Divaina - සීනි, තෙල් සහ මේදය පාලනය

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

suwa4 3 ගිලන්ධාරි නොව ගිලන්භාරිය
 
 පසුගිය 10 වැනිදා ‘දිවයින’ වෛද්‍යවරයා පිටුවේ පළවූ ගිලන්ධාරි සින්ඩ්‍රෝමය යන හිසින් ලිපියට අදාළ රෝගයේ නම ගිලන්භාරි සින්ඩ්‍රෝමය යනුවෙන් නිවැරදි විය යුතුය. එය ‘ගිලන්ධාරි’ යනුවෙන් පළවූයේ ප‍්‍රමාද දෝෂයකිනි.
 
 බෝ නොවන රෝග ලෙස සලකන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ නිසා මිය යන සහ විවිධ අතුරු ආබාධවලට ලක්වන පිරිස දිනෙන් දින ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකර ඇති පරීක්‍ෂණ අනුව අනාවරණය වී ඇත.
 
 ශ‍්‍රී ලංකාවේ ද මෙම තත්ත්්වය දිනෙන් දින ඉහළ යන්නට පටන් ගෙන ඇති අතර එහි භයානක බව ඇත්තේ මීට පෙර මෙම රෝගවලට ගොදුරු වීම බහුල දකින්නට ලැබුණේ තරුණ විය ඉක්මවන වයසේx හෙවත් වයස අවුරුදු 40 න් පසුවය.
 
 නමුත් අවාසනාවකට මෙන් වර්තමානයේ අප රටේ පාසල් වියේ පසුවන දරු දැරියන් අතරත් මෙම රෝග බහුල වන්නට පටන්ගෙන ඇත. එනිසා මෙම ද්‍රව්‍ය අඩංගු ප‍්‍රමාණය අනුව ආහාර පාන සඳහා වර්ණ සංකේත ක‍්‍රමයක් හඳුන්වාදීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.
 
 වෛද්‍යතුමනි බෝ නොවන රෝග තරුණ වියේ පමණක් නොව පාසල් වියේ පසුවන දරු දැරියන් අතරත් මතුවීමට බලපා ඇති හේතු මොනවාද?
 
 ඊට ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ අපගේ ආහාර රටාවේ පවතින  විෂමතාවයන්ය. සීනි, තෙල්, ලූණු අධි ආහාරපාන ගැනීමට යොමුවීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත.
 
 සීනි, තෙල් සහ ලූණු, අධික ලෙස ගැනීම අනතුරුදායක බව පෝෂණය පිළබඳ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කර ඇත. මේ පිළිබඳව බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට එක්කර පාසල් වියේ සිට ඔවුනට ඒ පිළිබඳව දැනුමක් ලබාදීමට පියවර ගෙන තිබේ.
 
 බි‍්‍රතාන්‍යයේ එය හඳුන්වනු ලබන්නේ ීධී යන ඉංග‍්‍රීසි අකුරු තුනෙන්ය.
 
 සාමාන්‍යයෙන් බි‍්‍රතාන්‍ය වැසියකු ීධී එකක් යැයි පවසන්නේ අනතුරු අවස්ථාවකය.
 
 එයම ඔවුන් සීනි, තෙල් සහ ලූණු, භාවිතා කළ යුතු ආකාරය දැනුවත් කිරීමට ද යොදා ගෙන ඇත්තේ මෙම ද්‍රව්‍යයන් වැඩිපුර ගත්විට අනතුරුදායක බැවිනි.
 
 ඔවුන් ීධී යන කෙටි නාමය සීනි :ීමටැර* තෙල් :දසක* සහ ලූණු :ී්කඑ* හඳුන්වනු ලබයි.
 
 දිනකට ගත හැකි සීනි තෙල්, සහ ලූණු, ප‍්‍රමාණය
 
 නිරෝගී අයකු දිනකට ගතයුතු සීනි හැඳි ප‍්‍රමාණය තේ හැඳි 02 ක් පමණය. තෙල් තේ හැඳි 02 ක් පමණ සහ ලූණු තේ හැඳි 01 ක් පමණය.
 
 නමුත් කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන අයකු දිනකට ගතයුතු සීනි, තෙල් සහ ලූණු ප‍්‍රමාණය වෛද්‍ය උපදෙස් මත තීරණය වේ.
 
 වෛද්‍යතුමනි මෙම ීධී ප‍්‍රමාණය අධිකව ගතහොත් ඇතිවිය හැකි වෙනත් අතුරු ආබාධ මොනවාද?
 
 අප බොහෝ දෙනා සිතා සිටින්නේ සීනි, තෙල් සහ ලූණු අධිකව ගැනීමෙන් මතුවන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික බව සහ අධික රුධිර පීඩනය පමණක් යැයි කියාය. නමුත් මෙම ද්‍රව්‍ය වැඩිපුර ගැනීමෙන් මානසික ආතතිය :ීඑරුිි* වැඩිවේ. ස්නායු ආබාධ සඳහා හේතුවේ.
 
 වෛද්‍යතුමනි, අප මෙම ද්‍රව්‍ය සහිත ආහාර පාලනය කරගන්නේ කෙසේද?
 
 හැකිතාක් දුරට ක්‍ෂණික ආහාර ලෙස රසකාරක යොදා සැකසූ ආහාර පාන ගැනීම පාලනය කළ යුතුයි.
 
 සීනි, භාවිතයේx සුදු සීනි වෙනුවට රතු සීනි භාවිතා කළ හැකිය. තෙල් භාවිතා කිරීමේදී පොල් තෙල් භාවිතය ගුණදායකයි.
 
 පලතුරු වර්ග ගැනීමේදී ආහාරයට ගත හැකි මට්ටම ඉදුනු පලතුරු භාවිතයට යොමුවිය යුතුයි. වැඩිපුර ඉදුනු පලතුරුවල සීනි අධිකය.
 
 වෙරළු, නාරං, ඇඹරැුල්ල, නෙල්ලි, කාමරංකා වැනි ඇඹුල් රසැති සහ කොළ පැහැති පලතුරු වර්ග භාවිතයට යොමු විය යුතුයි.
 
 දිනකට අවශ්‍ය ජලය ලීටර් 2 1/2 පමණ ප‍්‍රමාණය ගැනීමට යොමුවිය යුතුයි. එවිට ආහාර පාන වැඩිපුර ගැනීම සීමා කරගත හැකියි.

weda2

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles