Divaina - දේශපාලනික වෘත්තිකයන් පළාත් සභා හා මැති සබයට යවන ක‍්‍රමවේදයක්
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

බර්නාඞ් ප‍්‍රනාන්දු

 
 mathi222නිදහස ලබා වසර 72 ක් පසුවී ඇතත්, වෘත්තිමය, විනය ගරුක හා ගෞරවනීය හැසිරීම වැනි ගුණාංගයන්, තඹ දොයිතුවකට මායිම් නොකරමින් පළාත් සභා සහ මැති සබය කෙලෙසන, කිසිම ඵලදායීකත්වයක් නොමැති බොහෝ නූගත් දේශපාලකයන් තවමත් වැජඹෙති. තම කාර්යභාරයට නොසරිලන ඉතා සුඛොපබෝගී පහසුකම් ගොන්නක් හා වරදාන ජනතා බදු මුදලින් භුක්ති විඳින මෙම නුසුදුස්සන් වෙනුවට උගත්, සංවරශීලී, අවංක, ප‍්‍රතිපත්ති ගරුක මෙන්ම, ‘පළමුව රට’ ට මුල්තැන දෙන දේශපාලනික වෘත්තිකයන්ගෙන් පමණක් සමන්විත වූ නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් වනවා දැකීම, මෙම මැතිවරණ වසරේ ඡුන්දදායකයාගේ ඒකායන බලාපොරොත්තුවයි. දරුණු ණය උගුලකින් හෙම්බත්වී ඇති ආර්ථිකයකට මෙවැනි අධි පිරිවැයක් හා ඍණ පලදායකත්වයක් සහිත දේශපාලන යාන්ත‍්‍රණයක් ජනතා බදු මුදලින් තව දුරටත් නඩත්තු කළ හැකිද? එබැවින්, නව දේශපාලන හා සමාජ යථාර්ථයන්ට මුහුණ දිය හැකි මැතිවරණ ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක කිරීම අනිවාර්ය වන අතර එය නව ව්‍යවස්ථාවක් කරා යෑමට වඩා අතිශයින් වැදගත් බව අවධාරණය කරමු. ¥ෂිත දේශපාලනයට යට නොවී, විනය, නීතිය, සරල බව හා පලදායිතාවය ඉස්මතු කරන, නැවුම් අදහස් ඇති ජනපතිවරයකු පත්වී ඇති අවස්ථාවක, යෝජිත මැතිවරණ ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක කිරීමට සුදුසුම වේලාව බව අපි අවධාරණය කරමු.
 
 ඡන්ද දායකයාගේ හැසිරීම
 
 අප කව්රුත් අත්දැක ඇති පරිදි, ආණ්ඩු වෙනස් කිරීමේදී අප රටේ ඡන්දදායකයෝ ප‍්‍රවීනයෝය. නමුත් සුදුසු නියෝජිතයන් තෝරා ගැනීම හා පත්කර ගැනීම සඳහා මනාප ලකුණු කිරීමේදී, පක්ෂ සහ ඡන්දදායකයන් ළාබාලයන් බව මොනවට සඵත කර ඇත. උදාහරණ වශයෙන්, පළපුරුදු දේශපාලකයන් වෙනුවට විටෙක ඔවුන් ටෙලිනාට්‍ය නිළියන් හා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තෝරා පත් කළහ. විටෙක, බරපතළ චෝදනාවලට ලක්වී රිමාන්ඞ් භාරයේ සිටින අය පත් කළහ. තවත් විටෙක, දුබලයන් මෙන්ම පාතාලයට නෑකම් කියන අය පත්කළහ. මෙහිදී, සැඟවිය නොයුතු කාරණය නම් අපගේ ආර්ථික හා රැුකියා ප‍්‍රශ්නවලින් මිරිකී ඇති ඡුන්දදායකයන්ගෙන් බහුතරයක්, නොමනා ලෙස උපයා ගත් මුදල් විසි කරන ජාවාරම්කාර දේශපාලකයන්ගේ ඡුන්ද ගුණ්ඩුවලට රැුවටී ඔවුන්ගේ සාක්කුවලට වැටීමය. තවත් අවාසනාවන්ත ප‍්‍රවණතාවක් නම් ඡුන්දදායකයන් කොටසක්, අවිධිමත් ක‍්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා ගමේ කෙරුම්කාර, චණ්ඩි දේශපාලකයන්ට දක්වන අනුකූලතාවයි. මෙයින් හෙළි වන අනෙක් කාරණය නම්, වැඩි ජනතාව මහ මැතිවරණයකදී තම ඡුන්දය තීරණය කරන්නේ හුදු වෙනසක් සඳහා හෝ තමා ලැබූ තාවකාලික වාසි හෝ ජාති, ආගම්, නෑමිත‍්‍රකම් හෝ පුද්ගල ආකර්ෂණීයත්වය මත හෝ මිස, පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මත නොවන බවය.
 
 කෙසේ වෙතත්, මෙහිදී ප‍්‍රථම වගඋත්තරකරුවන් වනුයේ හුදෙක් තම ඡුන්ද ව්‍යාපාරයට මුදල් ගරා ගැනීමට හා ඡුන්ද ගොඩ ලොකුකර ගැනීම සඳහා, නුසුදුස්සන්ට නාම යෝජනා ලබාදෙන දේශපාලන පක්ෂයි. මෙම අකටයුත්ත නිසා ඡුන්දදායකයාගේ මනාප තේරීමේ පරාසය සීමා වන අතර ඉහත සඳහන් අනෙක් හේතූන් නිසා එය තවත් විකෘති වී ඇත. හාස්‍යයය දනවන අනික් කාරණය නම් මෙවන් විකෘති තත්ත්වයක් යටතේ පවා මනාප ඡුන්ද ක‍්‍රමය තුළ, පරාජිත අපේක්ෂකයන් ද මැතිසබයට තෝරා පත් කිරීමයි.
 
 දේශපාලනික වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා ක‍්‍රම වේදයක්
 
 මෙහිලා, ප‍්‍රථම, සරල පියවර වන්නේ, සාධාරණ සමානුපාතික ක‍්‍රමයට අවාසනාවන්ත දිගුවක්වූ, අනිවාර්ය නොවන ‘මනාප ඡුන්ද’ ක‍්‍රමය අහෝසි කර හෝ අක‍්‍රීය කර, දිස්ත‍්‍රික් මට්ටමෙන් තම විශිෂ්ටතම දේශපාලනික වෘත්තිකයන් කණ්ඩායම තෝරා, පිළිවෙළින් ‘කුසලතා’ පදනම අනුව තම නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂයන්ට අනිවාර්ය කිරීමයි. එවිට තම ඡුන්දය ලබා දෙන පක්ෂ නියෝජිතයන්ගේ සුදුසුකම් පිළිබඳව වඩාත් පුළුල් දැනුමක් ලබා ගැනීමේ වාසිය ඡුන්දදායකයාට ලැබේ. වර්තමාන, ‘මනාප චන්ද’ ක‍්‍රමය යටතේ මෙම ලැයිස්තුව ඉදිරිපත් කරනු ලබන්නේ සිංහල ආකරාදී පිළිවෙළට බැවින් එම වාසිය අත්වන්නේ නැත.
 
 ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, දෙවන වන පියවර වශයෙන් මැතිවරණ කොමිසම විසින්, ලියාපදිංචි දේශපාලන පක්ෂ සඳහා, නිත්‍යානුකූලව හා විනිවිදව තමාට සුදුසු නියෝජිතයන් හඳුනා ගැනීමේ හා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දිය යුතුය. පසුගිය මැතිවරණය අවස්ථාවේදී ‘පැෆ්රල්’ සංවිධානය විසින් දියත් කළ ‘මාර්තු 12 සර්ව පාක්ෂික ප‍්‍රකාශනයේ’ සඳහන් උපමානයන් කුඩා හෝ සාධනීය බලපෑමක් සිදුකළ හෙයින් එය යහපත් ප‍්‍රවේශයකි. දැන් කළ යුත්තේ, එම සුදුසුකම් උපමානයන් වඩාත් පුළුල් කර, එය නාම යෝජනා තේරීම් ක‍්‍රියා වලියේ මූලික අංගයක් බවට පත් කිරීමයි. ඒ අනුව, එම සුදුසුකම් උපමානයන්ට පහත සඳහන් උපමානයන් ද එකතු කිරීමට යෝජනා කරමි.
 
 අ* අවම වශයෙන් අ.පො .ස උසස් පෙළ
 
 විභාගයෙන් වාර 3 ක් ඇතුළත, විෂයයන් 02 ක් හෝ සමත් විය යුතුය. (කාර්යාල කාර්ය සේවකයකුට පවා සම්මාන සහිතව අ.පො.ස. (සාමාන්‍ය පෙළ* සහතිකයක් අවශ්‍ය වර්තමානයේ, මෙය අසීරු උපමානයක් නොවේ. තවද, විභාග සහතිකවලට වඩා, වසර 13 ක කාලයක් පාසල් පරිසරය තුළ අනිවාර්යයෙන්ම සිදුවන චරිතය හා විනයගරුක බව ගොඩනංවාලීම සුළුපටු නොවන බව අවධාරණය කළ යුතුය.*
 
 ආ* අවම වශයෙන් පිළිගත් ආයතනයකින් මාස 6ක් ඉක්මවන වෘත්තීය මට්ටමේ ඩිප්ලෝමාවක් හෝ ලබා තිබිය යුතුය. (පාසලෙන් පිට ගත කරන මෙම අවධිය තුළ තමාගේ සැඟවුණු හැකියාවන් හා ශිල්පීය දක්ෂකම් ඔප මට්ටම් වී, නායකත්වය ඇතුළුව යමක් විග‍්‍රහ කිරීමේ පුහුණුවක් මෙන්ම සමාජයේ පිළිගත් ආචාර ධර්ම හා හොඳ සිරිත් විරිත් පිළිබඳ පන්නරයක්ද ලැබෙනු ඇත.*
 
 ඇ* අවසන් නාම යෝජනා දිනට මසක් ඇතුළත ලියාපදිංචි වෛද්‍යවරයකුගෙන් ලබාගත් යහපත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. නාම යෝජනා බාර දෙන දිනයේදී මෙය අලූත් කළ යුතුය.
 
 ඈ* අවසන් නාම යෝජනා දිනට වයස 75 නොඉක්මවිය යුතුය.
 
 ඉ * නාම යෝජනා දිනට වත්කම් ප‍්‍රකාශයක් භාර දිය යුතුය.
 
 ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා ඉහත සඳහන් මූලික සුදුසුකම් උපමානයන්ට තව අංග එකතු කළ හැකි අතර මැතිවරණ කොමිසම විසින් කල්තියා ඒවා ගැසට් කිරීමෙන් නීත්‍යනුකූල තත්වයට පත් කිරීම සුදුසුය.
 
 තුන්වන පියවර වශයෙන් මෙම මූලික සුදුසුකම් සපුරන ඡුන්ද අපේක්ෂකයන් සඳහා, පක්ෂ විසින්, ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ (ීඑරමජඑමරුා ෂබඑැරඩසැඅ* පවත්වා, දිස්ත‍්‍රික් මට්ටමේ කුසලතා ලැයිස්තු පිළියෙල කළ යුතුය. තෝරාගත් ගුණාංග හා අමතර අධ්‍යාපනික සුදුසුකම්වලට ගණිතමය බරක් යෙදීමෙන් මෙම සම්මුඛ පරීක්ෂණය විධිමත් කළ හැක. උදාහරණ වශයෙන්, විවාදාත්මක හැකියාව, ත්‍රෛභාෂා කතා කිරීමේ හා ලිවීමේ හැකියාව, සමාජීය නැඹුරුව, යහපත් කල් ක‍්‍රියාව, දේශපාලන, නීතිමය, ගිණුම්කරණ හා ආර්ථික විද්‍යා නිපුණත්වයට අමතරව සාමාන්‍ය දැනුම මෙන්ම සමස්ත සුදුසුකමද දැක්විය හැක. කාන්තා හා යෞවන ප‍්‍රතිශත පවත්වා ගැනීම සඳහා, සැලකිය යුතු බරක් ප‍්‍රථමයෙන්ම සම්මුඛ පරීක්ෂණ ලකුණුවලට එකතු කිරීම අනිවාර්ය කළ යුතුය.
 
 සතර වන පියවර වශයෙන් මැතිවරණ කොමිසම විසින් ප‍්‍රකාශිත දිනයකට පෙර, පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ ආසන 225 ම ආවරණය වන පරිදි, (නව ක‍්‍රියාවලිය තුළම ජාතික ලැයිස්තු අරමුණු ද පහසුවෙන් ඉටුකර ගත හැකිය * තම මූලික ‘දිස්ත‍්‍රික් කුසලතා නාම ලැයිස්තු’ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි ජාතික පුවත් පතක ජනතා ප‍්‍රතිචාරය සඳහා පළ කළ යුතුය. මෙහිදී, මරණ, අස්වීම් හා වෙනත් නොවැළැක්විය හැකි හේතූන්ද සැලකිල්ලට ගනිමින්, අමතර නාම කිහිපයක්, තම නාම ලයිස්තුවල ඇතුළත් කිරීමට පක්ෂ විසින් වග බලා ගත යුතුය.
 
 පස් වන පියවර වශයෙන්, ලැබෙන ජනතා විරෝධ හා ප‍්‍රතිචාර, මැතිවරණ කොමිසම විසින් සලකා බලා දැන්වීමෙන් අනතුරුව, පක්ෂ විසින් (අවශ්‍ය වෙතොත්* තම මූලික ලැයිස්තු සංශෝධනය කර ඒවායේ නිරවද්‍යභාවයද සහතික කරමින් අවසන් නාම යෝජනා දිනයට පෙර දිව්රුම් ප‍්‍රකාශනයක් සමග තේරීම් භාර නිලධාරීයාට භාර දිය යුතුය. මෙම ක‍්‍රියාවලිය අනුගමනය කර නොමැති බවට තහවුරු වුව හොත් තේරීම් භාර නිලධාරියාට අදාළ නම්, නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ හැක. මැතිවරණයට පසුව නුසුදුසුකම් එළිදරව් වුව හොත් මැතිවරණ පෙත්සමක් තුළින් අභියෝගයට ලක් කළ හැක. එය සාර්ථක වුවහොත් අදාළ කුසලතා ලැයිස්තුවේ අනික් අපේක්ෂකයාට මන්ත‍්‍රී ධුරය ස්වයංක‍්‍රීයව හිමිවනු ඇත.
 
 හයවන පියවර වශයෙන්, පක්ෂ ප‍්‍රතිපත්ති හා ඉදිරි වැඩපිළිවෙළ ( ෑකැජඑසදබ ඵ්බසෙැිඑද* ඡුන්දය ලබාදීමේ ප‍්‍රධාන සාධකය වන බැවින්, බොරු පොරොන්දු දීම වළක්වනු සඳහා එය නීත්‍යනුකූල, නඩු පැවරිය හැකි ලියවිල්ලක් බවට පත්කළ යුතුය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles