Divaina - සෙනසුරුගේ ගෝචර මඟින් කේන්දර සටහනේ මතුවන ඒරාෂ්ඨක

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

tharu1තරුමඬල අපි ඉතා ගැඹුරු හා මිනිසුන් මහත් සේ පීඩා විඳින අවස්ථාවක් තමයි මේ ඒරාෂ්ඨක අපල යෙදී ඇති අවස්ථාව. එවන් අවස්ථාවන් සම්බන්ධව දීර්ඝ ලිපි පෙළක් ඔබ වෙත ගෙන ආවා. ඒ ලිපි තුළින් අපි බොහොමයක් පීඩාකාරී ලෙස ගෙවෙන ඒරාෂ්ඨක ගැන මඳක් මතක් කරගත හොත් වඩාත් යෝග්‍යයි. මා හිතන්නේ අපි පොඞ්ඩක් මතකය ආවර්ජනය කර ගත්තොත් හොඳයි කියලා. මොකද අද රටේ මිනිසුන් විශාල පිරිසක් ඉතාම මානසික කායික පීඩාවට ලක්වන අවස්ථාවක් තමයි සෙනසුරුගේ අපල උවදුරු ප‍්‍රධානම වශයෙන් ගතහොත් ග‍්‍රහ ඒරාෂ්ඨක ලෙස ගතහොත් වඩා හොඳ බවයි මාගේ විශ්වාසය . මා අවස්ථාවන් 04 ක් ඔස්සේ මේ ඒරාෂ්ඨක ගෙන ආවා. නැවත මා මතක් කළ හොත්

1. ජන්ම ඒරාෂ්ඨක 2. ලග්න ඒරාෂ්ඨක

3. අෂ්ඨම ඒරාෂ්ඨක 4. සූර්ය ඒරාෂ්ඨක

වශයෙන් සතරවිධ ඒරාෂ්ඨ ස්වභාවයන් පිළිබඳ විස්තරාත්මකව පළමු ලිපියෙන් ගෙන ආවා තරුමඬල පාඨක ඔබට මතක ඇති. සාමාන්‍යයෙන් ජන්ම ඒරාෂ්ඨක කාලසීමාව හත් අවුරුදු හය මසක් වේ. ලග්න ඒරාෂ්ඨක කාලසීමාව ද හත් අවුරුදු සය මසකි. අෂ්ඨම ඒරාෂ්ඨක කාලසීමාව අවුරුදු දෙකහමාරක් වන බැවින් ඉතාම ප‍්‍රවේශමින් කටයුතු කළ යුතු බවත් ඔබව දැනුවත් කළා මතක ඇති.

එසේම තවත් ආකාරයකින් මේ ඒරාෂ්ඨක තත්ත්වයන් පුරාණ පත පොතෙහි සඳහන් ආකාරයට ඔබට ලබා ඇත්තේ කුමන ඒරාෂ්ඨක කාලසීමාවක් ද යන්න දැන ගැනීමට සත්වැදෑරුම් ආකාරයට ඒරාෂ්ඨක පහත අයුරින් ද ගෙන ආවා.

1. අජවාහන 2. කාක වාහන

3. තුරඟ වාහන 4. හස්ති වාහන

5. හංස වාහන 6. මහීෂ වාහන

7. වෘෂභ වාහන

මේ ආකාරයෙන් සත් වැදෑරුම් ඒරාෂ්ඨක කාලසීමාවන් වලින් ශුභ තත්ත්වයන් සතරක් ලෙසත් අශුභයන් තුනක් වන බවත් මතක තබා ගන්න. මින් හස්ති වාහන, හංස වාහන, වෘෂභ වාහන හා තුරඟ වාහන ඒරාෂ්ඨක අපල ශූභ ඵල දෙන ලබන අතර අජ වාහන කාක වාහන, මහිෂ වාහන ඒරාෂ්ඨක ශුභ නොවේ. මෙම ඒරාෂ්ඨක ශුභ අශුභ ද සත් වැදෑරුම් ආකාරයෙන් කුමන එකකට වැටෙන්නේ ද යන්න ගණිතමය ක‍්‍රමවේදෙයක් මඟින් සොයා ගතයුතු බවත් ගෙන ආවා.

එසේම තවත් කාරණයක් තරයේම මතක තබා ගන්න බාධක රාශිවල සඳු තැන්පත් නම් එම ජන්ම ඒරාෂ්ඨකයේ අනිෂ්ඨ ස්වභාවය ඉතාම දැඩිව විපාක ඇතිවේ.

බාධක රාශීන් සොයන්නේ

1. යම් අයකු චර රාශියක හෙවත් මේෂ තුලා මකර යන රාශියක උපත ලැබුවේ නම් එම අයගේ 11 වැනි රාශිය බාධක රාශිය වන අතර යම් ආකාරයකින් උපතේ සඳු එම රාශියේ නම් බාධක රාශියේ ක‍්‍රියාත්මක වන ඒරාෂ්ඨකයේ විපාක තීව‍්‍ර බැවින් නිවරැුදිව ජන්ම පත‍්‍රය පරීක්ෂා කරගත යුතුවේ.

2. යම් අයකු තිර රාශියක හෙවත් වෘෂභ වෘශ්චික කුම්භ යන රාශියක උපත ලැබුවේ නම් එම අයගේ 09 වැනි රාශිය බාධක රාශිය වන අතර යම් ආකාරයකින් උපතේ සඳු එම රාශියේ නම් බාධක රාශියේ ක‍්‍රියාත්මක වන ඒරාෂ්ඨකයේ විපාක තීව‍්‍ර බැවින් නිවරැුදිව ජන්ම පත‍්‍රය පරීක්ෂා කරගත යුතුවේ.

3. යම් අයකු උභය රාශියක හෙවත් මිථුන ධන මීන යන රාශියක උපත ලැබුවේනම් එම අයගේ 07 වැනි රාශිය බාධක රාශිය වන අතර යම් ආකාරයකින් උපතේ සඳු එම රාශියේ නම් බාධක රාශියේ ක‍්‍රියාත්මකවන ඒරාෂ්ඨකයේ විපාක තීව‍්‍ර බැවින් නිවරැුදිව ජන්ම පත‍්‍රය පරීක්ෂා කරගත යුතුවේ.

ශනිගේ බාධක රාශියේ යෙදෙන ඒරාෂ්ඨකය ඉතා බලවත් අන්දමේ අනිෂ්ඨ විපාක දෙන තත්ත්වයකි. එසේනම් ඔබගේ ජන්ම පත‍්‍රය අතට ගෙන ඔබ ජන්ම ලබා ඇති රාශිය අනුව බාධක රාශිය අඳුනාගෙන එහි චන්ද්‍රයා තැන්පත්ව ඇති ද යන්න පරීක්ෂා කරගත යුතු බවත් මා ඔබ සැමට විස්තරාත්මකව ගෙන ආවා ඔබට මතක ඇති. අද අපි මේ ඒරාෂ්ඨක අපල යෙදී ඇති අවස්ථාවක දී ඔබ ක‍්‍රියා කළ යුතු ආකාරය කළ යුතු ආකාරයත් සිදු කළ යුතු වතාවත් කවරේ ද යන්න අපි අද කථා කරන්නයි යන්නේ.

සාමාන්‍යයෙන් මා වෙත ජන්මපත‍්‍ර පරීක්ෂා කර ගැනීමට පැමිණි බොහෝ දෙනෙක් මාගෙන් අසන ප‍්‍රශ්නයක් තමයි ”මහත්තයෝ මේ දවස්වල නම් එච්චර හොඳ නෑ පොඞ්ඩක් බලන්න කෝ ඒරාෂ්ඨක අපලයක්වත් යනව ද කියලා මෙච්චර කරදර කාලයක් කලින්නම් ඇවිල්ලා නෑ’’ තවත් අය කියනවා ” මහත්තයෝ වෙන්න තියෙන දේ ඔක්කොම උනා පාරටම වැටුණා අන්තිමට ඉතුරුවුනේ නෝනයි ළමයි දෙන්නයි විතරයි වතුර ටිකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ මහත්තයෝ. පහුගිය ටිකේ මහත්තයාටම කී ගමනක් කථා කරලා කේන්දර බලවා ගන්න ඇහුවත් එන්න ලැබුණේ නෑ. හැබැයි මහත්තයා කිව්වා මගේ ප‍්‍රශ්න ටික කිව්වාම මහත්තයා කිව්වා ලැබෙන දේ ලැබෙයි නොලැබෙන දේ නොලැබෙයි සිහියෙන් ජීවත් වෙන්න උදේ සවස බණ පදයක් අහන්න බුදුන් වඳින්න කියලා ඒ වචන ටික විතරයි මහත්තයෝ මගේ පවුලට ඉතිරි වුනේ ”

මේ කථා පෙළ මඟින් ජීවිතේ ඒරාෂ්ඨක අපල කාල සීමාවක වේවා වෙනත් අපල කාල සීමාවක වේවා තම චිත්ත සන්තාපයේ ගොඩනැෙඟන ස්වකීය විඥාණය ක‍්‍රියා කරන අවස්ථාවන් දෙකක් හොඳින් විස්තර වෙනවා. එනම් යම් කෙනෙකුට අකුසල් විපාක දීමට ආරම්භ වීමත් තවත් අයෙකුට අකුසල් යම්තාක් දුරකට විපාක දී එම අකුසල් විපාක දීම යම් ප‍්‍රමාණයකින් අවම වීමත් ගැන. දැන් ඔබ මේ ගැන හොඳින් නුවණින් විමසන්න. ඔබටම වැටහේවි මේ කියන කාරණය කොතෙක් දුරට නිවරැුදි ද කියලා. නමුත් මේ අවස්ථා දෙකේ දී කියවෙන්නේ අපි මැරි මැරී ඉපිද ඉපිද එන පටිච්ච සමුප්පන්න උපතේ දී උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවයයි. මෙහි පළමු අවස්ථාවේ දී කියන්නේ යම් අයකුගේ පූර්ව සංස්කාර හේතුවෙන් තමන්ට වරදන්නට යනවා කියන දැනීම සකස් වීමයි. දෙවන අවස්ථාවේ දී කියවෙන්නේ අකුසල් විපාක දීමෙන් පසු මනුෂ්‍යයකුට සිදුවූ කරදර බාධක තමන් මෙලොව දීම පූර්ව කාලසීමාවල ජීවිතයේ වින්ඳා වූ යම් සුඛ විහරණයන් නැතිවී ගිය පසු තමන් විසින් සිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ගැනීමක් වැනිය. සියල්ල සිදුවී අවසන් වූ තත්ත්වයකි. මේ අවස්ථා දෙකෙහි දී ම ඉතා වැදගත් කරුණක් මතුවේ. මන්ද යත් මේ අවස්ථා දෙකේ දී ම දුර්ලභ මනුෂ්‍ය ආත්මය සුරක්ෂිත වී තිබේ. එය බොහෝ අවස්ථාවල දැකිය හැකි කරුණකි. මන්ද බොහෝ අවස්ථාවල ඒරාෂ්ඨක අවස්ථාවලදී මනුෂ්‍යයා කල් ගතවන රෝගී කරයි. අත පය කඩා දමයි. රැුකියාව නැති කරයි පවුල් ජීවිත අවුල් කරයි පවුලෙන් ඈත් කරයි සිර බන්ධන නීතිමය ගැටලූ ආදියෙන් අනූන අයකු කළද ජීවිතය නැති කිරීම බොහෝ අවස්ථාවල සෙනසුරුගේ කාර්යයක් නොවේ. හැදෙන මනුෂ්‍යෙයකුට නම් සෙනසුරු ඒරාෂ්ඨක දශාවන් ලැබිය යුතුමයි යන්න මාගේ අදහසයි. ඇතැමෙක් ශනි අධිකරණ විනිසුරුට සම කරයි. ඒ නිවරැුදි ව ජීවත් වුවහොත් නිවරැුදි ප‍්‍රතිපල ද, වැරදි ආකාරයෙන් නීති රාමුවට පිටින් වැඩ කළහොත් දඩුවම් ද නියම කිරීම සෙනසුරුගේ දශාවන් තුළ ගැබ්ව ඇති මනරම් ධර්මතාවයකි.

සෙනසුරු හෙවත් රවිගේ අකීකරුම පුත‍්‍රයා කේන්ද්‍රයක බලවත් වූවහොත් එම කේන්ද්‍ර හිමියා අනිවාර්යෙන්ම බොහෝ චර්යා ධර්මයන්ගෙන් අනූන ආගම දහම මනුෂ්‍ය සදාචාර ධර්මයන්ට ගරු කරන උතුම් මිනිසෙකි. සෙනසුරු පාප පීඩිතව සිටියහොත් ඊට වෙනස්ම තත්ත්වයකි. මා කළින් සඳහන් කළේ සෙනසුරු අධිකරණයක විනිසුරුවරයෙකුට සමාන කරවන්නේ යම් අයකු සම්‍යක්දෘෂ්ඨියෙන් යුක්ත නම් දුර්ලභ මනුෂ්‍ය ආත්මය ගැන අවබෝධයෙන් කටයුතු කරයි නම් ඒ අය පෙර සිදුකළ අකුසල් විපාක දී ම මෙලොව දී විපාක දීම වළක්වා ගැනීමකි. දඬුවම් දී නම් අකුසල් විපාක දීමයි. එම අපලය නරක කාලය තුළ අකුසල් විපාක දීම නතර කර ගන්නවා කියන්නේ මේ කර්මය 12 වැන්නෙන් කියවෙන අහෝසි කර්ම බලවත් ලෙස මතුකර ගැනීමට දක්ෂ වීමයි.

අපි කවුරුත් දන්නෙ නෑ අපි ඇයි සෙනසුරු අපල ගෙන දෙනකොට කේන්දරේ බලලා බෝධී පූජා 21 ක් තියන්න නිල් මානෙල් පූජා කරන්න. යන්ත‍්‍රයක් පළඳින්න නිර්මාංශ වෙන්න කියන්නේ ඇයි කියලා. මේ කියන්නේ ඔබගේ පෙර පින් විපාක නොදුන් කුසල් කර්ම මේ ජීවිතේට එක්කර ගන්න විවිධ ක‍්‍රම. නමුත් මේ අපි මේ මොනවා කළත් ඒරාෂ්ඨක වේවා අපල වේවා මේ ඔක්කොම අකුසල් විපාක දෙන කාලසීමාවන් බව ඔබ හොඳින් මතක තබා ගන්න . එසේ නම් හොඳින් හිතට ගන්න අරහත් බුදු ගුණෙන් මගේ රාහු අපල දුරුවේවා මාරක බාධක වියැකී මගේ පැතුම ඉටුවේවායි විතරක් මදී කියන එක. කාට හරි කියලා යන්තරයක් බඳින එකින් සියල්ල නිවරැුදි වීමක් නොවෙනවායි කියන එක. බෝධීන් වහන්සේ කියන්නේ කප් රුකක් නෙවෙයි ලෞකික ජීවිත ගත කරන අයට සිතූ පෑතූ සම්පත් උදාකරන්න. බෝධීන් වහන්සේ කප් රුකක් වෙන්නේ භව ගමන ඉක්මනින් අවසන් කරන්න යන අයටයි කියන එක හොඳින් මතක තබා ගන්න. බෝධීන් වහන්සේ යනු ජීව මාන ලෞතුරා බුදුරජාණන් වහන්සේ මැයි හොඳින් මතකයේ රඳවා ගන්න. ශ‍්‍රී සද්ධර්මයේම පිහිටා ශ‍්‍රද්ධාවෙන් කටයුතු කරන්න. අපලයි කියලා. මල් පූජා කරලා විතරක් මදි කියන එක. මේ හැමතැනම ඔබ කරලා තියෙන්නේ වක්කඬේ හකුරු හැංගුවා වගේ වැඩක්. මේ හැමදෙයක්ම කරලා මගේ රක්ෂාව හරියන්න කැඩුන පවුල් ජීවිතේ හරියන්න රෝගී තත්ත්වයෙන් අත් මිදෙන්න කියලා ප‍්‍රාර්ථනා කිරීමට එහා ගිය තැනක් තියෙනවා . මේ ඔක්කොම වෙලා තියෙන්නේ කොහොම ද කියලා මිත්‍යාදෘෂ්ඨියෙන් එහාට ගිහින් බැලූවොත් හේතු ඵල ධර්මයක් නිසා බව ඔබට වැටහෙනු ඇත . එසේනම් මේ රැුකියාව හරියන්න විවාහය හරියන්න කර්මය කර්මඵලය ගැන හොඳ දැනීමක් විඥාණයක් තිබිය යුතුයි. අපි දක්ෂ වෙන්න ඕනේ පෙර පින් මතු කරගන්න. ප‍්‍රශ්නයක් එනවිට ඊට පිලිතුරු දෙන්න ඉක්මන් වීම සුදුසු නොවේ. ඒ අවස්ථාවේ දී ඔබ ඔබගේ ගැටලූවේ නූල් බෝලයක පැටළුනා මෙන් පැටලේවී අගක් කොනක් නැතුව .

අපි අද ඒරාෂ්ඨක හා බැඳුනු ලිපි පෙළ අද මින් සමාප්ත කරනවා මා මේ අපල ආදියෙන් තොර ජීවිතයක් ගත කරන්නේ කොහොම ද කියන කාරණය සම්බන්ධයෙන් සද්ධා බුද්ධිසම්පන්න ඔබ සියලූ දෙනාට සම්පුර්ණ ලිපියක් ගෙන එනවා . එම ලිපිය මඟින් ග‍්‍රහ ඒරාෂ්ඨක මාරක ආදියේ දී සිදු කළ යුතු වතාවත්. ග‍්‍රහ අපල හා බැඳුණු දෝෂ තත්වයන් සම්බන්ධවත් නිවරැුදිව ඒරාෂ්ඨක සඳහා පැළඳිය යුතු ශනි මෘතුංජය යන්ත‍්‍රය ගැනත් කථා කරනවා. එතෙක් ඔබ මේ බුද්ධ උත්පාදන කාලයක ඉපදීමේ දුර්ලභත්වය සද්ධර්ම ශ‍්‍රවණය හා ශ‍්‍රවණය කරන ලද සද්ධර්මය නුවණින් විමසීම සිදු කරන්න .

මෙම ලිපිය හා මීළඟ කලාපයේ නිකුත් වීමට ඇති ලිපිය සුරැුකිව ඔබ සන්තකයේ තබා ගැනීමට කටයුතු කරන්න. මෙතෙක් ප‍්‍රශ්න වලින් මිරිකී ලෞකිකත්වයේ අග‍්‍ර ඵලය සොයමින් ඔබ මොබ සැරිසරන ඔබ ඔබගේ අකුසල් විපාක හඳුනන්නේ නැත. එම අකුසල් යටපත් කර කුසල් විපාක දීම සඳහා කටයුතු කරන්න දන්නේ ද නැත. අපි ඔබගේ අකුසල් කර්ම අපගේ ආර්ථික දියුණුවට ගලපා ගනිමින් ව්‍යාපාර කළමනාකරණය කරන්නේ ද ව්‍යාපාර ප‍්‍රවර්ධනය කර ඔබගේ අකුසල් නිරය නැමැති කොටස් වෙළදපළේ ආයෝජනය කර පිරිවැටුප ඉහළ අගයක තබාගෙන කල්ප ගණනාවක් නිරයේ ගත කිරීමට ද ඡුන්දයක් හෙවත් කැමැත්තක් නැත. තරුමඬල ජ්‍යොතිෂ්‍ය පුවත්පත් කලාවේ වෙනස්ම පරිච්ෙඡ්දයක් සකස් කර අවසන් බව ඔබට හොඳින් ප‍්‍රත්‍යක්ෂ වේවි. අපගේ තරුමඬල තුළ මිත්‍යාවට ඉඩක් නැත. තරුමඬල විද්වත් කථීකාවක් වී අවසන්. ගුරුවරුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විවිධ වෘත්තිකයින් තරුමඬල අප වෙත දක්වන ප‍්‍රතිචාර ඉල්ලීම් අනුව විවිධ මාතෘකා ගැන අපි කථා කරන්නෙමු . එබැවින් අපි මීලඟ කලාපයෙන් අකුසල් යටපත් කිරීම ගැන එනම් අපල උවදුරු වලින් වැළකීම ගැන කථා කරමු.

”බුදුරැුසින් බබළන බුදුරුවක් මවාගත් සර්වඥධාතූන් වහන්සේ වැඩ සිටින ඒ උතුම් ස්වර්ණමාලී නමින් පහළ වූ ස්ථූප වහන්සේ ආනුභාවයෙන් අනුහසින් දස දෙසට ආශීර්වාද වේවා සියලූ සත්වයෝ නිදුක් වේවා සිතේ දුක් දුරුවේවා ගතේ දුක් දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමු”.

ජ්‍යොතිර්වේදී - කෝසල මාරසිංහ

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles