Divaina - මානව දයාව කරපින්නාගත් විජය කුමාරතුංග ‘‘රත්තරන් හදවත නිසලයි’’

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

vijaya135
 
 ‘‘දුප්පත් ජනතාව වෙනුවෙන් අවසාන දහඩිය බිංදුව දක්වා සටන් කළ විජය කුමාරතුංග මැතිතුමාට දුප්පත් ජනතාවගේ ශෝකය ‘‘යුද්ධය නතර කරවීම උදෙසා යාපනයට ගිය මානවවාදී විරුවා’’
 
 මෙයට වසර 32 කට පෙර කොළඹ පමණක් නොව දිවයින පුරා බැනර් සහ අලවා තිබූ පෝස්ටර්වල ලියා තිබුණ අදහසක් අපේ නෙත ගැටිණි.
 
 මානව හිතවාදී කලාකරුවකු වූ විජය කුමාරතුංග ඝාතනයට ලක්වූ පෙබ. 16 සිට දින ගණනක් යනතුරු මගතොටේ යන එන අපගේ නෙත ගැටුණ මේ පෝස්ටර්වලින් අපට පසක් වූයේ කුමක්ද?
 
 සිනමා නළුවෙක්, ගායකයෙක් පමණක් නොවූ ඔහු දේශපාලකයෙක් වූයේද නිර්ධන පංතිය වෙනුවෙන් බව ඔහුගේ මිතුරන් මෙන්ම සතුරන්ද පිළිගත්හ.
 
 විජය වැනි කරුණාබර, මිනිසුන්ට ආදරය කළ ළෙන්ගතු මිනිසෙක් මට හඳුනා ගැනීමට ලැබුණේ ඔහු ප‍්‍රථමයෙන්ම ‘‘හන්තානේ කතාව’’ ට නළු නිළියන් තේරීමේ පරීක්‍ෂණයට මරදාන ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සංගීත මංජරී කාර්යාලයට පැමිණි අවස්ථාවේය. ඒ ආසන්නයේ ‘‘ටවර් රඟහල’’ ගොඩනැඟිල්ලට යාබද දෙමහල් ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගිය ‘ලංකාචලන චිත‍්‍ර’’ සිනමා සඟරාවට චිත‍්‍රපටයට නළු නිළියන් තේරීමේ වාර්තාව ලබා ගැනීමට ගිය අවස්ථාවේය. පරීක්‍ෂණය අවසන්වී ඔහු මගට බසිද්දී මා ඔහු පිටුපසය. එක්වර පසුපස හැරී බැලූ ඔහු මා හා සිනාසුණි. මම ද සිනාසුණෙමි. අප කතාවට වැටුණි. ඔහු මියයන තුරුත් අපේ හිතවත්කම පැවතිණි.
 
 ඔහු අන් අයට උදව් කරන අයුරු දැක ඇත්තෙමි. ඔහු මාලිනී ෆොන්සේකා සමග නාරාහේන්පිට නිවසක උඩු මහලේ කාමරයක සිටියදී මා එහි ගියේ ඔහුගේ ඇරයුමකටය. ඒ වනවිට ධර්මසේන පතිරාජ, විමල් කුමාර ද කොස්තා, ඩබ්ලිව්. ජයසිිරි ද එහි සිටියහ.
 
 හෙන්රි ඔබට ඒමට කීවේ ධර්මසේන පතිරාජ හඳුන්වලා දෙන්නටයි. ඔහුගේ ‘‘බඹරු ඇවිත්’’ චිත‍්‍රපටය අතරමග නැවතිලා. ඔබ වැඩ කරන ‘නයින්හාර්ට්ස්’ ඡුායාරූප ශාලාව හිමි තිලක් ගොඩමාන්නට මොහුව හඳුනා දෙන්න මම එන්නම් ඔහු සමග.
 
 ඊට පසුදිනම නයින්හාර්ට්ස් අධිපති තිලක් ගොඩමාන්න මහතා හමුවීමට විජය, පතිරාජයන් සමග ආවෝය. එහි ප‍්‍රතිඵලය වූයේ ‘බඹරු ඇවිත්’ සම නිෂ්පාදක ලෙසින් තිලක් ගොඩමාන්න මහතා කටයුතු කිරීමට එකඟ වීමය. ඉන්පසු විජය මා අතර තිබූ හිතවත්කම තවත් අධික විය.
 
 වේලාවට වැඩ කරන්නකු බව විජය කි‍්‍රයාවෙන්ම ඔප්පු කළ අවස්ථාවක්ද මෙහි සඳහන් කළ යුතුය. ටවර් රඟහලේ ජෝතිපාලගේ අනුස්මරණ උත්සවයකි. සංවිධානය කළේ ප‍්‍රැන්සිස් වන්නිආරච්චි, ටී. එම්. සංඝදාස සහ මම ය. එදින අනුරාධපුර දේශපාලන කටයුතුවල විජය යෙදෙන දිනයකි. සවස 4.00 ට රැුස්වීම ඉවරවෙලා මම එනවා එනවාමයි ඔහු පැවසීය. සවස 6.45 වනවිට ඔහු පැමිණියේය. වේලාවට වැඩ කරන ඔහු චිත‍්‍රපට රඟපෑම්වලට ගියේද එලෙසිනි.
 
 ‘‘විජය ඔබට දැන් තරහ කාරයෝ වැඩියි. ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න’’ වරක් මා පැවසුවෙමි.
 
 ඔහු සිනාසී ‘‘හෙන්රි මට සතුරන් නැහැනේ’’ කීවේය. මානව හිතවාදියකු නිසා ඔහු සිතුවේ එලෙසිනි. එහෙත් සතුරෝ ඔහුට වෙඩි තැබුවා පමණක් නොවේ. ලස්සන මූණටද වෙඩි තැබීය.
 
 මීගමුව කොච්චිකඬේ රැුස්වීමකදී බෝම්බ ගැසූ අවස්ථාවේ විජය සමග සිටි මාධ්‍යවේදී දයා සෝමසිරි තුවාල ලැබූ අවස්ථාවේ මීගමුව රෝහලට ඇතුළත් කළේ චිත‍්‍රපට අධක්‍ෂ පද්මසිරි කොඩිකාර විජයගේම මෝටර් රථයෙනි. ඉන් විනාඩි කිහිපයකට පසු විජය රෝහලට ආවේ දැඩි කම්පාවෙනි.
 
 සීදුව හා අවට ප‍්‍රදේශයේ සිටි ඇස් නොපෙනෙන දුගී පවුල් කිහිපයකටම ගෙවල් කුලී ගෙවූ අයුරු මා හොඳ හැටි දනිමි. කෙනකුගේ අවශ්‍යතාවක් දුටුවිට එය ඉටු කරන්නට හැකි දෙයක් නම් ඉන් එහාට කුමන දෙයක් සිදු වුණත් එය ඉටු කර දෙන්නේය. මරදානේ මහජන පක්‍ෂ කාර්යාලයට ආ තරුණියක් ‘‘විජය මහත්තයා බයිසිකලෙන් යද්දී මට ආසයි ඔබතුමා සමග යන්න’’ යැයි කීවේය.
 
 මෝටර් බයිසිකලයට නැඟුණ විජය ‘‘ආ නංගි නගින්න’ කියා තම මෝටර් සයිකලයේ ඇය හිඳුවාගෙන විනාඩි 10ක් පමණ පැද ගියේය. කෙනකුගේ ‘‘සිත රිදවීම පාපයක්’’ ඔහු කීවේය.
 
 විජය අවිවාහකව සිටි කාලයේ මාලිනී ෆොන්සේකා හිතවත්ව සිටියදී යම් කිසිවකු හෝ කිහිපදෙනකු පහරදී තුවාල ලබා කොළඹ මහ රෝහලේ නේවාසිකව සිටියේය. මා ඔහු බලන්නට ගියවිට එහි සිටි ආරක්‍ෂකයකු මට ඔහු බැලීමට ඉඩ දිය නොහැකි බව පැවසිීය. මා කොළ කැබැල්ලක ‘‘ඔබ බලන්නට ආවෙමි’’ කියා විජයට එය දෙන ලෙස දැන්වූයෙමි. විජයට හරි ‘‘හෙන්රි මා බලන්න එන්න’ යැයි ලියූ කොලයක් ආරක්‍ෂකයා අතම එවීය. ඔහු කිසිවක් මඟ නොහැරියේය. කිසිවකුගේ හිත නොරිදවීය.
 
 දිනක් විජය මායිම් ගම්මානයක පිහිටි දහම් පාසලක ත්‍යාග ප‍්‍රදානෝත්සවයකට යමින් සිටියේ ඔසී අබේගුණසේකරත් සමගිනි. විළිරුදාවෙන් දඟලන තරුණියක් සමගින් මවක් පාර අයිනේ සිටියහ. විජය මෝටර් රථය නතර කරනවාත් සමග කාරණය තේරුම් ගත් ‘අපි මෙයාව රෝහලට ඇරලවා යමු’ විජය ඔසීට කීවේය. ‘රැුස්විම අත්‍යවශ්‍යයි නේද ඔසී පැවසීය. ඒ වගේද ජීවිත දෙකක් අපි ගෙනියමු.’ දියණියත් මවත් රථයේ නංවාගත් ඔහු පදවිය රෝහලට ගියේය. ආපසු එන ගමනේ රෝහලට ගිය ඔහුට දැනගන්නට ලැබුණේ් දරුවා සහ මව සුවෙන් සිටින බවය. දියණියගේ මව විජයගේ දෙපා සිප ආචාර කළේය.
 
 හන්තානේ කතාව, රෝමියෝ ජුලියට්, පි‍්‍රයංගා, රන් ඔන්චිල්ලා, හතර දෙනාම ශූරයෝ, අභිරහස, කේසර සිංහයෝ, බිඳුණු හදවත්, සමනළ කුමරියෝ, එදත් සූරයා අදත් සූරයා, මේ දෑස කුමටද, ආදරේ හිතෙනවා දැක්කම, වනරාජා, තුෂාරා, හත්දින්නත් තරු, හොඳම වේලාව, දාහකින් එකෙක්, අහස් ගව්ව, දුලීකා, සුසී, සැණකෙළිය, පෙම් කුරුල්ලෝ, සිකුරුලියා, ලස්සන දවසක්. සංගීතා, ප‍්‍රදීපේ මා වේවා, වාසනා, ගංගා, දියමන්ති, උන්නත් දාහයි මළත් දාහයි, ආදරෙයි මං ආදරෙයි, සකුන්තලා, හරියන කොට ඔහොම තමයි, හිතුවොත් හිතුවමයි, පෙම්බර ම¥, එයා දැන් ලොකු ළමයෙක්, කුණ්ඩල කේසි, බඹරු ඇවිත්, සැලී, කුමර අනුපමා, ගැහැනියක්, හිඟන කොල්ලා, මොණරතැන්න, එකහිත, අක්කෙ මට අවසර, පොඩි මල්ලි, ටක් ටික් ටුක්, කාංචනා, ගඟ අද්දර, කරුමක්කාරයෝ, රජ දවසක්, පාර දිගේ, කිඳුරු කුමාරි, බැද්දේගම, වාලම්පුරි, සූරියකාන්ත, ගීතිකා, අංජානා, හොඳම නළුවා, මහගෙදර, සක්විති සුවය, බයිසිකලය, රහසක් නැති රහසක් , කිරි සුවඳ, තක්කිට තරිකිට, මිහිඳුම් සිහින, පාරමිතා, නැවත හමුවෙමු, කඩවුණ පොරොන්දුව, සඳමාලි, සිවුරඟ සේනා, පස මිතුරෝ, සමනළ සිහින, වැල්ලේ තැනූ මාළිගා, බිනරි සහ සුදු බණ්ඩා, කෝකිලා, රණ දෙරණ, ජය සිකුරුයි, පෙරළිකාරයෝ, ගිම්හානේ, ගී නාදේ, දෙව්දුව, ජය අපටයි, පූජා, යුගයෙන් යුගයට, යුක්තියද ශක්තියද, කවුළුව, රජ වැඩකාරයෝ, රන් දම්වැල්, ඔබටයි පි‍්‍රයේ ආදරේ, අහිංසා, මමයි රජා, බදුලූ කෝච්චිය, කැඩපතක ඡුායා, නොම්මර 17, වරදට දඬුවම, රන්දෙණිගල සිංහයා, දෑසේ මල් පිපිලා, තණ්හා ආශා, වීර උදාර, සහරාවේ සිහිනය, මධු සිහින, කි‍්‍රස්තු චරිතය, මධුසමය, සූරයන් අතර වීරයා, ශක්ති, හිත හොඳ සූරයෝ , ගෝඞ්කිංග් (ඉංගී‍්‍රසි*, නැංගුරම් (දෙමළ* චිත‍්‍රපට 114 ක විජය විවිධ චරිත රඟපෑහ. ඒ එකදු චිත‍්‍රපටයක්වත් අසාර්ථක නොවීය. රඟපෑමේදී කලාත්මක හෝ වාණිජ යන ප‍්‍රශ්නයක් ඔහුට නොවීය. නිෂ්පාදකට පාඩු නොවී බේරා ගැනීම උදෙසා තම උපරිම දායකත්වය ලබා දුන් විජය ඇතැම් අවස්ථාවල රඟපෑමට එන්නේ තම මෝටර් රථයෙන්. ඇතැම් අවස්ථාවල තම චරිතයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පවා ඔහු රැුගෙන ආවේය. ඔහු රඟපාන කාලය තුළ ඔහුට ලැබෙන සැලකිලි නොඅඩුව ඔහු සමග එක්ව කටයුතු කරන සෑම නළු නිළියකුටම ලැබිය යුතුය. මේ උදෙසා ගාමිණී ෆොන්සේකා කළ සටනට ඔහු ද දායක වූයේ එලෙසිනි.
 
 පුවත්පතක් වෙනුවෙන් විජය සහ මාලිනි සමග මා සාකච්ඡුාවක් පවත්වද්දී කැමරා ශිල්පි ගාමිණී මෙන්දිස් විසින් ගන්නා ලද මාද සිටිනා ඡුායාරූපයේ මාලිනිී සිටින්නේ හිසකේ අතගාමිනි. මා එයද රැුගෙන ඔවුන් දෙපළ හමුවූ අවස්ථාවක ‘අනේ’ හෙන්රි ආයිත්නම් ඒ ඡුායාරූප පළ කරන්න එපා. හරියට මම තඩි හූරනවා වගේනේ’ යැයි මාලිනී කීවාය. ඊට පිළිතුරු දෙමින් විජය මෙලෙස කීවේය. ‘ ඕක සුළු දෙයක්නෙ හෙන්රි කාන්තාවෝ ඉතින් නිතරම තඩි හූරනවානේ. ඒක ඉතින් කැමරාවට හසුවෙලා තියෙනවා. මට නම් ඒ පිංතූරෙ හරියට වටිනවා.’’
 
 ඔහු එලෙස ප‍්‍රකාශ කළේ මගේ හිත රිදේවිය සිතාය. කිසිවකුගේ හිත නොරිදෙන ලෙස කතා කරන, කි‍්‍රයා කරන නළුවන් හෝ නිළියන් ඊට පසු සිටිනවා දැයි මා නම් නොදනිමි. ඔහු කළ විශිෂ්ට කි‍්‍රයාවන් ලිවීමට නම් පිටු දහස් ගණනක පොතක් ලිවිය යුතුය.
 
 හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles