Divaina - මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට දේශපාලන නායකයන් ඇහුන්කම් දුන්නත් පැවිදි භික්ෂූන් ඇහුන්කම් දුන්නේ නෑ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

poli4 1- දේශපේ‍්‍රමි භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි


-  ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීමට භික්ෂුන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදිය යුතුය යන්න මහානායක හිමිවරුන්ගේ ස්ථාවරය විය. නමුත් මේ වන විට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු කිහිප නමක්ම ඉදිරි මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වී සිටිති. මේ එ් පිළිබඳව දේශපේ‍්‍රමි භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සමග කළ සංවාදයකි.

ප‍්‍රශ්නය - මහානායක හිමිවරුන් දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කළා, ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට භික්ෂුන් වහන්සේලාට නාමයෝජනා නොදෙන ලෙසට. එසේ තිිබියදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ ගිහියන් සමග එක්ව වෙනම දේශපාලන පක්ෂයකින් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට සූදානම් වනවා. රතන හිමියන්ගේ කි‍්‍රයාකලාපය ඔබවහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර - එය සම්පූර්ණයෙන්ම ශාසනික සම්ප‍්‍රදායට විරුද්ධ නරක පිළිවෙතක් ලෙස තමයි අපිට හැඳින්වීමට සිද්ධවෙන්නේ. මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට දේශපාලන නායකයන් ඇහුන්කන් දුන්නත්, පැවිදි භික්ෂුන් ඇහුන්කන් දීලා නෑ. එයින් අපට මතුවෙලා පේන්නේ බලකාමී දේශපාලන අරමුණු මත තමන්ගේ වාසියට වැඩ කිරීමේ රතන හිමියන්ගේ කි‍්‍රයාකලාපය තමයි.

ප‍්‍රශ්නය - මද්‍රසා පාසල් වැසීම වැනි ඉල්ලීම් කිහිපයක් රතන හිමියන් ආණ්ඩුවට ඉදිරිපත් කළා. එම ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු නොකිරීම නිසා ඉදිරි මැතිවරණය සඳහා වෙනම තරග කරන බව තමයි රතන හිමියන් ප‍්‍රකාශ කරලා තිබෙන්නේ...

පිළිතුර - රතන හිමියන්ගේ ඉතිහාසය විමසලා බැලූවහම පෙනෙන දෙයක් තමයි කුමක් හෝ කාලීන වැදගත් කාරණයක් මුල් කරගෙන මතුවෙලා කිසියම් සංවිධානය කී‍්‍රයාත්මක වෙලා එහි ඉහළට ගිහින් එම ව්‍යාපාරය තුළ නායකයකු බවට පත්වෙනවා. පසුව එම කාරණය පිළිබඳව උණුසුම අඩුවෙන කොට වෙනත් ජනතාවගේ අවධානයට ලක්වන කාරණයකට මාරු වෙනවා. රතන හිමියන්ගේ අතීතය විමසල බැලූවහම අපට පෙනෙන්න තිබෙන්නේ එහෙම දෙයක් තමයි.

ප‍්‍රශ්නය- එහෙම චෝදනාවක් කරන්න තිබෙන උදාහරණ මොනවද?

පිළිතුර- රතන හිමියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ දී විද්‍යාලංකාර පිරිවෙනට ඇවිත් ජනතා විමුක්ති පෙරමුණේ පංති කළා. එය අපි හොඳින් දන්නා දෙයක්. එම නිසා ඒක නැහැ කියලා කියන්න බැහැ. ඉන් පසු කාලයේ දී ජනතා මිතුරෝ කියලා සංවිධානයක් පිහිටුවීමට මුල් වී කටයුතු කළා. මංගල සමරවීර මහතාට පළමුවෙන්ම පාර්ලිමේන්තු එන්න එම සංවිධානය උදව් කළා.

ජාතික එකාබද්ධ කමිටුව පිහිටු වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද පැකේජයට එරෙහිව කටයුතු කිරීම සඳහා. එම සංවිධානය පිහිටුවන්න මමත් නලින් ද සිල්වා මහතාත් මුල් වී කටයුතු කළා. නමුත් රතන හිමියන් එම සංවිධානයට සම්බන්ධ වෙලා මටත් නලින් ද සිල්වා මහතාටත් එරෙහිව කටයුතු කළා. තවත් උදාහරණ අවශ්‍ය නම් කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ට නාමයෝජනා ලබා දී තිබෙනවා නේද?

පිළිතුර- සමිත හිමියන්ට නාමයෝජනා ලබා දී තිබෙන්නේ ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතයා ලෙස. මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වන එම පක්ෂය විසින් තමයි පළමුවෙන්ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස සමිත හිමියන් මැතිවරණයට ඉදිරිපත් කළේ. එ් අනුව බැලූවහම භික්ෂුන් වහන්සේලා මැතිවරණවලට ඉදිරිපත් කිරිමේ වරද පළමුවෙන්ම කරලා තිබෙන්නේ එම පක්ෂය විසින්. රතන හිමියන් කරන්නේ එම වරද තවදුරටත් කරන එක තමයි. සමිත හිමියන්ට නාමයෝජනා දීම පිළිබඳව අපගේ බලවත් විරෝධය ප‍්‍රකාශ කරනවා.

ප‍්‍රශ්නය - මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම නොතකා හරිමින් භික්ෂුන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. එ් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැන් ගතයුතු පියවර කුමක්ද?

පිළිතුර - මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට පිටුපා කටයුතු කිරීම පිළිබඳව උන්වහන්සේලා අවශ්‍ය පියවර ගත යුතුයි.

සාකච්චා කළේ - එරික් ගාමිණි ජිනප‍්‍රිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles