Divaina - ‘ඔසී රටේ’ ගීතයෙන් රසික සිත් දිනූ රුක්මන්... ‘ශී‍්‍ර ලංකාවේ ලස්සන බලන්න යන්න ඔසී රටේ වැඩ කරලා ඩොලර් හොයන්න...’

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

osee222 අපේ ගී රසකාමීන් අතර මේ දිනවල ජනපි‍්‍රයත්වයට පත් ‘ඔසී රටේ’ නම් වූ මෙම ගීතය ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින, සංගීතයට ඇලූම් කරන අපේ රටේ ගායන ශිල්පියකු වන රුක්මන් කහටපිටියගේ නවතම ගීත නිර්මාණයයි. මීට ප‍්‍රථමද ජනපි‍්‍රය වූ ගීත රැුසක් ගායනා කළ රුක්මන්, සිය සංගීත චාරිකාව පිළිබඳව අපට මෙසේ අදහස් දැක්වීය.
 
 ‘ඔසී රටේ’ ගීතය මම ඔස්ටේ‍්‍රලියවේ සිට ගායනා කළාට, ගීතය මගේ රටෙත් හරිම ජනපි‍්‍රයයි. ගීතය ලිව්වෙත් මම. සංගීතවත් කළේ පි‍්‍රයන්ත නාවලගේ මහතා. ගොඩක් අය මේ ගීතයට ඇලූම් කරනවා. මට ලැබෙන ප‍්‍රතිචාර ඉතාමත් ඉහලයි. මේ ගීතය ප‍්‍රසංග වේදිකාවට වඩාත් උචිත ගීතයක් වීම ජනපි‍්‍රය වීමට බලපෑ තවත් හේතුවක්. අන්තර්ජාලයේ ‘යූ ටියුබ්’ සහ ‘මුහුණු පොත’ තුළිනුත් ගීතය රස විඳිය හැකියි. මේ ගීතය සහ මගේ තවත් ගීත කිහිපයක් ඉදිරි සංගීත ප‍්‍රසංගවලදීත්
 
 ගායනා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
 
 පසුගිය දිනවල මම මගේ රටට පැමිණ සිටි නිසා ප‍්‍රසංග ගණනාවක් වෙනුවෙන් එක්වීමට අවස්ථාව ලැබුවා. ඒ වගේම රූපවාහිනි නාලිකා කිහිපයක පැවති සංගීත ප‍්‍රසංග වෙනුවෙන් ගීත ගැයීමට ලැබුණු අවස්ථාවන් විශේෂිතව සිහිපත් කරන්න කැමතියි.
 
 මගේ සංගීත චාරිකාවේදී අපේ රටේ ජනපි‍්‍රය සංගීත ශිල්පීන් වන සුනිල් පෙරේරා, මරියෙසල් ගුණතිලක, සුසිල් ප‍්‍රනාන්දු සහ සුදත් නාවලගේ යන මහත්ම මහත්මීන් සමග එක්ව යුග ගීත කිහිපයක් ගයන්නට මට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් හැටියට සලකන්න පුළුවන්.’’
 
 සිය සංගීත චාරිකාවේදී ඔහුගේ ගීත වෙනුවෙන් ගේය පද රචනා කළ ශෙහාන් ගලහිටියාව, ආරාධනා ඒකනායක සහ ආනන්ද පද්මසිරි යන ප‍්‍රවීණ ගී පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ පි‍්‍රයන්ත නාවලගේ මහතාත් කෘතවේදීව සිහිපත් කරන බව පැවසූ රුක්මන්, සිය ගීත අසමින් නිබඳව ප‍්‍රතිචාර ලැබදෙන දයාබර ගී රසකාමීන්ද හදවතින්ම සිහිපත් කරන බව පැවසීමට අමතක නොකළේය.
 
 සුජීව තත්සර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles