Divaina - ඇදුම හැදෙන හැටි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

suwa4 2පරම්පරාගතවද දූවිලි සහ රොඩු කුණු වර්ග නාසාමාර්ගයට ඇතුළු වීම ආදී හේතු රාශියක් නිසා වැළඳෙන පූර්ව ජන්මකෘත කුසල අකුසල කර්ම නිසාද වැළඳිය හැකි යැයි සිතිය හැකිය. එසේම සුවය සඳහා දේශගුණයද අවශ්‍ය වන රෝග අතර ඇදුම රෝගයද එකකි. නිතර වැස්ස පවතින එසේම නිතර ශීත වාතය පවතින ස්ථානවල වෙසෙන කුඩා දරුවන්ට සෙම්ගතිය බහුල වශයෙන්ම වැළඳෙන බව පෙනේ. එබඳු අයට විශේෂ ප‍්‍රතිකාරයක් වශයෙන් කළ යුත්තේ වාසස්ථානය උෂ්ණ ප‍්‍රදේශයකට මාරු කිරීමයි. සාමාන්‍යයෙන් කුඩා කාලය සෙම බහුල වන නිසා සෙම මුල්කර වැළඳෙන රෝග ඇතිවීමට පහසුවේ. එසේම කුඩා කාලයේ වැළඳෙන ඇදුම සුව කිරීමද ඉතා පහසුවන අතර වැඩි වියට පත්වන විට ස්වභාව වශයෙන්ම සුවවන අවස්ථා අප දැක තිබේ. ඕනෑම කෙනෙකු බිහිවන්නේද මිය යන්නේද එක් අන්දමක ශ්වාසයක් සම`ගයි.
 
 රෝගියෙකු මිය යන අවස්ථාව දක්වා ගම්බද කාන්තාවන් පවා එම රෝගියා ගැන දුක්වන්නේ අනේ සුවාසේ ටත් හිටලා දැන් ඉතිං ඉවර තමයි යනුවෙන් කියමිනි. කුමන රෝගියෙකු වුවද මිය යන විට පපුවේ සෙම කිපිණු හඬ ගතිය වහා ආශ්වාස ප‍්‍රාශ්වාසය කිරීම ඇතිවේ. අනෙකක් තබා සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මියයන රෝගියාටද අන්තිමට වැළඳෙනුයේ ශ්වාසය ඇදුමයි. ආයුර්වේදයේ ශ්‍රේෂ්ඨතම වූත් ප‍්‍රමුඛවූත් විශාලම වූත් ග‍්‍රන්ථය වූ චරක සංහිතාවේ ඇදුම ගැන මෙසේ සඳහන් වේ. ඒකාන්තයෙන් ප‍්‍රාණය නසන්නා වූ බොහෝ රෝග ඇති නමුත් වහාම ප‍්‍රාණය නසන රෝගයෝ බොහෝ නොවෙති. අන්‍ය වූ වෙන් වෙන් ආකාරය ඇති රෝගයන්ගෙන් පෙළෙන මිනිසා කෙරෙහිද අවසාන මොහොතෙහි ශ්වාසය ඇතිවේ. වා සෙම් ආත්ම කොට මෙය හෘදය පිළිබඳ රසාදී ධාතූන් වියලවන නිසා සුව කිරීමට ඉතාම දුෂ්කර වේ. පහරලත් කිපෙන විෂඝෝර සර්පයෙකු මෙන් වහා කෝපයට පැමිණ රෝගියා නසයි. සුශ‍්‍රැත සංහිතාවයේ ඇදුම ගැන පවසන්නේ බොහෝ තද සුළං හා බැඳුණු බොහෝ දරින් යුක්ත ගින්නක් සක‍්‍රයා අතින් ගිලිහුණු විදුර වියසත් වළක්වාලන්නට ඉතා දුෂ්කර වන්නා සේ ඇදුම රෝගයද වැළැක්වීමද ඉතා දුෂ්කර යනුවෙනි.
 
 එසේම බෝවන රෝගයක් නොවන එහෙත් පරම්පරාවෙන් පරම්පරාවට වැළඳිය හැකි ඇතැම් විටෙක දෝෂ කෝපයෙන් වැළඳෙන ඇතැම් විටක හදිසියේ පැන නගින ඇතැම් විට සඳ මෝරන විට බල පවත්වන ඇදුම රෝගය ශරීරයේ බලය වර්ණය උදාර බව ප්‍රෞඪභාවය නසන දීන බව ඇති කරවන පුදුම අන්දමේ රෝගයකි. මෙය ඇතැමෙකුට ශීත වාත ස්පර්ශයෙන් හෝ පිනිබෑමෙන් පැන නැගෙයි. ඇතමෙකුට එසේ සිදු නොවේ. පරපුරෙන් පරපුරට නොවැළඳී පරපුරක් හැර පරපුරකට වැළඳෙන අවස්ථාද තිබේ. සෘතු බේදයක් වයස් භේදයක් ස්ත‍්‍රී පුරුෂ බේදයක් නැතුව වැළඳිය හැකි ඇදුම රෝගය වැළඳුණු කෙනෙකු ධනයෙන් බලයෙන් පිරිහීමට පත් නොවෙනුයේ කලාතුරකිනි. ධනයත් ශරීරයත් දෙකම වනසන්නට සමත් ඇදුම සඳහාම පමණක් වෙදකම්කරන්නෝද දිවයිනේ සිටිති. අසනීපය වැළඳී සුවය ලබන්නෝද සිටිති. එහෙත් එම සුවය ලැබීමට අසවල් බෙහෙත උපයෝගී වී යැයි නිගමනය කිරීමටද බෙහෙතක් ඇති බවද නොපෙනේ. ඇදුම රෝගයෙන් කුඩා කාලයේ සිට පෙළෙමින් කෘෂ වූ තරුණියක්
 
 පසුගියදා හමුවිය. එම තරුණිය සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටිති. ඇයගෙන් මෙම රෝගය සුව වූයේ කෙසේදැයි විමසුවෙමි. ඇය කියා සිටියේ ඇයගේ පදිංචිය වෙනස් වූ බවයි. එනම් ඇය කිසියම් වරදකට සිර දඬුවමක් ලැබූ බවයි. සිරභාරයේ මාස කිහිපයක් ගත කරන විට ඇය නොදැනුවත්වම සුවය ලැබූ බව ප‍්‍රකාශ කළේය. මෙයින් අපට අවබෝධ වන්නේ වාසස්ථාන මාරුවීම නිසා දේශගුණය වෙනස් වීමෙන් සහ ඇයගේ මානසික අවස්ථා වෙනස්වීමෙන් රෝගය සුවවූ බවයි.

suwa4 4

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles