Divaina - ලංකාවේ පිළිකා මරණ හා රෝගීන් වැඩි වේ - පිළිකාවන් ගෙන් තුනෙන් එකක් වළක්වාගත හැකියි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

suwa3 1පිළිකාවන්ට ගොදුරුවන පිරිමින්ගෙන් බහුතරය මුඛ පිළිකාවට ද කාන්තාවන්ගෙන් බහුතරය පියයුරු පිළිකාවට ද ගොදුරු වන බව හෙළි වී තිබේ. මෙරට සිදු වන පිළිකා මරණවලින් තුනෙන් එකකට ම හේතු වනුයේ තරබාරු බව, එළවළු හා පලතුරු අඩුවෙන් පරිභෝජනය කිරීම, කායික ව්‍යායාමය මදකම , මත්පැන් භාවිතය හා දුම්පානය යන සාධක පහ බව හෙළි වී තිබෙනවා
 
 මිනිසාට වැළදෙන බෝ නොවන රෝග අතුරින් දරුණුතම හා පීඩාකාරී රෝග තත්ත්වයක් සේ සැලකෙන පිළිකාවන්ගෙන් තුනෙන් එකක්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් හරහා වළක්වාගත හැකි බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු ප‍්‍රකාශ කර සිටිති. මේ වනවිට ලොව පුරා මරණයට හේතු වන දෙවැනි ප‍්‍රධානතම සාධකය සේ සැලකෙන පිළිකාවන් සෑදුණු පසු සුව කර ගැනීමට වඩා සෑදීමට පෙර වළක්වා ගැනීම පහසු වීම නිසා සමාජයේ සෑම දෙනා උනන්දු විය යුත්තේ තම වැරදි ආහාර රටාවන් ඇතුළු ජීවන චර්යාවන් නිවැරදි කර ගෙන සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට හැඩ ගැසීමයි. ශ‍්‍රී ලංකාවේ ද මරණවලට හේතුවන දෙවැනි ප‍්‍රධානතම සාධකය පිළිකාවන්ය.
 
 ශ‍්‍රී ලංකාවෙන් දිනකට අලූතින් පිළිකාවන්ට ගොදුරු වූවන් 64 දෙනකු පමණ හඳුනාගන්නා අතර පිළිකා මරණ 38ක් සිදු වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ පෙරේරා මහතා පවසයි. මේ අනුව අලූත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව ශ‍්‍රී ලංකාවෙන් වසරකට දළ වශයෙන් පිළිකාවන්ට ගොදුරු වූවන් 23,530 දෙනකු හා පිළිකා මරණ 14,013 දෙනකු පමණ වාර්තා වන බව වෛද්‍ය පෙරේරා මහතා කීවේය.
 
suwa3 2 පිළිකාවන්ට ගොදුරුවන පිරිමින්ගෙන් බහුතරය මුඛ පිළිකාවට ද කාන්තාවන්ගෙන් බහුතරය පියයුරු පිළිකාවට ද ගොදුරු වන බව හෙළි වී තිබේ. මෙරට සිදු වන පිළිකා මරණවලින් තුනෙන් එකකට ම හේතු වනුයේ තරබාරු බව, එළවළු හා පලතුරු අඩුවෙන් පරිභෝජනය කිරීම, කායික ව්‍යායාමය මදකම , මත්පැන් භාවිතය හා දුම්පානය යන සාධක පහ බව හෙළි වී තිබෙනවා යැයි හෙතෙම සඳහන් කළේය.
 
 ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය කියා සිටිනුයේ පිළිකාවන්ට හේතු වන තරබාරු බව ඇති වීමට බලපානු ලබන සීනි, ලූණු හා ට‍්‍රාන්ස් මේදය භාවිතය සීමා කිරීමට පියවර ගැනීම පිළිකාවන් ඇති වීම වැළක්වීමේදී වැදගත් වන බවයි. නීති විරෝධී වුවද පොලිතීන් පිළිස්සීම බහුලව සිදු වන නිසා එය මෙරට වායු ¥ෂණය ඉහළ යෑමට හේතු වී ඇති බව ද වෛද්‍ය අල්විස් කීවාය. මෙරට වායු ¥ෂණය පවා ඉදිරියේදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීම කෙරෙහි බලපෑ හැකිය.ිතවමත් අප රටේ ඇතැම් ප‍්‍රදේශවල නිවෙස් ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කරනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භාවිතයෙන් ඉවත් කරන ලෙස නියම කර ඇති වියළි දරයි. දර පත්තු කිරීමෙන් පිටවන ¥ෂිත වායූන් ආශ්වාස කිරීමෙන් පිළිකා සෑදීමේ ඉහළ අවදානමක් පවතිනවා. විකල්ප බලශක්ති මාධ්‍යයක් ලැබෙන තෙක් හෝ දර භාවිත කරන්නේනම් මුළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත කර තැබීමෙන් විෂ වායු ආශ්වාස වීම යම්තාක් දුරට සීමා කළ හැකිය. වෛද්‍ය අල්විස් සඳහන් කළාය. ඇතැම් පිළිකාවන් එන්නත් ලබා ගැනීමෙන් වළක්වාගත හැකි වීම නිසා එන්නත් නිසි කලට ලබා ගැනීම පවුලේ අයකුට පිළිකාවක් වැළදී ඇත්නම් පිළිකා පරීක්ෂණයකට යොමු වීම යන පියවරයන් අනුගමනය කළ යුතු බව ඇය පැවසුවාය.
 
 ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි මහතාට අනුව පිළිකාවන් වැළක්වීම සඳහා දුම්වැටි හා මත්පැන් පානයට යොමු වන්නන්ගේ සංඛ්‍යාව අඩු කරලීමට අවශ්‍ය පියවර ගත යුතු අතර පුවක් හා රස කළ බුලත් විට වැනි පිළිකා කාරක ද්‍රව්‍ය මෙරට භාවිත කිරීම තහනම් කිරීමට නිසි පියවර ගත යුතුය.
 
 පිළිකාවන් ඇති වීමට බලපා ඇති වැරදි ජීවන චර්යාවන් මොනවාද?
 
 ප‍්‍රධාන වශයෙන්ම මේ සඳහා බලපා ඇත්තේ දුම්පානය, මත්පැන් පානය, පුවක් සහ රස කළ බුලත් විට සැපීමේ පුරුදු ,වායු ¥ෂණයට නිරාවරණය වීම, ව්‍යායාමයමදකම, අඩුවෙන් එළවලූ හා පලතුරු පරිභෝජනය කරමින් වැඩි වශයෙන් තෙල්, පිටි,සීනි, ලූණු හා ට‍්‍රාන්ස් මේදය අධිකව අඩංගු ආහාර පරිභෝජනය කිරීම, එච්.පී.වී /හෙපටයිටිස් -බී රෝග සඳහා එන්නත් ලබා
 
 නොගැනීම, තරබාරුබව /අධි බර යනාදියයි. මෙම සෑම සාධකයක්ම උනන්දුවක් ඇතිනම් නිවැරදි කර ගත හැකි තත්ත්වයන්ය.
 
 මෙම වැරදි ජීවන චර්යාවන් නිසා පිළිකාවන්ට ගොදුරුව ලොව පුරා සෑම විනාඩියකටම 17 දෙනකු මරු වැළඳ ගන්නා බව හෙළි වී තිබේ.
 
 ශ‍්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද?
 
 පිරිමින්ට වැළදෙන පිළිකාවන් අතුරින් බහුතරය එනම් සියයට 1.8ක්ම තොල් හා මුඛ පිළිකා ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම කාන්තාවන්ට වැළදෙන පිළිකාවන්ගෙන් බහුතරය එනම් සියයට 24ක්ම පියයුරු පිළිකාවන් බව හඳුනාගෙන තිබේ.
 
 මෙම පිළිකාවන් ඇති වීම වැළක්වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු නිවැරදි පුරුදු මෙන්ම රජය මට්ටමින් ජනතාව දිරි ගැන්විය යුතු හා වළක්වාලිය යුතු පිළිවෙත් කිහිපයක් වේ. ජනතාවගේ පැත්තෙන් ඉහතින් සඳහන් කළ දුම්පානයෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, පිළිකා කාරක පුවක් හා රස කළ බුලත් විට සැපීම නතර කිරීම, වායු ¥ෂණයට නිරාවරණය වීමෙන් වැළකීම, එළවළු හා පලතුරු වැඩියෙන් පරිභෝජනය කිරීම /තෙල්,සීනි, පිටි, ලූණු, ට‍්‍රාන්ස් මේදය අඩංගු ආහාර පරිභෝජනය කිරීම සීමා කිරීම, ප‍්‍රමාණවත් පරිදි දෛනිකව ව්‍යායාමයේ යෙදීම, එච්.පී.වී හා හෙපටයිටිස් -බී රෝග සඳහා ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම හා නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම සිදු කළ යුතුයි.
 
 රජය පැත්තෙන් ඉහත කී අවදානම් සාධකවලින් ජනතාව මුදා ගැනීම සඳහා පුළුල් දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් දියත් කළ යුතුව ඇත. මෙහිදී දුම්පානය හා මත්පැන් භාවිතය අඩු කිරීම සඳහා එම ද්‍රව්‍ය මත අධික බදු පැනවීම, කෙට් ආහාර වර්ග වෙනුවට එළවළු හා පලතුරු වැඩියෙන් අඩංගු පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා ගැනීමට ජනතාව හුරු කිරීම, පුවක් හා රස කළ බුලත් විට අලෙවිය තහනම් කිරීම, වායු ¥ෂණය අවම කිරීමට පියවර ගැනීම, සීනි, තෙල්, පිටි, ලූණු හා ට‍්‍රාන්ස් මේදය අඩංගු ආහාර වර්ග සම්බන්ධයෙන් එම ද්‍රව්‍ය මත බදු පැනවීම (සීනි බද්ද වැනි* දෛනිකව ප‍්‍රමාණවත් ව්‍යායාමයක් ජනතාවට ලබා ගැනීම සඳහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම වැනි ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇත.
 
 වර්තමානයේ බොහෝ දෙනා ගත කරනුයේ කාර්යබහුල තත්ත්වයකි. මේ හේතුවෙන් යන්ත‍්‍ර මෙන් හැසිරීමට යෑමෙන් මෙම බොහෝ නිවැරදි ජීවන රටාවන්ට හැඩ ගැසීමට ජනතාවට අපහසු විය හැකිය. රජයක් වැදගත් දායකත්වයක් ලබා දිය යුත්තේ එතැනදීය.
 
 වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් බිහි වන කෙටි ආහාර අලෙවි සැල්වලට ජනතාව යෑාම සීමා කිරීම සිදු කරන්නේනම් මෙම අභියෝගය ජයගත හැකි වනු ඇත.
 
 පිළිකාව යනු මිනිසාව පරාජයට පත් කළ යුතු රෝග තත්ත්වයක් නොව, මිනිසාට පරාජය කළ හැකි රෝගයක් බවට ඔප්පු කළ හැක්කේ ද මිනිසාට ම බව මෙයින් පැහැදිලි වේ. අවශ්‍යව ඇත්තේ නිසි සැලසුමක් සහිත දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම හරහා පිළිකාවන් ඇති වීම වළක්වාලීම පමණි. එය බිම් මට්ටමේ සිට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුව ඇත.
 
 ඒමන්ති මාරඹේ
 (ලෝක පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත‍්‍රණයකදී හෙළි වූ කරුණු ඇසුරිනි )
 
  

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles