Divaina - පෝෂණයෙන් බලගැන්විය හැකි අපේ සහල් නීරක්තියට විසදුමක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

suwa2 2ඇතැම් දරුවෝ වයසට සරිලන පරිදි වර්ධනය නොවෙති. කොතෙක් ඉහළ පාසල්වල අධ්‍යාපනයට යොමුකළ ද පාඩමට අවධානය යොමු කිරීමේ ගැටලූ පන්ති කාමරය තුළ දක්නට ඇත. නිතිර නතර රෝගී වේ. ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවේ. සමේ රෝගාබාධ ඇතිවේ. මේ සියල්ලට මුලකුමක්ද? ඔබේ දරුවාත් මෙවැනි පීඩාවකට පත්වීමට ඉඩහරින්නේද? ක්‍ෂුද්‍රපෝෂක ඌනතා (විටමින් හා ඛනිජ* මේ තත්ත්වයට හේතුසාධකවේ. ගැබිනි මවක් මේ තත්ත්වය යටතේ දරුප‍්‍රසූතියට අවධානමක් ඇති තැනැත්තියක් වේ. ඇයට ලැබෙන දරුවා ද සෞඛ්‍යසම්පනන් දරුවකු නොවේ. ශ්‍රී ලංකාවේ ගැබිනි හා කිරිදෙන මවුවරුන්ගෙන් තුනෙන් එකක් නීරක්තිය හෙවත් ලේ හි`ගකම ලෙස හ`දුන්වන තත්ත්වයෙන් පීඩා වි`දති. වයස අවුරුදු 6-12 අතර දරුවන් දහදෙනකුගෙන් එක් අයෙක් නීරක්තිය ඇත්තාහුය. මීට අමතරව සින්ක්, කැල්සියම් සහ විටමින් ඒ පෝෂණ ඌනතා ලංකාවේ දක්නට ඇති ගැටලූ සහගත තත්ත්වයන්ය. වයඹ විශ්වවිද්‍යාලය මගින් මෑතකදී කරන ලද දීපව්‍යාප්ත සමීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙස නිරීක්ෂණය වූයේ යකඩ, ෆෝලේට :දෙක්එැ* කැල්සියම් සහ විටමින් යන පෝෂක අපගේ එදිනෙදා ආහාරයෙන් ලැබෙන්නේ ඉතා අඩුවශයෙන් බවයි. අපගේ ආහාර රටාවේ ප‍්‍රධාන ලක්ෂණය නම් බත් විශාල ප‍්‍රමාණයක් අනුභව කරන අතර අනකිුත් අහාර කාණ්ඩ, එනම් රනිල ඇට වර්ග (කවුපි, කඩල, මුං ආදී*, එළවළු, පලතුරු, මස් මාංශ, කිරි, බිත්තර ආදිය ඉතා ම`දවශයෙන් අහාරයට එකතුකර ගැනීමයි. ආර්ථික හේතු මෙන්ම පෝෂණය පිළිබඳ දක්වන අතිමහත් නොසැලකිල්ල, අනවබෝධය, විවිධ මිත්‍යා මත හා වැරදි තොරතුරු මත පදනම් කරගන්නා වූ ආහාර තෝරාගැනම මෙයට හේතු සාධක වේ. ග‍්‍රාමීයවත්, නාගරිකවත්, පවතින මෙම ඌනතා අපට ඇසට නොපෙනෙන එනමුත් එදිනෙදා ජීවිතයට, එමෙන්ම සමස්ථ රටේ ආර්ථිකයට බලවත් බලපෑමක් ඇති කරයි. උදාහරණයක් ලෙස පෝෂණ ඌනතා නිසා ළමුන්ගේ ශාරීරික හා මානසික වර්ධනය අඩාලවන අතර ඔවුනට බෝවන සහ බෝනොවන රෝග වැළදීමට ඇති ඉඩකඩ වැඩි වේ. දියවැඩියාව, හදවත් රෝග ශා ස්ථුලභාවය (තරබාරුකම* ඇතිවීමට ද මෙම අහාර රටාව ඉවහල්වේ. අධ්‍යාපනයේ දක්‍ෂතා දැක්වීමට නොහැකිවීම, කි‍්‍රයාශීලිබවේ අඩාලවීම පාසල් දරුවන් තුළ දක්නට හැකි තත්ත්වයන් වන අතර, ඉහත දැක්වූ ක්‍ෂුද්‍රපෝෂක ඌනතාවය මෙයට ප‍්‍රධාන හේතු වේ. එහෙත් දෙමාපියන් , ගුරුවරුන් මෙන්ම රාජ්‍ය නලිධාරීන් හා අනිකුත් වගකිව යුතු අංශ මේ ගැටලූවලට තිරසාර පිළිතුරක් සොයන්නේදැයි ගැටලූව වසර ගණනාවක් පුරා පවතී. ක්‍ෂුද්‍රපෝෂක ලෙස හඳුන්වන විටමින් හා ඛනිජලවණ ඌනතා මැඬලීම ස`දහා රාජ්‍ය සෞඛ්‍ය අංශ මැදිහත් වී විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත. අයඞීන් ලූණු භාවිතයට යොමු කිරීම මින් එක් සාර්ථක කි‍්‍රයාවලියකි. මේ නිසා අයඞීන් ඌනතාවය ඉතා අවම මට්ටමක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාට හැකි වී ඇත. එසේම ත‍්‍රීපෝෂ වැඩසටහන, පාසල් ළමුන්ට විටමින්, යකඩ පෝෂක අතිරේක ලබා දීම මෙන්ම ඇතැම් තෝරාගත් පාසල්වලට දිවා ආහාරය, කිරි වීදුරුවක් මෙන්ම ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම සිදු කරයි. එනමුත් එම වැඩසටහන් පිළිබ`ද පසුවිපරම් කිරීමක් හෝ ප‍්‍රතිඵල සමාලෝචනයක් නිසිලෙස සිදුනොවේ. ඒ නිසා මෙම වැඩසටහන්වලින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල නොලබන බව වැඩිවන පෝෂණ ඌනතා ප‍්‍රතිශත මගින් පැහැදිලිය. දිගුකාලිනව යහපත් ආහාර පුරුදු ඇතිකිරීම මෙම ක්‍ෂුද්‍රපෝෂක ඌනතාවයට දියහැකි හොඳම විසදුමයි. ඒ සඳහා යකඩ බහුල ආහාරවන මස්, මාළු, කරවල, බිත්තර හා රනිල ඇටවර්ග (මුං, කවුපි, කඩල* දරුවන්ට මෙන්ම මවුවරුන්ට අනභවයට දිරිමත්කළ යුතුයි. මෙය පවුල තුළින් ්පාසල තුළින් දෙන පෝෂණ අධ්‍යාපනය හරහා කළ හැකිවනු ඇත. එහෙත් එවැනි ආහාරවල මිල සාපේක්ෂව ඉහළ නිසාත් දිගුකාලීනව එවැනි ආහාර ගැනීම පුරුද්දක් නොවීම නිසා වත්මන් ආහාර රටාවේ කැපීපෙනෙන වෙනසක් සිදුනොකළහොත් කිසිසේත් ළමුන්ට , යෞවනියන්ට හා ගැබිනි මවුවරුන්ට අවශ්‍ය යකඩ සිරැුරට ආහාරයෙන් ලබාගත නොහැකි බව අපගේ දත්ත විශ්ලේෂණ මගින් තහවුරුකර ඇත. මේ සඳහා දිගුකාලීන ස්ථිරසාර වැඩපිළිවෙළ විය යුත්තේ ජනතාව දැනුවත් කර ඔවුන්ගේ ආහාර ගන්නා රටාව වෙනස් කිරීමයි. මෙය කල්ගතවන කි‍්‍රයාවලියක්වන අතර එතෙක් දරුවන් හා කාන්තාවන් මේ පෝෂණ ඌනතාවයන්ගෙන් පෙලීමට ඉඩදීම අනුමත කළනොහැක. එම නිසා දෙවැනි පියවරක් ලෙස අප නිතර අනුභව කරන ආහාරවලට විටමින් හා ඛනිජ ලවණ එකතු කිරීම මගින් පෝෂණ ගැටලූ මඟහරවා ගැනීම සාර්ථක ක‍්‍රමයකි. ආසියාවේත් දියුණු රටවල් මේ කි‍්‍රයාවලිය මගින් මධ්‍ය කාලීනව සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇත.

මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සහල්වලට යකඩ හා ෆෝලික් අම්ලය :දෙකසජ ්ජසා* එකතු කිරීමට උත්සහයක් දැරීය. මෙම ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයද අනුමත කරන ලදි. එහෙත් මේ වනවිට මෙය කි‍්‍රයාවට නැංවීම ඉතා මන්දගාමීව

සිදුවේ. මෙම කි‍්‍රයාවලියේදී ශ්‍රී ලංකාවේ සහල් වලට යකඩ හා ෆෝලික් අම්ලය අඩංගු සහල් ඇටයේ ස්වභාවයට සමානව නිපැයු, බැලූ බැල්මට සහල් මෙන්ම පෙනෙන නිෂ්පාදිතයක් එකතු කර මිශ‍්‍ර කරනු ලැබේ. සහල්මෝලකදි මෙම මිශ‍්‍ර කිරීම අනුපාතයකින් යුතුව විද්‍යානුකූලව කරන අතර, අවසන් ්නිෂ්පාදිතයේ යකඩ හා ෆෝලික් අම්ලය හෝ වෙනත් විටමින් හෝ ඛනිජ වර්ග අවශ්‍ය තරම් අඩංගු කළහැක. පර්යේෂණ මට්ටමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර පාසල් දරුවන්ගේ දිවා ආහාරයට යකඩ එකතු කළ බත් ලබාදුන් අතර දරුවන්ට එය සාමාන්‍ය බත් සමග වෙන්කර හඳුනාගත නොහැකි විය. රසයේද, පෙනුමේද වෙනසක් නොමැති විය. ආහාරවලට විද්‍යානුකූලව අමතර පෝෂක ඇතුළත්කිරීම අලූත් කි‍්‍රයාවලියක් නොවේ. දැනටමත් කිරි ආශි‍්‍රත නිෂ්පාදන, බිස්කට්, මාගරින් ආදි විවිධ නිෂ්පාදනවලට පෞද්ගලික සමාගම් විවිධ පෝෂක සංඝටක එකතු කරනු ලබයි. එහෙත් මේ නිෂ්පාදන අනුභව කරන්නේ ජනගහනයේ ඉතා කුඩා ප‍්‍රතිශතයකි. ලූණවලට අයඞීන් එකතු කිරීම මගින් අයඞීන් ඌනතාවය අවම කරීමට අපට හැකවුණා සේම, දිනපතා අප ආහාරයට ගනු ලබන සහල්වලට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක එකතු කිරීම තුළින් පෝෂණ ඌනතාවලට සාර්ථක පිළියම් ලබාදීමට හැකිවන බව ලොවපුරා විවිධ උදාහරණ ඇත. බි‍්‍රතාන්‍යයේ හා විවිධ බටහිර රටවල තිරිගු පිටිවලට අනිවාර්යෙන් මෙවැනි පෝෂක එකතු කරීම ඒ ඒ රජයන් විසින් නිර්දේශකර ඇත. ජනතාව ගෙන් වැඩිපරිසක් අනුභව කරන සහල්වලට යම් කාලයක් පුරා යකඩ හා ෆෝලික් අම්ලය එකතු කිරීමත්, එවැනි පෝෂණීය සහල් රජය මගින් නොමිලේ දිවා ආහාරය ලබාදෙන පාසල් දරුවන්ට ලබාදීමත්, සමෘද්ධිලාභීන් වැනි අඩු ආදායම් ඇති ජන කොටස්වලට පහසු මිලකට ලබාදීමටත් රජය මැදිහත්වී කටයුතු කළ යුතුය. මවැනි සහල් කිලෝ ග‍්‍රෑමයක මිල රුපියල් කිහිපයකින් ඉහළගිය වුවද ඉන් ලබන අනාගත ප‍්‍රතිඵල එක් එක් පුද්ගලයාටත්, රටටත් දිගු

කාලීනව සාර්ථක ප‍්‍රතිඵල ලබා දේ. මෙසේ සහල්වලට පෝෂක එකතු කිරීමෙන් පෝෂක අධිමාත‍්‍රාවක් ශරීරගතවන්නේ දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරති. එසේ එකතු කරන පෝෂක මාත‍්‍රාව කිසිසේත් දෛනකිව අපට අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා නොයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දක්වා ඇති නිර්ණායකවලට අනුකූලව විද්‍යාත්මකව සිදුකරන මෙවැනි ක‍්‍රියාවලියන් දැනට ඉන්දියාව, කොස්ටාරිකා, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව, එක්සත්ජනපදය යන රටවල ද ක‍්‍රියාත්මකයි. මෙම ක‍්‍රියාවලිය දැඩි නීතිරීති හා රෙගුලාසිවලට අනුකූලව සිදුකළහොත් අනිටු ප‍්‍රතිඵල වළක්වාගත හැක. තවද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ්දැනට ලබා දෙන පෝෂණ අතිරේක (පෙති හා කරල්* මගින් මෙතෙක් ලබාදුන් මේ පෝෂක පාසල් දරුවන් කැමැත්තකින් නොගන්නා බව පැහැදිලිය. එබැවින් එය අසාර්ථක බව පෙනීයයි. එබැවින් නවීන ක‍්‍රමෝපයන ්භාවිතකොට සහල්වලට මෙන්ම ලංකාවේ ඇතැම් ජනකොටස් (වතුකරයේ හා උතුරේ* බහුලව ආහාරයට ගන්නා තිරිගු පිටිවලට ද මෙම පෝෂක එකතු කරීම හෙවත් දෙරඑසසෙජ්එසදබ (බලගැන්වීම) ක‍්‍රියාවලියට නැවත පණගැන්වීම නව රජයේ වගකීමකි.

suwa2 1

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles