Divaina - කලාකාරයො කියන්නෙත් මේ රටේ පුරවැසියො... ඔවුන්ට දේශපාලනේ තහනම් කරන්නෙ කොහොමද - අනුෂා දමයන්ති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

anusa222
 
 ⋆ කලා ක්‍ෂේත‍්‍රය තුළ විශේෂයෙන්ම නර්තනය අතර වැඩි වශයෙන් කියැවුණ අනුෂා දමයන්ති කියන නම අද වැඩි වශයෙන් කියැවෙන්නෙ දේශපාලනය කියන මාතෘකාව යටතේ.
 
 ඇත්තටම කියනව නම් මම ක‍්‍රියාකාරී දේශපාලනයට යොමුවෙන්නෙ 2015 අවුරුද්දෙ. ඒ අවුරුද්දෙ මහින්ද රාජපක්‍ෂ මහත්මා ජනාධිපතිවරණයට තරග කරල පරාජය වෙනව. නමුත් පැරදුන නායකයකුගෙ පැත්තෙ කොන්ද කෙළින් තියාගෙන වාසි පැත්තට හෝයියා කියන්න නොගිය චරිතයක් තමයි අනුෂා දමයන්ති කියන්නෙ. මම දකින විදියට මගේ නම දේශපාලනය කියන මාතෘකාව යටතේ වැඩිපුර කියැවෙන්නෙ ඒ නිසා වෙන්න ඕන.
 
 ⋆ ඔය අතරෙ චෝදනාවකුත් තියෙනව කලාව හරියට නොකරන අය සමාජ සේවය කරන්නෙ කොහොමද කියල
 
 කවුද එහෙම කියන්නෙ වගේම මොන පදනමක ඉඳගෙන ද එහෙම කියන්නෙ කියන එක මටත් ප‍්‍රශ්නයක්. කලාකරුවෙක් කරන කිසිම කලා කටයුත්තක් හැංගිලා නෙමෙයිනෙ කරන්නෙ. ඒ තුළ පේ‍්‍රක්‍ෂකයො දකිනව දෙයක් කරනවද නැද්ද කියන එක. මම සම්බන්ධයෙන් කතා කළොත් කලාව තුළ දෙයක් නොකළා නම් ජනාධිපති - සරසවි වැනි සම්මාන ලබල සම්මානනීය නිළියක් වෙන්න බෑ. කලාව තුළ දෙයක් නොකළා බව කවුරුහරි කියනව නම් ඒවා ඉරිසියාව කියන දේවල් කියලයි මම පිළිගන්නෙ.
 
 ⋆ ඇත්තටම කිව්වොත් අද නළු නිළියො දේශපාලනේට එන එක විලාසිතාවක් වෙලා
 
 නෑ. කලා ශිල්පීන් දේශපාලනේට ආවෙ අද ඊයෙ නෙමෙයි. ලෝක ප‍්‍රජාව තුළම කලාකාමීන් තම තමන්ගෙ රටවල විවිධ අයුරින් දේශපාලනයට සම්බන්ධ වුණා. කලාකරුවන් කියන්නෙත් මේ රටේම දේශපාලනයට පැමිණීමේ අයිතිය තියෙන කොටසක්. එතනදි කැමති අය ඒ සඳහා ඉදිරිපත් වීමේ වැරැුද්දක් නැහැ.
 
 ⋆ රංගනය හරහා රටේ ජනතාවගේ සිත් දිනාගෙන ඔවුන්ගේ ඡුන්දය කොල්ල කෑමක් නේද මේ හරහා සිද්ධ වෙන්නෙ
 
 රටේ ජනතාව එතරම් මෝඩයි කියල මම නම් හිතන්නෙ නෑ. මොකද රංගන ශිල්පීන් විදියට ඔවුන් අපිව හඳුනනව සහ ආදරය කරන එක වෙනම දෙයක්. ඒ එක්කම ඔවුන් නිතරම බලාගෙනයි ඉන්නෙ අපි මොකද කරන්නෙ කියල. අපිට දේශපාලනය තුළ යමක් කරන්න හැකිද කියන එක අවබෝධ කරගෙනයි ඔවුන් ඡුන්දය පාවිච්චි කරන්නෙ. ඡුන්දය කියන එක ආවට ගියාට ලබන්න බෑ. ඒ නිසා සමහර අය කලාකාරයො දේශපාලනේට එනවට බය.
 
 ⋆ සමාජයට යම් මෙහෙවරක් කරන්න දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තු යන්නම ඕන කියල ඔබ හිතනවද
 
 නැහැ. ස්වාධීනව ඉඳගෙන රටේ ජනතාව වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් සහ මම එහෙම කරන කෙනෙක්. ඒත් ඔවුන් වෙනුවෙන් වැඩි දෙයක් කරන්න වගේම හඬක් නඟන්න ඉදිරිපත් වෙන්න ඉඩකඩ වැඩියෙන් තියෙන්නෙ දේශපාලනය හරහා.
 
 ⋆ අද වෙනකොට මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනාගේ මතය කලා ක්‍ෂේත‍්‍රයේ අයට දේශාපලනයට පිවිසීමේ අවස්ථාව නොදිය යුතුයි කියන එක
 
 ඒක හරි ආසාධාරණ කතාවක්
 
 වගේම තීන්දුවක්. කලාකාරයො කියන්නෙත් මේ රටේ පුරවැසියො. අනිත් අයගෙ වෘත්තීන් වගේම කලාවත් තවත් පිරිසකගෙ වෘත්තියක්. ඔවුනුත් ඒ හරහා ප‍්‍රබල විදියට රටට සේවයක් කරන අය. එහෙම නම් කලාවේ යෙදෙන අයට දේශපාලනය තහනම් වෙන්නෙ - කරන්නෙ කොහොමද?
 
 ⋆ දුක්විඳින ජනතාව වෙනුවෙන් කියල පාර්ලිමේන්තු යන්න දඟලන්නෙ වරදාන වරප‍්‍රසාද බලාපොරොත්තුවෙන් කියන චෝදනාව ගැන අනුෂගෙ අදහස
 
 එහෙම අය නෑ කියන්න බෑ. හැබැයි ඒ ක‍්‍රමය හැමෝම අනුගමනය කරයි කියල කියන්නත් බෑ. එවැනි අකටයුතු කම් කරල ජනතාව රවට්ටපු අය නිසා තමයි අද දේශපාලනයට එන හැමෝටම ඇඟිල්ල දික් වෙන්නෙ. ඒවට උත්තර ලබාදෙන්න ඕනෙත් රටේ ජනතාවට තමයි. මම මගේ හෘද සාක්‍ෂියට අනුව වැඩ කරන කෙනෙක් කියල මට කියන්න පුළුවන්. ඒ තුළ ඔය වරදාන වරප‍්‍රසාද
 
 ගැන මගේ ඉලක්ක නෑ. එකම ඉලක්කය මගේ රටේ ජනතාවට සේවයක් කිරීම පමණයි.
 
 ⋆ දේශපාලනය හරහා හැමෝම කරන්නෙ මිනිස්සු රවට්ටල පැත්තකට වෙන එක නේද?
 
 අනිත් අය ගැන කියන්න මම දන්නෙ නෑ. මම එහෙම වුණා නම් 2015 දී මහින්ද මහත්මයගෙ පිළෙන් යන්න තිබුණා. ඒත් එක හිත සහ එකම අරමුණක ඉඳගෙනයි මම දේශපාලනයේ නියැළෙන්නෙ. ඒ නිසා මා අතින් කවදාවත් රටේ අහිංසක ජනතාව
 
 රැුවටීමට ලක්වෙන්නෙ නෑ.
 
 ⋆ කලාව හරහා දේශපාලනයට ඇවිත් දෙයක් කරපු අය
 
 ගැන ඔබේ මතකය
 
 එකෙන්ම විජය කුමාරතුංග මහත්මා. ඔහු දේශපාලනයේ ඉන්නකොට මම පුංචියි. ඒත් ඒ ඉතිහාසය මගේ අම්ම මාත් එක්ක කියල තියෙනව. අද කල්පනා කරල බලද්දි ඔහු ප‍්‍රබල විදියට දේශපාලනයේ සිටිමින් විශිෂ්ට සේවයක් කළ කෙනෙක්. ඒකනෙ අදටත් හැමෝම කියන්නෙ දේශපාලනයට නොගිය නම් අදටත් එතුමා ජීවතුන් අතර කියල.
 
 ⋆ දේශපාලනය නිසා කලාව තුළ ඔබ ගොඩනඟාගත් ප‍්‍රතිරූපයට හානියක් වෙන්න පුළුවන් නේද
 
 පැහැදිලිවම. මුලින්ම මෙතෙක් ආදරය කළ පේ‍්‍රක්‍ෂකයො භාගෙට භාගයක් මගෙන් ඈත් වෙන්න බලයි. මාධ්‍ය තුළ කොන්වෙන්න වෙයි. සමාජ ජාලා මාධ්‍ය තුළ අසත්‍ය - අපහාස චෝදනා වලට ලක්වෙන්න වෙයි. නිකරුනේ මේ මොනදේට ලක්වුණත් හොඳ දෙයක් කළොත් හොඳ ප‍්‍රතිඵල හිමිවෙයි කියන එක පැහැදිලියි. අන්න එතන ඉඳන් තමයි මම රටට - ජනතාවට සේවය කරන්නෙ.
 
 ධම්මික හේවාවසම්
 ඡායා - යූ.කේ. අබේරත්න

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles