Divaina - දුප්පතාගේ සැබෑ යථාර්ථය පෙන්වූ ‘කැලණි පාලම’ට මම හදවතින්ම ආදරය කළා... මම සිනමාවේදී වැඩිපුරම ආදරය කළේ සනත්ට...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 - ප‍්‍රවීණ කලා ශිල්පිනි ගීතා කාන්ති ජයකොඩි
 
 රඟපෑම පොත පතින් පමණක් උගන්වන්න බෑ
 
 geeta1
 
 ගීතා කාන්ති ජයකොඩි රංගන ශිල්පිනියක, නිවේදිකාවක, හඬ කැවීම් ශිල්පිනියක සහ වැඩසටහන් නිෂ්පාදිකාවක ද වෙමින් සකල කලාවේම නම රැුන්ඳු ඇය, කලා පවුලකින් පැවත එන අපේ කලාව සතු සියලූ ගුණාංගයන්ගෙන් පරිපූර්ණ ප‍්‍රවීණතම කලා ශිල්පිනියක ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොව. අද සිය කලා දිවියේ දශක හතර ද පසුකරමින් සිටින ඇය, කලාව නිසාම තවමත් සොඳුරුය, තරුණ ය. මේ,. කලාව සමග ඇය ආ මඟ විමසමින් ‘දිවයින සිනමා කලා’ කලකට පසු ඇය සමග කළ කතාබහක තොරතුරු බිඳකි.
 
  70 දශකය අමතක කර මේ කතා බහ ආරම්භ කරන්න බෑ නේද...
 
 ඇත්තෙන්ම. 70 දශකයේදී ගුවන් විදුලි ළමා පිටියේ ‘හඳ මාමා’ වැඩසටහන සමඟින් එක්ව තමයි මම කලාවට එකතු වෙන්නේ. මේ අවධිය ගැන කතා කරනකොට කරුණාරත්න අබේසේකරයන් වගේම සුමනා ජයතිලක මහත්මිය සහ ගුවන් විදුලියේ මුල්ම නිවේදිකාව වූ ප‍්‍රභා රණතුංග මහත්මියත් අමතක කරන්න බැහැ. ඊට පස්සේ මම ‘සරස්වතී මණ්ඩපය’ට සහාය ගායිකාවක ලෙස එක්වුණා. රෝහණ සිරිවර්ධන, මාලිනි බුලත්සිංහල, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජනී, චිත‍්‍රා කුමාරි කළුබෝවිල වැනි සමකාලීන චරිත මට අදටත් හොදින් මතකයි. අපි එක්ව ගීත ගායනයේ යෙදුණා. ඒ වගේම සුනෙත් ගෝකුල මහතා කළ ‘සංගීත සන්ධ්‍යාව’ වෙනුවෙනුත් මම එක්ව සිටියා. මගේ මතකයේ හැටියට නිර්මලා සහ චිත‍්‍රාත් මෙතනදී අප සමග කටයුතු කළා. ඇත්තටම ඒ අතීත මතක අපට සුන්දරයි වගේම මේ රටේ ගුවන් විදුලි ශ‍්‍රාවකයින්ටත් නොමියෙන මතක ඉතිරි කළ බව මා අදටත් හොඳින්ම දන්නවා.
 
 70 දශකයේ දී ඔබලා එක්ව ගැයූ ගීත නැවත අපට ඇසෙන දිනයක් නුදුරේදීම උදාවන බව පැවසුවා...
 
 ඔව්. අපි එදා ගායනා කළ ගීත ඒ පිරිසම සමඟ එක්ව පළමු ප‍්‍රසංගය මහනුවර දී පවත්වන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. බණ්ඩාර දිසානායක, ලලිත් සිරිවර්ධන, ගාමිණි පෙරේරා, ඇතුළු පිරිසක් මෙයට එක්වෙනවා. නිරංජලා සරෝජනීත් ප‍්‍රසංගයට එනවා. ඒත් එයාගේ සිංදු කියන්නෙ අපේ අනික් අය.
 
 ඔබේ රංගන දිවියේ ආරම්භය සනිටුහන් කළේ ‘කැලණි පාලම’ නම් වූ අතිශය ජනාදරයට පත්වූ වේදිකා නාට්‍ය නිර්මාණය සමගින්. ඒ ගැන මතකය අවදි කළොත්..
 
 ප‍්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මහතාගේ ‘කැලණි පාලම’ වෙනුවෙන් තමයි මම මුල්වරට රංගගත වෙන්නේ. ‘කැලණි පාලම’ කියන්නෙ අපේ රටේ වේදිකාවට ආදරය කරන ජනතාවගේ සිත් ඇද බැඳ ගත් නාට්‍ය නිර්මාණයක්. එය අදටත් එසේමයි. එක්තරා මිනිස් කොට්ඨාසයක සැබෑ යථාර්ථය ‘කැලණි පාලම’ හරහා විiාමාන වූ බවයි මා දකින්නේ. මේ නාටකයේ හැටියට සෞම්‍ය ලෙස ජීවත් වූ මිනිස්සු වෙනස් වූයේ ඔවුන්ට බලපෑ දරිද්‍රධතාවය නිසා බවකුයි මා දුටුවේ. මම කොහොමටත් ‘කැලණි පාලම’ට හදවතින්ම ආදරය කළා. මට එහෙම හිතෙන්න ඇත්තෙ දුප්පතාගේ සැබෑ යථාර්ථය පෙන්වන චරිතවලට මම කැමති නිසා වෙන්න ඇති. මට ඒ වගේ චරිතවලට සරිලන හඬකුත් තියෙනවා. ඒ නිසා තමයි මම වෙනත් අය වෙනුවෙන් ඒ වගේ චරිතවලට හඬ මුසු කළේ. එදා ‘කැලණි පාලම’ නාටකයේ මගේ චරිතය වූ ‘සුරංගනී’ මාත් සමගම ඉතාමත් ඉහළ ජන ප‍්‍රසාදයක් ලැබුවා. මම මෙහි කොටස් දාහකටත් වඩා රංගනයෙන් එක්ව සිටියා. අදත් ඉන්නවා. ඉදිරියටත් දර්ශන කිහිපයක් පැවැත්වෙනවා. හැබැයි දැන් එහි මගේ චරිතය ‘රූපවතී’. ‘කැලණි පාලම’ට පසුව ‘මායාදේවී’, ‘හිම මාළිගා’, ‘තාන්‍යාගේ චරිතය’ සහ ‘වැනීසියේ වෙළෙන්දා’ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක මම රඟපෑවා. ඒ නාට්‍ය බොහොමයක් ඉතාමත් ජනපි‍්‍රය වුණා.
 
 වේදිකාවට තිබුණු ජනතා කැමැත්ත ටෙලිවිෂනය පැමිණීමත් සමඟ යම් ආකාරයකින් පහළට වැටුණු බවක් පෙනෙන්නට තිබෙනවා නේද...
 
 මෙහෙමනේ, මිනිස්සු කැමති නෑ ඔළුවට බර ගන්න. ඒ අය කැමති සරල සැහැල්ලූ දේට. එදා මිනිස්සු මානසික සහනය හෙව්වේ ගුවන් විදුලිය, වේදිකාව සහ සිනමාවෙන්. තිබුණෙත් ඒ තුන විතරනේ. අද ටෙලිවිෂනය පැමිණ තිබෙනවා. ඒකෙ යන ඒවා හොඳ නම් බලනවා. නැත්නම් වහනවා. හැබැයි මෙතනදී ගුණ අගුණ කෙසේ වෙතත් හැමෝම හොයන්නෙ පහසුව. ඒ කෙසේ වෙතත් අද පුංචි තිරයේ බොහොමයක් නාට්‍යවල ඇඩි වැඩියාව වැඩියි කියන එකත් කිව යුත්තක්. ඒ වගේම නාලිකාවන් මුදල ප‍්‍රධාන සාධකය කර ගෙන තියන නිසා අද ටී.වී. බලන එකත් තෝරා බේරා ගනිමින් කළ යුතු ගාණට වැටිලා. හරියට අර බස්වල අපට බලෙන් සිංදු අස්සවනවා වගේ.
 
 ඔබ පුංචි තිරයේ රංගනයට පිවිසියේ රන් දොරටු මතින්...
 
 ඔව්නේ. ‘රන් දොරටුව’ නාටකය තමයි මම කැමරාවට මුහුණ යොමු කළ මුල්ම අවස්ථාව. ඊට පස්සේ ‘යශෝරාවය’, ‘බලදේවගේ ලෝකය’, ‘කිරිඅම්මාවරු’, ‘කළු හංසයෝ’, ‘පස්සෙ ගෙනා මනමාලි’, ‘බත් අම්මා’, සහ මේ දිනවල විකාශය වන ‘පාවෙලා වලාකුළේ’ ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ දෙසියයකට ආසන්න සංඛ්‍යාවකදී මා රංග ගත වුණා. ‘පාවෙලා වලාකුලේ’ මම නිරූපිත චරිතය නපුරු චරිතයක්. මේ මම එවැන්නක් කළාමයි.
 
 සිනමාවේදී ඔබ නිරූපිත චරිත බොහොමයක් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගත්තා..
 
 මම සිනමාවට එකතු වෙන්නෙ වේදිකාවේදී ‘කැලණි පාලම’ පුහුණු වෙන අවධියේ. ‘පූජා’, ‘සඳරේඛා’, ‘රිදී නිම්නය’, සහ ‘ගාමණි’ ඇතුළු චිත‍්‍රපට පනහක් විතර මම රඟපෑවා. චිත‍්‍රපට කිහිපයකදීම පෙම්වතියගේ චරිතය කළා. මම සිනමාවේදී වැඩිපුරම ආදරය කළේ ප‍්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකට. එදා අපි අපේ සිනමාවේ සිටි ප‍්‍රවීණයින් සමඟ අත්දැකීම් බෙදා හදා ගනිමින් පේ‍්‍රක්ෂකයාට හොඳ ආස්වාදයක් ලබා දුන්නා. මම රඟපෑ චිත‍්‍රපටත් බෙහොමයක් ඉතාමත් ජනපි‍්‍රය වුණා. ඒ වගේ මතක හරි සුන්දරයි. නමුත් අද සිනමාවේ එවැනි තත්ත්වයක් තිබෙනවාද කියන ප‍්‍රශ්නය තියනවා.
 
 ඔබේ දියණිය පබෝදා, අද දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ ගමන් මඟ ඔබ දකින්නේ කිනම් ආකාරයෙන්ද,
 
 මට සතුටුයි. ඒ වගේම මම දුවත් එක්ක ‘යශෝරාවය’ සහ ‘රැුජන’ කියන ටෙලි නාට්‍යවල එකට රඟපෑවා. ඒ වගේම රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා අධ්‍යක්ෂණය කළ ‘ශී‍්‍ර සද්ධා’ චිත‍්‍රපටයේදී අපි දෙන්නා අම්මයි දුවයි විදිහට රඟපෑවා. දුව රංගනයට දක්ෂයි. ඇගේ රංගනයන් මාව පුදුමයට පත් කළ අවස්ථාත් තිබුණා. එදා මම සමහර නුසුදුසු චරිත බාර ගත්තෙ නෑ. ඒ වගේම මම හිතපු චරිතම මට ලැබුණෙත් නෑ. නමුත් දුවට අද විවිධත්වයෙන් යුත් චරිත ලැබෙනවා. එදා අපි චරිත ගැන හිතුවෙ වටාපිටාවත් එක්ක. අද එසේ නෙවෙයි පුළුල්ව සිතන්නත් ඒ අනූව වැඩ කරන්නත් අවස්ථාව තියනවා. කොහොමටත් මම දැන් කරන්නෙ මගේ වයසට ගැලපෙන චරිත. ඒ වගේම මම අද දුවට ලැබෙන යම් යම් චරිත වෙනුවෙන් මැදිහත්වීමක් කරනවා. සමහර චරිත එයා කැමැත්තෙන්ම භාර ගෙන කළා. නමුත් වැරැුද්දක් වුණේ නෑ. ඒ වගේම අද පරපුර ගැනත් යමක් කිව යුතුයි. සමහර වෙලාවට ඒ අය තාක්ෂණය නිසා වල්මත්වෙලා වගේ හැසිරෙනවා. මේ තත්ත්වය කලාවට බලපානවා. අපි කලාව සමග මේ ගමන ආවේ පඩිපෙළක වගේ පිළිවෙලට නැඟලා. නමුත් අද පරපුරේ අය පඩි කීපයක් ඉක්මවලා ඉක්මන් ගමනක් යන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා පහළ බලන අවස්ථා අපි දැකලා තියනවා. එහෙම වෙන්න නරකයි. මොකද ඒ වගේ තත්ත්වයක් බලපාන්නෙ කලාවට විතරක් නෙවී. එය ජීවිතයටත් බලපාන්නක්. එකපාරටම සල්ලි ලැබුණට සකසුරුවමක් නැතිව වියදම් කරලා වැඩක් නෑ. ඊට පස්සෙ නැවතත් හිඟන තත්ත්වයට පත් වුණාම ජීවිතය පවත්වාගෙන යෑම කටුකයි. නමුත් පියවරෙන් පියවර ඉහළට ආ කෙනකුට ඒක ප‍්‍රශ්නයක් නෙවී. ඒ අයගේ මනස සැහැල්ලූයි.
 
 අලූත් පරපුර පුහු ආටෝපයට හරි කැමතියි කියලත් පෙන්නුම් කරනවා නේද...
 
 ඔව්නේ. අපිට කාර් එකක් ගන්න සෑහෙන කාලයක්
 
 ගියා. නමුත් අලූත් අය හිතන්නෙ කාර් එකක් ගන්න එක ගැන විතරයි. අපි කාර් එකකින් එන්න මාර්ගය හදා ගන්න විශාල කට්ටක් කෑවා. ඊට පස්සෙ තමයි ඒකෙන් ඇවිත් බහින්නෙ. ඒත් අලූත් පරපුර හිතන්නෙ කාර් එකකින් ඇවිත් බහින එක තමයි ලොකුම හපන්කම කියලා. ඉතිං මම ඒ අයට කියනවා තමන්ගේ දක්ෂතාවන් තේරුම් ගෙන ඒ අනූව කලාවේ ගමන යහපත් කර ගන්න කල්පනා කරන්න කියලා.
 
 ඔබේ රංගන දිවියේ සුවිශේෂී මතක පිළිබඳව අතීතාවර්ජනයක යෙදුණොත්..
 
 අපෝ, කියන්න දේවල් බොහොමයි. ඒවයෙන් බොහොමයක්ම කලාව වෙනුවෙන් කළ කැපකිරීම්. තව සිද්ධිත් කිහිපයක් තියනවා. එක සිද්ධියකදී මම කෝච්චියට පනින්න දුවනවා. හැබැයි කෝච්චිය ලංවෙන කොට මාව ඉක්මනින් ඇදලා ගන්න අවස්ථාවක් තියනවා. ඒ වුණාට මෙතනදී අනතුරක් නොවී බේරුණේ අනූනවයෙන් කියලා හිතන්නකෝ. ඒ වගේම තවත් දර්ශනයක් තිබුණා ඔරුවක. එතනදී ඟග මැදදී ඔරුවට වතුර පිරෙනවා කියන්නකෝ. හැබැයි මම මෙතනදී නම් අනික් අය වගේ බය වුණේ නෑ. ඇයි මට හොඳට පීනන්න පුළුවන්.
 
 කලාව සමග ගෙවන ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු කුමනාකාරද..
 
 කලාව කියන්නේ අපේ ජීවනෝපාය. මම වෙන කිසිවක් කරන්නෙ නැහැ. ඉදිරිය ගැන නිශ්චිතවම නොසිතුවත් පිළිවෙලකට ආ ගමන වෙනස් කරන එකක් නෑ. හැබැයි මම කැමතියි කලාව ගැන මුල සිට අලූත් පරම්පරාවකට ගුරුහරුකම් දෙන්න. ඒ වෙනුවෙන් රජය හෝ කිසියම් ආයතනයක් අනුග‍්‍රහය දැක්විය යුතුයි. අද පොත පතින් උගන්වන අයත් ඉන්නවා. මම කියන්නෙ නෑ ඒක වැඩක් නෑ කියලා. නමුත් රඟපෑම ගැන නම් පොත පතින් පමණක් උගන්වන්න බෑ.
 
 සුජීව තත්සර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles