Divaina - අපනයන ප‍්‍රවර්ධනය ජාතික ප‍්‍රමුඛතාවක් කළ යුතුයි- ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප‍්‍රභාෂ් සුබසිංහ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

fea8 1 මම කියන්නේ රජය අපනයන ජාතික ප‍්‍රමුඛතාවක් බවට පත් කරලා අපනයනකරුවන්ගේ ප‍්‍රශ්න විසඳන්න වැඩි අවධානයක් යොමු කරන්න ඕන. රජයේ අනිත් සියලූ රේඛීය ආයතන ඒකට උදව් කරන්න ඕන. මම අපනයන ප‍්‍රවර්ධනයට ජාතික ප‍්‍රමුඛතාවක් දීමෙන් අදහස් කරන්නේ ඒකයි. ඒක කළොත්, අපේ දැනට සිටින අපනයනකරුවන්ට තියෙන බාධා විසඳුවොත් ඉබේම, ලේසියෙන්ම අපේ දැන් තියෙන අපනයන අගය  වැඩි කර ගන්න පුළුවන්.
 
 අපනයන ප‍්‍රවර්ධනය ජාතික ප‍්‍රමුඛතාවක් කරගත යුතු බව ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටින ප‍්‍රභාෂ් සුබසිංහ මහතා පවසයි. පහතින් සටහන් වන්නේ ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප ඇසූ ප‍්‍රශ්නවලට ප‍්‍රභාෂ් සුබසිංහ මහතා ලබා දුන් පිළිතුරුයි.
 
 ප‍්‍රශ්නය - ඔබ හඳුනාගෙන තිබෙන විදියට ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යභාරය කුමක්ද ?
 
 පිළිතුර - ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රවර්ධනය කිරීම, අපනයන වෙළෙඳාමට පහසුකම් සැලසීම, අපනයනකරුවන් මුහුණ දෙන ගැටලූ විසඳා ගැනීමට සහය දීම සහ එසේම අපේ අපනයන සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීම වැනි කාර්යයන් ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලිකම කාර්යයන් ලෙස හඳුන්වන්න පුළුවන්.
 
 ශ‍්‍රී ලංකාවේ දශක කිහිපයක සිටම පැරණි අපනයන භාණ්ඩ ව්‍යුහයක් තියෙන්නේ. අපි පොඩි කාලේ ඉඳන් තේ, පොල්, රබර් තමයි අපනයනය කරන්නේ. 1980 ගණන්වල අපි ඇඟලූම් කර්මාන්තය පටන් ගත්තා. තවමත් අපි අපනයනය කරන්නේ ඒවා. මගේ දැක්ම තමයි අපට තවම එතරම් පැරණි අපනයන භාණ්ඩ ව්‍යුහයක මෙතරම් කල් රැුඳිලා ඉන්න බැහැ. ඒ අපනයන තියෙද්දී දැන් අප කල්පනා කරන්න ඕන අපි අලූතින් අපනයනය කරන්න ඕන මොනවද කියල. දැන් 1980 ගණන්වල ඇඟලූම් කම්හල් පටන් ගත්ත නිසා මෙතරම් ඇඟලූම් කම්හල් ප‍්‍රමාණයක් තවමත් තියෙන්නේ. මේ නිසා ඇඟලූම් අපේ විශාලතම අපනයනය බවට පත් වුණා. ඒ වගේ අපි දැන් කල්පනා කරන්න ඕන අපගේ අනාගත අපනයන මොනවා විය හැකි ද කියල. ඒකට දැන් වසර දෙකකට පෙර 2018 දී ජාතික අපනයන උපායමාර්ගය කියල ක‍්‍රමයක් දියත් කළා. එමගින් අංශ හයක් හඳුනා ගත්ත මේවා තමයි අනාගතය සඳහා ප‍්‍රධාන අපනයන ක්ෂේත‍්‍රයන් වශයෙන්. වර්තමාන රජයත් ඒ ජාතික අපනයන උපායමාර්ගය පිළිගත්තා. නව රජයටත් එය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මම කියන්නේ එකත් ඒවගේම අපට නව අපනයන කිරීමට හැකි තවත් අංශ හඳුනා ගන්න පුළුවන් නම් ඒවා අපි ඉදිරියට හදා ගන්න ඕන. ඒක තමයි මෙහිදී මගේ දැක්ම වෙන්නේ. අපි ඓතිහාසිකව කරල තියෙන දේවල් වලින් මම හිතන්නේ නැහැ අපට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියල. අපේ මූලික ප‍්‍රශ්නය අපේ අපනයන මදි. ගිය වසරේ (2018* අපේ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16.2 යි. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම සියයට 22 ක් වගේ අගයක තියෙන්නේ. අපි වියට්නාමය වගේ රටක් ගත්තොත් මීට වඩා විශාල අපනයන අගයක් තියෙන්නේ. එහි අපනයන අගය ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් පමණ වෙනවා.
 
fea8 2 ඒවගේම ඉන්දියාව තායිලන්තය සහ මැලේසියාව වගේ රටවල් ගතහොත් ඒ රටවල. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම බලන්න. සිංගප්පූරුව ගත්තොත් එම අගය සියයට 200 ක් විතර වෙනවා. වියට්නාමය සියයට 100 විතර වෙනවා. තායිලන්තය සියයට 65ක් විතර වෙනවා. මේ නිසා අපි සියයට 22ක අපනයන ප‍්‍රතිශතයක් තියාගෙන සිටීම හොඳටම මදි. අපි අවම වශයෙන් බලන්න ඕන සියයට 30කට කොහොමද යන්නේ කියල.
 
 ප‍්‍රශ්නය - ඒ පරිවර්තනය කොහොමද කරන්නේ ?
 
 පිළිතුර - ඔව්, දැන් අපි බැලූවොත් පසුගිය වසර 20ක, 25ක කාලයේ මැලේසියාවේ අපනයන කොහොමද වෙනස් වෙලා තියෙන්නේ, කොහොමද තායිලන්තේ අපනයන වෙනස් වුණේ, වියට්නාමයේ අපනයන වෙනස් වුණේ, සිංගප්පූරුවේ අපනයන වෙනස් වුණේ කොහොමද කියල බැලූවොත් ඒ අය මූලික වශයෙන් අපනයනය කරන භාණ්ඩ ලැයිස්තුව වෙනස් කරගෙන තියෙනවා. ලංකාවේ ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ අපි තාම අඩු මිල ශ‍්‍රමය කියන මූලධර්මය භාවිත කරගෙන හුඟක් ශ‍්‍රමය වැයවන අපනයන තමයි කරන්නේ. අපි ඒ අගයදාමයෙන් උඩට යන්න ඕන. එවිට මිනිස්සුන්ට, අපනයනකරුවන්ට වැඩියෙන් මුදල් උපයන්න පුළුවන්.
 
 තේ පොල් රබර් අවශ්‍ය බවට සැකයක් නැහැ. මම කියන්නේ නැහැ ඒවා වැරදියි කියලා. ඒ සම්ප‍්‍රදායික අපනයන තියෙද්දි අපි අලූත් අපනයන භාණ්ඩ මල්ලක් නිර්මාණය කරගන්න ඕන. ඒවා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙන්න පුළුවන්, බෙහෙත් ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේවා අපේක්ෂිත අපනයන ක්ෂේත‍්‍රයන්. අපි අලූත් වෙළෙඳපොළ හොයා ගන්න ගොඩක් උත්සාහ කරනවා. අපි දැනට වෙළඳාම් කරන මූලිකම අපනයන වෙළෙඳපොළ දෙක තමයි ඇමරිකාව සහ යුරෝපය.
 
 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ භාණ්ඩ සහ වෙළෙඳපොල විවිධාංගීකරණය කළ යුතු බවද ?
 
 පිළිතුර - ඔව්. මෙහිදී වෙළෙඳපොළ  විවිධාංගීකරණයේදී අපට ප‍්‍රශ්න වගයක් තියෙනවා
 
 විසඳගන්න. භාණ්ඩ විවිධාංගීකරණය අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක වෙන්නම ඕන. අපි දැන් කල්පනා කරන්න ඕන ඉදිරියට අපේ අලූත් අපනයන භාණ්ඩ මොනවද කියල. අපේ දැනට තියෙන අපනයනත් ඒ සමගම වැඩි කරගන්න පුළුවන්. ඒවගේම අපි අගයදාමයෙන් වැඩියෙන් ඉහළට යන්න ඕන. ලංකාව පුංචි රටක්. අපට සම්පත් මදි. එහෙනම් අපට අපේ කුසලතා භාවිත කරන්න පුළුවන්. එවිට අපට ඉහළ කුසලතා මට්ටමකට යන්න පුළුවන්.
 
 මීළඟට අපි වැඩි වශයෙන් රඳා පැවැත්මක් තියෙන ප‍්‍රධාන වෙළෙඳපොළ තමයි ඇමරිකා සහ යුරෝපා වෙළෙඳපොළ දෙක. ඇමරිකාව අපේ තනි විශාලතම වෙළෙඳපොළයි. ඒවගේම අපේ දෙවෙනි විශාලතම වෙළෙඳපොළ යුරෝපයයි. මම කියන්නේ අපේ අපනයන වෙළෙඳපොළ ආසියාවට විවිධාංගීකරණය කරන්න ඕන. ඒ සඳහා අපට නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්‍යවශ්‍යයයි. ආසියානු රටවල තිබෙන බදු ගතහොත් අපේ රටවල භාණ්ඩ එම ආසියානු රටවල් සඳහා අපනයනය කිරීමට තරගකාරී මට්ටමක නැහැ. මේ නිසා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතාම වැදගත්. අපි චීනය සමග සාකච්ඡුා කර චීන - ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඇති කර ගන්න ඕන. ඒක ප‍්‍රමුඛතාවක්. එවිට ශ‍්‍රී ලංකාවට පුළුවන් චීනයට කරන අපනයන වැඩි කර ගන්න. දැනට ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තියෙනවා. අපි බලන්න ඕන එහි අපේ ප‍්‍රතිලාභ වැඩි කර ගන්න පුළුවන් කොහොමද කියලා.
 
 එසේම ආසියාන් කියල ගිවිසුමක් තියෙනවා. බොහෝ ආසියානු රටවල් මේ ආසියානු ගිවිසුමට ඇතුළත් වෙලා ඉන්නේ. එම ගිවිසුමට ඇතුළත් වෙලා ඉන්න රටවල්වලට පුළුවන් ඒ රටවල් අතර තීරු බදු රහිතව වෙළෙඳාම් කරන්න. අපි ඒ ගිවිසුම නැතුව තායිලන්තය, මැලේසියාව වගේ රටවලට වෙනම අපනයන කරන්න ගියොත් අපට ලොකු බදුවලට මුහුණ දෙන්න වෙනවා. මේ නිසා අපේ අපනයන ඒ රටවලට තරගකාරී නැහැ. මේ නිසා චීන, පකිස්තාන් සහ ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අමතරව අපි දැන් කල්පනා කරන්න ඕන අපි කොහොමද ආසියාන් ගිවිසුමට යන්නේ කියලා. ඊළඟට අපි තවත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වෙන්න බලන්න ඕන. මෙහෙම අලූත් රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් නොවුණොත් අපට අලූත් අපනයන වෙළෙඳපොළ වැඩි කර ගන්න බැහැ. ආසියානු කලාපයෙන් පිටට අපනයන වෙළෙඳාම හුඟක්ම වැඩි වෙලා තියෙන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසයි. මේ නිසා අපනයන ආදායම් වැඩි කරගන්න අවශ්‍යම ක‍්‍රමවේදයක් තමයි මේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම. මේ නිසා අපනයන ප‍්‍රවර්ධන කිරීම සඳහා රජය ඊට ප‍්‍රමුඛතාවක් ලබා දෙන්න ඕන.
 
 ප‍්‍රශ්නය - ඉන්දු-ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් තීරු බදු අඩු වුණත් තීරු බදු නොවන බාධක අපේ අපනයන වෙළෙඳාම ප‍්‍රවර්ධනයට අහිතකර තත්වයක් උදා කර තිබෙනවා නේද ?
 
 පිළිතුර - ඒක ඇත්ත. ඒවා සාකච්ඡුා කර විසඳ ගන්න ඕන. ශ‍්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය එකතු වෙලා අවංක උත්සාහයක් දරන්න ඕන ඒ ප‍්‍රශ්න විසඳා ගැනීමට. ඉන්දියාව අපේ ආසන්නතම අසල්වැසියා. ඉන්දියාව එක්ක බැලූවම අපි ඉතා කුඩා රටක්. මේ නිසා ඔවුන්ට අප කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන අපේ භාණ්ඩ ඉන්දියානු වෙළෙඳපොළට පහසුවෙන් අපනයනය කිරීමට. ඒවා වෙන්න ඕන දේවල්. මේ දේවල් ඉටු කර ගැනීම සඳහා අපේ රජය රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් යම් මැදිහත් වීමක් කරන්න ඕන.
 
 ප‍්‍රශ්නය - මේ පසුබිම තුළ අපේ අපනයන වෙළෙඳාම වර්ධනය කර ගන්න ඉදිරියේදී කිරීමට අවධානය යොමු කර තිබෙන්නේ මොනවාද ?
 
 ප‍්‍රශ්නය - මූලික දෙයක් තමයි අපේ දැනට ඉන්න අපනයනකරුවන්ට හුඟාක් ප‍්‍රශ්න තියෙනවා. නොයෙකුත් හේතු නිසා ඒ ප‍්‍රශ්න විසඳලා නැහැ හුඟ කාලෙකින්. අපේ රටේ අපනයන කියන එක ජාතික ප‍්‍රමුඛතාවක් කරන්න ඕන. ඒක මූලිකම දෙයක්. ඊට අමතරව රාජ්‍ය ආයතන උදව් කරන්න ඕන අපනයන සංවර්ධන මණ්ඩලයට අපනයනකරුවන්ගේ ප‍්‍රශ්න විසඳා ගන්න. දැන් ආයෝජන මණ්ඩලයේ ආයෝජකයන්ට ධබැ ිඑදච ියදච තියෙනවා වගේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේත් දබැ ිඑදච ියදච එකක් ඇති කර ගන්න ඕන අපනයනකරුවන්ගේ සියලූ ප‍්‍රශ්න එකම තැනකින් විසඳා ගන්න. අපි ඒක කරන්න ලෑස්තියි.
 
 ප‍්‍රශ්නය - අපනයනකරුවන්ගේ ප‍්‍රශ්න විසඳන්න අපනයනකරුවන්ගේ සමුළු තියෙනවා නේද ?
 
 පිළිතුර - ඔව්, ඒවා තියෙනවා. අපි ඒක ඉදිරියට ගෙනියනවා. ඒක අපි ලෑස්තියි කරන්න. ඊට අමතරව මම කියන්නේ හැම ප‍්‍රශ්නයම එකට දාන්න බෑනෙ. ලංකාවේ වෙළෙඳ ආයතන 46 ක් තියෙනවා. කොහොමද ආයතන 46 ක් එක්ක වැඩ කරන්නේ. අමාරුයි වැඩ කරන්න. වෙළඳාමට අදාළ ආයතන වැඩියි. මම කියන්නේ රජය අපනයන ජාතික ප‍්‍රමුඛතාවක් බවට පත් කරලා අපනයනකරුවන්ගේ ප‍්‍රශ්න විසඳන්න වැඩි අවධානයක් යොමු කරන්න ඕන. රජයේ අනිත් සියලූ රේඛීය ආයතන ඒකට උදව් කරන්න ඕන. මම අපනයන ප‍්‍රවර්ධනයට ජාතික ප‍්‍රමුඛතාවක් දීමෙන් අදහස් කරන්නේ ඒකයි. ඒක කළොත්, අපේ දැනට සිටින අපනයනකරුවන්ට තියෙන බාධා විසඳුවොත් ඉබේම, ලේසියෙන්ම අපේ දැන් තියෙන අපනයන අගය වැඩි කර ගන්න පුළුවන්. මම හිතන්නේ දැනට ඉන්න අපනයනකරුවන්ගේ ප‍්‍රශ්න විසඳීමෙන් පමණක් අපට ඇමරිකානු ඩොලර් බිලියනයක වගේ අපනයන ආදායමක් වැඩි කර ගන්න පුළුවන්. අපි ඒ ප‍්‍රශ්න බලන්න ඕන සාධාරණ ද අසාධාරණ ද කියල. ඒවා සාධාරණ නම් අපේ යුතුකම වන්නේ අපි නායකත්වය අරන් අනෙකුත් රජයේ ආයතනත් උදව් කරන්න ඕන ඒක කරන්න. ඒක කරන්න නම් අපනයන ප‍්‍රවර්ධනය ජාතික ප‍්‍රමුඛතාවක් වෙන්නම ඕන. මම හුගක් අපනයන ගැන කතා කරන්නේ ආණ්ඩුවක් ලෙස මගේ වගකීම තමයි අපනයන වැඩි කිරීම. ජනාධිපතිතුමා මාව පත් කරලා තියෙන්නේ. මම පුද්ගලික අංශයෙන් ඇවිත් තියෙන්නේ මෙතන වැඩක් කරන්නනේ. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව පරිපාලකයෙක් හැටියට මිනිස්සුන්ට ප‍්‍රතිඵල දෙන්න ඕන කියන එක. රාජ්‍ය ආයතනවල ඵලදායිතාව වැඩි කරන්න ඕන කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕන එසේම ප‍්‍රතිඵලදායි වෙන්න ඕන. අපි දන්නවා පුද්ගලික අංශයේ වැඩ කරන විධිය. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ අපේ පසුබිම, අත්දැකීම් සහ මානසිකත්වය අරන් රාජ්‍ය ආයතනත් කාර්යක්ෂම තත්වයට පත් කර ගැනීමටයි. ඉලක්ක ඉතා ඉහළ මට්ටමක ඒවා. 2020 වසරේ අපගේ ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 18.5 ක අපනයන ආදායමක්. ගිය වසරේ (2019* ඇමරිකානු ඩොලර් බිලියන 16.2 සිට ඇමරිකානු ඩොලර් බිලියන 18.5 දක්වා යනවා කියන්නේ ලොකු ඉලක්කයක්. ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒකයි මම හුඟක් වෙලා අරන් අපනයන ගැන ගොඩක් කතා කරන්නේ. මිනිස්සුන්ට තේරෙන්න ඕන අපනයනවල වටිනාකම මොකක්ද කියල. අපේ රටේ මූලික වශයෙන් විදේශ විනිමය ප‍්‍රශ්නයක් තියෙනවා. අපේ ආනයන සහ අපනයන බැලූවම අපේ ආනයන වැඩියි අපනයනවලට වඩා.
 
 ප‍්‍රශ්නය - අපනයන වගේ දෙගුණයක් ආනයන වියදම් ?
 
 පිළිතුර - ඔව්. ඒක හොඳ තත්වයක් නෙවෙයි. අඩු තරමේ ඒක සමාන තත්වයට අපි ගෙන්න ඕන. ඒකට අපි අපනයන වැඩි කර ගන්න ඕන නේ. අපට ආනයන නවත්තන්න බැහැනේ. අපනයනවල වැදගත්කම ගැන මම මෙතරම් කතා කරන්නේ ඒකයි. ආණ්ඩුව වශයෙන් අපි තව මොනවද කරන්න ඕන දේවල් කියල බලන්න ඕන. අපනයනකරුවන්ට අලූත් අදහස් දෙන්න ඕන. අලූතින් මේවා තමයි නිෂ්පාදනය කරන්න ඕන අපනයන කියල. මේවා තමයි අපේ අලූත් අපනයන වෙළෙඳපොළ (රටවල්* කියල දැනුවත් කරන්න ඕන. මේක ගොඩක් අමාරු කාර්යයක්. එහෙත් අපි යම්කිසි ක‍්‍රමවේදයකට
 
 ගියොත් අනිවාර්යෙන්ම අපිට වසර 40 කින් කර ගන්න බැරි දෙයක් දැන් කරන්න පුළුවන් වෙනවා.

ප‍්‍රශ්නය - අපනයන වගේ දෙගුණයක් ආනයන වියදම් ?
 
 පිළිතුර -ඔව්.ඒක හොඳ තත්වයක් නෙවෙයි. අඩු තරමේ ඒක සමාන තත්වයට අපි ගෙන්න ඕන.ඒකට අපි අපනයන වැඩි කර ගන්න ඕනනේ .අපට ආනයන නවත්තන්න බැහැනේ.අපනයනවල වැදගත්කම ගැන මම මෙතරම් කතා කරන්නේ ඒකයි. ආණ්ඩුව වශයෙන් අපි තව මොනවද කරන්න ඕන දේවල් කියල බලන්න ඕන. අපනයනකරුවන්ට අලූ‍ත් අදහස් දෙන්න ඕන.අලූ‍තින් මේවා තමයි නිෂ්පාදනය කරන්න ඕන අපනයන කියල .මේවා තමයි අපේ අලූ‍ත් අපනයන වෙළෙදපොල (රටවල් * කියල දැනුවත් කරන්න ඕන. මේක ගොඩක් අමාරු කාර්යයක්. එහෙත් අපි යම්කිසි ක‍්‍රමවේදයකට ගියොත් අනිවාර්යෙන්ම අපිට වසර 40 කින් කර ගන්න බැරි දෙයක් දැන් කරන්න පුළුවන් වෙනවා.
 
 සාකච්ජා කළේ - ශ්‍යාම් නුවන් ගනේවත්ත 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles