේ එම ඔෂධයන්ට ඔරොත්තු නොදෙන තවත් ආකාරයක රෝගයක් ඇති විය හැකිය යන්නය. ඉන් උන්වහන්සේ පෙන්වා දෙනු ලැබූයේ කෙදිනක හෝ මිනිසා හට සොබාදහම අභිබවා යාමට හෝ පාලනය කිරීමට නොහැකි බවත් කළ හැක්කේ සොබාදහමට අනුගත වීම පමනක් ම බව ය. මේ දින වල සමාජ මාධ්‍යයන් ඔස්සේ පෙන්වා දෙන අයුරින් වසර සියයකට වරක් වසංගත රෝගයක් පැමිණ සොබාදහම විසින් ලෝකය අනවශ්‍යය පුද්ගලයන් ඉවත් කර තමාව ම පිරිසිදු කිරීමකට ලක් කර ගන්නවා යැයි දැක්වෙන මතවාදය ද උක්ත ස`දහන සමග සසැදිය හැකි ය. එසේ නම් ඔබ සිතනු ඇත, කිසිත් වරදක් නොකල පුද්ගලයන් මෙම රෝග ස`දහා ගොදුරු වීමෙහි ඇති සාධාරණත්වය කුමක්ද යනුවෙන් එය මෙසේ වන්නට හැක. ඔබ වරදක් නොකරයි නමුදු ඔබ වරද කරන්නන් නොනවත්වා බලා හිදී. එවිට දඩුවම සැමට විදීමට සිදු වේ. මෙය එසේ වූ චක‍්‍රයක විපාකයන් විය හැක.
 
 බොහෝ වසංගත ඇති කළ වෛරස මිනිසා වෙත ලගා වී ඇත්තේ සතුන් මාර්ගයෙන් බව වසංගත රෝග ඉතිහාසය අධ්‍යයනයෙන් පැහැදිලි වේ. එච්.අයි.වී වෛරසය පැමිණියේ වදුරන් විශේෂයකින් යැයි පිළිගනී. එසේම ඉබෝලා වෛරසය ද සතුන් මගින් මිනිසා වෙත පරමිණි වෛරසයකි. ඉබෝලා වෛරස රෝගය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඉබෝලා රක්තපාත උණ හෝ සරලව ඉබෝලා යනුවෙනි. ඉබෝලා වෛරසය හේතුවෙන් ඇතිවන මෙම වෛරස් උණ රෝගය මිනිසා ඇතුළු ප‍්‍රිමාටේස් ගෝත‍්‍රයේ අනෙකුත් සතුන් සඳහා වැළඳෙන රෝගයකි. මැලේරියාව, කොළරාව, ටයිපොයිඞ් උණ, ආවෘතිදාහය වැනි වෛරස් රෝග මෙම ඉබෝලා වෛරස් රෝගයට සමානකම් දක්වයි. මෙම වෛරසයේ ස්වභාවික වාහකයා වන්නේ පළතුරු වවුලා යැයි විශ්වාස කෙරේ. එමෙන්ම රෝගය වැළඳීමකින් තොරව වෛරසය පැතිරීමට මොවුන්ට ඇති හැකියාව පැවතීම විශේෂ කරුණකි. විශේෂයෙන් අප‍්‍රිකානු ජාතිකයින් වන සතුන් ආහාරයට ගැනීම ( වවුලන්ද ඇතුළුව ) හේතුවෙන් මෙම රෝගය එම සතුන්ගෙන් මිනිසාට ආසාදනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම වෛරසය පැතිරයාම සිදුවන්නේ රෝගී පුද්ගලයෙකුගේ හෝ රෝගී සතෙකුගේ රුධිරය හරහාය. එනම් රෝගී පුද්ගලයිගේ රුධිරය තැවරුණු ඇඳුම් පැළඳුම්, පිඟන් කෝප්ප වැනි බඩු බාහිරාදිය සමග සෘජු සම්බන්ධතා පැවැත්වීම මගින්
 
 ( ඇල්ලීම වැනි ) සහ ආසාදනය වූ සතුන් නිසි ලෙස පිසීමකින් තොරව ආහාරයට ගැනීම ආදිය මගිනි. එමෙන්ම මාබර්ග් වෛරසය ද උගන්ඩාවේ ආසාදිත වදුරන් මගින් මිනිසා වෙත පැමිණි වෛරසයකි. එසේ ම මේ දින වල පැතිරී යන කොරෝනා වෛරසය ද චීන ජාතිකයින් විසින් ආහාරයට ගත් සර්ප විශේෂයක් හේතුවෙන් ඇති වූවක් බව විශ්වාස කෙරේ. ස්ථීර වශයෙන් ම නිගමනය නොකල ද සත්ත්ව ආහාර හැකිතාක් අවම කිරීම මගින් සෞඛ්‍යයට යහපත් වනු ඇත. මෙතෙක් ඔබේ අවධානය යොමු නොවූව ද මදක් සිතා බලන්න. මහා වසංගතයන් හට ගොදුරු වී මහා පරිමානයෙන් මියගොස් ඇත්තේ මිනිසා නොවෙද? අනෙකුත් සත්ත්වයන් විවිධ අවස්ථාවන් වල සංහාර වශයෙන් මිය ගියද මෙතරම් දීර්ඝ කාලයක් භයානක වසංගතයන් මගින් සතුන් එක දිගට නොනවත්වා මිය යාමක් වාර්ථා නොවන්නේ මන්ද? අනෙකුත් සියලූම සත්ත්වයන් අභිබවා ඇති මහා තාක්ෂණයක්, මහා මොලයක් හිමි මිනිසා එසේ මිය යන්නේ ඇති හැකි බවට එහා ගිය සොබාදහමේ යම් කාරණයක බලපෑමක් බව මින් ඔබ වෙත හැගෙනු නිසැකය. කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය පාරිසරික විනාශය යහපත් මට්ටමින් වෙනස් වී ඇත. සොබාදහම කෙරේ බිය වී හෝ මේ අවස්ථාවේ මිනිස් සිත සොබාදහම වෙත නැඹුරු වී ඇත. එය වසංගතය පැතිරීම මගින් සොබාදහම බලාපොරොත්තු වූවක් නොවිය හැකිද?
 
 ‘ආයුබෝවන් කියන්න, ආචාරශීලී වන්න, අපගේ විෂබීජ අන් අයට නොදෙන්න.’ මේ දින වල රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් ඔස්සේ නිරන්තරව ඔබට ශ‍්‍රවණය වන්නකි. වැලදගැනීම, අතට අත දීම වැනි පිළිගැනීමේ ක‍්‍රම මගින් බෝ වන රෝග ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විය හැකිය. එවැනි අනාරක්ෂිත ක‍්‍රමයක් නොවන අපේ පිළිගැනීමේ, දැත් එක් කර ආයුබොවන් කීමේ ක‍්‍රමවේදය අතීතයේ සිට පැවත එන්නේ අපගේ මුතුන්මිත්තන් මෙවැනි ව්‍යයසනයන් හට තිබූ නිරන්තර පෙර සූදානම ද විය හැක. එවැනි සරල වූ ක‍්‍රියාදාමයන් ස`දහා වුව සූක්ෂම කල්පනාකාරී ජීවන ක‍්‍රමයන්ගෙන් හෙබි අප ඒ පිළිබ`දව ජාතියක් වශයෙන් ආඩම්බර විය යුතුය. එමතු ද නොව එවැනි පුරුදු ඉදිරියට ගෙන යාම ඔබගේ වගකීමකි. නිවසෙන් පිට වෙන ඔබ නැවත නිවසට පැමිණෙන විට දෙඅත් සෝදා පැමිණීම මේ කාල සීමාවට පමණක් සීමා නොකළ යුතුය. ඇස් ලෙඩ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, වෛරස් උණ වැනි එදිනෙදා වැලදෙන රෝග නිවස තුළට රැගෙන එන්නේ ද ඔබම ය. මේ කාලසීමාව තුළ ඔබ ඇති කර ගත් ආකාරයෙන් සෑම දිනකම නිවසට පැමිණෙන විට අත් පා මුව සෝදා පැමිණීම මතුවට ඇතිවිය හැකි බෝ වන රෝග ස`දහා ද ආරක්ෂිත පියවරක් වනු ඇත. නිරොධායනය ද අතීතයේ සිට පැවත එන ක‍්‍රමවේදයකි. සරම්ප, පැපොල වශයෙන් ගැමි වහරේ පවතින දෙවියන්ගේ ලෙඩ බෝ වීම වලක්වා ගැනීම ස`දහා දින හතක්, දන දහහතරක්, දින විසි එකක් වුව අන් අයගෙන් වෙන් වී සිටීම සමාජයේ පොදු චාරිත‍්‍රයකි. කොහොඹ, කහ ඉසීම කොහොඹ අතු එල්ලීම, කොල වතුර නෑම ඒ සියල්ල සිදු කෙරෙනුයේ විශබීජ ඉවත් කිරීමටය. පාරම්පරිකව ම නිරෝධායනයට හුරු අපි තමාගේම ආරක්ෂාව වෙනුවෙන් පවතින නිරෝධායනයට බිය වන්නේ හෝ මගහරින්නේ මන්ද? සියලූ දැනුම අප සතු ය. සිරිත් හා විරිත් අප සතුය. විදේශ සැලසුම් පියවර අනුගමනය කිරීමට පූර්වයේ සිටම අප ආරක්ෂිත ය. වෙනස් විය යුත්තේ අප සිතිවිලි පමණි. භෞතික මට්ටමින් අප ලොව අභිබවා සිටී. නමුදු සිතිවිලි මට්මින් උසස් යැයි සැලකෙන බුද්ධිහීනයන පිරිස් තවමත් බොහෝ වෙති.
 
 විද්‍යාත්මකව ඉදිරිපත් වන්නා වු දත්ත අතර ඉතා සරල ආකාරයෙන් තොරතුරු සැපයීම මගින් ඔබට සිතන්නට යමක් එක් කිරීම ස`දහා මෙම ලිපිය ඉදිරිපත් කළෙමු. පවතින්නා වූ තත්ත්වය යටතේ ඔබගේ ශක්තීන් පිළිබ`ද විශ්වාසය තබන්න. සොබාදහමට ආදරය කරන්න. රටේ නීතියට ගරු කරන්න. ආක්ෂිත උපදෙස් පිළිපදින්න. එවිට ඔබ ආරක්ෂිත ය. මෙම ලිපිය රචනා වන විටත් මෙරට තුළින් කිසිදු කොරෝනා රෝගී මරණයක් වාර්තා නොවීම මේ භූමියේ වාසනාව වශයෙන් සලකමු කිසිදු රොගියෙකු මිය නොයාම මගේ ලංකා මාතාව සතු පරිසරයේ තුරු ලතා, ඇළ දොළ, හමන සුළගේ පවා පවතින්නා වූ ඖෂධීය ගුණයේ බලයෙන් හා ලක් පුතුන් සතු සුවිශේෂී මානසික ශක්තිය හා ප‍්‍රතිශක්තිය බව මුලූ ලොවට හඩ ගා පැවසීමට හැකි වන අයුරින් මෙම රෝගය මෙරයින් තුරන් කිරීමට අපි සියලූ දෙනා කැපවෙමු.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles