Divaina - මහනුවර ති‍්‍රරෝද රථ රියැදුරන්ට නීති මාලාවක්...

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p2 11මහනුවර නගරයේ ප‍්‍රශ්න අතර ප‍්‍රබල ප‍්‍රශ්නයක් වන්නේ ත‍්‍රිරෝද රථ සේවය නිසා ජනතාව පීඩාවට පත්වීමය. ඇතැම් ති‍්‍රරෝද පදවන්නන් තම තමන්ට හිතුමතේ
 
 මහජනයාගෙන් මුදල් අය කරන්නටත් හිතුමතේ කැමති තැන්වල නතර කර තබන්නටත් කටයුතු කිරීමෙන් ජනයා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිති. තව දුරටත් ති‍්‍රරෝද රථ රියැදුරන් හට නීති මාලාවක් කි‍්‍රයාත්මක නොවීමෙන් ඒ ඒ රියැදුරන්ට අසාධාරණයක් සිදුවන බව කියමින් නගරයේ නිත්‍ය ති‍්‍රරෝද රථ රියැදුරන් චෝදනා මුඛයෙන් කතා කළහ.
 
 මෙම තත්ත්වය සමථයකට පත් කිරීම පිණිස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පියවර ගත්තේ ඉකුත් සතිය ඇරඹුමේදීමය. මහනුවර නගරයේ ලියාපදිංචි ති‍්‍රරෝද රථ රියැදුරන්ට සිදුවන අසාධාරණය සහ මහජනතාවට සිදුවන අසාධාරණය වළක්වාලීමට නිශ්චිත නීතිමාලාවක් සකස් කිරීමට යෝජනා කෙරුණේ මේ නිසාය. ඒ අනුව, මහනුවර නගරයේ ධාවනය කෙරෙන ති‍්‍රරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ප‍්‍රධාන කරුණු පහකට යටත්ව සිදු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ තීරණය කළේය.
 
 අදාළ කරුණු පහ යටතට ස්ථිර වශයෙන් ති‍්‍රරෝද රථ නැවතුම්පළවල් නම් කිරීම සහ වෙන්කිරීම, මහනුවර නගර සභාවේ ලියාපදිංචි සියලූ ති‍්‍රරෝද රථ රියැදුරන්ට කළු කලිසමක් හා සුදු කමිසයක් ලෙස නිල ඇඳුමක් නියම කිරීම ද, මහජනතාවගෙන් අසාධාරණ ලෙස අධික ගාස්තු අයකිරීම නතර කොට සාධාරණ මුදලක් අයකිරීමට තීරණය කිරීම, ති‍්‍රරෝද රථවල මගීන් දෙසට සවිකොට ඇති කණ්ණාඩි ඉවත් කිරීම, අනවශ්‍ය ශබ්දයකින් වාදනය කරන ගීත, රූප, ප‍්‍රදර්ශනය නතර කිරීම සහ මහනුවර නගර සභාවට අයවීමට ඇති හි`ග මුදල් මාස තුනක් ඇතුළත අයකර ගැනීම ආදිය ඇතුළත්ව ඇත.
 
 මෙම වැඩපිළිවෙළ ඉදිරි මාස තුනක කාලය ඇතුළත කි‍්‍රයාත්මක කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති රැුස්වීමකදී තීරණය විය. මේ රැුස්වීම සඳහා මහනුවර වෘත්තීය ති‍්‍රරෝද රථ රියැදුරන්ගේ මහා වෘත්තීය
 
 සංගමයේ අනුශාසක හෙට්ටිමුල්ලේ සාරානන්ද හිමි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහනුවර නගරාධිපති කේසර සේනානායක, නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන්, විපක්ෂ නායක සේන දිසානායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න, මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන අය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ති‍්‍රරෝද රථ සංගම් නියෝජිතවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
 
 කොට කලිසම් වැනි නොගැලපෙන ඇඳුම් ඇද ති‍්‍රරෝද රථ ධාවනය කිරීම වැලැක්වීමටත් කරාබු දැමීම, නොගැලපෙන කොණ්ඩා මෝස්තර කිරීම නතර කිරීමටත් මෙහිදී මහනුවර වෘත්තීය ති‍්‍රරෝද රථ රියැදුරන්ගේ මහා වෘත්තීය සංගමය එකඟතාව පළ කළේය. මහනුවර නගරයේ ති‍්‍රරෝද රථගාල් විධිමත් ලෙස සලකුණු කරන ලෙස මෙහිදී ආණ්ඩුකාරවරයා නගර සභා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
 මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී කි‍්‍රයාවන් වලට ති‍්‍රරෝද රථ රියැදුරන්ගේ සම්බන්ධයක් තිබෙන බවට චෝදනා තිබෙන බවත් එවැනි පුද්ගලයින් හඳුනා ගෙන නීතිය කි‍්‍රයාත්මක කරන අංශවලට සහයවීම විනය ගරුක ති‍්‍රරෝද රථ රියැදුරන්ගේ වගකීම බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය. ති‍්‍රරෝද රථ නියාමන වැඩසටහන විධිමත් ලෙස කි‍්‍රයාත්මක කරන මුළු රටටම මහනුවරින් ආදර්ශයක් ලබා දීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරවරයා කියා සිටියේය. මේ කතාවේ අරුත තවත් මාස කිහිපයකින් විමසා බලන්නට අපට සිදුවනු ඇත.
 
 ජපාන තානාපති සමග කතාව සීමා වූ හැටි
 
 ශී‍්‍ර ලංකාවේ ජපාන තනාපති අකිරා සුගියාමා :්ණෂඍ් ීඹඨෂශ්ඵ්* මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ හමු වූයේය. මෙහිදී දෙරටටම වැදගත් වන කරුණු රැුසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත් අතර, ජපානය විසින් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ආධාර පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කළ සුගියාමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නව රජය ගෙන යන වැඩ පිළිවෙළ ද අගය කළේය. මෙම සුහද හමුව අවසානයේදී දෙරටට මිත‍්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. සියල්ල අවසානයේ දී නුවර මාධ්‍ය සගයින් ජපන් තානාපතිවරයා වට කොට කතා කරන්නට පටන් ගත්තේ ජපානයත් ලංකාවත් අතර මිත‍්‍රත්වය මත ඉදිරියට සිදුවන කාර්යය කුමක්ද යන්නය. ආණ්ඩුකාරවරයාගේ පූර්ණ අනුමැතිය හා සහාය මත මේ සාකච්ඡුාව ඇරඹිණිි.
 
 නමුත්, ඒ අතර ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් ඊට දරුණු ලෙස බාධා කළේය. ඒ ඇයිද යන්න ප‍්‍රශ්න කිරීමේදී බහින් බස් වීමක් සිදුවන්නට ගිය නමුත් මාධ්‍ය සගයින් ”අපි කතා කරන්නේ රටටත් ජනතාවටත් කුමක් හෝ සේවයක් සිදුවන්නේද යන්න පිළිබඳවයි... එසේ නොමැතිව ජපාන තානාපතිවරයා අපහසුතාවයට පත් කරන්නට නෙවෙයි...” කියා යන්නට ගියේය. ජපන් තානාපතිවරයාගෙන් කරුණු විමසා සිටීමට මාධ්‍යකරුවන්ට හැකියාව ඇති බව නොදත්, කඬේ යන නිලධාරීන් තම තමන්ගේ බලය පෙන්වන්නේ වුවමනා නැති තැන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
 
 යුද හමුදාපති වෙනුවෙන් අනුනාහිමියෝ
 
 ත‍්‍රස්තවාදය හේතුවෙන් පනස්දහසකට අධික ප‍්‍රමාණයකගේ දිවි අහිමි වී තිබුණත් ඔවුන් පිළිබඳව නොසලකන එක්සත් ජනපදය ඩයස්පෝරාවට අවශ්‍ය අයුරින් හැසිරෙමින් සිටින බව දැකිය හැකි යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසා සිටියහ. ශී‍්‍ර ලංකාවේ යුද හමුදාපතිවරයාට ඇමරිකාවේ සංචාරක තහනමක් පනවමින් ඇමෙරිකාව ගත් තීරණයට එරෙහි වීමට සියලූ ශී‍්‍ර ලාංකිකයන් එක්විය යුතුයැයි ප‍්‍රකාශයක් කරමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මේ බව සඳහන් කළහ.
 
 ආසියාවේ පමණක් නොව බටහිර රටවල් සමඟ පවා මිත‍්‍රශීලී රටක් වශයෙන් කටයුතු කරන ශී‍්‍ර ලංකාවට එරෙහි වීමට ඇමරිකාව කටයුතු කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය අනුව විය යුතු යැයි කී අනුනායක හිමියෝ තවදුරටත් මෙසේ ප‍්‍රකාශ කළහ.
 
 විවිධ පාර්ශවයන් වල අදහස් සැලකිල්ලට ගනිමින් අමෙරිකාව ශී‍්‍ර ලංකාවට විවිධ තහංචි පැනවීම සුදුසු කාරණයක් නොවෙයි. ඔවුන් ඩයස්පෝරාවේ ප‍්‍රකාශ පමණක් සැලකිල්ලට ගෙන ඇතැයි දැකිය හැකියි. යුද හමුදාපතිවරයාට පමණක් නොව ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ තවත් පුද්ගලයන්ට මෙවැනි තහංචි පැනවීම සිදුවිය හැකියි. ඒ නිසා දේශපාලන, ජාති සහ ආගම් භේදයෙන් තොරව ඇමෙරිකාව ගත් තීරණයට එරෙහි විය යුතුයැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ් වැඩිදුරටත් සඳහන් කළහ.
 
 මධ්‍යම පළාත් ගුරු හි`ගය තදටම
 
 ”මධ්‍යම පළාතේ පාසල්වලට ගුරුවරුන් 32000 ක් අවශ්‍යයි. නමුත් අපට සිටින්නේ ගුරුවරුන් 27000 යි. ගුරුවරු 5000 ක හි`ගයක් අප පළාතේ තිබෙනවා. විශේෂයෙන්ම විල්ගමුව, වලපනේ වැනි දුෂ්කර අධ්‍යාපන කලාපවල පාසල්වල ගුරු හි`ගයක් පවතිනවා. නගරබද ප‍්‍රදේශවල එකම පාසලේ වැඩි කාලයක් සේවය කරන ගුරුවරුන් අනෙකුත් ප‍්‍රදේශවලට ස්ථාන මාරුකර පළාතේ ගුරු තුලනයක් ඇති කළ යුතුයි. මෙය කඩිනමින් කළ යුතු වනවා. පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් තොරතුරු ලබාගෙන මේ සඳහා පියවර ගන්නවා.
 
 මධ්‍යම පළාත කී‍්‍රඩා අතින් ඉහළ ස්ථානයක පසුවනවා. සේවා අධ්‍යාපනය අතින්ද ඉහළ ස්ථානයක පසුවිය යුතුයි. මේ සඳහා නිලධාරීන් විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන්ද කැපවිය යුතුයි. දැනට ඔවුන් කරන කැපකිරීම මා ඉතාමත් අගය කරනවා...” යනුවෙන් කියා සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයායි.
 
 මේ කතාව කී පළමු ආණ්ඩුකාරවරයා මොහු නොවේය. මෛතී‍්‍ර ගුණරත්න, රජිත තෙන්නකෝන් ඇතුළු ආණ්ඩුකාරවරු මධ්‍යම පළාත් ගුරු හි`ගය නැති කිරීමටත් මධ්‍යම පළාත් අධ්‍යාපනය ඉහළ දැමීමටත් මහා කතා ගොඩක් කී බව අපට මතකය. නමුත් අධ්‍යාපනය නම් කවුරුන් හෝ තදින් අල්ලා සිටින බවත් නොපෙනෙන බලවේගයක් කි‍්‍රයාත්මක වන බවත් දැන් දැන් කාටත් තේරෙන්නේය.
 
 සමන්තී වීරසේකර
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles