Divaina - ලාදුරු ඉක්මනින් සුවකළ හැක

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

suwa1 3- ශ‍්‍රී ලංකාවේ වර්ෂයකට  නව රෝගීන් 2000 ක්  පමණ වාර්තා වේ

- 8-10% පමණ ළමා රෝගීන් වේ.

වාර්ෂිකව මුළු රෝගීන්ගෙන් 50%ක් පමණ ප‍්‍රමාද වී ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වන අතර ඉන් 7% ක් පමණ ආබාධිත තත්ත්වයට පත් වූ අයයි.

ප‍්‍රතිකාර නොගැනීමෙන් හෝ ප‍්‍රමාදවීමෙන් සදාකාලික ආබාධ හා ශාරීරික විරූපීතාවන් ඇතිවේ.

නිසි ප‍්‍රතිකාර මගින් දැන් රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැක.

ලාදුරු රෝගය යනු කුමක්ද?

එය බැක්ටීරියාවක් මගින් මිනිසාගෙන් මිනිසාට පමණක් බෝවන රෝගයකි.

රෝගය නිරෝගී අයකුට බෝවන්නේ කෙසේද?

ප‍්‍රතිකාර නොගන්නා රෝගීන්ගේ කැස්ස ආශ්වාස ප‍්‍රාශ්වාස මගින් පිටවන රෝගකාරක බැක්ටීරියා සහිත බිඳිති නිරෝගී අයකුගේ ශ්වසන මාර්ගය හරහා ශරීරයට ඇතුළු වේ.

එසේ ඇතුළු වූවත් ශරීරයේ ඇති ප‍්‍රතිශක්තිය නිසා බහුතරයකට රෝගය ඇති නොවේ. 10% ක පමණ පිරිසකට රෝගය හටගනී.

ලාදුරු රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

සමේ ස්පර්ශය සහ වේදනාව නොදැනෙන ලා පැහැති ලප ඇති වීම.

අත්වල හෝ පාදවල පවතින ස්පර්ශය සහ වේදනාව නොදැනීම.

සමේ ගැටිති හෝ කන් පෙති ඝනවීම පාදයේ වළලූකරට පහළ කොටස අප‍්‍රාණික වීම අත්වල ඇගිලි වකුටු වීම රෝග ලක්‍ෂණ නොසලකා හැරීම හෝ ප‍්‍රතිකාර නොගැනීම නිසා විරූපිවීම, සදාකාලික ශාරීරික දුබලතාවලට ලක් විය හැක.

ලාදුරු රෝගය සුව කළ හැකිද?

රෝග ලක්‍ෂණ පහළ වූ වහාම නිසි ප‍්‍රතිකාර ආරම්භ කළහොත් රෝගය මුළුමනින්ම සුව කළ හැක.

ලාදුරු සඳහා කෙටිකාලීන ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ ඇත. ප‍්‍රතිකාර කාලය රෝග ලක්‍ෂණ පැතිරීම අනුව මාස 6 ක් හෝ මාස 12 ක් විය හැක.

ප‍්‍රතිකාර

මධ්‍යම ලාදුරු සායනය හා රජයේ රෝහල්වල සියලූම චර්ම රෝග සායන මගින් නොමිලේ ප‍්‍රතිකාර ලබා දේ.

රෝහල් ගත කිරීමක් හෝ රෝගීන් වෙන් කර තැබීමක් සිදු නොකරයි.

රෝග හඳුනාගත් සැනින් ප‍්‍රතිකාර ආරම්භ කරන අතර රෝගයේ අවධිය අනුව මාස 06 ක් හෝ 12 ක් නොකඩවා ප‍්‍රතිකාර ලබා දේ.

රෝග ලක්‍ෂණ නොසලකා හැරීම ප‍්‍රතිකාර ප‍්‍රමාද කිරීම, හෝ ප‍්‍රතිකාර අතරමැද නැවැත්වීම නිසා සදාකාලික ආබාධිත බවට පත් විය හැක.

ප‍්‍රතිකාර ආරම්භ කර දින කීපයකින්ම

රෝගියාගෙන් වෙනත් කෙනකුට රෝගය බෝවීම නවතී.

ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හෝ ලාදුරු රෝගයට ප‍්‍රතිකාර අවසන් කළ රෝගීන්ගෙන් තවකෙනකුට රෝගය බෝ නොවේ. එබැවින් ඔවුන් සමග එකට වැඩ කිරීම හෝ එකම නිවසේ විසීමට බියවිය යුතු නොවේ.

ප‍්‍රමාද වී ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සුළු පිරිසකට ඇ`ගිලි වකුටු වීම හා පාදයේ වළලූකරින් පහළ කොටස අප‍්‍රාණික වීම වැනි විකෘතිතා ඇති වුවත් සරල ව්‍යායාම භෞත චිකිත්සක ක‍්‍රම සහ ශල්‍යකර්ම මගින් ඒවා නිවැරැුදි කිරීමේ පහසුකම් ඇත.

ලාදුරු රෝගය ගැන දැනුවත් වෙමු
රෝගය නිවැරදිව හඳුනා ගනිමු
නිසි ප‍්‍රතිකාර නොකඩවා ගනිමු
ආබාධිත තත්ත්ව වළකා ගනිමු.

ලාදුරු මර්දන ව්‍යාපාරය වැලිසර, රාගම

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles